11 වන කොටස
පරිච්ඡේදය 12 | jessi 12 වාර කියවා ඇත 0 අදහස්
පසුවදා උදෑසන ආදී නැගිට උද්යොගයෙන් තීනූගේ නිවස බලා යන්න ලෑස්ති විය
ඔහු ලෑස්ති වී ඉක්මනින් කුස්සියට ගියේ අම්මා කියාගෙන
ඕඕඕඔ..... පුතේ ඔයා උදෙන්ම යන්න ලෑස්ති වුනාද මං කෑම ලෑස්ති කලා කාලාම යන්න
හරි අම්මේ කියා අම්ම බෙදපු කෑම එකත් අරන් පුටුවේ වාඩි වෙලා කෑම කන්න විය
එවිට ආදීගේ නංගිත් කුස්සියට පැමිණියේ ආදී සමග යෑමට ලෑස්ති වෙලාමයි
ආ.....ඔයාත් යනවද අම්මා ඇසීය ඔවු අම්මේ මාත් යනවා අක්කව බලලා එන්නම් සේයද කෑම කන ගමන් අම්මට උත්තර දුන්නේය
පුතේ තීනු දුව තාම අවුලෙන්ද ඉන්නේ එයාට කොහොමද පුතේ ආදීගෙන් ඇසීය
හ්ම්ම්ම්ම්....... ඔව් අම්මේ හිතෙනම් දුකෙන් ඉන්නේ මං එයාගේ හිත හදන්න බලනවා අම්මේ අපිට හිත හදගන්න කියලා කියන්න ලේසි වුනාට වේදනාව දන්න කෙනානේ දන්නේ එකේ දුක
ආදී කෑම කන ගමන් කියන්න විය
හ්ම්ම්ම්..... ඊයේ මට බානුකගේ අම්මා මට කතා කලා අම්ම ආදීට කීවා
එයලා මොනවද කියන්නේ අම්මේ ආදි කෑම කන එකත් නවත්වා අසන්න විය
මට හිතෙන විදිහට රවින්දිට එයා කැමති වගේ එයා ගැන් ලොකුවට කියවන්න ගත්තා මටත් පුදුම හිතුනා තීනූ දූ ගැන ඇහුවෙවත් නෑ
හ්ම්ම්...... කොහොමත් ආන්ටි අමුතුයිනේ අංකල් වගේ නෙවෙයි
සේයාද කතාවට එකතුවෙමින් කීවාය
හ්ම්ම්ම්ම් එයලා දැන් එකතු වුනත් එකයි නැතත් එකයි අපි දැන් තීනූගේ හිත හදලා එයාට ඉක්මනට හොද කරන්න ඕන අම්මේ එයාට ඇමරිකාවේ යුනි එකට යන්න ලියුම ඇවිල්ලා අම්මේ
ආදී එය කීවේ සතුටෙන්
ආ.....නේ එහෙමද මට හරිම සතුටුයි පුතේ මං දන්නවා ඒ කෙල්ලට හරියනවා මොකද එ අහිංසක කෙල්ල පවු ඒ කෙල්ලගේ හිත හරි හොදයි
එවිට සේයා අම්මේ ඔයා කැමති නැද්ද තීනූ අක්කා ඔයාගේ ලේලි වෙනවට
එසෙ සේය අම්මගෙන් අසනව එක්කම ආදීට බොරුවට කහින්න විය අම්මා ඉක්මනින් වතුර එකක් දුන්නා
මේ නංගි කට වහන් කනවා ඕන නැති මගුල් කියවනවා
හ්ම්ම්ම්ම්ම්.....ආ....ඔයා කැමතිම නෑ නේද එයා මගේ නෑනා වෙනවට ඔන්න මං නම් කිවුවා මගේ නම් විරුද්ධත්වයක් නෑ
අම්මාද හිනා වෙමින් ඔන්න මමත් විරුද්ධත්වයක් නෑ කීවේ සේයා එක්ක එක් වෙමින්
අනේ මේ ...... දෙන්නාටම පිස්සු
අපිට පිස්සු නෑ නේද අම්මේ කොහෙද මේ ගොනා හැම එකටම පස්ස ගානවානේ
අයියේ මං අක්කගෙන් අහන්නද
සේයා ආදීව අවුස්සන්න මෙන් කීවා
අනේ මේ.... කට පියාගෙන ඉන්නවා පිස්සු කියවන්නේ නැතුව මේ නංගි තමුසේ එහෙ ගිහින් තීනූ ඉස්සරහා පිස්සු කියවන්න නම් එපා හොදේ
අනික මං අහන එවා මං බලා ගන්නම් ආදී කෑම කන ගමන් කීය
ආ......... ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට අම්මා ද ආදීට විහිලු කරන්න විය.
