තෙවන

පරිච්ඡේදය 3 | kum 2 වාර කියවා ඇත 0 අදහස්

මිනායාට අද ගොඩක් බිසී දවසක් වුනා. උදේ හතේ ඉඳන් හවස හත වෙනකල් එක දිගටම වැඩ. රාත්‍රී ඩියුටියට එන අයට සේවය බාර දීලා ඇය වාට්ටුවෙන් එළියට බැස්සෙ කලබලෙන්. කොරිඩෝව ටිකක් අඳුරුයි. පිටුපසින් කවුරු හරි එනවා වගෙ දැනුනු නිසා මිනායා ගැස්සුනා. පිටුපස බැළුවෙ බයෙන්. ඇයගේ ළගින්ම අභිෂේක් හිටියා. ඒත් ඔහුගෙ මුහුණෙ හිනාවක් වත් වෙනදා වගේ දඟකාර බවක්වත් තිබුණෙ නෑ. මිනායා ඔහු දෙස බැලුවත් කතා කලේ නෑ. මිනායාව නොදැක්ක ගාණට ඇයව පහු කරගෙන ඔහු යන්න ගියා. 

මිනායට දුක හිතුණා. ඒත් ඇය ඒ බවක් ඇගෙව්වෙ නෑ. ඇය ඇයගෙ පාඩුවේ ඔහු පසු පසින් තමන්ගෙ ගමන ගියා. කොරිඩෝව කෙළින්ම විහිදිලා තිබුණෙ රථ ගාල ළගට. කොරිඩෝව අවසන් වෙන්න චූටි දුරක් තියෙද්දි තාප්පෙට හේත්තුවෙලා ඔහු නැවතුනා. මිනායා බිම බලාගෙන ඔහුව පසු කරගෙන යන්න ගියේ. ඒත් ඔහු ඇයට යන්න ඉඩ දුන්නෙ නෑ


     "ඇයි.. ඊයේ මගේ මැසේජ් වලට රිප්ලයි දුන්නෙ නැත්තේ.."

මිනායා කිසිම දෙයක් කිව්වෙ නෑ. ඉදිරියට යන්න අඩියක් ඉස්සුවා .

   "මට උත්තරයක් දීලා යන්න.."

මිනායා ඒත් කිසිම දෙයක් කිව්වෙ නෑ.

    "මීනූ..."

"මට යන්න දෙන්න"

මිනායා ඔහු දෙස බැලුවා. ඒ බැල්මෙ තිබුණෙ ලොකු ආයාචනයක්.

   "ඔයාට මං කරදරයක්ද.."

අභිෂේක් ආයෙත් අහනවා.

   " ඔයා දන්නවද දැන් මගේ පුංචි කෙල්ල මං එනකල් තනියම මඟ බලන් ඉන්නවා කියලා.. " 

මිනායා කිව්වෙ ඔහුගේ ඇස් දිහා කෙළින්ම බලාගෙන. තමන්ගෙ දුක හිතෙන ජීවිතේ ඔහු තේරුම් ගන්න ඕනි කියලා මිනායා හිතුවෙ නෑ. ඒත් මේ වෙලාවෙ ඇයට කාටත් වඩා වටින්නෙ ඇයගෙ පුංචි දූ පැටියා සඳූ විතරමයි .

" සොරි.... පරිස්සමින් යන්න මීනූ..."

මිනායට සුසුමක් පිට වුනා. මගේ මේ දුප්පත් ජීවිතේ ළග ඉඳන් ඔයා හිත රිද්දගන්න එපා මැණික. ඇය කිව්වා නෙමෙයි හිතුවා විතරයි.


     අභිලාෂ් අද නයිට් ඔන් කෝල් ඩියුටිය කරන්නෙ. රෑ 12 විතර වෙනකල් වැඩ තිබ්බා.

