12 වන කොටස

පරිච්ඡේදය 13 | jessi 19 වාර කියවා ඇත 0 අදහස්

ඉතින් එසේ දින සති මාස ගෙවෙන්න විය තේනූ ටික ටික සුව වෙමින් කෙමෙන් කෙමෙන් ඇවිදින්න පටන් ගත්තා ඇය එසෙ දින සති ගෙවුනාට පස්සේ තීනූ දැන් පෙර සිටියා වගේ ඇවිදින්න පටන් ගන්න විය. ඇය ඉක්මනින් සුව වෙන්න පටන් ගත්ත නිසා සියලුම දෙනා නැවත් පෙර සිටියා වගේ සතුටින් කාලය ගත කරන්න විය.


මේ ඒක නෙවෙයි අපි කට්ටිය එලියට ගිහින් එමුකෝ අනේ ගොඩක් කාලෙකින් අපි කට්ටියම කොහෙවත් ගියෙත් නෑ ශානුක ආදීට කීවා


ඔවුන් සියලු දෙනා ආදීගේ ගෙදර ඇවිත් සිටිය වෙලාවේ


ඉතින් අපි යමුකෝ තීනූ ආදී දෙස බලා කීවා


හ්ම්ම්ම්....කොහෙද යන්නේ ආදී තීනූගෙන් ඇසුවා


අපේ සුපුරුදු තැනට යමු.....තීනූ ආදී ලගින් වාඩිවෙන ගමන් කීවා 


ඔයාට එතන අවුලක් නැත්තම් අපි යමු ටීනා කීවෙව් ඒ අසලින්ම තීනූ ලගට ඇවිත්


ඒක ඇත්ත ආදීද කීවා


හ්ම්ම්ම්ම්ම්....... අනේ ඔයාලා හිතනවද මං තාම දුකෙන් පරණ දේවල් මතක් කරන් ඉන්නවා කියලා දැන් ඒවා වෙලා ඉවරයි.....


මං දැන් හිත හදාගෙන ඉන්නේ ඒ නීසා මට ඒ තැනට යන්න අවුලක් නෑ ඔයාලා හිතනවාද ඒ තැනට ගියාම පරණ දේවල් මතක් කරන් අඩයි කියලා...පිස්සු අනේ ඔන්න ඔහේ අපි යමු කියා තීනූ නැගිට ආදීගේ අතෙන් ඇද යන්න සැරසුනා


හරි හරි අපි යමු ඒක නෙවෙයි අපි ෆිල්ම් එකක් බලාලා එමු අපි රෑ වෙලා එමු ටීනා යොජනාවක් ගෙනෙන්න විය


ආ......ඒක හොදයි මං බලන්නම් කෝ මොනවද හොද ෆිල්ම්ස් කියලා 


ශානුක ද පුටුවෙන් නැගිට්ටේ යන්න ලෑස්ති වෙන්නයි 


ඉති සියලුම දෙනා එලියට බැස්සා ගමන යන්න 


ආදී වාහනය පදවන්න විය....


ඔවුන් ෆිල්ම් හෝල් එකේ පාර්ක් එකේ වාහනය නවතා ඔවුන් ෆිල්ම් හොල් එකට යන්න විය පොප් කෝන් බීම අරගෙන හැමදෙනාම ෆිල්ම් එක බලන්න වාඩි විය ශානුක, ටීනා, තේනූ පසුව ආදී ද පිලිවෙලට ඉදගන්න විය. 


හැමදේනාම ෆිල්ම් එක සතුටෙන් බලමින් හිනාවෙමින් බලන්න විය ඔය අතර ආදී තීනූ දෙස බලාගෙන සිටියේ හෝල් එකේ පොඩි එලියෙන් ඇයගේ දීප්තිමත් හිනාව දෙසයි ඇය එහි විහිලු වලට හිනාවෙමින් සතුටින් දිප්තීමත්ව සිටින තීනූ දෙස බලාගෙන ඇයගේ හිනාව සුන්දරත්වය දෙස බලා සිටියා


ඒ අතර තීනූගේ පොප් කෝන් එක ඉවර විය ඇය ආදීගේන් ටිකක් ඉල්ලන්න එය ආදීගේ අනිත් පැත්තෙන් අරන් තීනූ ලගින් තියන්න ආ....තීනූ කියා හැරෙද්දී තීනූත් එක සැරෙම හැරෙන්න විය ඒ හැරෙද්දී ඇයගේ ඇස් හා ආදීගේ ඇස් යා කෙරෙන්න විය ආදී ඇයගේ ඇස් දෙසත් තීනූ ආදීගේ ඇස් දෙසත් එක දිගට බලාගෙන ඉන්න විය...