අනේ මං යනවා තමුසේ එනවානම් එනවා පිස්සු කියව කියවා ඉන්නේ නැතුව
ආදී කා නිමවී මේසයෙන් නැගිට්ටේ ඔහුට ලැජ්ජාවක් ඇති වුනු නිසයි.
අනේ ඉන්න මාත් කාලා ඉවරයි අම්මේ අපි යනවා සේයද ආදීගේ පස්සෙන් දුව ආවේ ඔහු දාලා යයි කිය බයෙන්
පුතේ තීනූව බලන්න මායි තාත්තයි හවස් වෙලා එන්නම්
හරි අම්මේ ආදී එසේ පවසා වහන දෙසට යන්න විය.
එවිට සෙයාද ආදී පසුපස්සේ ගොස් වාහනයට නගින්න විය.
ආදී වාහයට නැග වාහනය පණ ගන්වා යන්න විය. ටික දුරක් යන විට ආදී කටහඩ් අවදි කරන්න විය.
මේ නංගි ඇත්තටම කියන්නේ එතනට ගිහින් උදෙ කියවපු ඒවා කියවන්න එපා..
මොකද තීනූගේ හිත් තාම හදාගෙන නෑ මං ඒ අස්සේ ඔවා කියන්න ගියොත් ඔක්කෝම අවුල් වෙනවා පුලුවන් තරම් කටවහන් ඉන්නවා හොදෙව් නංගි
හරි හරි පිස්සුද හලෝ මං ඕවා කියන්නේ නෑ මං කටවහගෙන ඉන්නම් වචනයක්වත් කියන්නේ නැතුව
කියා ඇය කට ශිපර් එකකින් වහනවා වගේ පෙන්වා අනිත් පැත්ත බලා ගත්‍තා ආදීට එයට හිනා ගියා
ඔහුට ඇයව පවු කියා සිතා
හරි හරි දැන් තමුසෙට කන්න දෙයක් එපාද
එවිට සේයා අම්මෝ ඇති යන්නම් ඒකවත් ඇහුවා
එහෙනම් නිකා ඉන්නවා අං පවු කියලා කන්න දෙයක් අරං දෙන්න හැදුවේ කලෙකින් තමුසේ එක්ක කෑමක් කන්න ආදී බොරු තරහවක් මවා පාමින් කීවා
අපෝ අයියා හරි හරි මට දැන් එපා අපි එනගමන් කමු මොකද මට බඩගිනිත් නෑ අනික අක්කත් බලන් ඇති
හරි දැන් තව ටික දුරයි තියෙන්නෙ අපි එනගමන් මොනවා හරි කමු
කියා ආදී ආහනය දිගටම පදවන්න විය
කෙමෙන් කෙමෙන් තීනූගේ නිවසට පැම්ණියා වාහනයෙන් බැස්ස ආදී සහා සේයා නිවසට ඇතුලු විය එවිට ටීනා සේයාව දැක අනේ..... මේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ සේයා අනේ හරිම ලස්සනයි අනේ කියා ටීනා සේයාව බදාගෙන සිටියා
එ සද්දේ ඇසුන තීනූගේ පියාද ශා...සේයා කොහොමද දූ කියා ඇසුවා
