වෛද්‍යවරයෙක්වන මා පස්යාල ප්රදේශයට පදිංචියට පැමිණ සති දෙකක් පමණ ගත වීය පදිංචියට පැමිණි නිවස මහල් දෙකකින් සමන්විතව තිබූ නිසා මා පහත මාලය ප්‍රතිකාර මධයස්ථානයක් ලෙස භාවිතා කලෙමි
එක් දිනක් රාත්‍රියේ ටෙලිෆෝනය නාද වන උස් හඬින් මා අවදි වූයෙමි ඒත් සමග මහා හඬින් අකුණු ගසමින් දැඩි වර්ෂාවක් හට ගැණින. මා හට දහවල් කාලයේ හොදින්ම මතක තිබුණේ අහසේ කිසිදු වැහිවලාකුලක සේයාවක් හෝ නොතිබූ බවයි නමුත් මධ්‍යම රාත්‍රිය වන විට සියල්ල වෙනස් වී තිබිණ මා වේලාව දැන ගැනීම පිණිස නිදි යහන අසල කුඩා මේසය මත තිබූ එලාම් ඔරලෝසුව දෙස බැලුවෙමි වෙලාව මධ්‍යම රාත්‍රී දොලහ පසු වී විනාඩි පහක් ලෙස ඔරලෝසුවේ දැක්වින.
" ම්හ් කවුද මේ වෙලාවේ කතා කරන්නේ "
මා එලෙස සිතමින් නිදියහන අසල ඇති මේසය මත තිබූ ටෙලිෆෝනයේ රිසිවරය ඔසවා මගේ කනට තැබුවේ අනෙක් පසෙන් කතා කරන පුද්ගලයා කවරෙක්ද කියා දැනගැන්මටය.
" හෙලෝ කවුද කතා කරන්නේ"
මම එලෙස ඇසුවෙමි.
"""" ඩොක්ටර් ඩොක්ටර් ඉක්මණට අපේ ගෙදරට එන්න මට අමාරුයි ඩොක්ටර්""
දුරකථනයේ අනෙක් පසෙන් කතා කල පුද්ගලයා වේදනාත්මක හඩින් එලෙස පැවසුවේය
" කවුද ඔහේ මොකක්ද අමාරුව ඔහේගෙ ගෙදර කොහෙද?"
"""" ඩොක්ටර් මට හුස්ම ගන්න බෑ ඩොක්ටර් අනේ මේ වේදනාවෙන් මාව බේරගන්න මොකක් හරි බෙහෙතක් මට දෙන්න ඩොක්ටර් මගේ ගෙදර තියෙන්නෙ නොම්බර හතලිස් තුන කොළඹ පාර නිට්ටඹුවේ අනේ ඉක්මන් කරලා එන්න ඩොක්ටර් """"
දුරකථනයෙන් ඇමතූ පුද්ගලයා එලෙස පවසා නිම වනවාත් සමග දුරකථනය විසන්ධි විය. මා විනාඩි කිහිපයක් කල්පනා කරන්නට වූයෙමි.ඒ ඇමතුම දුන් පුද්ගලයා කියූ ස්ථානයට යනවාද නැත්නම් නැවත නිදාගන්නවාද කියායි මන්ද මේ වන විට වර්ෂාව තව තවත් දැඩි වෙමින් පැවතිණ මා සමග මගේ තනිවට යාමටද කිසිවෙක් සිටියේ නැත මෙවන් කරුණු හේතුවෙන් එම ස්ථානයට නොයාමට මා තීරණය කලෙමි. නමුත් වෛද්‍යවරයෙක් ලෙස මගේ වගකීම රෝගීන් හට ප්‍රථිකාර කිරීම නිසා මා යම් හෙයකින් මේ අවස්ථාවෙ මේ රෝගියා හට ප්‍රතිකාර නොකලහොත් මගේ වගකීම පැහැර හැරීමක් බව මට හැගිණ. එනිසා වහා බෙහෙත් ද්‍රව්‍ය පිරි මගේ සම් බෑගයත් රැගෙන ඇමතුම දුන් පුද්ගලයා කියූ ස්ථානයට යාමට මගේ මෝටර් රථයට ගොඩ වූයෙමි.
