15 කොටස

පරිච්ඡේදය 16 | jessi 19 වාර කියවා ඇත 0 අදහස්

ආදී හා සහෙලි සමග නික්ම ගිය පසු තීනූ ටීනා හා ශානුක කතා කරමින් සිටින වෙලාවේ නැවත ආදී හා සහෙලි තීනූ ටීනා ශානුක කතා කරන දෙසට පැමිණියා සහෙලි ඔවුන් දෙස බලා 


ආදී.....මෙයාලා කවුද ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලාද සහෙලි ඔවුන් දෙස බලන් ගමන් කියනන් විය.


ආ.......ඔව් මේ මගේ යාලුවා ටීනා, විජෙසුන්දර අංකල්ගේ දුව සහෙලි ඇයට හග් එකක් දී නයිස් ටූ මීට් යූ ටීනා කීවා

මේ ඉන්නේ මගේ අනික් යාලුවා ශනුක ආරියවංශ අංකල්ගේ පුතා හායි කියා සහෙලි අතට අතදී ශානුකද හා හායි කියා අචාර කලා 

පසුව තීනූ දෙස ආදී බලා මේ ඉන්නේ.....මේ ...........කියා අදින්න විය තීනූ ආදී දෙස බලා සිටියා ඔහු කියන්න යන දේ ගැන පුදුමයෙන් බලා ගෙන ටීනාද ශානුකද පුදුමයෙන් බලා සිටියා...


මොකො ආදී මෙයාව මට අදුන්වලා දෙන්න ඔච්චර වෙලා යන්නේ කියා සහෙලි අසන්න විය.


මේ ඉන්නේත් මගේ යාලුවෙක් ආදී යාලුවෙක් කියන එක අමරුවෙන් කියා ගත්තා එවිට සහෙලි ආදී දෙස ඇස් කොනෙන් බලා තීනූ දෙසට හැරි ඇයවත් හග් කරමින් නයිස් ටූ මීට් යූ මට ආරංච් ඔයාලා පොඩි කාලේ ඉදන් ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා 


දැන් ඉතින් මටත් හොදයි ඔයාලා අදුරගත්ත එක ආදීයි මායි ගොඩක් හොද යාලුවෝ කියා සහෙලි ආදීගේ අතේ එල්ලෙන්න විය තීනූ ඒ දෙස බලා ආදී දෙස බලා අහක බලා ගත්තා ආදී සහෙලිගේ අත අයින් කරන්න වෙර දරන්න ගියත් ඇය තව තවත් ආදීගේ අතේ තදින් එල්ලෙමින් ඔහුට තවත් ලං වෙන්න විය.


තීනූ ප්ලීස් එක්ස්කියුස් මී කියා ඇය එතනින් යන්න ගියා ඒ දෙස ආදී හා සහෙලි බලා සිටියා. 


ඒ සියල්ල දෙස බලා සිටි ශානුක හා ටීනා, ටීනා ශානුකට දැන් තමයි නියම යුද්දේ තියෙන්නේ කියා ශානුකද සිනාසෙමින් මං හිතන්නේ තීනූගේ හිතේ ආදී ගැන හැගීමක් ඇවිල්ලා වගේ දැක්කද ඉරියාවෙන් ඉන්න මූණේ කැත දැන් තමයි තීනූ හරි ට්‍රැක් එකට ඇවිල්ලා ඉන්නේ අනික මට හිතෙන්නේ තාම තීනූට හිතා ගන්න බෑ එයාට ආදී ගැන කැමැත්තක් තියෙනවා කියලා දැන් ඉදන් තමයි අපි එයාලට රහසේ උදවු කරන්න ඕන මේ සක්කරවට්ටම ඉන්න එකත් හොදයි ශානුක ටීනාට කිවුවා


ඒත් තීනූ අනිද්දාට ඇමරිකා යනවනේ එතකොට කෙල්ලගේ හිත වෙනස් වෙයි ද දන්නේ නෑ ටීනා ශානුකට කීවා.


