16 වන කොටස

පරිච්ඡේදය 17 | jessi 27 වාර කියවා ඇත 0 අදහස්

ආදී ගෙදරට ගොස් ඔහු වොශ් එකක් දමා ඇදට වී කලපනා කරන් ඉන්න විය. 


ඇත්තටම තීනූට අද මොකද අනේ වුනේ මං මොනව හරි වැරැද්දක් කලාද එයාට එච්චරටම තරහා යන්න අනික මං මොකුත් කිවුවේ නෑනේ ශානු මොනවා හරි කිවුවා වත්ද ඉතින් ඒකට මාත් එක්ක තද වෙලා හරි යන්නේ නෑනේ අයියෝ මට පිස්සු වගේ තීනු ඔයා මාව පිස්සෙක් කරනවානේ කියා ආදී කොට්ටෙන් මූන වසා ගත්තා


එතකොටම ආදීගේ නංගි කාමරෙට ආවා මොකෝ මේ අයියාට පිස්සු හැදිලාද නංගි එසේ කියමින් ඇද ගාවට එන්න විය.


ආදී ගැස්සී මේ මැනස් නැද්ද කොල්ලෙක් ගේ කාමරේට එද්දී තට්ටු කරලා එන්න ආදී ඇදෙව් වාඩිවෙන ගමන් කීය


අනේ නල්ල මලේ කොල්ලා මං ආවේ මගේ අයියාගේ කාමරෙටනේ නංගි කියන්න විය.


මේ වදේ යනවා කෝ යන්න මට වද නොදී ආදී නංගිව තල්ලු කරන ගමන් කියන්න විය.


මේ ඒක නෙවෙ මං පාටියෙදි දැක්කා ඔයා කෙල්ලෙක් එක්ක ඉන්නවා කවුද ඒ කෙල්ල නංගි ආදීගෙන් අසන්න විය.


අ......ඒ සහෙලි මගේ කොලෙජ් එකේ එකට හිටියේ 

ඔයා මොකටද ඒක අහන්නේ ආදී සැරෙන් වගේ අහන්න විය.


නෑ......එ කෙල්ල නම් ඔන්න මගේ නෑනා කරගන්න හිතන්න එපා මොකද මට ඒ කෙල්ලව ඔයාට ගැලපෙන්නේ නෑ වගේම මම කැමති නෑ.

ඔයා තීනූ අක්කගේ හිත රිද්දුවොත් සත්තයි මං ඔයාගේ නංගි කමෙන් අයින් වෙනවා 

නංගිත් සැරෙන් වගේ කියන්න විය.


ආ.....ඒයි ඇත්තටමද ඔයා කියන්නේ ආදී සතුටෙන් අහන්න විය.


ඔය මොකද ඒකට ඔච්චර සතුටෙන් අහන්නේ නංගි ඇස් පොඩි කරගෙන අහන්න විය.


නෑ.....මං හිතුවා ඒ කෙල්ල එක්ක යාලු වෙනවා කියලා ආදී ඇහි බැමි ඔස වමින් ඇදේ වාඩිවෙමින් කියන්න විය.


පිස්සුද අයියා ඔයාට එතකොට තීනූ අක්කා ඔයා තීනූ අක්කාට ආදරේ කලානේ ඔයාට එයාව එපා වුනාද


අනේ නෑ......එයාව මට එපා වෙන්නේ නෑ...පිස්සුද ආදී කියන්න විය.


එහෙනම් මොනවද කියන්නේ නංගි අසන්න විය.


නෑ ඔයා කිවුවානේ මං එ කෙල්ල එක්ක යාලුවුනොත් ඔයා මගේ නංගි කමෙන් අයින් වෙනවා කියලා ඒකයි මං කිවුවේ එතකොට මං විතරයිනේ මේ ගෙදර ඉන්නේ ආදී හිනාවෙමින් කියන්න විය.


තමුසේ නම් අයියා මහා පුදුම නරක අයියා කෙනෙක් කියා කොට්ටෙන් ගහන්න විය. 


එපා.... එපා ඔයී වද දෙන්න එපා අම්මේ......අම්මේ.......මේ නංගී ඉන්න දෙන්නේ නෑ මට ගහනවා.

ආදී කෑගසන්න විය.