මගේ නිවස පිහිටියේ නිට්ටඹුව නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් නිසා මට දුරකථනයෙන් ඇමතූ පුද්ගලයා කියූ ස්ථානයට ඒමට වැඩි වෙලාවක් ගත වූයේ නැත ඒ වන විට තද වර්ෂාව හීන් පොද වැස්සකට පරිවර්තනය වී තිබිණ නමුත් වැස්සේ දැඩි බව මොනවට පැහැදිලි කරමින් මාවත අඩි භාගයක පමණ ජලයෙන් යට වී තිබින අවට හාත්පස සිසාරා බැල්මක් හෙලූ මා මෝටර් රථයෙන් බිමට බැස විදුලි පන්දම දල්වාගෙන දුරකථනයෙන් ඇමතූ පුද්ගලයා කියූ ලිපිනය සඳහන් නිවස වෙත ගමන් කලෙමි
දෙමහල් නිවසක් වුන ඒ නිවසේ කිසිදු ආලෝකයක් මට දිස් වූයේ නැත අවට වූ නිවෙස් හී එක විදුලි බුබුලක් හෝ දැල්වුනද මේ නිවසේ ආලෝකයක් නොතිබීම මගේ හිතට යම් කුකුසක් ඇති කලද මා ඒ ගැන වැඩි දුරටත් නොසිතා නිවස ඉදිරිපිට වූ අමිහිරි හඬක් උපදවූ කබල් ගේට්ටුව විවර කරගෙන නිවසේ ප්‍රධාන ද්වාරය වෙතට ගොස් දොරට තට්ටු කිරීමට සූදානම් වූවා පමණකි.
ඒත් සමගම එක්වරම ඉබේම නිවසේ දොර විවර වූයේ මාගේ සිතේ යම් කැලඹීමක් ඇති කරමින්ය.
" හුලඟට වෙන්න ඇති "
මා මටම මුමුණ ගත්තෙමි ඉන්පසු මා උස් හඩින් මෙලෙස හඬනැගුවෙමි.
""" ගෙදර කවුද...ගෙදර කවුද..""
"ඇත්තුලට එන්න ඩොක්ටර් ආහ් අයියෝහ් අනේ ඔතන දොරකඩ ඉන්නැතුව ගේ ඇතුලට එන්න ආහ් ඉන්න බෑ "
නැවතත් මට ටෙලිෆෝනයෙන් ඇසුන වේදනාත්මක් කෙදිරිය නිවසේ උඩු මහලෙන් ඇසින අන්ධකාරයේ ගිලී තිබූ එම නිවසට ඇතුල් වීමට යම් චකිතයක් මගේ හිතට එක් කලත් මා සිතට දිරි ගෙන මගේ බෑගය තුල තිබූ විදුලි පන්දමද දල්වාගෙන නිවස තුලට ඇතුල් වූයෙමි නමුත් උඩු මහලට නගිනා තරප්පු පෙල සොයා ගැන්මට අපහසු වූ මා ඒ මේ අත ඇවිද්දෙමි එහිදී මට දක්නට ලැබුනේ එම නිවස බොහෝ ජරා ජීර්ණ වී දුහුවිලි සහ මකුළු දැල් වලින් ගහණව ඇති බවයි ඒ අනුව මට හැගුණේ බොහෝ කලකින් මේ නිවසේ කිසිදු මිනිස් වාසයක් තිබී නැති බවයි නමුත් නිවසේ උඩු මහලේ සිට කතා කල පුද්ගලයෙක් සිටි නිසා එම අදහස එසැනින්ම මගේ සිතේ දියාරුව ගියේය
එක්වරම මහ හඩින් නිවසේ දොර වැසී ගිය නිසා මා ප්‍රධාන ද්වාරය දෙසට හැරී ක්ෂණිකව විදුලි පන්දම් ආලෝකය එල්ල කලේත් ද්වාරය දෙසට නෙත් යොමු කලේත් එක්වරමය.
