ඉරුණු ජීවිත 23 (නවකතාව) සෙන් කිල්ඩාස් වල මයිකල්ගේ අවසාන රාත්‍රිය
පරිච්ඡේදය 23 | Laksilu 50 වාර කියවා ඇත 0 අදහස්
මයිකල් හොඳටම සුව වී නිවසට යා යුතු දිනය ක්‍රමයෙන් ලංවිය. මයිකල් ට මේ වන විට ඉතාමත්ම හොඳින් ඇවිදීමටත්, තව දුරටත් බෙහෙත් අවශ්‍ය නොවන තරමට ම සනීප වීත් තිබුණි. පියාගෙන් ලැබුණ පණිවුඩයට අනුව මයිකල් පසුදා නිවසට යාමට අවශ්‍ය කටයුතු පිළියෙළ කරමින් සිටියේය. මේ වන විට ඈන් සහ මයිකල්ගේ ආදරය සෙන් කිල්ඩාස් වලට අරුමයක් නොවිනි. දැනට සති කිහිපයකට පෙර සිටම ඈන් මයිකල්ගේ ඇඟේ දැවටෙමින් මුහුදු රැල්ල පාගන ආකාරය, කඩ පිල් සාප්පු සවාරි වල යෙදෙන ආකාරය බොහෝ දෙනාට හුරු පුරුදු දසුන් වී තිබුණි.අද මයිකල් සෙන් කිල්ඩාස් හි ගත කරන අවසන් රාත්‍රීයයි. සියළු අස්පස් කිරීම් වලින් අනතුරුව ඈන් හා මයිකල් අද යන්නේ දුපතේ ටවුමෙන් මඳක් ඈතට වන්නට අනෙක් පස පිහිටි මුහුදු වෙරළටය. එතැන බොහෝම නිස්කලංක තැනකි. මයිකල් විසින් වෙන් කර ගෙන ඇති ගස් කොටන් හා පිදුරු වලින් සෙවිලි කර ඇති කබානාව ඔවුන්ට තනි වීමට කදිම තැනකි. වෙනදාට වඩා කලින් සේවයෙන් මිදුන ඈන් මයිකල් සමඟ මෙම කබානවට යනවිට සවස හතර පමණ වන්නට ඇත. මුහුදු වෙරළේ වැතිරී හිරු බසින අයුරු නැරඹු යුවල මුහුදු රළ වැදීමෙන් තෙත් වූ ඇඳුම් උනා වියලි ඇඳුම් ඇඳ ගැනීමට භාවිතා කරන්නේ මයිකල් වෙන් කර ගත් කබානාවයි. උණුසුම් මිරිදිය මෙන්ම ඇග පත සෝදා ගැනීමට නාන කාමරයක් ද උණුසුම් තේ කෝප්පයක් සාදා ගැනීමට අවශ්‍ය පහසුකම් ද එහි විය. මයිකල් විසින් කුලියට ගත් සෆාරි ජීප් රථය කබානාව අසල නවතා තිබුණේ නැවත ඉක්මනින් රාත්‍රී කෑමට පෙර වෙදහල වෙත යාමටයි.
තෙත ඇඳුම් උනා උණුසුම් ජලයෙන් ස්නානය කර පැමිණි යුවල ඇඟ තවත් ටිකක් උණුසුම් කර ගැනීමේ අදහසින් ඈන් සෑදු තේ කෝප්ප දෙක සප්පායම් වන්නේ එකිනෙකාගේ ඇඟේ වදින තරමට සමීපව ඇඳ මත වාඩි වී ගෙනය. ජනේලය තුලින් ඈත සිතිජයේ හිරු බැස යන අයුරු ඔවුන්ට පෙනේ. හිරු වෙනදාට වඩා රතු පැහැති යැයි ඈන් ට සිතුණි. උගුර හරහා ගලා බසින උණුසුම් තේ කෝප්පයෙන් ඇඟ පුරා සනීප දායක උණුසුමක් පැතිර යනු ඇයට දැනින. උරහිස හරහා වැටී තිබුණ මයිකල් ගේ බාහුව, ඔහුගේ නිරුවත් පපු ප්‍රදේශයෙන් හමා එන සුවඳ ඇඟ උණුසුම් කරන්නේ සුවදායක හැගීමක් ද සමඟිනි. මයිකල්ගේ පපුවට තුරුල් වුන ඈන්ට එම උණුසුමින් ඉවත් වීමට සිත නුදුනි. ඇය එම උණුසුමට මහත් සේ ආශා කළාය. මයිකල් ඇයව වැලඳ ගන්නේ සිත පුරා නැගී එන රාග උණුසුමක් ද සමඟිනි. ඈන් ට ඔහුගේ රාගයේ උණුසුම දැනේනට එතරම් වේලාවක් ගත වුයේ නැත. මයිකල්ට ද ඈන් රාගයේ උණුසුමින් මත් වී ඇති බව වටහා ගැනීමට අමුතුවෙන් ටීකා ටිප්පනි ගැට පද අවශ්‍ය නොවිනි.
මයිකල් තුරුල්ලේ පැය කිහිපයක් ගෙවා දැමු ඈන් ඔහු සමඟ නැවත බෙහෙත් ශාලාවට පැමිණෙන විට රාත්‍රී අට ද පසු වී තිබුණි.
ආගිය කතා සමගින් රාත්‍රී දහය පමණ වන තුරු අවදිව සිට වෙද ගෙදර ඇත්තෝද සුපුරුදු පරිදි සයනට යන්නනේ පසුවදා නැවතත් බෙහෙත් ශාලාව විවෘත කිරීමේ අදහසිනි. ඈන් ට ඊට අමතරව තවත් දුකක් ද හිතේ ඇත.එනම් හෙට දිනයේ මයිකල් ඔහුගේ ගෙදර යාමයි. මයිකල්ට ද හිතේ පුංචි කණගාටුවක් ඇත. එනම් හෙට සිට ඈන්ගේ ඇසුර නොලැබීමයි.
මතු සම්බන්දයි