ඉරුණු ජීවිත 21 (නවකතාව) ප්‍රතිකාරය

පරිච්ඡේදය 21 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්

මයිකල්ට සිහිය එන විට ඔහු සිටියේ ඇඳක හොවාය.මුළු මහා වේදනාවකින් පෙලෙනු ඔහුට දැනිණි. පාදය සොලවා ගැනීමට නොහැකි වන ලෙස බැඳ ඇති බව වැටහුණු මයිකල් දෑස් හැරියේ තමන් සිටින්නේ කොහිදැයි දැන ගැනීමටය. දෑස් හැරී මයිකල් දුටුවේ තමන් අසල සිටින හෙදියයි. ඇය කිසියම් බෙහෙත් වර්ගයක් ඔහුගේ එක් අතක ගලවමින් තෙරපමින් සිටියාය.මයිකල්ට සිහිය පැමිණි බව දුටු හෙදිය ඔහුගේ කොන්දට අත තබා ඔහුව මඳක් කෙලින් කොට ඇඳ විට්ටමේ හිස තබා ගත හැකි ලෙස කොට්ටයක් තබා සැකසුවාය. අනතුරුව දොර අසලට ගිය ඇය දොරෙන් පිටත බලා "ඈන්, පේෂන්ට් ට සිහිය ඇවිල්ලා යැයි " මඳක් ශබ්ධයෙන් කීවේ ඈන් මඳක් ඔබ්බෙන් සිටීම නිසා වන්නට ඇත.

කතා කොට මඳ වේලාවකින් ලෙඩාගේ ඇඳ අසලට පැමිණියේ ඈන් ය.මයිකල්ට තම දෑස් අදහා ගත නොහැකි විය. තමා මේ දකින්නේ සිහිනයක් නොවේ යන්න තහවුරු කර ගැනීමට අත ඔසවා දෑස් පිසදාගැනීමට අත එසවීමට හැදුවත් එය ඉතා අපහසු විය.ඔහු අත සෙලවීමට උත්සහ කරන බව දුටු ඈන්

"හා ! හා ! දඟලන්න එපා , අත පෑරෙයි.අත හොඳටම උළුක්කු වෙලා තියෙන්නේ " කියු ඈන් ඔහුගේ කඩවසම් මුහුණ දෙස බලා සිනා සී ,

"කකුලක් කැඩිලා තියෙන්නේ. ටික කාලයක් මෙහෙ ඉන්න වෙයි. දඩයමේ යනකොට පරිස්සමින් යන්න එපෑය, මේ පලවෙනි වතාවද දඩයමේ ගිය?

මයිකල්ගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වෙනු ඈන් දුටුවාය. අසීරුවෙන් වචන ගලපා ගනිමින් 

"නෑ! මීට කලිනුත් ගිහිල්ලා තියෙනවා, හැබැයි මෙහෙ නෙමේ "

එම පිළිතුරත් සමඟ ඔහුගේ තත්වය එතරම් අයහපත් නැති බව ඈන් වටහා ගත්තාය. ඔහු දෙසට මදක් නැමුණු ඈන් වෙදනලාව ඔහුගේ පපුවට තැබීය. ඈන්ගේ බ්ලවුසය තුලින් බ්‍රෙසියරයට තද වූ පුන් පියවුරු මයිකල්ට දිස් විය.ඔහු අහක බලා ගත්තේ කැමැත්තකින් නොවේ. ඔහුගේ නාඩි ද පරීක්ෂා කල ඈන් ඔහුගේ ඇඳ ඉහපත තිබු වාර්තාවක සටහන් කිහිපයක් තැබීය. අනතුරුව ඔහු දෙස බැලු ඈන් "වතුර තිබහදැයි" අසා ඔහුට වතුර ටිකක් පොවා

" දැන් නිදා ගන්න. කෑම වේලාවට කතා කරන්නම්" දඟලන්න , පෙරලෙන්න යන්න එපා, මොනා හරි ඕනනම් කතා කරන්න" කියා ඔහු අසලින් ගියාය.

ශරීරයේ වේදනාව නොතිබුනා නම් ඈන් තමන්ගේ අතින් අල්ලන විට, ඈන් ගේ පියොවුරු දකින විට තමාට කෙබඳු හැගීමක් ඇති වනු ඇත්දැයි මයිකල් කල්පනා කළේය. තමා දැක ඇති අනික් ගැහැණුන්ගේ පියවුරු හා ඈන්ගේ පියොවුරු හිතේ සංසන්දනය වන්නේ ඔහුට නොදැනුවත්වමය. දෑස් වසා ගත් විට ඔහුට ඈන්ගේ රූපය පෙනෙන්ට පටන් ගත්තේය. එත් සමඟම පැමිණි හෙදිය ඔහුට කිසියම් ඖෂධයක් පෙවූ අතර එය බී මඳ වේලාවකින් නැවතත් මයිකල් ට නින්ද ගියේය.

මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!