" මේ හුලං වලට දොර ඉබේ වැහෙන්නෙ හරියට හොල්මන් ඉන්නවා වගේ "
මා මාහටම පවසා ගතිමි ඉන්පසු නැවත ද්වාරය වැසුණු හඬ ඇසුනාට පසු විනාඩි ගණනක් නිහඩ බව රජ කරන්නට විනි නමුත් එක්වර උඩුමහලෙන් ඇසුණු වේදනාත්මක කෙඳිරියෙන් නිවසේ නිහඩතාවය බිඳ වැටිණ.
" අනේහ්..ඩොක්ටර් ඔතනට වෙලා එහෙ මෙහෙ බලන් නැතුව ඔය ඉස්සරහ තියෙන කාමරේ දොර ඇරගෙන පඩි පෙල දිගේ උඩට එන්න උඩ තට්ටුවේ පලවෙනි කාමරේ මම ඉන්නේ මට්ට..ආමාරුයි ඩොක්ටර්.."
එය ඇසුණ මා වහා ක්‍රියාත්මක වී මා ඉදිරිපිට තිබූ කාමරයේ ද්වාරය විවර කරගෙන එහි තිබූ තරප්පු පෙල දීගේ ඉහලට ඇවිද ගියෙමි ඒ යන අතර වාරයේ මා හට මෙවැන්නක් නොසිතුනාමත් නොවේ.
.. මේ ගෙදර මේ මනුස්සයා විතරමයි වගේ ඉන්නේ ඒත්...ඒත්..මේ මනුස්සයා කොහොමද උඩ තට්ටුවේ ඉඳගෙන මම කරන කියන හැම දේම දකින්නේ..??....
එලෙස සිතමින් උඩු මහලට ගමන් කල මා උඩු මහලේ තිබූ පලවෙනි කාමරයේ ද්වාරය අසලට යන විටම එක් වරම කාමරයේ ද්වාරය විවර වූයේ මා යම් තිගැස්මකට ලක් කරවමින්ය . ඒත් සමග දැඩි අන්ධකාරයක ගිලී තිබූ කාමරය තුලින් මෙලෙස ඇසින
" ආවද ඩොක්ටර් අනේ අනේ ඉක්මණට මට මොකක් හරි බෙහෙතක් කරන්න ඩොක්ට මේ වේදනාව ඉවසන්න බෑ අනේහ් .
මා විදුලි පන්දම කාමරය දෙසට එල්ල කිරීමට සූදානම් වන විටම යලිත් කාමරය තුල සිටි පුද්ගලයා මෙවැන්නක් පැවසුවේය.
" අනේ ඔය එලිය නම් කාමරය ඇතුලට එවන්න එපා මේ කලුවරේම මාව සෝදිසි කරලා මොකක් හරි බෙහෙතක් දෙන්න"
" ඒක පුදුම කතාවක්නේ මේ කෑලි කපන්න පුලුවන් කලුවරේ මම කොහොමද ඔහේව ඔහේගෙ ලෙඩේ මොකක්ද කියලා සෝදිසි කරන්නේ "
මම පැවසුවෙමි.
" ඩොක්ටර් ගොඩක් අපහසු තාවයට පත් වේවි ඔය එලිය කාමරේට එල්ල කලොත් ඩොක්ටට බය හිතෙන්නේ නැත්නම් ටෝච් එක ගහලා බලන්න "
එම පුද්ගලයා එලෙස කියා අවසන් වනවාත් සමග මම කාමරය ඒකාලෝක වන අන්දමට විදුලි පන්දමේ එලිය කාමරයට එල්ල කලෙමි ඒත් සමග කාමරය තුල මට දක්නට ලැබුනේ අති බිහිසුණු භයංකාර දර්ශනයක්ය.
