ඉරුණු ජීවිත 10 (නවකතාව) ඈන්
පරිච්ඡේදය 10 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්
පෙර ආත්මය ඇයව ගෙනියන්නේ මහා බ්‍රිතාන්‍යයේ කොටසක් වන ස්කොට්ලන්තයටය. ස්කොට්ලන්තයේත් දුෂ්කර ප්‍රදේශයක් වන "සෙන් කිල්ඩාස්" වලටය. මුහුදින් වට වූ ප්‍රදේශයක් වන මෙහි වැඩි ප්‍රමාණයක් මසුන් මරන්නෝය. ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් ඇති මෙම දූපතේ එකල විසූවෝ දිළින්දෝය. ප්‍රධාන ස්කොට්ලන්තයේ සිට පැමිණෙන පොහොසත් පවුල් වල තරුණ ගැටවුන්ගේ අවධානයට මෙම දූපත නිතර ලක්වන්නේ මුහුදු වෙරළත්,දඩබිමත් එකට ඇති ,පරිසර සුන්දරත්වයෙන් අනූන භූමියක් වන බැවිනි. මෙම පොහොසත් පවුල් වල තරුණ ගැටවු ප්‍රධාන කොටගෙන සිදුවන කුඩා සංචාරක කර්මාන්තයක් ද මේ දූපතේ ඇති අතර එමඟින් ජීවත් වන පවුල් කිහිපයක් ද මෙම දූපතේ වෙසේ. මෙම තරුණයන්ට නවාතැන්, මත්පැන්, තුවක්කු , මුනිස්සම්,අහාර සැපයීම මෙම පවුල් මඟින් සිදු වේ.දඩ කෙලියේ යෙදෙන මෙම තරුණයන්ට කුඩා අනතුරු වලට මුහුණ පෑමට සිදු වන්නේ අර පරිසමින් තොර වීම නිසාය. මෙසේ සිදුවන අනතුරු හා එම ප්‍රදේශයේ වෙසෙන කුඩා ජනගහණයේ ලෙඩ රෝග වලට බෙහෙත් කිරීමට කුඩා දේශීය වෙදහලක් ද එහි විය.පාරම්පරික වෛද්‍වරුන්ගෙන් පැවතෙන මෙම වෙදහලෙහි මේ කියන කාලය වන විට සිටින්නේ දරුවන් නැති පාරම්පරික වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිඳ මිය ගොස් බොහෝ කල්ය. ඔහුට අමතරව එහි සිටියේ ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන හෙදිය පමණි. මේ කාලයේ හෙදිය ඇගේ මැදි වියට ආසන්න වයසක පසු විය. හරියටම ඇගේ වයස අවුරුදු 32 කි.
මෙම වෙදහල අසලම කුඩා බැංකුවක අසුන් ගෙන අව්වට වැස්සට දෙකටම කුඩයක් ඉහලාගෙන ජීවිකාව කරගන්නා සපතේරුවකි. දුප්පත්කමේ අන්ත අසරණ අඩියේ සිටින මොහුගේ බිරිඳ නැත. ඔහුගේ බිරිඳට වූ දෙයක් කිසිවකු නොදනී. කිසිම කෙනෙකු ඒ පිලිබඳ උනන්දුවක් ද නැත. ඔහු කිසිම කෙනෙකුට ඒ බව කියා ද නැත.නමුත් ඔහුට අවුරුදු දොළහක පමණ වැඩි විය පැමිණි ගැහැණු ළමයෙක් විය. ඇගේ නම "ඈන් ස්ටේප්කින්ස්" ය. සපතේරුවා " එඩ්වඩ් ස්ටේප්කින්ස් " ය.
මොවුන් ජීවත් වුයේ අද වැටෙයි ද ? හෙට වැටෙයි ද? විශ්වාස නැති අබලන් පැලක ය. බොහෝ විට එම පැලේ ඉඳුනේ එක වේලක් පමණි. එම අහාර වේල සැකසීම ඈන් අතින් සිදු වන්නේ පියා උදේ සිට රෑ වන තුරුත් කාගේ හෝ කැඩුණු සපත්තුවක් මසා කීයක් හරි සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙදහල අසල කුඩය යටට වී සිටින බැවිනි. බොහෝ විට මාළු පෙත්තක්,වත්තේ වැවෙන තක්කාලි පෙති හා සලාද කොළ වලින් සෑදුන දවසේ එකම කෑම වේල වන සැන්ඩ්විච් පෙති දෙකක් දිවා අහාර වේල සඳහා ගෙන ගොස් දීම දියණියගේ සිරිතයි. ඇය ද සැන්ඩ්විච් පෙත්තක් ගිල දමා පියාගේ වැඩපල අසල ඇති වෙදහලෙහි සිටින හෙදිය සමඟ කතාවක් දමාගෙන ඇයට අත් උදව් දෙමින් පිරිසිඳු කිරීම් වැනි දෑ සිදු කරන්නේ හෙදියට උදව් වීමට ම නොව හවස ආපසු එද්දී වෛද්‍යවරයා ලබා දෙන සිලිං ගණන මහා හයියක් වෙමින් රාත්‍රී කෑම වේල සකසන බැවිනි.
ඇය කිසිදා පාසල් නොගියාය. ඒ ගමේ වැඩි හරියක් ද පාසැල් ගිය වුන් වත් යන වුන් වත් නොවේ .ඒ නිසා එය ඇයට ලොකු ගැටළුවක් බවට පත් වුයේ නැත.ඒ නැති වුවත් ඇයව පාසල් යැවීමට ඇගේ පියාට මේ ආත්මයේ කල හැකි දෙයක් නම් නොවීය.
මතු සම්බන්දයි