ඉරුණු ජීවිත 15 (නවකතාව) මොකක්ද ? වරද
පරිච්ඡේදය 15 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්
ඉවුම් පිහුම් කටයුතු සඳහා පැමිණි ගැහැණිය මුළුතැන්ගෙට ගෙන ගොස් අදාල උපදෙස් දී පැමිණි ඈන් ගේ සිත වෙනදා මෙන් සන්සුන් නැත. ඇය වරෙක මුළුතැන්ගෙට යයි. වරෙක හෙදිය සිටින බෙහෙත් ගබඩාවට පැමිණේ. වරෙක රෝගීන් තමන්ගේ වාරය පැමිණෙන තෙක් අසුන්ගෙන සිටින වෛද්‍යවරයාගේ කාමරයේ දොර අසලට පැමිණේ. නැවත මෙම භ්‍රමණය සිදු කරයි. එදා දවසම ඈන් කරේ මෙසේ කරකැවීම විනා අන් කිසිවක් නොවේ. ඇගේ මේ හැසිරීම තේරුම් ගැනීමට වෛද්‍යවරයාට වත් හෙදියටවත් එතරම් අසීරුවක් නැත.එදින රාත්‍රී ආහාරයෙන් පසු මුදල් ගනුදෙනු සටහන් කරන වේලාවේ ඈන් හිමින් හිමින් වෛද්‍යවරයාගේ කන්තෝරු කාමරයට පැමිණ නැවත හැරී යන්නේ වෛද්‍යවරයා හා හෙදිය ගනුදෙනු වල නිමග්නව සිටි බැවිනි. ඇය ආපසු හැරී යනු දුටු වෛද්‍යවරයා ඈන් ඇමතුවේ
"ඈන් ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද" ? කියායි.
පිටුපස හැරී බැලු හෙදිය දුටුවේ විශාල වරදක් කර හසු වූ ළමයකු විදුහල්පතිතුමා අසල සිටගෙන සිටින ආකාරයට ඇස් බිමට හරවා බලා සිටින ඈන් ය.
"මොකුත් නෑ " ඈන් අසීරුවෙන් කියා ගත්තත් ඇගේ ස්වරය ඇඩුම් බර වී තිබිණි.
"ඇයි ඈන් මොකක්ද? ගැටළුව ළමයෝ, ගැටළුව කියනකන් විසඳුමක් දෙන්න බැහැනේ " ඒ වෛද්‍යවරයාගේ හඬයි.
හෙදිය නිහඩව වෛද්‍යවරයාගේ මුහුණත් ඈන්ගේ මුහුණත් බලා සිටින්නේ දහසක් සිතුවිලි සිත තුල තෙරපෙද්දීය.
"මම උයන කෑම රහ නැද්ද?" ඈන් අසීරුවෙන් ඇසීය.
එය ඇසෙනවාත් සමඟම වෛද්‍යවරයා "බකස්" ගා හිනැහෙන්නට විය. සිනහව නවතා ගත නොහැකිව විනාඩි කිහිපයක් එක දිගට හිනා වුනු වෛද්‍යවරයා
"අපෝ නෑ, ඔයා හදන කෑම තමයි රහ.එකනේ මම අර ගෑනිට උයන හැටි කියලා දෙන්න කිව්වේ, මගේ අදහසක් තියෙනවා මේ ඩිස්පෙන්සරිය ලොකු කරලා ලෙඩ්ඩුන්ට නැවතිලා බෙහෙත් ගන්න පුළුවන් තැනක් හදන්න. එතකොට නැවතිලා ඉන්න අයටත් කෑම දෙන්න එපැයි. ඒ ඔක්කොම තනියෙන් ඔයාට කරන්න බැහැනේ, එකයි තව කෙනෙක් ව ගෙන්නුවේ "
වෛද්‍යවරයා කීවේ මුසාවක්ම නොවේ. නමුත් සීයට සීයක් සත්‍යමත් නොවේ. මුහුණේ පිරී ඉතිරී ගිය සිනාවෙන් යුතුව වේගයෙන් උඩපනිමින් දුවමින් ඈන් දිව ගියේ ඇගේ කමරයටයි. වෛද්‍යවරයාගේ මුහුණේ නැගුණ සිනහව ප්‍රසන්න එකකි. හෙදියගේ මුහුණේ පෙර තිබු ශෝකී තරහ ස්වභාවය ඉවත් වී ප්‍රසන්න මඳ සිනාවක් ඇදෙනු වෛද්‍යවරයාත් දුටුවේ ය.
සිකුරාදා වන විට ඈන් මුළුතැන්ගෙයි කටයුතු වලට අදාල මුලික දේවල් ගැහැණියට කියා දී අවසන් කලාය. දැන් ඇයට අවම මග පෙන්වීමක් යටතේ කුස්සියේ වැඩ කටයුතු කරගෙන යා හැක. ඈන්ට වැඩි නිදහසක් ලැබී තිබුණි. එම නිදහස් කාලය ඇය බෙහෙත් බඩු පිළිවෙලට තැබීම,ලෙඩුන් පෝලිම් ගැස්සවීම හා ඔවුන් සමඟ කතා කිරීමට අමතරව තමාට හොරෙන් ඔවුන්ගේ නාඩි පරීක්ෂා කිරීමට යොදා ගන්නා අයුරු වෛද්‍යවරයාට නිරීක්ෂණය විය.
මතු සම්බන්දයි