අම්මා කලබලෙන් දුවගෙන කාමරයට එන්න විය.


මොකද මේ පොඩි ලමයි ඉන්න ගෙයක් වගේ කෑගහනේ අනේ.....පහලට ඇහෙනවා සද්දේ මං මේ බය වෙලා දුවගෙන ආවේ අම්මේ දෙන්නටම බනින්න විය.


නංගිනේ ඉස්සෙල්ලාම කාමරෙට ඇවිල්ලා පිස්සු කියවන්නේ ආදී නංගි දෙසට ඇගිල්ල දික් කරමින් පොඩි දරුවෙක් වගේ කියන්න විය.


පොඩ් යන්න ඔයාගේ කාමරයට 

අම්මා සැරෙන් කියන්න විය.


අම්මේ මෙයා මාව නංගි කමෙන් අයින් කරනවා කිවුවා. නංගි අම්මගේ අතේ පොඩි දරුවෙක් වගේ එල්ලෙමින් කියන්න විය.


අනේ අම්මේ මෙයා තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා සහෙලි ගැන විකාර කියන්න ගත්තේ 

ආදී කියන්න විය.


ආ......මට ඒ ගැන අහන්න ඕන වුනා තමයි මම දැක්ක ඒ කෙල්ලත් එක්ක ඉන්නවා ඒ වගෙම තීනූ දූත් අවුලෙන් හිටියේ මේ ඒ සක්කරවට්ටම නම් මේ ගෙදරට ගේන්න් එපා ඕන්න පුතේ මං නොකිවුවා නම් කියන්න එපා

අම්මා සැරෙන් වගේ කියා නංගිවත් ඇදගෙන කාමරයෙන් යන්න විය.


මොකද අනේ මේ ඔක්කෝමටම වෙලා තියෙන්නෙ දෙයියනේ එහෙන් තීනූ මාත එක්ක තරහාවෙන් මට මේ එක හෙන ප්‍රශ්නයක් ඒ මදිවට ගෙදර ආවාම ගෙදර අයත් අර සහෙලිව අල්ලන් මට බනිනවා අනික මං කැමති තීනූට ඒක ගෙදර අයත් දන්නවා 

අයියෝ........මට මේ මොකද වුනේ අනේ තීනූ මට පිස්සු වගේ කියා ඔහු ඇදේ වැතිරෙන්න විය.


ආදී ෆෝන් එක අතට ගෙන ශානුකට කෝල් එකක් ගන්න විය.


හෙලෝ ආදී කියන්න ශානුකද ආදීට පිලිතුරු දුන්නා


ශානු ඔයා නිදිද මං පොඩ්ඩක් උඔව හම්බවෙන්න ඕන ආදී කීය.


නෑ.....මං මේ ත්තාත්ත්ගේ ඔෆිස් එකට ඇවිත් යන ගමන් ඇයි මොකක් හරි අවුලක්ද මං ගෙදරට එන්නද ශානුක ඇසීය


නෑ එපා මං ලොකෙශන් එකක් එවන්නම් ඔයා එතනට එන්න 

ආදී කීය.


ඇයි මොකද අවුල කියන්නකෝ 


නෑ...මං මීට් වෙලාම කියන්නම් කියා ෆෝන් එක කට් කර ලොකෙශන් එක දමා ආදී ඇදුමක් ඇද ගන්න ගියා.


ශානුකද ඒ ලොකෙශ්න් එකට පැමිණියා ඔහු ආදී දුන් ඒ ලොකෙශන් එක රෙස්ටුරන්ට් එකක් ඔහු ඒ ඇතුලෙන් වාඩි වෙලා ඉන්න විය. ඒ එක්කම ආදීද පැමිණ ඔහුගේ මෙසේ අසල ප්ටුවේ වාඩි විය.


මොකො මේ අවුලෙන් වගේ මොකද ප්‍රශ්නේ ආදීගෙන් ශානුක එක දිගට ප්‍රශ්න වැලක් අසන්න විය.


හ්ම්ම්ම්...ආදී ටිකක් වෙලා කලපනා කරන් ඉදලා ශානු අද මාත් එක්ක තීනූ තරහෙන් වගේ හිටියා කාර් එකේ බැහැලා ගියෙත් තරහාවෙන් ඒ මදිවට ගෙදර ආවාම අම්මයි නංගියි මාත් එක්ක කේස් ආදී ඔඩර් කරපු බීම එක දෙස බලන් කීවා.