ඒ ඇස් වල ලස්සන ඒ ඇස් වලින් මට හිතෙන විදිහට ඒ ඇස් මට කැමති ඇති කියලා ඇයි දෙයියනේ ඒ ඇස් එච්චරටම දීප්තිමත් කියා තීනූ හිතන්න විය


තීනූ මට බයයි ඔයා ඇස් දෙක මට ආයේ මෙහෙම බලන්න බැරිවෙයි කියලා. මේ ඇස් වලින් කියන්නේ ඔයා මට ආදරෙයි කියලාද අනේ ඔයා හැමදාම හිනා වෙන්න ඕන මං හරිම ආසයි ඔයා හිනා වෙද්දී ඔය ඇස් දෙක චුටි වෙනවා දකින්න


ආදීද එසෙ සිතින් සිතන්න විය.


එවිට ටීනාගේ අත තීනූගේ ඇගේ වදින්න විය ඇය තිගැස්සී නැවත් ෆිල්ම් එක යන තිරය දෙසට ආදීද තීරය දෙසට හැරෙන්න විය හැරෙන්න විය . ආදී ඔයානම් පිස්සේක් මොනවා හිතුවද දන්නේ නෑ එයාට මොකුත් තෙරුනේ නැතිව ඇති එහෙම වුනොත් මං ගැන වරදවා හිතයිද දන්නෙව් නෑ 


ආයේ මං පරිස්සම් වෙන්න ඕන මං අහනකන් කියා 

සිතමින් ආදී කල්පනා කරන්න විය


ෆිල්ම් එක ඉවර වී ඔවුන් එලියට ඇවිත් කෑම කන්න රෙස්ටුරන්ට් එකට යන්න විය එහි කෑම ඔඩර් කර කෑම එනකන් කතා කර ඉන්න විය


ඒක නෙවෙයි හෙට තීනූ ඔයා එනවද අංකල් ගේ බිස්නස් කරන අයගේ පාර්ටි එකට

ආදී තීනූගෙන් ඇසුවා


හ්ම්ම්....මං තාම ඒ ගැන හිතුවේ නෑ ආදී කියා තීනූ පිලිතුරු දුන්නා


ඔයා එන්නේ නැත්තේ හෙට බානුකත් රවින්දිත් එන නිසාද 


එහෙම වෙනවා නම් ඒක මං පිලිගන්නේ නෑ මොකද එයා එච්චර ලොකු වැරැද්දක් කරලා එයා එහෙම ඇවිල්ලා ඉන්නවා නම් ඇයි ඔයා එන්නේ නැත්තේ ඔයා වැරද්දකලේ නෑනේ තීනූ ශානුක එසෙ කීවේ තීනූගේ හිත හදන්නයි


හ්ම්ම්ම්ම්......අනේ මංදා මං මොනවා කරන්නද කියලා

තීනූ කලපනා කරන ගමන් කීවා


හරි හරි දැන් ඒක හෙටනේ ඒක හෙට බලමු දැන් ඉන්න වෙලාවේ සතුටෙන් ඉමු කියා කියා ආදී කියන්න විය.


හ්ම්ම්ම්....ඔව් ඔව් මට දැන් හොදටම බඩගිනි ඔන්න කෑම ආවා 

කියා ටීනා කෙල ගිලමින් එන කෑම එක දෙස බලන්න විය.


අම්මෝඔ මේකිගේ පෙරේත්කම හරියට හත් අවුරුද්දක් කාලා නෑ වගේ කියා ශානුක ටීනාව අවුසන්න කියන්න විය.

අනේ මේ මං පෙරේත් නෑ හොදෙව් මට මට බඩගිනි නිසයි කීවුවේ ටීනාද ශානුකට තරහවෙන් වගේ කියන්න විය.


