ස්වේත නාරී

පරිච්ඡේදය 5 | Indu | 31 වාර කියවා ඇත 1 අදහස්

ස්වේත නාරී 🔞 - පස්වන කොටස


එදා සිද්ධියෙන් පස්සේ මට ආය වතාවක් සිරිපාල මාමා දකින්නට පුළුවන් වුණේ කඩ මණ්ඩිය ළගදී. කතා බහක් නොමැතිවම මුහුණ බිමට හරවන් යන සිරිපාල මාමා ගේ ඇතුළෙදී එක මුහුණකුත්, එළියේ තව මුහුණකුත් පෙන්වන්න කපටි මිනිහෙකු යැයි මට සිතේ. එදා දැකපු සිද්ධිය අමතක කර මගේ පාඩුවේ ඉන්න හැදුවත් නිතරම අහිංසක ගැහැණිය සිහියට ආවා. ඒත් ඇත්තටම මගේ හිත ඇතුළතින් ද එවන් ස්පර්ශයක් නොඉල්ලුවාම නොවෙයි. 


අපේ ගේ පිටුපසින් දිවෙන පටු පාර වැව් ඉස්මතටම යා ගත හැකි අතර, ඒ හරියේ කවුරුත් නොගැවසෙන නිසා ඉසිලුවේ පාළු ස්වාභාවයක්. මම ඉඳහිට වැවට පැන නා ගන්න මංකඩ පැත්තට ඇවිදන් ගියේ ⁣ගෙදරට වී සිටීම එපා කරවු නිසාය. දහවල් කාළය හරි මුසල ස්වාභාවයක් ගන්නා අතර, අම්මත් සාරදා නැන්දත් ඉන්න විට ඒ පාළුව මඟ හැරී යයි. දහවල් දවසට පොඩ් කොල්ලෝ කුරුට්ටෝ ලදු කැලෑ පැන සෙල්ලම් කරන නිසා අපේ උන් දෙන්නා හොයා ගැනීමත් මේ වෙලාවට කළ නොහැකි වැඩක් විය..


කල්පනා බරිත මගේ දැහැන බිදුණේ මංකඩේ දියබුං ගහන සිරිපාල මාමගේ අළුත් ගැහැණිය දැකීමෙනි. ඇයට නැන්දා ලෙස අමතන්නද, මගේම වයසේ පසු වන නිසා නම කියා අමතන්නද කියා මට සිතා ගත නොහැකි විය. ඒත් ඇයගේ නම මම නොදන්නා අතර ඇය දියබුං ගසම්න් වැවේ පීනා යන අයුරු මම බලාගෙන සිටියා. ඈ මා දැක සිනා සුණ අතර, දිය නා අහවර වු නිසා ගොඩට පීනා ආවේ මේ මොහොතේදීය. ඇයගේ දිය රෙද්ද ඇඟටම ඇලී තිබු නිසා පිරිපුන් පයෝධරද බෙිරී පෙණුනි. දිගැති කොණ්ඩයත්, වට්ටක්කා පළුවක් මෙන් දිස් වු ඇගේ පිටුපසත් ගත් විට ඇය සැබවින්ම දැකුම්කළු ගැහැණියක් ම විය. 


"මම ස්වේතා..


මම කුමුදුමලී..


ඔයා තනියමද නාන්න ආවේ. කෝ සිරිපාල මාමා..


එයා ගියා පුත්තලම් යනවා කියලා.. ඇරත් මට මෙතනට ඇවිත් නාන්න කියලා ගියේ. පහළ ගල් පීල්ලට නොයා..


ඈ ඒ මොන කුණුහරුපක්ද ඒ. මෙතන පාළුම පාළුයි. මම එන්නෙත් පොඩ් උන් එක්ක. ඇරත් උඹට තනියම එන්න කියන්න ඌට පිස්සු ඇති


නෑ. උන්දෑ කිව්වේ මෙතන හොදයි කියලා. මම හෙටත් එනවා මෙතනටම..


පිස්සු විකාර උන්දැට වගේම උඹටත්. ඇරත් උඹට කොහොමත් පිස්සු. නැත්නම් අර වගේ නාකියෙක් එක්ක එවීද ඇහැක් තියෙන එකියක් නම්


ඈ..මොකක්ද කිව්වේ.මගේ ඇහැ පේනවා


පේනවනම් ආවේ මොකද ඒකත් එක්ක. අනික සාරදා නැන්දා ඉද්දී


මගේ හඩ ටිකක් උස්ව නැගුණු හින්දම කුමුදුමලී තිගැස්සී ගියාය. ඇස් කොනේ කදුළු කැට දිලිසෙන දුටු නිසාම මටත් ඈ ගැන ඇති වුයේ දුකකි. ඇඟිලි තුඩු වලින් සෙම්න් තෙත හිසකෙස් පිහිදන ගමන් ඇගේ කතාව මට කියා ගෙන ගියේ මම අහන් සිටිනවාද නැද්ද යන්න තැකීමක් පවා නොකරමිනි.