නෑ....නෑ....මට ඒකට හොද අයිඩියා එකක් තියෙනවා ඒක තීනූ ගියාට පස්සේ තමයි වෙන්න ඕන ශානුක ටීනාට කීවා 


මොනවා වුනත් කමක් නෑ ඒ දෙන්න එකතු වෙනවා නම් මං කැමති කියා ටීනා ශානුක දෙස බලා කීවා 


හ්ම්ම්ම්ම්ම්......ඒක නම් ඇත්ත අපි බලමුකෝ අපි මේකට දැන් එයාලට නොදැනී ඉන්වෝල් වෙන්න ඕන 

අපි බලමුකෝ ටීනා කියා ශානුක හිනා වෙන්න විය.


එසේ පාටිය ඉවර වී නැවත නිවස බලා ඔවුන් පිටත් වෙලා එන්න විය. 


ආදී සහා තීනූ එකට වාහනයෙන් එන්න එන්න විය. තීනූ වාහනෞඑන් අහක බලාගෙන තරහාවෙන් වගේ කිසිම කතාවක් නැතුව එන්න විය.


තීනූ පාටි එක හොදයිද? ආදී කතාවට මුල පුරන්න විය.


හ්ම්ම්ම්ම්.....ඔව් තීනූ ඔහු දෙස නොබලාම තීනූ පිලිතුරු දුන්නා 


ඔයාට මං අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නද ඔයා ආසයිනෙව් ඉස්සරහා කඩෙන් කන්න ආදී නැවත තීනූගෙන් අසන්න විය. ආදීට ඕන වුනේ තීනූ නිශ්ශබ්දව ඉන්නේ ඇයි කියා දැනගැනීමට 


නෑ.....ඕන නෑ.....තීනූ තරහාවෙන් කියන්න විය.


මොකද අනේ ඔයා තරහාවෙන් ඉන්නේ ඇයි බානුක හරි රවින්දි හරි ඔයාට මොනවත් කිවුවද?

ආදී අසන්න විය.


අනේ නෑ එයාලා කියපු දේවල් වලට මං හොදට කිවුවනේ මං මොකටද තරහාවෙන් ඉන්නේ ඔයා එක්ක කියා තරමක් තරහාවෙන් තීනූ ආදී දෙස බලා කියා අහක බලා ගත්තා


මේ මොකද අනේ මෙයාට වෙලා තියෙන්නේ මං මොනව හරි කිවුවද මෙච්චර තරහාවෙන් ඉන්නේ ආදී වාහනය පදවන ගමන් තනියම තීනූ දෙසත් බලා කල්පනා කරන්න විය.


ඔයා තරහාවෙන් නෑ කිවුවට තරහාවෙන්නේ ඉන්නේ හිතේ දෙයක් තියාගන්නේ නැතුව කෙලින්ම අහන්න තීනූ ආදීද කියන්න විය.


හ්ම්ම්ම්...හරි මට කියන්න බලන්න ඔයා කිවුවා නේද ඔයා ගර්ල් කෙනෙක්ට කැමති කියලා.තීනූ ආදී දෙස හැරි කියන්න විය.


හ්ම්ම්ම්.....ඔව් මොකද එක පාරම ඒක ඇදලාගන්නේ ආදී අසන්න විය.


නෑ...........මං හිතුවේ නෑ ඔයා ඒ වගෙ කෙනෙක්ට කැමත්තෙන් හිටියා කියලා තීනූ කියන්න විය.


කොයි වගේ කෙනෙක්ද තීනූ තෙරෙන භාශාවෙන් කියන්න කෝ කියා ආදී එසේ කියා වාහනය තීනූගේ ගෙදර ලග නවත්වන්න විය.


ඔව් ඔයාට දැන් අපි කියන එවා තෙරෙන්නේ නෑ තමයි තරහාවෙන් වහනයෙන් බැස දොර වේගයෙන් වසා ගේ ඇතුලට යන්න විය.


අනේ මොකද මේ තරහාවෙන් මං මොකුත් කිවුවේ නෑනේ දැන් පාටි එකේ හොදටනේ හිටියේ මාත් එක්ක හිනා වෙලා කතා කරන් හිටියේ මං මොනවා හරි කිවුවද අයියෝ මේ ගෑනු නම් ආදී වාහනය තුල තනියම කියවන්න විය. 


පසුව ආදී වාහනය හරවාගෙන නැවත ඔහුගේ ගෙදර බලා යනා විය.


