15 වන කොද්ටස

පරිච්ඡේදය 16 | jessi 32 වාර කියවා ඇත 0 අදහස්

පසුවදා උදෑසන සහාස් නැගිට්ටේ දුරකතනය නාද වෙන සද්දේට 

ඔහුගේ අයියා කතා කරන්න විය.


මොකද අනේ අද නිවාඩු දවසේ උදෙන්ම කෝල් කරන්නේ


මේ මල්ලි හදිස්සියක් තාත්තා ඔයාට එන්න කියනවා අයියා කියන්න විය.


සහාස් එකපාරම තිගැස්සි ඇදේ වාඩි වෙන්න විය.

ඇයි ඒ පාර මොකක්ද අවුල අයියේ සහාස් අසන්න විය.


ඒකනම් මං දන්නේ නෑ 

මටත් එන්න කිවුවා 

ඉක්මනට එන්නකෝ මාත් එන්නම් 

කියා අයියා ෆෝන් එක තියන්න විය.


ඒ පාර මොකක්ද අවුල කියා සිතා ඇදෙන් බැස ලෑස්ති වෙන්න ගියා.


ඔහු වාහානය ගෙදර මිදුලේ නවතා ගෙ ඇතුලට යන්න විය. එවිට ඔහුගේ තාත්තගේ යාලුවෙක හා ඔහුගේ පවුලෙව් අය සමග වාඩි වී කතා කරමින් සිටියා ඔවුන් සමග ලස්සන ගෑනු ලමයෙක්ද සිටියා සහාස් තාත්තා අසල පුටුව ලග හිට ගන්න විය.


ආ.........පුතා සහාස් මේ ඉන්නේ මුණසිංහ මායි මෙයයි ඉස්කෝලේ කාලේ ඉදන් යාලුවෝ වගේම හොද බිස්නස් අය 


මිස්ටර් මුණසිංහ මං කිවුවේ අපේ පොඩි පුතා සහාස් 


එවිට සහාස් ඔහුට හිනාවෙලා හෙලෝ අංකල් කියා අතට අත දී ආචාර කරන ලදී.


ඒ එක්කම සහාස්ගේ අයියාද පැමිණියා


පුතේ ඒ අංකල්ගේ දුව සහෙලි ඔහු ඇය දෙස බලා හෙලෝ කියා සිනාසෙන්න විය ඇයද පෙරලා සහාස්ට සිනා සෙන්න විය.


ඔයාලා දෙන්න හොදට අදුනගන්න ඒක අපේ ෆියුචර් එකට හොදයි නේද මිස්ටර් මුණසිංහ ඔහු දෙස බලා හිනා වෙගෙන 

තාත්තා කියන්න විය.


එවිට සහාස්ගේ මූණ අදුරු වෙන්න විය. ඔහු අයියාගේ කනට කර මොකක්ද ඒ තාත්තා කිවුව කතාව සහාස් අයියාගෙන් අසන්න විය.


අයියාද ඒක තමයි බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා


ඉතින් පුතා තාත්තා ඔයා ගැන කිවුවා ඔයා මේ ලගදී නේද ලංකාවට ආවේ මිස්ටර් මුණසිංහ අසන්න විය.


ඔව් අංකල් මේ ලගදී ආවේ දැන් මාසයක් වගේ ඇති අංකල් 


ඔව් ඔව් මාසයක් විතර ඇති ඇවිල්ලා හරි දැන් ඔයාලා දෙන්නත් ඉන්න එකේ අපි කාරනාවට එමු නේද මිස්ටර් මුණසිංහ

තාත්තා කියන්න විය.


එවිට සහාස් හා අයියා මූණට මූණ බලගන්න විය.


