පැරලල් යුනිවර්ස් එකක සිදුවීමක් - සිංහයාට හීනමානය ඇති කිරීම තුලින් බිඳ වැට්ටවීම
කෙටිකතා ඉතිහාස (Historical)

පැරලල් යුනිවර්ස් එකක සිදුවීමක් - සිංහයාට හීනමානය ඇති කිරීම තුලින් බිඳ වැට්ටවීම

VijayabahuMudiyanse 105 0 0

මුලා ජාතියකට හීනමානය බලෙන් පැටවීම මගින් කරන කූඨ වැඩ

🪐මේකත් මේ පැරලල් යුනිවර්ස් එකක සිදුවීමක්.

🦁සිංහ බිමට සේන්දු වෙලා බින්න බැස්ස සූකර රංචුව 🐷මොකද්ද මේ කරන්නේ. ඔවුන් හරි පාරිශුද්ධ පිරිසක්, සිංහයෝ තමා සියලු අපචාර කරන්නේ වගේ මතවාදයක් පතුරනවා. එතකොට මොකද වෙන්නේ? සිංහයන්ට තමන්ගේ ජාතිය ගැනම හීනමානයක් ඇතිකරවන්න තම මේ සූකරයෝ එහෙම කරන්නේ. හැබැයි ඇත්තටම මොකද්ද සිද්දිය? මහලොකු දේවල් වෙලා නෑ. සාමාන්‍ය සමාජයේ වෙන අපරාධ කටයුතු හා ඒවාට නීතිය ක්‍රියාත්මක වීම.

🦁සිංහයන්ට ජාතිය ගැන හීනමානයක් ඇති කරවීමෙන් තමා සූකරයන්ට පුළුවන් ඔවුන්ගේ ඉලක්ක වෙත පහසුවෙන් යන්න. ඒ කියන්නේ මේ අමුතු ඇටේ දූව තමන්ගේ පාලනයට ගන්න. අර වගේ චෝදනා යන අතරේ යටින් එයාලගේ ගේම් ගහනවා. හෝ ගාලා ඌරු පැටව් ගහනවා, භූමිය අල්ලගන්නවා, ව්‍යාපාර අල්ලගන්නවා, තව කෙලි ගොඩයි.

හොඳම විහිලුව තමා, ඒ සූකරයන්ගේ මහ ඌරා ඒ කාලේ කරපු වැඩ සහ අදටත් සූකර රටවල් ප්‍රජාව ඒවා සම්මත කරගෙනම කරන එක.

බලපුහම ඕයි, සිංහයන්ට වැරදි කියලා ඇඟිල්ල දික් කරපු ඒවා සූකරයෝ නීතියෙන් සම්මත අරගෙන කරනවා.

🌌හරි එහෙනම් සමාන්තර විශ්වයේ අමුතු ඇටේ ඒ කතාව අදට ඉවරයි.

(පහල පොටෝව ඒ සමාන්තර විශ්වයේ සිදුවීමට අදාලව)

==================================

👉දැන් බලමු පොඩ්ඩක් අධ්‍යනය කරපු දෙයක් ගැන.


🔹මොකද්ද මේ නූතන සංක්‍රමණික ජනපදික යටත්විජිතවාදය (Settler Colonialism) කියන්නේ❓


ස්වදේශික මුල් ජනතාව යම් භූමියකින් ඉවත් කර එතැන නව ජනපදයක් පිහිටුවන එක. මෙහිදී ආක්‍රමණිකයා විසින් කරනු ලබන ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා.


👉ඉවත් කිරීමේ තර්කනය (Logic of Elimination): ස්වදේශිකයන්ගේ අයිතිය අහෝසි කිරීම සඳහා ඔවුන්ව ම්ලේච්ඡයන්, අපරාධකරුවන් හෝ නුසුදුසු පිරිසක් ලෙස හංවඩු ගැසීම.


👉ස්වදේශිකකරණය (Indigenization): කාලයත් සමඟ ආක්‍රමණිකයා තමන් "සැබෑ ස්වදේශිකයා" ලෙස හඳුන්වා ගනිමින් මුල් අයිතිකරුවන්ව "සංක්‍රමණිකයන්" ලෙස හැඳින්වීමට උත්සාහ කිරීම.


🔹තව දෙයක් කරනවා මේ සංක්‍රමණික ආක්‍රමණිකයෝ, ඒ තමා

ඓතිහාසික ප්‍රතිශෝධනවාදය (Historical Revisionism). ඒ කියන්නේ,


පවත්නා ඓතිහාසික කරුණු හිතාමතාම විකෘති කරමින්, තමන්ට වාසිදායක ලෙස අලුත් ඉතිහාසයක් නිර්මාණය කිරීම මෙයට අයත් වේ.