වැඩ ඉවර කරලා වොෂ් එකක් දාගෙන රෙස්ට් රූම් එකට ආවෙ චුට්ටක් රෙස්ට් කරන්න. ෆෝන් එක හදිස්සියට රූම් එකේ තියලා ගිහිං වයිෆ් ගෙන් මිස් කෝල් පහක්. ඔහුට බය හිතුණා. හවසත් ඇයට කෝල් කල නිසා ඔහු ඒ ගැන එච්චර හිතුවෙ නෑ . කෝල් එකක් ගත්තෙ තරමක තිගැස්මකින්. 


    "හෙලෝ.. නෙතූ හදිස්සියක්ද. මං ඉමර්ජන්සියකට ගියා...දැන් ආවෙ.."

නෙතුම්ලි නිහඩ නිසා අභිලාෂ් ආයෙත් හෙලෝ කිව්වා.

"ඔයාට නයිට් ඩියුටි ගියාම මමයි බබයි ඉන්නවද කියලවත් හිතෙන්නෙ නැද්ද අභී..."

නෙතුම්ලිගෙ නුරුස්සන කතාවට අභිලාෂ්ට කේන්ති ගියත් ඔහු එය පිට කලේ නෑ. නිවසේ ඔවුන් දෙදෙනා තනියෙන් හිටියෙ නෑ. නෙතුම්ලිගෙ අම්මයි තාත්තයි දෙන්නම හිටියෙ ඔවුන් එක්ක. ඔහුත් අද ඩියුටි ආවෙ දවස් දෙකක් ගෙදර ඉඳලා. ඇයට මේ තරමටම කෑ ගහන්න දෙයක් සිද්ධ වෙලා තිබුණෙ නෑ...

ඇය කියන හැමදේම අහගෙන හිටියා මිසක් අභිලාෂ් කිසිම දෙයක් කිව්වෙ නෑ.

"ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ.. "

"මං මොනව කියන්නද ඔයා හැමදේම කිව්වනේ. මං ඉන්නෙ ඔන්කෝල් ඩියුටියක. ඒක විතරක් චුට්ටක් තේරුම් ගන්න ප්ලීස්.."

නෙතුම්ලි ඊට පස්සෙ අඬන්න ගත්තා. අභිලාෂ්ගෙ ඔළුවම අවුල් වුනා..

  "අනේ ප්ලීස් අඬන එක නවත්තලා නිදා ගන්නකෝ.. "

නෙතුම්ලි කෝල් එක කට් කලා. අභිලාෂ්ට සුසුමක් පිට වුණා. රස්සාව තේරුම් නොගන්න ගෑනියෙක් ඉන්න එක කරුමයක් ඔහු ඔහුටම කියා ගත්තා.

ෆෝන් එක දිහා අයෙත් බලද්දි

"මට සමාවෙන්න.."

මැසේජ් එක 10.33ට 

නම්බර් එක සේව් කලේ නැතත් ඔහුගෙ ඇස්වලට හුරුම අංක ටික.

පව් දැන් නිදිද දන්නෙ නෑ.

නිකමට මීනු කියලා දැම්මෙ

එවෙලාවෙම සීන් කලා

එයා අවධියෙන්ද

අභිලාෂ් කෝල් එකක් ගත්තෙ පුරුද්දට. මෙහෙම කෝල් කීයක් ගන්න ඇතිද කිසිම දවසක ඇය ආන්සර් කලේ නෑ

ඒත් අද 

  "හෙලෝ..."

අභිලාෂ් කිව්වෙ හදිස්සියට

 "හෙලෝ..."

"මට සමාවෙන්න "

මිනායා කිව්වා.

අභිලාෂ් මුකුත් කිව්වෙ නෑ. ඔහුට ඒ ආදරේ චුට්ටක් විඳින්න ඕනි වුනා.

"මැණික.. මට සමාවෙන්න.."

අභිලාෂ්ගෙ මුවට හිනාවක් ආවා. ඔය වචනෙටයි ඔයා ඒක කියන විදියටයි මං හරි කැමතියි මීනු..

"ඔයා ඉතිං හැමදාම මාව මඟ අරිනවනේ. ගාණක් නෑ.."

