ඉරුණු ජීවිත 02 (නවකතාව) සෙන් කිල්ඩාස්

පරිච්ඡේදය 2 | Laksilu 20 වාර කියවා ඇත 0 අදහස්

 මඳ වෙලාවකට පසු අවිස්සාවේල්ල බලා දිවෙන දුම්රිය හූ හඬ නංවාගෙන පොලව කම්පනය කරගෙන පැමිණ නුගේගොඩ දුම්රිය ස්ථානයේ නතර විය. "ඔන්න දුවේ, කෝච්චිය, බලන්න කොච්චර දිගද කියලා " පැවසු පියා දියණියගේ මුහුණ දෙස බලන්නේ සිනාව ඉතිරී ගිය පස්වනක් ප්‍රීතියෙන් ඉපිල අත්පුඩි ගසමින් සතුට ප්‍රකාශ කරන දියණිය දැක ගැනීමටය. නමුත් ඇයගේ මුහුණේ එවැනි සතුටක් නැත. කෝච්චිය දෙස හිස් බැල්මෙන් ඇය බලා සිටියි.මඳ වෙලාවකට පසු 

"මේ කෝච්චි එපා , රතු සුදු කෝච්චි ඕනා , කැත කෝච්චි එපා " යැයි ඇය කියනට විය.මුහුණ දුකෙන් පිරි ඇත.

"රතු සිදු කෝච්චි ලංකාවේ නැහැනේ " පියා කීවේය. "මේවා තමයි තියෙන්නේ , කැමතිද? දවසක රවුමක් යන්න "

"කැත කෝච්චි මට එපා" කියූ දියණිය කෝච්චිය දෙස නොබලා අහක බලා ගත්තාය.

සිය දියණියට කෝච්චි ගැන ඉගැන්වීමට ආ පාඩම පසෙක තැබු පියා පවුලේ ඉතිහාසයද නොකියා සිත තැළුණු කුඩා දියණියගේ හිස අත ගා මුහුණට තොත්තුවක් දී වඩාගෙන හිමින් නිවස දෙසට ඇවිදගෙන එන විට උරහිසට දැනුනේ දියණියගේ උණු කඳුළු හා ඉකිගැසීම නිසා උස් පහත් වන දියණියගේ කුඩා පපු ප්‍රදේශයයි.

කුඩා දියණිය වඩාගෙන නිවසට පැමිණි පියා ඇයව ඉතා පරිසමින් සැටිය උඩ තැබුවේය. ඒ අසලට පැමිණි මව

 " ආ ! කෝච්චි දැක්කද? " ඇසුවත් එයට පිළිතුරු දුවගේ මුවින් පිට වූයේ නැත. 

"එයාට රතු සුදු කෝච්චියක් ලු ඕනේ " පියසෝම පැවසීය.

"එහෙම ඒවා කොහිද ? තියෙන්නේ "

"සෙන් කිල්ඩාස් වල " යැයි කියූ දියණිය සැටියෙන් බැස්සාය. 

"ඒ කොහිද ? " යැයි මව ඇසු පැනයට පිළිතුරු නොදුන් ඇය ගස්සාගෙන ගියේ ඇගේ කාමරයටයි.

කාමරයට යන්නේ හිතේ අමාරුවක් ඇති විට යැයි දන්නා මව හා පියා ඇයට එලෙසම ඉන්නට ඉඩ හැරියහ .

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!