ඉරුණු ජීවිත 35 (නවකතාව) පරීක්ෂණ
පරිච්ඡේදය 36 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්
වෛද්‍යවරයා සමඟ කාරයෙන් බැස ගත් ඈන් විමසීම් කවුන්ටරය වෙතට පා නැගුවේ හෙන්රික්ස් ගේ උපදෙස් පරිදිය.
"සමාවන්න , කාඩියෝලෝජිස්ට් බ්‍රවුන් මහත්තයාගේ කොන්සල්ටන්ට් රූම් එක " විලියම් ඇසුවේය.
"දෙවැනි තට්ටුවේ කාමර අංක 14 ට යන්න. කැෂියර්ට ගෙවලා රිසිට් එකත් අරගෙන යන්න"
මුදල් ගෙවා ලබා ගත් රිසිට් පත ද රැගෙන දෙවන මහලේ 14 වන කාමරයේ දොරටුව අසලට ගිය ඈන් එහි තබා ඇති අසුනක අසුන් ගත්තේ රිසිට් පත දොරටුව අසල සිටි හෙදියට දීමෙන් අනතුරුවය.
මඳ වේලාවකින් කාමරය තුලට කැඳවීමක් ලැබුණ අතර කොණ්ඩය මුළුමනින්ම සුදු පැහැ වී ඇති මලානික, අවුරුදු පනහක පමණ වයසක පෙනුමෙන් යුත් වෛද්‍යවරයා අසුන් ගෙන සිටියේය.
" ගුඩ් මෝනිං ඩොක්ටර්, ඩොක්ටර් හෙන්රික්ස් ........"
"ආ ! ඔව් ,ඔව් මට හෙන්රික්ස් කිව්වා, අපි බලමුද ලමයව, මේ ඩොක්ටර් විලියම්ස් මම හරි නේද ?"
"ඔව් "
අනතුරුව දෙපාර්ශවය අතර කිසිඳු කතා බහක් සිදු නොවුන අතර වෙදනලාව දරුවාගේ පපුව මත තබා පපුවේ ශබ්ධයට කන් දුන් වෛද්‍යවරයා අනතුරුව පුටුවේ අසුන්ගෙන මේසය මත ඇති "writting pad " එක අතට ගෙන රූප සටහන් කිහිපයක් අඳිමින් යමක් ලියනු පෙනිණි. අනතුරුව කොලය විලියම් අතට දුන් වෛද්‍යවරයා ,
"ඔය ටෙස්ට් ටික කරගෙන එන්න, වාර්තා එනකොට හවස් වෙයි. මම හවස පහට ආයි මෙහෙට එනවා , වාර්තා ටිකත් අරගෙන එන්න, අයෙත් මට ගෙවන්න කරන්න ඕනේ නැහැ , ඔය "writting pad " එක නර්ස්ට දෙන්න ආයි එනකොට එයා ඔයාලව ඇතුලට එවයි. පහල කවුන්ටරයට ගිහිල්ලා ඕක දීලා ටෙස්ට් ගෙවලා කර ගන්න ඕනේ"
"එන්න සර් " කියමින් ඔවුන්ව කවුන්ටරය වෙත ගෙන යන්නට විය. කවුන්ටරයට අදාළ කොලය නර්ස් විසින්ම භාර දෙන ලද අතර විලියම් කරේ මුදල් ගෙවීම පමණය.
අනතුරුව ඔවුන්ව රැගෙන හෙදිය රැගෙන හෙදිය නැවතත් දෙවන තට්ටුවේ වෙනත් කාමරයක් වෙත ගමන් කල අතර එහිදී දරුවාගේ පරීක්ෂණ සිදු කිරීමට නියමිත විය. ඈන් දරුවා අසලම රැඳුන අතර විලියම් මඳක් ඈතට වී බලා සිටියේය.
එරල් ව ඇඳ මත තැබූ හෙදියන් තාක්ෂණවේදීන් කුඩා පපුව පුරාම නා නා ප්‍රකාර වයර් කෑලි අමුනනු ඈන් බලා සිටියේ හිස් බැල්මෙනි. වයර් කෑලි පපුවේ දරා ගත් එරල් කිරි සිනා පාන්නේ දත් නැති කටිනි. එය දකින විලියම්ගේ හදවත පතුලේ අමුතු වේදනාවක් දැනේ.
ඈන් ගේ හා විලියම් ගේ දෑස් තිරය මත ඇති තරංග රටාවට යොමු වූයේ තිරයේ තරංග යෑමට පටන් ගන්නවාත් සමඟය. තරංග රටාව දෙස බලන විලියම්ට හා ඈන්ට එහි කුඩා වෙනසක් ඇති බව පෙනේ. නමුත් විලියම් හා ඈන් දන්නා වෛද්‍ය විද්‍යාව අනුව එය එතරම් ගනන් ගත යුතු දෙයක් නොවේ. අනතුරුව එරල්ගේ පපු ප්‍රදේශයේ X කිරණ ඡයාරූපයක් ගැනීම සිදු කෙරින. ඉතාමත් පහසුවෙන් කුඩා දරුවා පටි වලින් බැඳ අසීරුවෙන් ගත් X කිරණ රූපය ලැබෙන්නට පැය හතරක් වත් ගත වන බව කියැවින. අනතුරුව ඉතිරි පරීක්ෂණ වලට ද භාජනය වූ එරල් ද කැටුව වෛද්‍යවරයා හා ඈන් ගියේ හෙන්රික්ස්ගේ ගෙදරටය. සියලුම වාර්තා ලැබෙන විට හවස හතර පහ පමණ වේ. අනතුරුව වෛද්‍ය බ්‍රවුන් හමු විය යුතුය.
මතු සම්බන්දයි