ඉරුණු ජීවිත 45(නවකතාව) බයිඩන්ගේ උභතෝකෝටිකය
පරිච්ඡේදය 46 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්
ජෝ නැවත ස්කොට්ලන්තයට ගියේ ජයග්‍රාහී විලාසයෙනි. බයිඩන් ජෝ නිවසට ඇතුළුවනවාත් සමඟම වැළඳගත්තේ කලකින් හිතවත් සේවකයා දැකීමේ සතුට නිසාම නොව සාර්ථකව සිය මෙහෙයුම ඉටුකර එනම් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් මෙහෙයුම ඉටු කර පැමිණෙන සිය හිතවත් සේවකයා පිළිගැනීමටය.මෙහෙයුම තවම ඉවර නැත. මේ සඳහාද ජෝ ගේ සහය අවශ්‍යය.දැන් ඇත්තේ ලැබී ඇති කරුණු අනුව එරල් තමන් ලඟට ගැනීමට කටයුතු කිරීමයි. මේ සඳහා එක් වරම මැදිහත් වීමට බයිඩන්ගේ කැමැත්ත වැලක්වීමට ප්‍රධාන හේතුවක් ඇත. එනම් එරල්ගේ අසනීපයි. බයිඩන් මේ රෝගය ගැන දන්නා නමුත් නොදන්නා දේ එරල්ගේ තත්වයයි. මෙම රෝගය කෙතරම් දුරට උඩුදුවා ඇද්ද ?මෙම රෝගය සනීප කල හැකිද යන ප්‍රශ්ණ බයිඩන් වටේ කරකැවෙන්න විය. එරල් තමන් ලඟට ගැනීම සඳහා සෑහෙන්න වියදම් කිරීමට අවශ්‍ය බව ඔහු දනී.ප්‍රශ්ණය වන්නේ මේ සියල්ල කිරීම නොව මේ සියල්ල සිදු කල පසු ලැබෙන ඵලයයි. සුවකල නොහැකි ලෙඩක් සඳහා ඉහත සියල්ල සිදු කිරීම අවශ්‍යද ? වටිනවද ? යන්න ඔහුගේ උභතොකෝටිකයයි.
මේ සඳහා කල යුත්තේ එරල්ට බෙහෙත් කරන වෛද්‍යවරයා හමුවීම බව ඔහු දනී. නමුත් ඔහුට සියල්ල වෛද්‍යවරයාට කීමට සිදුවේ. එවිට තමාගේ පුතාගේ කැරැට්ටුව හෙළිවන අතරම පුතා වගේම නැතෑ තාත්තා යැයි වෛද්‍යවරයා සිතුවහොත් හෝ මේ කතාව කාටවත් කිවහොත් තමාගේ රැස් වලල්ලේ රශ්මිය අඩුවන බවද බයිඩන්ට වැටහේ.
තම පරම්පරාවේ නම්බුවද තබාගෙන මෙම ගැටලුවෙන් ගොඩයාමට මඟක් කල්පනා කරමින් සිටින බයිඩන්ට ගණදෙවි නුවණ පහල විය. එම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් මෙම වැඩය ගොඩයනවා සිකුරුය. තවද මෙමඟින් තමාගේ ගෞරවය ,කීර්තිය තව තවත් වැඩි වන බව බයිඩන්ට වැටහේ.තවත් ප්‍රමාද කිරීම අවශ්‍ය නැත. බයිඩන් වහා දිව ගියේ දුරකථන නාමාවලිය වෙතය.නාමාවලියේ පිටු පෙරලන ඔහුට හදවත් රෝග විශේෂඥ බ්‍රවුන්ගේ ලිපිනය හා දුරකථන අංකය සොයා ගැනීමට එතරම් කාලයක් ගත වූයේ නැත.
මතු සම්බන්දයි