තීනූ ගේ ඇතුලට ගොස් වොශ් එකක් දාගෙන මේසය උඩ තිබුනු ෆෝන් එකත් අරගෙන ඇදට එන්න විය.


අම්මෝ දැන් තමයි සනීපයක් දැනෙන්නේ කියා ඔහු ෆෝන් එකේ මැසෙජ් චෙක් කරන්න විය. 


එවිට ඇයගේ දුරකතනය නාද වෙන්න විය. 

බානුක ලෙස ස්ක්‍රීන් එකේ දිස් වෙන්න විය. 


බානුක ඇයි මට ගන්නේ මං ආන්ස්වර් කරනවද නැද්ද තීනූ ස්ක්‍රීන් එක දෙස බලමින් කල්පනා කරන්න විය.


ඒ අතර කෝල.එක කට් විය.

තීනූ ෆෝන් එක ඇද උඩ තියා කල්පනා කරන්න විය.


ඇත්තටම ආදී කැමති ගෑනු ලමයා සහෙලිද මට හිතාගන්න බෑ එයා ඒවගේ කෙනෙක්ට කැමති කියලා අනික කතා කරන විදිහ 


හා.....යි.....බායි.....කිය කියා කැත විතරක් ඇත්තටම ආදීට වෙන හිටියෙම නැද්ද මංදා පිස්සු එකේ හොදා හොන්තුවක් කියා තරහාවෙන් තීනූ සිතමින් සිටියා


හ්ම්....මං මොකටද අනේ ආදී වෙන කෙල්ලෙක් එක්ක ඉද්දි තරහා යන්නේ අනික ආදී ඒ ගර්ල්ට කැමති නම් මට මොකද මටත් පිස්සු වහනයේ එද්දි මං ආදීට බැනගෙන බැනගෙන ගියා ආදී මොනවා හිතුවද මංදා මටත් පිස්සු කියලා හිතන්න ඇතී මේ තීනූ පිස්සු නටන්න එපා ආදීගේ හිතේ එහෙම දෙයක් නෑ අනික එයයි මායි යාලුවෝ විතරයි කියා එයා තමන්ටම කියාගන්න විය.


ඒ සමගම නැවත්ත ඇයගේ දුරකතනය නාද වෙන්න විය 


ඇය දුරකතනය අතට ගෙන කවුද කියා බලන්න විය. ස්ක්‍රීන් එකේ බානුක ලෙස පෙන්විය.


ඇය මේ පාර කිසිවක් නොසිතා ආන්ස්වර් කරන්න විය.


එවිට එහා පැත්තෙන් හෙලෝ තීනූ කියා බානුකගේ කට හඩ ඇසෙන්න විය. ඇයට ඒ ඇසුනු කටහඩ නිසා තීනූගේ හිත නොසන්සුන් වෙන්න විය. දුකක් හට ගන්න විය. ඒ හඩ ඇසුනාම තීනූට මොනවා කියන්නද කියා හිතා ගන්න බැරිව ගියා නමුත් ඒ කිසිවක් ඔහුට හගවන්න ගියේ නෑ


ඇයි කතා කලේ අපිට දැන් කිසිම කතාවක් නෑනේ බානුක කියා තීනූ කියන්න විය.


මං කතා කලේ ඔයා ගොඩක් සතුටෙන් ඉන්නවා දැක්කම මට සතුටු හිතුනා තීනූ ඔයාට මාව ඉක්මනටම අමතක කරන්න පුලුවන් වුනාද බානුක අසන්න විය.


හ්ම්ම්...ඔව් මට පුලුවන් වුනා මොකද මගේ ආදරේ වටිනාකමක් දන්නේ නැති කෙනෙක්ට මං මොනතරම් ආදරේ කරත් වැඩක් නෑනේ ඒකයි මට අමතක කරන්න ලේසී වුනේ.තීනූ තරහාවෙන් කියන්න විය.


ඔයා අනිද්දාට ඇමරිකා යනවා නේද ? බානුක ඇසීය


ඔව් මං යනවා තීනූද උත්තර දුන්නා 


තීනූ ඔයා මාත් එක්ක තරහාවෙන් නේද ඉන්නේ මට සමාවෙන්න මං ඔයාට වැරද්දක් කලා ඒත් මං ඔයාට ආදරේ කලේ ඇත්තටමයි ඒත් මං තාම දන්නේ නෑ ඇයි මං රවින්දිට හිත ගියේ කියලා මං ඔයාට ඒ ගැන කියන්න හිටියේ ඒත් මට හයියක් තිබ්බේ නෑ කියන්න මට ඒකට සමාවෙන්න තීනූ බානුක දුක්බර හඩින් කියන්න විය.


