ඉරුණු ජීවිත 24 (නවකතාව) සමුගැනීම
පරිච්ඡේදය 24 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්
ප්‍රධාන ස්කොට්ලන්ත දූපත බලා යන බෝට්ටුවේ නැගුණ මයිකල් ඈන්ට අතවනමින් ඔහු ඈතට යයි.ඈන් ද ඔහුට අතවනමින් ඔහු ඈතට යන අයුරු බලා සිටියි. ඇගේ දෑස් කඳුලින් තෙත්ව ඇත. ඇස කෙලවර එකතු වන කඳුළු බිංදු මුහුණ දිගේ ගලා යාමට පෙර ඇය ඇස් කෙවෙනි කිහිප විටක්ම පිස දැම්මාය. මයිකල් රැගත් බෝට්ටුව ඇස් මායිමෙන් ඔබ්බට ගොස් තවදුරටත් නොපෙනෙන්ට වූ විට දිගු සුසුමක් හෙලු ඈන් නැවත ආපසු හැරී වෙදගෙදර දෙසට ගමන් කරන්නට වූවාය. හිතේ ඇති වූ පාළුව මකා ගැනීමට කඩ පිලට යාමට ඇයට සිත් පහල වූයේ ගෙදරට යන අතරමගය.
කඩපිල දෙසට ඔහේ ඇවිද ගිය ඈන් ට, එහි වෙනසක් නැති වුව ද ඇයට දැනුණේ හිස් බවකි. මිනිසුන් වෙනදා මෙන්ම කඩිසරව එහෙ මෙහෙ යයි. බඩුවල මිල ගණන් අසයි. හෙට්ටු කරයි.එකිනෙකා සමඟ කතා බහ කරයි. නමුත් ඈන්ට දැනෙන්නේ හිස් බවකි. කිසිදු භාණ්ඩයක් දෙස බැලීමට වත් ඇයට නොසිතෙයි. කඩ පිල සොහොන් පිටියක් මෙන් පාළු යැයි ඇයට සිතිනි. ගමන නතර කොට අවට බැලූ ඈන්ගේ සිතට සිතුනේ මුළු දුපතම හිස් බවකි. පාලු බවකි. මේ හිස් පාළුව දරා ගත නොහැකි වූ ඈන් වෙදහල දෙසට හැරුණි.
මතු සම්බන්දයි