මං හොදින් ඉන්නවා අංකල් කවදාද අවේ ටීනා සේයාගෙන් ඇසිය ඊයේ හවස අක්කි ආවේ
වෙකෙශන් එකට ආවේ
කෝ ශානු අයියා සේයා වටපිට බලමින් ඇසුවා
ආ....මාත් අහන්න මයි හිට්යේ කෝ ශානූ ආදීද ටීනාගෙන් ඇසීය
මං කෝල්ස් ගත්තා අන්ස්වර් එකක් නෑ මං ආවා මාව පික් කරන්න එන්නම් කිවුවා ෆෝන් එක වැඩ නෑ
එතකොටම ආ...... මේ එන්නේ ශානු ගුඩ්මෝර්නින් එව්රිවන් කියා ශානුකද ආවා
අප්පා..... මං දැන්නේ දැක්කේ අපේ කෙල්ලව සේයා අඩෙ කවදද බං ආවේ ඊයේ අයියේ මං ආවේ
එවිට කරුණා අම්මා තේ අරගෙන ඇවිත් හැමෝටම ඇල්ලුවා ආදී ලගට පැමිණි කරුණා අම්මගෙන් ආදී මෙසේ ඇසීය තීනූ රෙඩිද කරුණා අම්මේ
අනෙ බේබි මායි මහත්තයයි ටීනා බේබියි උදේ ඉදන ඇහැරවනවා නැගිටින්නම් කියලා ආයේ නිදා ගන්නවා තාම නිදි කීප වතාවක්ම ඇහැරෙව්වා හා හා කියලා නිදා ගන්නවා
ආදී බේබිම එයාව නැගිට්ටවන්න අපිට එපාම වුනා එන්නකෝ බේබ් කාමරෙට කියා ආදීව කරුණා අම්මා කාමරේට එක්කන් ගොස් තීනූ බේබ් ආදී බෙබ් ඇවිත් නැගිටින්න දැන් පරක්කු වෙයි එක්සර්සයි වලට කරුණා අම්මා තීනූව නැගිට්ටවන්න් උත්සහා කලා
අනේ................ කරුණා අම්මේ ..........මට නිදාගන්න දෙන්නකෝ තව විනාඩි පහයි කියා ඇය නැවත් නිදා ගන්න විය. ආදීට ඒ හිනා යන්න විය
එවිට කරුණා අම්මා ආදී දෙස බලා බෙබිම ඇහැරවන්න කියා කරුණා අම්මා කාමරයෙන් යන්න විය.
එවිට ආදී හෙමින් ඇද අසලට පැමින නිදා ඉන්න තීනූගේ මූණ දෙස මොහොතක් ලං වෙලා බලා ඉන්න විය
හ්ම්ම්ම්...... නිදාගෙන ඉද්දී හරිම හුරතල් මිරිකන්න හිතේනවා කියා ඔහු ඔහුටම පහත් ස්වරයෙන් කියන්න වෙයි එවිට ආදී තීනූගේ අත ගෙන තීනූ නැගිටින්න අපි ත්‍රිට්ස්මන්ට් පටන් ගන්න ඕනා
ආදී අත ඇයගේ අතා අල්ලා ගනිමින් ඇයව අවදි කරන්න උත්සහා කලේය
අනේ........