පුතේ සහාස් අංකල් ඔයාට මැරෙජ් ප්‍රොපසල් එකක් අරං ආවා අංකල්ගේ දුවව මාත් මේකට කැමති මොකද අපි ඒ කාලේ ඉදලාම අපි හොද යාලුවෝ ඉතින් අපි මේ මැරෙජ් එක කරාම අපි හොද බිස්නස් පාට්නර්ස්ලා වෙනවා ඒක අපිට දෙගොල්ලටම හොද ෆියුචර් එකක් ඔයාලාටත් හොදයි මොකද අංකල්ගේ එකම දුව එයා තමයි කම්පැනි එක මේ දවස්වල රන් කරන්නේ නේද දුව ඔයා මොකද හිතන්නේ දුව අපේ පුතාට කැමතිද 

තාත්තා අසන්න විය.


මේ සියල්ල ආසා සිටි සහාස් හා සහාස්ගේ අයියා පුදුමෙන් එකිනෙකාගේ මූණ බලාගන්න විය.

ඒ වගේම සහාස්ට ඉතා කෝපයක්ද එන්න විය ඔහු කෝපයෙන් අත් මිටි මොලවන්න සිටින බව තේරුණ අයියා ඔහුගේ කනට කරලා ඉවසන් ඉදපන් මෙයාල යන කන් දැන් කලබල වෙලා මොනවත් කරන්න එපා කියා කීවේ ඔහු තද කෝපයෙන් සිටි බව පෙනුනු නිසා


හරි එහෙනම් අපි තව කතා කරමුකෝ එපි එන්ගේජමන්ට් එකට දිනයක් එහෙම දාගමු ආයේම ඔයාල දෙන්නත් එකට කතා කරලා නම්බර්ස් එහෙම හුවමාරු කරලා කතා බහ කරන්න ලැජ්ජා වෙන්න එපා දෙන්නා එකිනෙකාට දැන හදුනගෙන ඉන්න ඕනනේ කියා තාත්තා සහස්ට හැරි කියනා විය.


සහාස් මේ සියල්ල අසා සිටියේ තදබල කෝපයකින්


හරි එහෙනම් මිස්ටර් අපි යන්නම් මට මීටින් එකක් තියෙනවා අපි එහෙනම් ආයේ හම්බවෙමු අපි ගිහින් එන්නම් පුතේ කියා ඔහු එසේ කියා සහාස්ගේ පිටට තට්ටුකර යන්න විය. 


මුණසිංහගේ දුව සහෙලි මුණසිංහ ඇය ඔහු ළගට ඇවිත් මේ මගේ බිස්නස් කාර්ඩ් එක මේ තියෙන්නේ මගේ නම්බර් එක කෝල් එකක් දෙන්න මං ගිහින් එන්නම් කියා ඇය සහාස් දෙස බලා කියන්න විය. සහාස් කාර්ඩ් එක අතට ගෙන කට කොනින් හිනා වෙලා අහක බලාගන්න විය.


ඔවුන්ව පිටත් කරන්න තාත්තා ඉදිරිපස දොර ලගට ගොස් ඔවුන්ව පිටත් කර නැවත් හැරෙද්දි 


තාත්තා කාගෙන් අහලද මේ ප්‍රොපොසල් එකට කැමති වුනේ අනික මගෙන් වචනයක් වත අහන්නේ නැතුව.

සහාස් කෝපයෙන් තාත්‍තා දෙස බලා අහන්න විය.


මං කාගෙන්වත් අහලා වැඩ කරන්න ඕන නෑනේ තාත්තා පුටුවේ වාඩ්වෙන ගමන් කියන්න විය.


තාත්තා මේ කරන වැඩේ වැරදි තාත්තා මල්ලිගෙන් නිකමටවත් ඇහුවේ නෑ මේ ගැන අයියාද කියන්න විය.


මං මේ ප්‍රොපොසල් එකට කැමති නෑ තාත්තේ සහාස් කියන්න විය.


පිස්සුද මේක තමයි අපිට ලැබුන හොදම අවස්ථාව අනික අපිට හොද බිස්නස් පාර්ට්නස්ලා වෙන්නත් පුලුවන් තාත්තා පත්තරය අතට ගෙන එය කියවන ගමන් කියන්න විය. 


