ඉරුණු ජීවිත 05 (නවකතාව) පුංචි පිරිමි ළමයා
පරිච්ඡේදය 5 | Laksilu 9 වාර කියවා ඇත 0 අදහස්
මතු සම්බන්දයිනිවසේ දියණියගේ , සැමියාගේ කටයුතු සිදු කොට එදින රාත්‍රීයේ ඇඳට වැටුණ ඇයට වෙනදාට වඩා තෙහෙටුවක්,තනිකමක් දැනිණි. එසේ වන්නේ මන්දැයි ඇය කල්පනා කලත් ඇයට එයට හේතුවක් නම් පැහැදිලිව තවම නොපෙනේ. සැමියාට මේ පිළිබඳව කීමට සිතුනත් මුළු දවසම වැඩ කොට වැටී නිඳන සැමියා අවදි කිරීම හරි නැති බව ඇයට සිතේ. ඔහුව අවදි කලත් ඇයට ඒ සඳහා ඔහුගෙන් විසඳුමක් නම් නොලැඹෙන්නේය.
"දැන් නිදාගෙන හෙට උදේට කියනවා. දැන් නිඳි මතයි. පිස්සු කෙලින්නේ නැතිව නිඳාගන්නවා" යන පිළිතුර බොහෝ විට සැමියාගෙන් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ සිතත්, කයත් දෙකම අවදිව පවතින වේලාවක මෙය කීවහොත් ඔහුගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු නියතය. ඒ නිසා ඔහුව දැන් කීද්දීමෙන් පලක් නැත.හෙට සෙනසුරාදා බැවින් උදේටම මේ ගැන ඔහුට පැවසිය හැකි යැයි සිතු ඇය තදින් දෑස් පියාගත්තේ නිදි දෙව්දුව තරයේ වැළඳ ගැනීමටය.
පසුදා උදයේ හයට ඇයට ඇහැරෙන්නේ ජංගම දුරකථනයේ නාදයටත් පෙරය. සැමදාම උදෑසන හයට ජංගම දුරකථනය නාද වෙන්නේ එහි එලාමය උදෑසන හයට වදින පරිදි සකසා ඇති බැවිනි. ඇය මෙසේ උදැසන හයටත් පෙර ගැස්සී ඇහැරුණේ සුපුරුදු සිහිනයට තවත් වැඩිපුර කොටසක් ඇදී පෙනුන බැවිනි. වෙනදා මෙන්ම පළමු හීනයේ ඇය හෙදියක මෙන් සැරසී ප්‍රතිකාර කරනු ලබන අතර මීදුම් මැදින් කඳු වටා ගමන් කරන කෝච්චිය සුපුරුදු පරිදි දිස්වීමට පෙර ඇයට පෙනුණේ අවුරුදු දහයක පමණ කුඩා පිරිමි ළමයෙකි. චෙස්ට්නට් පැහැති කොණ්ඩයක් සහිත මෙම පිරිමි ළමයා අපමණ දුකකින් තමන් දෙස බලා සිටිනු ඇයට පෙනේ. ඇගේ සිත අපමණ දුකකින් පිරි යයි. රතු සුදු දුම්රිය කඳු පන්තිය හරහා ඇදී යයි. සිතේ තදබල වේදනාව සමඟ ඇය කන්දෙන් ඇද වැටේ.තිගැස්සේ.ඇයට ඇහැරේ.
අළුතින් එකතු වූ සිහිනයේ කුඩා ළමයා කවුද ? එම නිල් පැහැ ඇස්වල හැඩය හඳ පතුලේ නොමැකි සටහන් වන්නේ ඇයි ? සැමියාට මෙය කියනවද? තව ටිකක් බලනවද? තව ටිකක් බලමු. මේ ඇගේ තීරණයයි. මේ අහිංසකයාගේ සිතට අළුත් කරදරයක් දෙන්න ඕනේ නෑ යැයි සිතු ඇය හැරී බැලුයේ සැමියා අවදි ව ඇද්දැයි දැන ගැනීමට ය. අනේ නැත. ඔහු සනීපයට තවම නිදිය.