පලමු
පරිච්ඡේදය 1 | kum 12 වාර කියවා ඇත 0 අදහස්
අපි හමුවිය යුතුව තිබුණේ නැත
පළමු පරිච්ඡේදය —
ඇය නමින් මිනායා කාවින්දි ජයවික්රම
වගකීම් යුතුකම් වලින් පිරුණු ජීවිතයක උරුමකාරියක්
ඇයගේ ලෝකයේ සතුට තිබුණේ ගොඩක් අඩුවෙන්. ඒත් මිනායා කිසිම දවසක ජීවිතයට ශාප කලේ නෑ.
පුංචි දුව සඳූ.. ගෙ ලෝකෙ ලස්සන වෙන දවසක් වෙනකල් ඇය මේ ජිවිතේ ඇදගෙන යන්න තීරණය කලේ පුංචි දූ ඉපදුන දවසෙම තමයි. තමන්ගෙ ආරාධනාවට ඇය ළගට ආව සඳූට කිසිම දවසක දුකක් දෙන්නෙ නෑ කියලා මිනායා පොරොන්දු උනේ ඇය ඉපදුන දවසෙ ඒ ඇස් දිහා බලාගෙන.
දුර අයට මිනායා.. ළගම අයට මිනූ වුනු ඇය කාටත් මිනායා මිස් වුනා. කාගෙවත් හිතක් රිද්දන්න බැරි පුරුද්දක් ඇයට තිබුණා. ඒ නිසාම ඇයට ගොඩක් වෙලාවට හිත රිද්දගන්න වුනා.
මිනායට තිබුණා පුංචි රතු පාට කාර් එකක්. මිනායගෙ හොදම යාලුවෝ අතරින් කෙනෙක් තමයි එයා.
මිනායාගේ ජීවිතතෙත් හරියට පුංචි රතු පාට
කාර් එක වගේමයි
දවස පුරාම දුවනවා.
දුව වෙනුවෙන්…
රැකියාව වෙනුවෙන්…
ගෙදර වැඩ වෙනුවෙන්…
අන්තිමේදී හැමෝගෙම අවශ්යතා ඉටු කරලා, තමන්ටම කියලා ඉතිරි වෙන පුංචි වෙලාවක් වෙනුවෙන්.
ඒත් ඇගේ ජීවිතය ගැන කවුරුහරි ඇගෙන් ඇහුවොත්,
“මම හොඳින් ඉන්නවා.” කියලා හිනාවෙලා කියන්න ඇය පුරුදු වෙලා හිටියා.
ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා ඇයවත් හරියට දැනගෙන හිටියේ නැහැ.
ඇගේ සැමියා රැකියාව කලේ වෙනත් රටක. අවුරුද්දකට වතාවක් ගෙදර එන ඔහු නරක මිනිසෙක් නෙමෙයි.
ඒත් ඔහුගේ ආදරයත් සමහර වෙලාවට මිනායාට දැනුණේ දුරකථනයේ තිරයකට සීමා වුණු දෙයක් විදිහටයි.
ඔහුටත් ප්රශ්න තිබුණා. ඔහුගේ පවුල වෙනුවෙන් වෙහෙසෙන්න ඔහුට සිදු වුණා. ඔහු උපයන මුදලින් විශාල කොටසක් ඔහුගේ පවුලේ අය වෙනුවෙන් වැය වුණා.
මිනායා ඒ හැමදේම තේරුම් ගන්න උත්සාහ කළා.
මිනායා කිසිම වෙලාවක සල්ලි මදි කියලා රණ්ඩු කලේ නෑ. ඉස්සරම දවස්වල ඇය ටිකක් ඔහුට මේ ගැන කිව්වා. ඒ වගේ දවස් වලට කතාව අවසන් වුනේ දෙදෙනා අතර අමනාපකමක් එක්ක. දැන් කිසිම දවසක මිනායා සල්ලි ගැන හස්බන්ඩ් එක්ක කතා කරන්නෙ නෑ. ඔහු එවන ගාණත් තමන්ගෙ වැටුපත් එකතු කරලා ගේ හදන්න ගනිපු ලෝන් ගෙවලා ඉතිරි වෙන ගාණෙන් මාසෙ වියදම පියවා ගත්තා. පුංචි දූ සඳූ ට අවශ්ය හැමදේම අරන් දුන්නා.
මිනායා මේ හැමදේම තේරුම් අරගෙන ජීවත් වුනත් මිනායාගෙ හිත තේරුම් ගන්න කවුරුත්ම හිටියෙ නෑ.
ඒත් ඇය ජීවිතේ පරාජය භාර ගන්න සූදානම් වුනේ නෑ.
පුංචි සඳූගෙ අත අල්ලගෙන, රතු පාට කාර් එකේ හැම උදෑසනකම ඇය අලුත් දවසකට සූදානම් වුණා.