අභිලාෂ් කිව්වෙ ගනන් ගන්නෙ නැතිව.

"මං තියන්නම් පරිස්සමින් නිදා ගන්න.."

ඇය කියද්දි අභිලාෂ්ට පාළු හිතුණා. තව චුට්ටක් කතා කරන්න බැරිද

"මීනු.."

"දුව නිදිද.."

"ඔව් එයා නිදි. මගේ වැඩ ටික ඉවර වුනේ දැන්.."

"මොනවද අනේ ඔච්චර තියන වැඩ.."

අභිලාෂ් අහද්දි මිනායා මොනවත්ම කිව්වෙ නෑ. මගේ ජීවිතේ ගැන ඔයා මොනවද දන්නෙ අභී..

"මීනු.. සර්වන්ට් කෙනෙක් ගන්න බැරිද."

ඔහු නැවතත් අහනවා. ඔයාට වගේ ලස්සන ජීවිතයක් මට නෑ අභී.. මිනායා ඒකත් කිව්වෙ තමන්ගෙ හිතට. දවල්ට සඳූ බලගන්න ශීලා ඇන්ටිටත් සල්ලි ගෙවන්නෙ අමාරුවෙන්

මිනායගෙ නිහඬ බවින් අභිලාෂ් ගොඩක් දේවල් තේරුම් ගත්තා. තමන්ගෙ වයිෆ් එක දවසක් තනියම ඉන්න බෑ කියලා රණ්ඩු කරද්දි මේ අහිංසකී ජීවිතේ වෙනුවෙන් උහුලන බර මොනතරම්ද කියලා ඔහුට හිතුණා.

"මීනු.. එහෙනම් ඔයා දැන් නිදියන්න. මහන්සිද.."

"ටිකක් ..."

"මීනු.."

"ම්හු.."

"අපි කොහේ හරි යමු.."

ඒ විසිඑක් වෙනි වතාව

මිනායා ෆෝන් එක කණේ තියාගෙන හිටියෙ ඇස් පියාගෙන. කොහේහරි යන්න මමත් ආසයි. චුට්ටක් ඔය පපුවට තුරුළු වෙලා ඉන්න ආසයි..ඒත්

"මීනු.. එකම දවසක්.."

ඔහු ආයෙමත් කියනවා.

"මං කැමති තැනකට ඔයා එනවද.."

මිනායා ඇහුවෙ අභිලාෂ් කියන්නෙ මොනවද බලන්න

"ඔයා කියන ඕනිම තැනකට.."

මිනායට පව් කියලා හිතුණා. තමන් මේ හිතට වැට බැදන් දුක් වින්දට ඔහුට එහෙම බෑ කියලා ඇය දැනගෙන හිටියා.

"අපි පන්සල් යමු.."

මිනායා කිව්වෙ අභිලාෂ් මොනවද කියන්නෙ බලන්න. ඇයගේ හිතේ ලොකු ආසාවක් තිබුණා ඔහුත් එක්ක පන්සල් යන්න

"හරි අපි යමු.."

ඔහු කිව්වා. අභිලාෂ්ගෙ හිතේ මිනායා තනිකරගෙන ඇයව යූස් කරන්න අදහසක් තිබුණෙ නෑ. ළගට වෙලා ඉන්න ඒ ඇස් කියන කතා බලන්න. චුට්ටකක් කම්මුල් ඉඹින්න. හිනාවෙන්න. තවත් පුංච් පුංචි පිරිමි හිතක් ආස දේවල් 

"හැබැයි ඔයාටත් දුර මටත් දුර අපි දෙන්නම අඳුණන අය නැති ගොඩක් ඈතකත් නොවෙන පන්සලකට යන්න ඕනි.."

අභිලාෂ්ට හිනා ගියා.

"ඇයි හිනාවෙන්නෙ."

"කොහේද බං ඒ පන්සල තියෙන්නෙ.."

මිනායත් හිනා.ඒත් ඉතිං අඳුනන අය ඉන්න තැනක අපි කොහොමද එකට යන්නෙ

2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!