හරි හරි ඔයාට ලොකේ තියෙන හැම ප්‍රශ්නෙම අමතක වෙනවා කෑම දැක්කම ශානුක කියන්න විය.


ඒ කතාවට තීනුත් ආදීත් හිනා වෙන්න විය.


අනේ මේ ශනුක පාඩුවේ කනවද කියා ටීන කියන්න විය.


හරි හරි ඕන්න ආයේ පටන් ගත්තා දෙන්නගේ රණ්ඩුව කටවහන් කන්න ආදී කියන්න විය.


ආදී කොහොමද කටවහන් කන්නේ තීනූ නොන්ඩියට මෙන් අසන්න විය. එවිට හැමෝටම හිනා යන්න විය.


හැමෝම සතුටින් කාලා බීලා හැමෝම සතුටින් කාලය ගත් කරන්න විය.


පසුව හැමෝම ගෙවල් වලට යන්න ලෑස්ති විය. 


අපි එහෙනම් මෙහෙම්ම යන්නම් හෙට උදෙන්ම යන්න ඕන

ශානුක කියන්න විය.


මං තීනූව ගෙදරට ඩ්‍රොප් කරන්නම් එහෙනම් අපි යමු කියා ඔවුන් ඔවුන්ගේ වාහන වලට නගින්න විය.


හ්ම්ම්ම්ම්ම්ම්..........තීනූ දිගු සුසුමක් පිට කරන්න විය.


මොකො අනේ ගස් කොලන් ගලවන් යන සයිස් එකට හුස්ම පිට කලේ මොකො කෙස් එකක්ද ආදී තීනූගෙන් ඇසීය.


තිනූට ඒ ඇහුව විදිහට හිනා ගියා...නෑ....නෑ... අනේ මට හිතට සැහැල්ලුවක් දැනුනා අනේ අද මං හොදට සතුටු වුනා ගොඩක් කාලෙකින් තීනූ කීය.


හ්ම්ම්ම්ම්ම්..... සමහර දේවල් අපිට අහිමි වෙන්නේ අපිට හොද දේ ලැබෙන්න තීනූ අපිට මුලදී දේවල් නැති වුනාම දුකක් දැනෙනවා තමයි දුකට වඩා පාලුවටයි අපි දුක වෙන්නේ ඒ අහිමි වුන දේ එක්ක තිබ්බ බැදීම නිසා අපි ඒ දවස්වල ඒ එක්කම සතුටෙන් හිටියා නිතර මුණගැහුනා අපි ඒ අහිමි වුන දේ එක්ක තරහා වුනා අයේ යාලුවුනා ඒ වගේ බැදීමක් තිබ්බා ඒ බැදීම අහිමි වුන ගමන් අපිට දුක ඒක අහිමි වුනා නිසා නෙවෙයි ඒක එක්ක තිබ්බ බැදීම නැති වෙලා පාලු හිතෙන බයට ඊට පස්සෙව් මට මොනවා වෙයිද කියලා බයට ඒවගේ ගොඩක් දේවල් ඔලුවට එනවා මොකද අපි දන්නවා ඒයා අපිට වැරද්දක් කලේ කියලා ඒත් අර දේ නිසා තමයි අපි දුක් වෙන්නේ ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන් ආදී තීනූට කීවා


හ්ම්ම්ම්ම්ම්ම්ම්.....ඔයා දන්න දේවල් තීනූ හිනාවෙමින් කියන්න විය.

ආදී තීනූ දෙස බලා හිනා වෙන්න විය.


ඒක නෙවෙයි අහන්නකෝ ආදී ඔයාට කවදවත් කෙල්ලේක්ට ආදරේ කරන්නේ නැද්ද තීනූ අසන්න විය.


හ්ම්ම්ම්ම්.....කරනවා ආදී කියන්න විය..


ආ........මො..කක් ඒ කියන්නේ ඔයාට කෙල්ලෙක් ඉන්නවාද තීනූ පුදුමවී අසන්න විය.


ඔව් මං කැමති කෙල්ලෙක් ඉන්නවා....ආදී කීය.


