ඉරුණු ජීවිත 20 (නවකතාව) මයිකල් බයිඩන්
පරිච්ඡේදය 20 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්
අන්කල් ලා හා ඇන්ටිලා ට අමතරව එදින තවත් කට්ටියක් කඩ පිලෙහි විය. ඒ තුවක්කු කුලියට දෙන ස්ථානයෙහි තුවක්කු අතගාමින් ඒවා ගැන දොඩවමින් සිටි තරුණ ගැටව් ටිකකි. මේ හිරිමල් ලමිස්සිය ඔවුන්ගේ නෙත ගැටීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මන බඳින රූ සපුවෙන් කඩපිලේ සිටින අනෙක් අයට වඩා මොඩ් ඇඳුමෙන් සැරසී සිටින හැමගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වන මෙම හිරිමල් ලමිස්සිය නෙත ගැටීමට මහ කාලයක් ගත වූවා නම් ඔවුන් පිරිමි ගැටවුන් නොවේ.ඇයට අනවශ්‍ය විහිළු කිරීමට ඔවුන් නොපෙලබුණේ ඇයට ලැබෙන ගෞරව සම්මාන ඔවුන්ට පෙනෙන බැවිනි. ඔවුන් සිතුවේ ඇය මෙම දූපතේ ප්‍රභූ පවුලක දියණියක් බවය. එවැනි අයෙකුට විහිළු කර ඇඟ පත තලා ගැනීමට එහි කාටවත් උවමනාවක් නොතිබුනත් එතැන සිටි පොහොසත්ම තරුණයාට එවැනි හැගීමක් ඇති නොවිනි. සිය පියාගේ මුදල් හා සමාජ තත්වය හොඳින් දන්නා ඔහු, තම පියාගේ මුදල් හා සමාජ තත්වයට සමකල හැකි කිසිවකු මේ දූපතේ නැති බවද දනී.පොහොසත් පවුලේ එකම පුත්‍රයා වන ඔහු කඩවසම්ය. සෙල්ලක්කාරය. ඔහුගේ සිත කීවේ ඇය ගැන තව සොයා බැලිය යුතු බවයි.නමුත් යහළුවන්ගෙන් ඊට එතරම් අනුබලයක් නොලැබුණි. ඔවුන්ට අවශ්‍ය වූයේ දඩ කෙලියේ යාමට විනා නොදන්නා ලමිස්සියක් හඹා යාමට නොවේ.
පොහොසත් පවුලේ එකම කඩවසම් පුත්‍රයාගේ නම මයිකල් ය. සම්පූර්ණ නම ජෝ මයිකල් බයිඩන් ය .යාළුවො ආදරයට බොහෝ විට ඔහුට කතා කලේ "මයික්" කියාය. "ජෝ " ලෙස ඔහුව අමතන අය නොසිටියා නොවේ. නමුත් කලාතුරකිනි.මයිකල් ඉගෙනීමට වැඩි උනන්දුවක් දැක්වූ අයකු නොවේ. ඔහු නිතරම සිතුවේ ඉගෙනීමෙන් ඔහුට එතරම් ප්‍රයෝජනයක් නැති බවයි. බොහෝ උගතුන් ,උපාධිධාරීන් ඔහුගේ පියා යටතේ වැඩ කරති. පියා කියනා ඕනෑම දෙයක් පිළිගෙන ඒ අකාරයෙන්ම ක්‍රියා කරන නිලධාරීන් ඔහු කොතෙකුත් දැක ඇත. එම නිලධාරීන් ඔහු කොතෙකුත් දැක ඇත.එම නිලධාරීන් කොතෙකුත් දැක ඇත. එම නිලධාරීන් පියාට පමණක් නොව තමාට ද දක්වන්නේ බිය මුසු ගෞරවයක් බව ඔහු දනී.මෙම දැක්ම ඔහුගේ අහංකාරකම, ආඩම්බරය වැඩි කොට තිබුණි. උවමනාවටත් වඩා වියදම් කිරීමට මුදල් තිබු බැවින් ඒවා වියදම් කරමින් සෙල්ලක්කාරකමින් කල් ගතකරන මයිකල් ත්‍රාසජනක ක්‍රියා කිරීමට වැඩි කැමැත්තක් දැක්වූවෙකි. ඔහුගේ කඩවසම්කම, පොහොසත් බව ගැහැණුන් ඔහු කරා ඇදීම වැඩි කලා විනා ඔහුගේ සෙල්ලක්කාර බව ගැහැණුන් ඔහු කරා ඇදී ඒම අඩු කලේ නැත.
මන බඳන රූ සිරියෙන් යුත් තරුණිය මයිකල්ගේ සිතට වද දීමට පටන් ගෙන තිබුණි. යහළුවන් සමඟ දඩ කෙලියේ ගියද ඔහුගේ සිත දඩ කෙලියට එතරම් යොමු වූයේ නැත. යහළුවන් විහිළු තහළු කරමින් දඩ කෙලියේ නිමග්න වුවත් මයිකල්ගේ සිතේ ඇඳුනේ නම නොදන්න ලස්සන කෙල්ලගේ රූපයයි.
කෙල්ල ගැන සිතමින් අසු පිටෙහි යන මයිකල්ගේ අසු එක්වරම කලබල විය. මහ හඬින් හේෂාරවය කල අසු කැලය තුලට දිව යන්නට විය. මයිකල් කොතරම් දැගලුවත් අශ්වයා මෙල්ල කර ගැනීමට නොහැකි විය. අසු කුලප්පු වූ බව දුටු මිතුරෝ එම අසු හඹා එන්ට පටන් ගැනීමත්, අසුන් භාරව සිටි අස්ගොව්වාගේ හඬත් නිසා තව තවත් කලබලයට පත් වූ අසු තවත් වේගයෙන් කෑලෑව තුලට දිව්වේය. ගල් උඩින් පනිමින් ගස් අතරින් පාලනයකින් තොරව දිව යෑම නිසා මුලින්ම මයිකල්ගේ ඇඳුම් ඉරී ගියේය. තවදුරටත් කෑලෑව තුලට වැදීම නිසා මයිකල් අනෙක් අයගෙන් මඟ හැරුණි. ටික දුරක් යන විට තව දුරටත් අසු පිට සිටීමට වාරු නැතිව ගිය මයිකල් අසු පිටින් ඇද වැටුණේය. මහා වේදනාවක් මයිකල්ට දැනුණි. කොන්ද හා කකුල ඉමහත් වේදනාවක් ගෙන දෙන්නට විය. තමන්ට තව ටිකකින් සිහිය නැති වනු ඇතැයි සිතු ඔහු බඳ පටියේ තිබු පිස්තෝලය ගෙන අහසට වෙඩි තිබ්බේ තමා සිටින තැන දැනුම් දීමට ය.
මතු සම්බන්දයි