👉මෙහිදී ආක්‍රමණික ජාතිය විසින් ස්වදේශිකයන්ගේ ඉතිහාසය මකා දැමීම හෝ එය දූෂිත ඉතිහාසයක් ලෙස පෙන්වීමට කටයුතු කරයි.


👉තමන්ගේ පැමිණීම "ආක්‍රමණයක්" නොව "මුදාගැනීමක්" හෝ "ශිෂ්ටාචාරගත කිරීමක්" ලෙස අර්ථකථනය කරයි.


🔹ඊළඟට වෙන්නේ, මනෝවිද්‍යාත්මක ප්‍රක්ෂේපණය (Psychological Projection). එතැනදී,


👉ආක්‍රමණිකයා තමන් කරන වරද (ආක්‍රමණය, අසාධාරණය) ස්වදේශිකයා පිට පැටවීම මෙයින් අදහස් වේ.


👉උදාහරණයක් ලෙස, තමන් ප්‍රචණ්ඩත්වය පතුරුවන අතරතුර, ස්වදේශික ජාතිය ප්‍රචණ්ඩකාරී ජාතියක් ලෙස ලෝකයාට පෙන්වීමට උත්සාහ කිරීම.


👉මෙය "වින්දිතයා වැරදිකරු කිරීම" (Victim Blaming) ලෙසද හැඳින්වේ.


🔹🔹ඒ වගේම මේ DARVO උපක්‍රමය,


👉Deny (ප්‍රතික්ෂේප කිරීම): තම ආක්‍රමණය හෝ වැරදි ප්‍රතික්ෂේප කිරීම.


👉Attack (පහරදීම): ස්වදේශිකයාගේ චරිතයට පහර දීම.


👉Reverse Victim and Offender (වින්දිතයා සහ අපරාධකරු මාරු කිරීම): තමන් වින්දිතයා ලෙසත්, ස්වදේශිකයා පීඩා කරන්නා ලෙසත් පෙන්වීම.


🔴මෙම සම්පූර්ණ ක්‍රියාවලිය "ජනවාර්ගික ප්‍රතිස්ථාපනය" (Ethnic Displacement) සඳහා කරනු ලබන "මතවාදී මෙහෙයුමක්" ලෙස හඳුනාගත හැකිය. මෙහි අවසාන ඉලක්කය වන්නේ මුල් අයිතිකරුවන්ගේ සදාචාරාත්මක අයිතිය (Moral Right) අහෝසි කර, ආක්‍රමණිකයාගේ පැවැත්ම සාධාරණීකරණය කිරීමයි.🔴


📌හරි එහෙනම් ඔබ තමුන්ලට කියන්න තියෙන්නේ,

අපි මේ බිමේ අවුරුදු 2500කට වඩා කාලයක සිට මේ බිම ජනාවාස කරගෙන, ගොඩනගාගෙන අභිමානවත් ජාතියක් ලෙස ප්‍රතාපවත් අඛණ්ඩ රජ පෙළපතක්ද සමගින් පැමිණි අභිමානවත් ජාතියක්.

📌බොහොම නිරවුල් පැහැදිලි ඉතිහාසයක් තියෙන, මෙන්න කියලා අත දිගු කරලා පෙන්වන්න පුළුවන් මහා නිර්මාණ මහා උරුමයක් රට පුරා ගොඩනගලා තියෙන ජාතියක්.

📌මේකේ අහවල් කොටස තමා අපේ, අර කොටස එයාලගේ කියන බයිලා කවදාවත් නෑ. 2500 ඉතිහාසේ ඉඳන් සිව් කොනම අභිමානවත් සිංහලයාගේ තමා. ඔය අභිමානය නිකන් ආවේ නෑ. අපේ මුතුන් මිත්තෝ දහස් ගණන්, ලක්ෂ ගණන් කලින් කලට දිවි පුද කරලා මේ බිම රැකගෙන අපිට ගෙනත් දුන්නේ.

📌නූතන යුගයට එනකොට සියල්ල වෙනස්. කඩු පොලු අරන් එන ආක්‍රමණයට කලින් යන්නේ මතවාදීමය ඔලුව සෝදන, හීනමානය ඇතිකරන අමුතු අමුතු ප්‍රොපගැන්ඩා මිෂන්.

ඉතිං ඒවාට නොරැවටී ජාතියක් වශයෙන් එකමුතුව සමගි සම්පන්නව පක්ෂ පාට ලෙස නොබෙදී, අසමගි නොවී, භූමිය ඉඩම් රැකගෙන, තම උරුමය වෙනුවෙන් පසුභට නොවී නැගී සිටින්න ඕනේ. ව්‍යාපාරද, රැකි රක්ෂාද සියල්ල කරලා දියුණු වෙන්න ඕනේ.

===========

පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔබේ අදහස.

2026 VijayabahuMudiyanse — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!