හම ගැලවී ඇට කටු මතුව ඕජස් ගලමින් තිබූ මිනිස් ශරීරයක් එම කාමරයේ ඇදක් මත වාඩි වී මා දෙස බලා සිටිනවා මට දක්නට ලැබින එපමණක් නොව එම මළ ශරීරයේ හම ගැලවී ඔජස් ගලමින් තිබූ තැන්වලින් පණුවන් දහස් ගණන් එලියට වැටෙමින් තිබිණ කුසේ අතුණුබහන් එලියට පැන විශාල පණුවන් ඒ මේ අත යමින් සිටියේ මා භීතියෙන් භීතියට පත් කරමින්ය.
" අනේ ඩොක්ටර් මේ පණුවෝ ඇඟ පුරා යනවා මට වේදනාව උහුලන්න බෑ අනේ මට බෙහෙතක් දෙන්න ඩොක්ටර් "
එක් වරම වාඩි වී සිටි තැනින් නැගී සිටි එම මළ සිරුර මා දෙස බලා එලෙස පවසා ක්‍රම: ක්‍රමයෙන් මා දෙසට ඇවිදන් එන්නට වූයේය අතිශය බියට පත් මා යටි ගිරියෙන් බෙරිහන් දී
වහා කාමරයෙන් පිටතට විත් තරප්පු පෙල බැස ප්‍රධාන ද්වාරයෙන් එම නිවසෙන් පිටතට පැනගත්තෙමි මගේ බීතිය කෙතරම්ද යත් මා පැමිණි මගේ මෝටර් රථයද එම ස්ථානයේම දමා මගේ නිවස දක්වා කිලෝ මීටර් ගාණක් දුර හැල්මේ දිව ගියෙමි.
පසු දින උදෑසන වන විට මගේ සිතේ තිබූ බිය චකිතය පහව ගොස් තිබූ නිසා මෝටර් රථය ගෙන ඒමට නැවත නිට්ටඹුව නගරයට ගියෙමි පෙර දින රාත්‍රියේ මා නතර කල තැනම මගේ මෝටර් රථය නිරුපද්‍රිතව තිබිණ
" දොස්තර මහත්තයගෙද මේ වාහනේ ඒත් මම බැලුවා කාගෙද කියලා දෙතුන් ගමනක් කඩේට ගියා මේක මෙතන තියෙනවා මම දැක්කා මේ අවසාන පාරට ආවේ තාම කාර් එකේ අයිති කාරයෙක් නැත්නම් පොලිසියට කියනවා කියලා හිතලා "
මා රථය අසලට යන විටම එතැනට පාපැදියකින් පැමිණි මැදි වයසේ පුද්ගලයෙක්
එලෙස පැවසුවේ මද සිනහවකින් මුව සරසා ගෙනය.
" ඊයේ රෑ මම මේ පැත්තට ආවා මගේ කාර් එකේ මොකක් හරි ලෙඩක් ආවා පස්සෙ මම කාර් එක මෙතන දාල ගියා උන්නැහේ කොහොමද මම දොස්තර කෙනෙක් කියලා දැනගත්තේ"
මම මුලින් මුසාවක් ඇද බා පසුව වෙනත් පැනයක් විමසුවෙමි .
" දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නේ පස්යාල හංදියෙනෙ මම බෙහෙත් ගන්ඩ දවසක් ආවා දොස්තර මහත්තයටනම් මතක නැතුව ඇති "
" අනේ සමාවෙන්ඩ උන්නැහේ මට මතකයක් නම් නෑ ඒක නෙමේ උන්නැහේ මේ ගෙදර කාගෙද "
මාගේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය දින දෙකතුනකින්ම ප්‍රදේශයේ ජනයා අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ හෙයින් සෑහෙන පිරිසක් දිනපතා මගේ නිවසේ පහල මාලයේ ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණි නිසා මේ පුද්ගලයාව මතකයට නොඒම ගැන මම ඔහුගෙන් සමාව ඉල්ලා පසුව පෙර දින මා භීතියට පත් වූ නිවස දෙසට අත දිගු කර එලෙස ඇසුවෙමි.
