ඉරුණු ජීවිත 42(නවකතාව) මිෂන් 1- ආරම්භය
පරිච්ඡේදය 43 | Laksilu 25 වාර කියවා ඇත 0 අදහස්
සෙනසුරාදා උදේ බෝට්ටුවෙන් ගොස් සෙන් කිල්ඩාස් වලින් ගොඩබට ජෝ ට , මුලින්ම මුණගැසුනේ තැරව්කාරයෙකි. ඔහුගේ මාර්ගයෙන් සංචාරක මඟ පෙන්වන්නකු සමඟ සෙන් කිල්ඩාස් වල හොඳම කාමර ඇති සෙන් ඈනීස් ගෙස්ට් වෙත ගිය ජෝ එහි ඇති හොඳම කාමරයක් තෝරා ගත්තේය. සංචාරක මඟ පෙන්වන්නා සමඟ ඉතාමත් හිතවත් අයුරින් කතා කරමින් හා හොඳ ටිප් එකක් ලබා දෙමින් ඔහු සමඟ කුළුපඟ වුන ජෝ නොයෙකුත් තැන් වලට යාමට පටන් ගත්තේ පොහොසත් සංචාරකයකු ලෙසය. ජෝ සංචාරක මඟ පෙන්වන්නාට ඔහුව හඳුන්වා දෙන්නේ මාධ්‍යවේදියකු ලෙසය. මේ අතර ජෝ ඔහුට බොහෝ දැන හැඳුනුම්කම් ඇති බව සංචාරක මඟ පෙන්නන්නාට වැටහෙන්නට හරින්නේ ඇඟට පතට නොදැනීය. ඔහුට අවශ්‍ය මේ දූපතේ ඉතිහාසය, වත්මන් තත්වය පිළිබඳව රටට කීම බව ඔහු සංචාරක මඟ පෙන්නන්නාට කීය. තවද තමාගේ ලිපි මඟින් ඔහුට මේ දුපතට රජයේ අවධානය යොමුකරවා ගැනීමට අවශ්‍යය. එවිට මේ දූපතේ පහසුකම් දියුණු වනු ඇත. එමගින් මේ දූපතෙහි වැසියන්ගේ ජීවන තත්වය උසස් වන අතර එය මෙම "මාධ්‍යවේදියා" හෙවත් ජෝ ලබන උපරිම සතුට බව සංචාරක මඟ පෙන්වන්නාට වටහා දීමට ඔහුට එතරම් කාලයක් හෝ ශ්‍රමයක් වැය කිරීමට අවශ්‍ය වූයේ නැත. දූපතේ ජනතාවට හොඳ යමක් වෙනවාට සංචාරක මඟ පෙන්වන්නා කැමතිය. එහි ප්‍රතිලාභ තමන්ට ද ලැබෙන බව සංචාරක මඟ පෙන්වන්නාට තේරුම් ගත හැකිය. සංචාරක මඟ පෙන්වන්නා සමඟ තැනින් තැනට යමින් ස්වභාවික සෞන්දර්යය නරඹමින් මඟ පෙන්වන්නා සමඟ ඉතාමත් සුහද වූ මාධ්‍යවේදියා සංචාරකයන්ට වැදගත් ස්ථාන, සංචාරකයින් සඳහා ඇති හෝටල්, ප්‍රවාහන පහසුකම් පිලිබඳ සටහන් කරගන්නා සංචාරක මඟ පෙන්වන්නාගෙන් අසන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් පිලිබඳවය.
සංචාරක මඟ පෙන්වන්නාට ඇත්තේ සියුම් ආඩම්බරයකි.දූපතේ අනාගතය සඳහා තමා යම් මෙහෙයුමක් සිදු කරන බව ඔහුට සිතේ. තමා විසින් සපයන තොරතුරු ජාතික මට්ටමේ පුවත්පත් වල පල වනු ඇත. ඒවා පලවන්නේ තමාගේ ඡයාරූපය ද සහිතවය. ඒවා ඉහල නිලධාරීන්ගේ අවධානයට යොමු වී වැඩි දුර තොරතුරු ලබා ගැනීමට ඔවුන් තමා සමඟ සම්බන්ධ වනු ඇත.එවිට තමාගේ තත්වය ඉහල යයි.දුපත මෙන්ම තමාට ද හොඳ කලක් අනාගතයේ ලැබෙනු නොඅනුමානය. එම නිසා මේ සංචාරක මාධ්‍යවේදියාට හැකි උපරිමයෙන් උදව් කල යුතුය. තොරතුරු ලබා දිය යුතුය.
මතු සම්බන්දයි