ඔයා මට ඇත්තටම ආදරේ කලා නම් බානුක ඔයාට රවින්දිට හිත යන්න විදිහක් නෑනේ බානුක ඔයා මට ආදරේ කලා නම් මට බොරු කරන්නේ නෑ ඔයාල අවුරුදු 2ක් මාව රැවට්ටුවා මං ගැන ඇත්තටම ආදරයක් තිබ්බා නම් ඔයා මාව රවට්ටන්නේ නෑ එහෙනම් ඔයා ඇත්ත කියලා මගෙන් අයින් වෙන්න තිබ්බා

දැන් මට කිසිම දෙයක් ගැන දුකක් නෑ බානුක මං ඔයා නිසා පස්සට තිබ්බ අඩිය මං දැන් ඉස්සරහට තියනවා අපිට ආයේ කතා කරන්න ඕන වෙන එකක් නෑ වෙච්ච දේ වෙලා ඉවරයි මං දැන් ඔයාගේ ෆෝන් එක ආන්ස්වර් කලේ ඔයා ඔයාගේ හිතේ තියෙන දේ කියලා ඉවරක් කරලා මේ දේ අදින් ඉවරම කරලා දාන්න මාත් අදින් පස්සේ මේ ඔක්කෝම ඉවරෙටම ඉවර කරනවා මං කොහොමත් ඉවරම කරලා තිබ්බේ ඔයා මට කෝල් ගත්තා කීප වතාවක් මං ආන්ස්වර් කලේ නෑ ඒත් අද මං ආන්ස්වර් කලේ ඔයා ඔයාගේ පැත්තෙන් මේක ඉවර කරන්න මං ඔයාට සමාව දෙන්නම් ඒ කියලා ආයේ මට කෝල් ගන්න එපා 


තීනූ......මං මේ අහන දේට විතරක් උත්තර දෙන්න හදිසියේ හරි මං ඔයාගෙන් ආයේ චාන්ස් එකක් ඉල්ලුවොත් ඔයා මට ආයේ චාන්ස් එකක් දෙනවද? 

නැත්තම් ඔයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවද දැනටමත් 



එයට තීනූ නිහඩ විය. තීනූට මොන වගේ උත්තරයක් දෙන්නද කියා හිතා ගන්න බැරි විය.


හෙලෝ හෙලෝ තීනූ ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ බානුක අසන්න විය.


බානුක මං කිවුවනේ මේ ඔක්කොම ඉවරයි කියලා ඒ නිසා දැන් මං තියනවා ආයේ මට කෝල්ස් ගන්න එපා 


තීනූ ...... තීනූ......මට සමාවෙන්න ඔයා සතුටින් ඉන්න මං ලබන මාසේ මැරි කරන්න ඉන්නේ ඒත් මට හිතට වද දෙන නිසායි මං ඔයාට කෝල් කලේ මං ලබන මාසේ මැරි කරනවා 

ඔයා සතුටින් ඉන්න ආයේ මං කියනවා මට සමාවෙන්න බායි....


බානුක දුරකතන විසන්දි කරන්න විය.


තීනූද ෆෝන් එක ඇද උඩට දමා කල්පනා කරන්න විය. 


හ්ම්ම්ම්.... ආයේ චාන්ස් එකක් දෙන්න අනේ මංදා මට හිතා ගන්න බරි වුනා ඒක අහද්දී 


මගේ හිතත් මට වද දෙනවා කමක් නෑ එයා ලබන මාසේ මැරි කරනවා ඒ කියන්නේ එයාට රවින්දිව හොදයි කියලා ඒකනේ මාව නැතුව රවින්දිව තෝර ගත්තේ මං මෙහෙන් ගියාම ඔක්කෝම හරි යයි 

කියා සිතමින් ඉන්න ගමන් ඇයට නින්ද යන්න විය.


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදාම


ජෙසි ❤️🌻





2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!