ඉරුණු ජීවිත 04 (නවකතාව) ගුරුවරිය

පරිච්ඡේදය 4 | Laksilu 9 වාර කියවා ඇත 0 අදහස්

 කාලය වේගයෙන් ගලා ගොස් උසස් පෙළ සමත්ව ඇය ඇතුළු වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ "ක්ෂුද්‍ර ජීව විද්‍යාව " හැදෑරීමටයි. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වී සති දෙකක් පමණ ගත වන විට එතෙක් පිළිකාවකින් පීඩා විඳි ඇගේ මව ද මිය යන්නේ ඇය මේ ලෝකයේ තනි කරමිනි. බොහෝ දෙනාගේ අනුකම්පා මැද ඇය සිය ජීවිතය අතට ගන්නේ කිසිම අයෙකුට බරක් නොවන අයුරිනි. නුගේගොඩ තම මවගෙන් උරුම වූ කාමර අටක පමණ තමාගේ නිවස ගණකාධිකාරී ආයතනයකට කුලියට දෙන ඇය ඒ මුදල් වලින් විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇනෙක්සියක් කුලියට ගෙන ඉගෙනගන්නා අතර අනෙක් සෑම සිසුවෙක්ම පසු කරන සුන්දර ,අසුන්දර මතකයන් ප්‍රේමවෘතාන්ත හරහා කාලය ගෙවී යන්නේ ජීවිතයට වැඩි වෙනසක් සිදු නොකරමිනි.මේ කාලය තුල දිනපතා නොවරදවාම සිදු වන එක දෙයක් ඇත. එනම් දිනපතාම ඇය දකින පෙර කී සිහිනයයි.විශ්විද්‍යාල ජීවිතය අවසන් කොට එහිදී සිය හද ගත් පෙම්වතා සමඟ විවාහ දිවියට එළඹුණ ඇය ආණ්ඩුවේ ගුරු පත්වීමක් ලැබ කොළඹ නම ගිය ජාතික පාසලකට රසායන විද්‍යා ගුරුවරියක ලෙස ගොස් සිසුන්ගේ සිත් දිනා ගනිමින් ජනප්‍රිය ගුරුවරියක් වන්නේ ඉතාමත් ටික කාලයක් තුල දීය.

මෙසේ රසායන විද්‍යාව උගන්වමින් සිටින දිනක ඇය දකින්නේ ඇය දකින්නේ ඇය දෙස බලා සිටින සිසුවෙකි. මේ ළමයාට ඇය උගන්වන්නේ නැත. ඔහු සිටින්නේ ජීව විද්‍යා පන්තියේය. 

"මු මගේ දිහා බලාගෙන මොනාද ? කරන්නේ " යනු ඇගේ සිතට පැමිණි පළමු සිතුවිල්ලයි. ඔහුව ගනන් නොගත් ඇය දිගටම උගන්වාගෙන ගියත් ඔහු දිගටම ඇය දෙස බලා සිටින බව ඇයට දැනුනි. ටික වේලාවක් ඉගැන්වූ ඇය ,තවමත් බලා සිටින ඔහු දෙස කෙලින් බැලුවාය. දෑසට දෑස හමු විය.ඇය තුල අමුතු වේදනාකාරී හැගීමක් පහල වනු ඇයට දැනුනි. තවද  එම දෑස කලින් දැක ඇති සුපුරුදු දෑසක් ලෙස ඇයට දැනුනි. ඇය මඳක් කල්පනා කලේ මේ ඇස් දෙක මීට කලින් දැක ඇත්තේ කොහිද? කියාය. ඒ දෑසේ රැඳිලා තිබෙන දුක ඇයට ඉතා සමීප ස්වරූපයක් ලෙස ඇයට දැනේ. නමුත් ඒ දෑස දකින විට වටහා ගත නොහැකි දුකක් දැනෙන්නේ ඇයි? ඇය එදා ගෙදර ආවේ මේ ගැටලුවද සමගිනි.


මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!