"මගේ ගම කුරුණෑගල පැත්තේ. තාත්තා නැති වුණාට පස්සේ අම්මා කඩ කාමරයක් දාගත්තා. මමත් ⁣එක්ක ගෙදර උන් හය දෙනයි. සිරිපාල මාමා නිතරම අපේ කඩේට ආවා ගියා තේ බොන්න ඒ පැත්තේ යන එන ගමන්. එක දවසක් කඩ කාමරේ කුලී ⁣ඉල්ලුවා අයිතිකාරයා මාස හයක එකපාර. සල්ලි දී ගන්න බැරුව ඉන්න කොට ලොකු මුදලාලියි ගෝලයෙකුයි ඇවිත් රණ්ඩු කරා අම්මා එක්ක. බඩුත් පොලේ ගැහුවා. අපිට දැන් ම යන්න කිව්වා. අන්න ඒ වෙලාවේ දෙවියෝ එව්වා වගේ සිරිපාල මාමා ආවා කඩේට. එක පැත්තක අම්මා අඬ අඬ ඉන්නවා.අනිත් පැත්තේ මුදලාලිගේ ගෝරනාඩුව. ඒක අහ ගෙන ඉඳපු සිරිපාල මාමා මැදට පැනලා ප්‍රශ්නේ විසඳුවා. කුලිය බේරන්න කියලා සිරිපාල මාමා අම්මට තිස්දාහක් දුන්නා. එදා තමයි මම සිරිපාල මාමා දැක්කේ. එයත් එදා තමයි මාව දැක්කේ. කඩ කෙරුවට මම එලියට ඇව්ත් ඉන්නෑ මිනිසුන්ට පේන්න. ඇතුළේ ඉදන් තේ හදලා අම්මට දෙනවා. සිරිපාල මාමා ඒ සිද්ධියෙන් පස්සේ නිතරම ආවා ගියා කඩේට. සල්ලි වලිනුත් සෑහෙන්න අම්මට උදව් කරා. පොඩ් උන්ටත් හැමදාම මොනවා හරි අරගෙනත් ආවා. ඔහොම ඉන්න කොට තමයි සිරිපාල මාමා අම්මගෙන් මාව ඉල්ලුවේ කරකාරෙට ගන්න. එක පාරටම අම්මට බෑ කියන්න බැරි වුණා. මොකද ඒ වෙන කොට සිරිපාල මාමා අපිට නොසෑහෙන්න උදව් කරලා තිබුණා.ඒ හින්දම මම හිත හදන් උන්දෑ එක්ක ආවේ පවුල් කන්න හිතන්. ආවට පස්සේ දැන ගත්තේ සාරදා නැන්දා ඉන්නවා කියලා උන්දැත් එක්ක. දැන් ආය මට ගෙදර යන්න බෑ. එහෙම ගියොත් සිරිපාල මාමා සල්ලි ඉල්ලයි අම්මගෙන්. අම්මට දෙන්න සල්ලිත් නෑ. අනික මම හරි ගෙදරින් ගිහිං නිදහස් වුණාම අම්මගේ හිත හරි නිදහස් වෙනවනි.."


ඔයා පව් කුමුදුමලී


"නෑ..මං පව් නෑ. මෙහෙම මට හොඳයි. කරදරයක් නෑ. මට කන්න බොන්න අඳින්න අඩු කරන්නෑ සිරිපාල මාමා"


"එහෙමද..?"


ඒත් කුමුදුමලී දුක් විදින්නේ කන්න බොන්න නැතිව ⁣නෙවෙයි. මෘගයෙකු මෙන් සිරිපාල මාමගේ හැසිරීම නිසා බව කීමට කටට ආවත්, එය මා දන්නේ කෙසේ දැයි ඇසුවොත් දෙන්නට උත්තර නැති නිසා නිශ්ශබ්දව සිටීමට තීරණය කරා.


"මම යනවා ස්වේතා.. ඔයා හරි මට හම්බ වුණ එක හොඳයි. මට කවුරුත් ගමේ කතා කරන්නෑ. ඔයා මගේ යාළුවා වෙනවද "..?


ඇය ඇහුවේ අහිංසක විදිහට.. 


"හ්ම්"


හෙටත් මම මේ වෙලාවට නාන්න එනවා. අපි දෙන්නම නාන්න එමුද..


හරි එමු..


මතු සම්බන්ධයි........


Silent Writer 🖋️

බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (1)
පිවිසෙන්න අදහස් දැක්වීමට.
thushan97
thushan97

💜️