හ්ම්ම්ම්ම්ම්....ඔයා හරි නරකයි ආදී කියා තීනූ අනිත් පැත්ත හැරෙන්න විය.


ඇයි......ඇයි මං නරක ආදී කියන්න විය.


මෙච්චර කාලයක් ඉදලා නිකන් වත් කිවුවෙ නෑ අපි කොච්චර හොද යාලුවොද ඔයා නිකන් වත් අපිට කිවුවේ නෑනේ . ඒ නිසා මං තරහයි තීනූ අත් දෙක බැදගෙන පොඩ් ලමයෙක් වගේ තිල පෙරගෙන අහක බලාගන්න විය. හැබැයි එය තීනූගේ හිතේ ඉරිසියාවක්ද දැනෙන්න විය.


ආදී ඒ දෙස බලා අනේ කියුට් කියා හෙමින් කියන්න විය. මොකක්ද කිවුවේ තීනූ අසන්න විය. 


නෑ...නෑ මං කැමති කෙනෙක් හිටියට මං තාම ඇහුවේ නෑ ඒකයි මං කිවුවේ නැත්තේ ආදී කියන්න විය.


මෙ......ඒ කෙල්ල ලස්සනද අනේ ආදී මට පෙන්නන්කෝ දාවසක ටීනායි ශානුකයි දන්නවද තීනූ එක දිගට ප්‍රශ්න වැලක් අසන්න විය.


හ්ම්ම්ම්ම්ම්ම්.ඔව් ගොඩක් ලස්සනයි සුරංගනාවීයක් වගේ ඒ වගෙම තරහා ගියාම හරිම කියුට් 

ටීනයි ශානුකයි දන්නේ නෑ


ඇත්තටම ලස්සනයිද ඉතින් ඇයි අහන්නේ නැත්තේ කොච්චර කාලයක් ඉදන් එයාට කැමතිද අනේ කියනවකෝ විස්‍තරයක් ඔච්චර අගේ කරන්නේ නැතුව එයා ගැන මෙච්චර දේවල් දැන ගන්න නම් ඔයා එයා එක්ක කතා කරලා තියෙනවා ආශ්‍රය කරලත් තියෙනවනේ ඒත් ඔයා කවදත් අපි එක්කමනේ හිටියේ එහෙම හොද ගමන් ගියේ නෑනේ. එතකොට කොහොමද දන්නේ තරහ යන ඒවයි එයාගැන විස්තරයි තීනූ කලපනා කරන ගමන් අසන්න විය.


එහෙම තමයි මං එයා ගැන හැමදෙයක්ම දන්නවා 

මං එයාගෙන් තාම ඇහුවේ නෑ තාම ඒහෙම ඇහුවම් එයා හා කියන්න පුලුවන් වතාවරණයක නෙවෙයි ඉන්නෙ. හැබැයි මං අහනවා ආදී කියන්න විය.


හ්ම්ම්ම්ම්..... ඔයා අහන්න පරක්කු වුනොත් එයාව වෙන කෙනෙක් කැන්දන්යයිද දන්නේ නෑ තීනූ කියන්න විය.


ආදී තීනූ දෙස බලා මං මේ පාර එයාව නැති කරගන්නේ නෑ මොනම හේතුවකටවත් එයාව මගේ කර ගන්නවමයි ඔහු තීනූගේ ඇස් දෙස එක එල්ලේම බලා එය කියන්න විය. ටික වෙලාවක් නිහඩ වීමක් විය. මොකද ඒ ආදීගේ තියුනු වගේම ආදරේන් එයා දිහා බලා ඉන්න ඇස් දෙස බලා ඉන්න විය.


ආදීද තීනූගේ අහිංසක පුදුම වෙලා බලන් ඉන්න ඇස් දිහා බලන් ඉන්න විය. එත්කොටම පිටිපස්සෙන් වාහන හෝන් කරන්න විය. තීනූ ඉස්සරහා බලා කොල පාට පත්තුවෙලා අපියන් තීනූ කීවා


ආදීද පොඩි හිනාවක් එක්කම වාහනය ඉස්සරහට යන්න විය.


ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්න මාත් එක්ක දිගටම රැදිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා 


ආදරෙයි හැමදමත් 


ජෙසි ❤️🌻






2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!