කියා තීනූ අනිත් පැත්තට හැරෙන්න ගියා එවිට ආදී තීනූගේ අතින් අල්ලගෙන හිටිය නිසා ආදීගේ අත ඇදිලා නිදා සිටි තීනූගේ ඇගට වැටෙන්න යන්න විය ආදී අත ඇදට තියලා බැලන්ස් වුනා
නමුත් තීනූ ඔහුගේ මූණට මූණ සිටිනවා දුටු ආදී පුදුම වී සිහියක් නෑ වාගේ එයාගේ ඇස් දෙස බලා ඉන්න විය ආදීගේ හදවත වේගයෙන් සහා ශබ්දයෙන් ගැහෙන්න විය
තීනූ ද ඇස ඇර පුදුම වී ආදී දෙස හා ඇස් දෙස බලා සිටියේ වේගයෙන් ගැහෙන හදවතින්
එවිට සේයා කාමරයට ආවේ එක පාරම වගේ ආදීත් තීනූත් එසෙ ඉන්නවා දුටු සේයා
ආ......... මං වැරදි වෙලාවක ආවේ කියලා ඇය නැවත හැරි යන්න සැරසුනත්
ඇයගේ ශබ්දය ඇසුනු තීනූත් ආදීත් කලබල වී තීනූ ආදීව තල්ලු කරන්න විය. ආදිද ඉක්මනින් නැගිට
නෑ...... නංගි ආවේ හොද වෙලාවට තීනූ අක්.....අක්කා ඇහැරවන්න් ගිහින් තීනූ අක්කා අතින් වැරදිල මාව ඇද්ද
හෙම මො...මො...කුත් නෑ නංගී
නෑ මේ මගේ අතින් වැරදිලා....... මං දැක්කේ නෑ ආ....ආදීව.... කියා තීනූද බයෙන් ගොත ගසන්න විය
ඔයා කවදාද ආවේ
සේයා ආපසු හැරි සොරි අයියා කැර ඔන් මං ආයේ යන්නම් කියා නොන්ඩියට හිනා වුනා ආදී ඇයගේ කන මිරිකන්න ලගට ආවම
ඇය දුවගෙන ඇවිත් තීනූව බදා ගන්න විය මං ආවේ ඊයේ අක්කේ
හ්ම්ම්ම්ම්. දැන් කෙල්ල ලස්සන වෙලානේ තීනූ කීවේ ඇයත් ඇයව බදාගෙන
අනේ මටනම් ඉස්සර හිටපු කැත වැදිරිමයි තාම ඉන්නේ ආදී නොක්කාඩුවෙන් වගේ කීවා
එවිට ටීනාත් ශානුකත් කාමරයට ආවේ මේහේ සද්දේ නිසා
ආ ඔයාලත් ඇව්ත් තීනූ කීවේ සතුටින්
ඔව් අපි ඇවිල්ලා ටිකක් වෙලා ටීනාත් කාමරයට ඇතුල් වෙන ගමන් කීවා
දැන්ද නැගිට්ටේ අම්මෝ ඔයාව නින්දෙන් ඇහැරවනවා කියන්නේ ආයේ එක තරම් එපා වෙන දෙයක් නෑ ටීනා තීනූගේ ඇදේ වාඩ්වෙමින් කීවේ විහිලුවට
අපේ අයියාට නම් ට්‍ර්ක්ස් තියෙනවා තීනූ අක්කව නැගිට්ටවන්න ආදී යටිතොල සපමින් ඇය දෙස රවා බලන්න විය.
හරි මට වොශ් එකක් දාලා චෙන්ජ් වෙන්න ඕන
හරී එන්න මං උදවු කරන්නම් කියා ඇයව වීල් චෙයාර් එකේ හෙමින් උස්සලා ආදී වාඩි කරවන්න විය
මං එයාට උදවු කරන්නම් බොයිස් කාමරයෙන් එලියට යන්න ම්ං එයාව ලෑස්ති කරලා කතා කරන්නම්
හරි හරි අපි යමු කාමරෙන් කියා ආදීත් ශානුකත් කාමරයෙන් එලියට යන්න විය ඒ යන අතර තුර සේයාගේ ඔලුවටද හෙමින් ආදරෙන් පාරක් ගස්සා ගෙන ගියේ ඉන්නවාකෝ මං අල්ලගන්නම් කියා
තීනූ ඒ සියල්ල දෙස බලා සිටියේ බාතරූම් එකට යන විට සිනාසෙමින්
ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා
ආදරෙයි හැමදමත්
ජෙසි ❤️🌻