දුරුතු බව නිම්නාද
කෙටිකතා ආදර (Romance)

දුරුතු බව නිම්නාද

Saloli2048 126 0 0

ප්‍රේමණීය වස්සාන සමයෙහි නබෝ ගැබ වැලපෙන්නේ මන්දයත් කිසිවෙකු නොදනිති. ඇරත් කිසිවෙකු හෝ ඒ ගැන සෙවීමට වෙහෙසක් නොගනිති. නබෝ ගැබ සන්තාපයක් සමඟ වසත් සමයේ වැළපෙනනේ සඳගෝමීගේ හද තුළ ගැබව ඇති ඈ ගැන මතක පද තාලයකට දුක්මුසු ස්වර ගෙන වයමින් ය. හැඩුම් කඳුළැලි ප්‍රීතියෙන් යුතුව ධරණී මව් සිප ගන්නී ය. සිප ගන්නා විට වාතලයට එක්වන ඒ නවමු වූ සුගන්ධය සඳගෝමීගේ නහස්පුඬු හරහා හදවිල කොනිත්තත්ම දුක්මුසු ස්වර ගෙන වැයෙන මතක පදයන්හි දුක්මුසු බව තවදුරටත් උච්ච වන්නේ ය. 


රාජ ආත්මයන්හි ඉපිදුන ද දුගී ආත්මයන්හී ඉපිදුන ද සද්දන්ත කුලයන්හි ඉපිදුන ද සාංසාරික ප්‍රේමයකින් බන්ධනය වී ඇති වූද කිසියම් වූ ආත්මභාවයක යුවලක් නොවූ ද නමුදු යුවලකගේ සංසාර චක්‍රයෙහි අවසන් ආත්මභාවය වූ කලී අමා-සඳගෝමී ආත්මභාවයමය. මින් මතු ඔවුනට යළිත් උත්පත්‍තියක් නොමැත. සඳගෝමී මෙවන් බසක් නොදනිත් අමා ද එළෙසින්ම නොදනිත්. කිසිදු භවයක පරම පිවිතුරු වූද ප්‍රේමය ඉදිරිපිට නේත්‍රා අග කඳුළැලි නොපිරුනු සඳගෝමීගේ ආත්මය හඬන්නේ අහේතුක වූද සැබැවින්ම හේතුකය. නොදැන වූද අවසාන භවය නිසාමය.


එකල්හි දඹදිව්තල රජකල චූලවර්ණ රජු මාසයකින් දවසකුත් එදිනෙන් පැය එකකුත් තවත් එකකුත් වැය කරන්නට වූලේ මඟුල් උයන් නැරඹීමටයි. නානාප්‍රකාරාවර්ණ මල් වැල් ලතා සමූහ ගැවසීගත් ඉමක් නොමැති පෙමක් වන් මඟුල් උයන්හි මෙහෙවරක් බොහෝ සේ සිදු කළේ කුලහීන කතුන්මය. දුරුතු මස එක් දාක කුලහීන දුවකට මනෝභාවිකව පෙමින් බැඳී චූලවර්ණ රජු මේඝ අත ඈ වෙත හසුන් යවන්නට වූහ. ඈද නිම්නාද අත රජු හට හසුන් යවත්ම දෙදෙනාම මනෝභාවිකව පෙමින් බැඳින. සඳාකාලික වූද සාංසාරික වූද මනෝභාවික වූද පෙමක ප්‍රථම භවය වූද එයමය.


එසේ භව ලක්ෂ ගණනක් ප්‍රේමයෙන් බැඳී උන් මොවුන් ධාර්මිකව ජීවත් වූද කළ පව් කමක් කරණ කොටගෙන හස්ති ආත්ම ලබා උපන්නහ. නමුත් ඒ බවයේ ඈ මුවදෙනක් ලෙස උපන්නා වූද හස්ති කුලයෙහි උපන් ඕ ඈට පෙමින් බැඳින. ඈ වූ කලීද එසේමය.


සසරහි අවසන් භවයට ඔවුහු පැමිණ ඇත. තවත් ඉදිරියට සුමාන තුනකින් එන දුරුතු දහ අටක් වන ඉරුදින ඔවුන් සසර ගමන නිම කරනා වග ඒකාන්තය. 


අමා-සඳගෝමීට යළිත් සසර ගමනක් නොමැත වස්සානය වූකලී අමාගේ සිතය. එහින් ඈ දුරුත්තේ හඬයි. ඒ බැව් ඈ හෝ ඔහු නොදනොයි. හිරු දෙවිදුන් පමණක්ම දන්නේ ය. 


ඔවුන් අවසන් සුසුම් හෙළන්නේ නිදියහන් ගැබ තුළය. පසුව ආත්ම ලක්ෂ ගණනක ප්‍රේමයක ප්‍රථම මෙන්ම අවසාන සිප ගැනීම නබෝ ගැබ මත සිදුවන අතර ඉන් තාරකා වැලපී නිවීයත්ම තාරකා දිස්වන අවසන් දිනය ද එදිනය.


තාරකා වැලපී නිවී යන්නා වූද ස්වයංවර සිතක් තුළ ඉටු දෙවියන් වශයෙන් ඔවුන් දෙදෙනා සැබෑ ප්‍රේමී සිත්වල මූර්තිමත් වන්නෝ ය.

2026 Saloli2048 — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
Saloli2048ගේ තවත් නිර්මාණ

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!