එවිට සහාස් තාත්තේ ඔයාට අපේ ජිවිත බිස්නස් වගේද පෙන්නෙ ඔයා අයියාටත් කලේ මේ දේමයි අන්තිමට අයියා දැන් දුක්විදිනවා කෝ දැන් ඒ පවුල ඔයා තමයි ඒකට වග කියන්න ඕන දැන් ඔයා මටත් ඕකමයි කරන්නේ 

ඔයා කියන හැමදේම අපි කලා ඔයා කියන දේවල් තව කොච්චර කාලේකට කරන්නද 


සහාස් තරහවෙන් තත්තාට කියන්න විය.


මට ඕවා වැඩක් නෑ මං මේ මැරෙජ් එකට කැමති ඔයා අකමැති වුනත් මට වැඩක් නෑ අනික ඔයා කවුද මට මේ දෙවල් උගන්වන්න මං මේ හැමදේම කරන්නේ ඔයාලාගේ අනාගතය වෙනුවෙන් තමයි.


අපේ අනාගතය වෙනුවෙන් ....... සහාස් තරහාවෙන් කටකොනින් හිනා වෙමින් අපේ අනාගතය වෙනුවෙන් දේවල් කලානම් අපේ ජිවිත එක්ක ඔයා සෙල්ලම් කරන්නේ නෑ අයියාගේ ජිවිතේ එයා කැමති දේ කරන්න දුන්නේ නෑ එයා ආර්ට්ස් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න ආසාවෙන් හිටියා ඔයා ඒක කරන්න දුන්නෙව් නෑ එවා කරලා කාටද හරි ගියේ කියලා මට බාස්කට් බෝල් ප්ලෙයර් කෙනෙක් වෙන්න ඕන වුනා ඒක දුන්නෙව් නෑ අපෙව් ආසාවල් මොනවද කියලා දන්නෙව් නෑ අඩුම ගානේ අම්මා නැති වෙන්න කලින් හරි නැති වුනාට පස්ස්ව්ව් හරි අපි ගැන හොයලා බැලුවද නෑ.......


තාත්තේ ඔයා හරිම ආර්මාත්කාමී ඔයා අපේ අනාගතය ගැන හිතනවා කියලා ඔයා ඔයාගේ දෙවල් කරගන්නවා අපිව ප්‍රයෝජනයට අරන්


මං එකක් කියන්නම් මං මේ මැරෙජ් එකට කැමති නෑ...


ඒ නිසා ඒක එයාලට ඔයාම කිවුවොත් හොදයි මං කියන්න කලින් කියා සහාස් තරහාවෙන් ගෙයි එලියට එන්න විය. 


තාත්තේ මේ මල්ලිගේ ජීවිතේ ඒක එයාට දෙන්න තාත්තේ එයාත් ආස කරන දේවල් තියෙනවා ජීවිතේ තාත්තේ මල්ලිගේ ජිවිතේ ඔයා මගේ ජිවිතේ වගේ වරද්දන්න එපා 

කියා ඔහුද එලියට බහින්න ලෑස්ති විය.


එවිට තාත්තා මට ඔයාලා කරන්න ඕන දේවල් මට කියන්න එපා මං දන්නවා ඔයාලාට මං මොනවද කරන්න ඕන කියලා ඒ නිසා කරුනාකරලා සාහස්ට කියන්න මේ මැරෙජ් එකට කැමති වෙන්න කියලා තාත්තාද තරහවෙන් හා එම තීරණය මතම ඉදිමින් කීය.


තාත්තේ ඔයා මට කල දේ මං මල්ලිට වෙන්න දෙන්නේ නෑ ඒ මගේ මල්ලි කියා ඔහුද එලියට බහින්න විය.


සහාස් වේගයෙන් වාහනය පදින්න විය. ඔහු තරහාවෙන් ඇගිලි සපමින් වාහනය පදවන්න විය. එවිට ඔහුගේ දුරකතනය නාද විය. අයියා ලෙස නම සටහන් විය නමුත් සාහාන් දුරකතනය විසන්දි කරන්න විය. අයියා කීප වතාවක්ම කෝල ගත්තද නමුත් කිසිම උත්තරයක් නොමැති විය.


ඉදිරියට මොනවා වෙයිද 

සෙනුරි එක්ක දිගටම රැදිලා ඉන්න 


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!