ශානුක ඇස් ලොකු කරමින් ඒ මොකද ඒ ෂුවර් එකටම උඔ මොකක් හරි කරන්න ඇති 


නෑ...බං මං මොනවත් කලේ නෑ උඔලා දැක්කනේ පාටි එකෙත් අපි දෙන්න හොදට හිටියා ගෙදර අය නම් සහෙලි ගන කිය කියා බනින්නේ ඒයා ජස්ට් මගේ යාලුවෙක් විතරයි ඔයා ටීනා වගේම යාලුවෙක් ආදී කියන්න විය.


මායි ටීනායි විතරක් නෙවෙයි නේ යාලුවෝ ඇයි තීනූ ශානුක අමුතු හිනාවක් දාගෙන කියන්න විය.


ආදී ලැජ්ජාවෙන් වගේ ඉතින් ඒකනේ මං කිවුවේ අපි යාලුවෝ කියලා ආදී හිනා වෙවි කියන්න විය.


මේ උබ තීනූට කැමති කියලා අපි දැනගෙන ගොඩක් කල් ශානුක කියනා විය.


ආදී පුදුමයෙන් වගේ ඔහු දෙස බලා උබලා කොහොමද ඒක දන්නේ මං කිවුවේ නෑනේ ඔයාලට ආදී අසන්න විය.


ඔයා වචනයෙන් කිවුවේ නැති වුනාට ක්‍රියාවෙන් පෙන්නුවා තීනූ ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවේ ඔයාගේ ඇස් වලින් මං ඒක දැක්කා ඔයා එයාව බලා ගත්ත විදිහෙන් අපි දැක්කා ඔයා ඒක වචන වලට පෙරලුවේ නැති වුනාට සමහර විට තීනූටත් දැනෙන්න ඇති.

ශානුක කියන්න විය.


හ්ම්ම්ම්...උබ හරි මං පොඩි කාලේ ඉදන්ම තීනූට ආදරේ කරනවා ශානුක

මට එදා එයා ලේ පෙරාගෙන දැක්කම මට මාවත් අමතක වුනා මාව වෙව්ලන්න වුනා මට මගේ තීනූව මට නැති වුනා වගේ හැගීමක් ආවා මට බය හිතුනා 

එයා බානුක එක්ක සම්බන්දකමක් තියෙනවා කියලා එයා අපිට කිවුවම මට එදා මගේ පපුව රිදෙන්න වගේ ආවා මට දුක හිතුනා ඒත් ඒ ඔක්කොම යට කරන් හිටියේ මට එයාව අඩුමගානේ යාලුවෝ වගේ මට පේන්න ඉන්නවනේ කියලා ඒත් එදා ඇක්සිඩන්ට් එක දවසේ මට හිතුනේ මට එයාව දකින එකත් නැතිවෙයි කියලා බය හිතුනා ආදී ඇස් වල කදුලක් එක්කම කියන්න විය.


මං ඒ ඔක්කොම දැනගෙන හිටියා ආදී මං උබෙන් වචනයක් ඇහුවෙ නැත්තෙව් උබේ පැත්තෙන් හේතුවක් තිබුනු නිසයි ආදී ඇයි ඔයා ඔයාගේ ආදරේ තවත් හංගන්නෙ ඔයා එයාට කිවුවනම් ඉවරයිනේ අනික එයා හෙට යනවා 

ශානුක කීය.


හ්ම්ම්ම්....බෑ බං එයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැතුව අහන්න බයයි අද පාටි එකේදී මං දැක්කා එයාගේ ඇස් බානුකයි රවින්දි දිහායි බලන් ඉන්න විදිහ මං හොදටම දන්නවා එයා ඒ දෙන්නාට බැන්නට එයාගේ හිත ගොඩක් රිදිලා ඉන්නේ කියලා මං ඒ අස්සේ එයාට මගේ කැමැත්ත කිවුවොත් අවුරුදු ගානක් ඒ කියන්නේ අපි ගොඩක් පොඩි කාලේ ඉදන් යාලුවෝ ඒ යාලු කම නැති වෙයි කියලා බයයි. ආදී ශානුක දෙස බලා කීවා.