එක් කාලයක ඇයගේ මුළු ජීවිතයම වුණු මිනිසෙක් ඉන්නවා. පුංචි සඳූ ඒ ආදරයේ ජීවමාන මතකයක්..
මිනායා ඔහුට ආදරය කළේ නිකම්ම විවාහ වුණු ගැහැනියක් විදිහට නෙවෙයි.
ඔහු වෙනුවෙන් ලෝකයක් එක්ක වුණත් තනිවම සටන් කරන්න පුළුවන් තරමට ඇය ඔහුට ආදරය කළා.
ඔවුන්ගේ ආදරයට මුල සිටම හැමෝගෙම ආශීර්වාදය ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා අදහන ආගම් දෙකක් වුණා. ඒ නිසා දෙපාර්ශයේම මව්පිය ආශිර්වාදය ඔවුන්ට හිමි වුනේ නෑ.
ඒත් මිනායාට ඒ කිසිවක් වැදගත් වුණේ නැහැ.
ඇයට වැදගත් වුණේ ඔහු.
ඔහු ඇගේ ආගම වෙනස් කරන්න කවදාවත් බල කළේ නැහැ. ඇය විශ්වාස කළ දේවල්වලට ඔහු ගරු කළා. ඒ නිසාම ඔහු සමඟ ගෙවන්න ලැබෙන ජීවිතය ගැන මිනායාට තිබුණේ පුදුමාකාර විශ්වාසයක්.
කාලය ගෙවුණා.
ඒ ආදරය අතරට පුංචි දියණියක් ආවා.
සඳූ.
මිනායාගේ ජීවිතයට ලැබුණු පුංචිම, වටිනාම තෑග්ග.
සඳූ හැදුණේ මිනායා අදහන ආගමට අනුව. ඒ ගැනත් ඇගේ සැමියා කිසිම දවසක ඇයට බලපෑම් කළේ නැහැ. ඔවුන්ගේ වෙනස්කම් අතරේ වුණත්, පුංචි දුවට ඇගේ ලෝකය තුළ සැහැල්ලුවෙන් වැඩෙන්න ඉඩ ලැබුණා.
ඒ මතක මිනායාගේ හිතෙන් කිසිම දිනයක මැකිලා ගියේ නෑ.
ඇගේ සැමියාගේ තිබුණු නරකම දේ තමයි කිසිම දෙයක් නොසොයා කේන්ති ගන්න එක. එහෙම සමහර දවස්වල ඔහු ඇය ගැන චුට්ටක් වත් හොයලා බැලුවෙ නෑ. ඒ වගේ දවසට මිනායා තනියම අඬලා හිත හදා ගත්තා. මුල්ම කාලේ ඇය ඒ වගේ දවසට ගොඩක් දුක් වුනා. කළකිරුනා. කෑම කන්න බැරි වුනා. රෑ එළි වෙනකල් තනියම ඇඬුවා. ඒත් කාලයත් සමඟ ඇය ඒ හැම දේටම හුරු වුණා. තනියම හැමදේම දරාගෙන ජීවත් වෙන්න පුරුදු වුනා.
ඒත් මේ කිසිම දෙයක් නිසා ඇය ඔහුගේ හොඳ ගතිගුණ අමතක කළේ නැහැ.
ඔහු ඇයට දුන් ආදරයත්, ඇය වෙනුවෙන් ගත් තීරණත්, සඳූ වෙනුවෙන් ඔහුගේ සිතේ තිබෙන නොනිමි ආදරයත් ඇයට අමතක කරන්න බැරි වුණා.
“මට ඒ කාලේ කිසිම දෙයක් තිබුණේ නැහැ. මං වෙනුවෙන් දේවල් කරපු කෙනෙක් එයා. මං ඒවා කොහොමද අමතක කරන්නේ?”
ඇය තමන්ගේ හිතටම කියාගත්තා.
ඇගේ ජීවිතයේ අඩුපාඩු තිබුණා. තනිකම ඕනිවටත් වඩා තිබුණා. කියාගන්න බැරි දුක් කන්දරාවක් හිතේ හිරකරගෙන ඇය ජීවත් වුණා.
ඒත් ඒ කිසිම දෙයක් නිසා තමන්ට ආදරය කළ මිනිසෙකුට රිදවන්න ඇයට ඕන වුණේ නැහැ.
ඇය දන්නවා, හිතකට පාළුව තනිකම දැනෙද්දි තමන් ගැන හිතන ලංවෙලා සුවදුක් හොයන හිතක් ගැන හිතන්න පුළුවන් බව.
ඒත් ඒ සිතුවිල්ල නිසා තවත් හිතක් බිඳ දමන්න ඇයට ඕන වුණේ නැහැ.
ඒ නිසා අභිෂේක්ගේ විහිළුවකට හිනාවෙන්න.. ඔහුගේ කතාවක් අහගෙන සතුටු වෙන්න..ඒ හැම මොහොතකම, ඇය තමන්ගේ හිතට සීමාවක් තබාගන්න උත්සාහ කරාවිද
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