" ඔය ගෙදර හිටියේ පේදිරික් මුදලාලි මිනිහට නිට්ටඹුව ටවුන් එකේ කඩ ගණනවක් අයිතියි ඒ වගෙන් මාස් පතා හොද ගාණක් ආව නිසා වැඩක් පලක් නොකර නිකම්ම තමා ජීවත් වුනේ හැබැයි පේදිරික් මුදලාලි වැඩක් පලක් නොකරා වුනාට මිනිහා නොම්බර එකේ අමු තිරිසනෙක් වගේ මිනිහෙක් මිනිහගේ විනෝදාංශය දවස ගාණේ එක එක ගෑණු එක්ක ඉන්න එක ඒ වැඩේට තමන්ගේ කසාද ගෙණියි ලමයිනුයි බාදාවක් කියලා හිතුනම මිනිහා තමන්ගේ කසාද ගෑණිවයි තමන්ගේම ලමයිවයි ගෙදරින් එලවලා එක එක ගෑණුන්ව දවස ගානේ ගෙදරට ගෙනාවා අවුරුදු ගාණක් ඔය විදිහට කාලය ගත කරපු මුදලාලි එක පාරටම ගෙදරින් එලියට බැස්සෙ නෑ වැඩිය මිනිස්සුන්ට පේන්න එලියට බැස්සෙ නෑ ඔහොම මාස දෙක තුනක් ගත වුනාම එක පාරටම මේ පැත්තෙ මේ පාරෙන් යන්න බැරි තරමට ඔය ගෙදරින් කුණු ගදක් එන්න ගත්තා පස්සෙ අපි පොලිසීයට කියලා පොලිසියේ අයත් එක්ක දොර කඩලා බැලුවම කාමරයක් ඇතුලේ ඇදක පේදිරික් මුදලාලි මැරිලා හිටියා.. හප්පා.. එහෙව් ජරා මළකුණක් මම සම්ම කපේ දැකලා නෑ මුලු ඇඟේම මස් තැන් තැන් වලින් දිය වෙලා ඇට කටු මතු වෙලා පණුවෝ සිලි සිලි ගානවා පස්සෙ මරණ පරීක්ෂණයෙන් දැනගත්තෙ පේදිරික් මුදලාලිට ඒඩ්ස් හැදිලා මැරිලා තියෙන්නේ ඊට පස්සෙ මේ ගේ පාලුවට ගියා ඒඩ්ස් කාරයෙක් හිටිය නිසා කවුරුවත් ගේ ගන්නෙත් නෑ සමහරුනම් කියනවා මේ ගෙදර හොල්මන් තියෙනවා කියලා ඔය ඊයේ රෑත් කෑ ගහන සද්දයක් ආවලු ඉන්නකම් බලුකම් කරලා ජීවත් වුන උන්ට මැරුණත් සැනසීමක් නෑ කියනවනේ සමහර විට පේදිරික් මුදලාලිගේ ආත්මේ මේ නිවසේ සැරි සරනවා ඇති "
එලෙස පැවසූ එම පුද්ගලයා පා පැදියට නැග ආපසු හැරී මදෙස බලා මෙලෙස උස් හඩින් පවසා යන්නට ගියේය.
" හැබැයි පේදිරික් මුදලාලි පොඩි කාලේ ජීවත් වුනේ දොස්තර මහත්තයා දැන් පදිංචි වෙලා ඉන්න තැන"
එසේ පවසා එම පාපැදියෙන් පැමිණි පුද්ගලයා පිටව ගිය පසු මා මොහොතක් බිය සහ සැකය මුසු බැල්මක් පේදිරික් මුදලාලිගේ නිවස දෙසට හෙලා මගේ මෝටර් රථයට නැග එය පණ ගන්වාගෙන මගේ නිවස කරා පදවන්නට වූයේ සමහර විට අද රාත්‍රියේද සැනසීමක් නැති පේදිරික්ගේ ආත්මය මා හට අමතනු ඇතැයි කියන භියකරු සිතුවිල්ල පෙර දැරි කරගෙනය.
නිමි.