මං හිත්තන්නේ නෑ මචන් ඒක එහෙම වෙයි කියලා බානුක නිසා එයා රිදිලා ඉන්නේ කියන එක ඇත්ත ඒත් එයා කවදාවත් ආයේ ආදරේ නොකර ඉන්නේ නෑ කියන එක නෙවෙයි තෙරුම අනික තීනූට වුනත් බය ඇති හැබැයි ඔයාට එයා අකමැති වෙන්නේ නෑ මොකද එයාටත් ඔයා ගැන ආදරයක් එයාගේ හිතේ තියෙනවා ඇති මං ඒක හරියටම දන්නේ නෑ නමුත් මට හිතෙනවා මොකද අද සහෙලි එක්ක ඔයා ඉද්දී එයාගේ මූන වෙන්ස වුනා ඒකයි ඔයා එක්ක තරහාවෙන් යන්න ඇත්තේ ශානුක කීය.


ඔයා කියන්නේ තීනූ මට කැමති ඇති කියලද? ඒ කියන්නේ එයා සහෙලි නිසාද මාත් එක්ක තරහෙන් හිටියේ ආදී ශානුකගෙන් ඇසීය


හ්ම්ම්ම්ම්.....ඔව් එයා මට කෝල කරලා ඇහුවා ආදී කැමති ගර්ල් කෙනෙක් ඉන්නවද කියලා ශානුක කීය.


ආ........මං එහෙම කිවුවා තමයි හැබැයි ඒ කිවුවේ එයා ගැනමයි එයා හිතුවද දන්නේ නෑ ඒ සහෙලි කියලා ආදී කීය.


හ්ම්ම්ම්ම්.....ඔව් ඒ හින්දා තමයි මගෙන් ඇහුවේ මං මේ ගැන දන්නේ නෑනේ මං කිවුවා එහෙම කෙනෙක් නෑ ඉන්නවා නම් අපිට ඌ කියනවනේ කිවුවා ඒක නෙවෙයි ඔයා කවදාවත් එයාට ඉගි කරලා නැද්ද ඔයා එයාට පෙන්නලා නැද්ද එයාට වුනත් තේරෙනවා බය ඇති බානුක වගේ නවෙයි ඔයා එයාට ඔයාව වටිනවා ඒකයි එයා පොඩ්ඩක් බය ඇති අනික ආදී ඔයාලා දෙන්නා ගැන අපි දන්නවා ඔයා වුනත් අවංකයි තීනූත් එහෙමයි හැබැයි ඔයා හිතනවා නම් මං තීනූට කාලයක් දෙන්න ඕන කියලා ඔයා දෙන්න හැබැයි ඔයත් ලග ඉන්න ඕන එත්කොටයි එයාට ඔයා ගැන හිතෙන්නේ ආදී ඔයාට අපි ඉන්නවා ඇත්තටම අපි දැක්කා ඔයා එයාව කොහොමද කෙයාර් කරේ කියලා ඒක තීනූ නොදන්නවා නෙවෙයි කොහොමත් මං දන්නවා තීනූ උඔට කැමති වෙයි කියලා අපි උඔලා දෙන්නා එක්ක හැමදාම ඉන්නවා බං කියා ආදීගේ පිටට ගැසීය. 


හ්ම්ම්ම්ම්.......තැන්ක්ස් බං මට ලොකු නිදහසක් දැනෙනවා බං උඔට කිවුව එකට ඒත් මේ ගැන තීනූට කියන්න එපා මං කොහොමත් මේ පාර එයාව මං නැති කරගන්නේ නෑ 


හ්ම්ම්ම්......හරි අපි හෙට උදෙන්ම තීනූගේ ගෙදර යමු යන්න දේවල් ලෑස්ති කරලා දෙමු පුලුවන් නම් උඔත් ටික දවසකින් යන්න මේ බී අපිට නෙක්ස්ට් වීක් එකේ කැම්පස් එකට යන්න ලෙටර් එක එයි එහෙම වුනොත් අපි යමු . ශානුක කිය.


හරි අපි යමු හෙට උදෙට මීට් වෙමු කියා ශානුක ආදීගේ පිටට තට්ටු කර යන්න විය.


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදාම


ජෙසි ❤️🌻




2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!