ඉරුණු ජීවිත 51(නවකතාව) දොස්තර විලියම්ගේ මළගම

පරිච්ඡේදය 52 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්

විලියම්ගේ සිරුර පල්ලියේ සුසාන භූමියේ තැන්පත් කිරීමෙන් පසු එකිනෙකා පැමිණ හෙදියට හා ඈන්ට කණගාටුව ප්‍රකාශ කරමින් යන්නට විය. සියළුම දෙනා නික්ම යාමෙන් අනතුරුවත් ඈන් සමාධිය දෙස බලා උන්නේ දෑසින් වැටෙන කඳුළු ද පිස නොදමමිනි. සුදුමැලි කම්මුල් දිගේ කඳුළු වැටෙන විට ඈන් ට මතක් වූයේ සිය පියාගේ මලගමයි. එදින ද සියළුම දෙනා පිටව යාමෙන් අනතුරුවත් ඈන් හිස් බැල්මෙන් බලාගෙන සිටියදී, තමන් ලඟට පැමිණ හිස අත ගා මඳ වේලාවක් බලා සිට "අපි යමු ඈන්, දැන් රෑ වේගෙන එනවනේ, අපි ආයේ හෙට එමු". කියමින් තමාගේ අතින් අල්ලාගෙන විලියම් තමන්ව වෙදගෙදරට රැගෙන ගිය ආකාරය ඇයගේ මතකයට ආවේ දෑසට උනන කඳුළු වැඩි කරවමිනි. අද කිසිවකු තමන්ගේ අතින් ඇදගෙන යන්නේවත් ඔළුව අතගාන්නේවත් නැති බව ඇයට වැටහේ. එසේ කිරීමට තරම් තමුන් අද අසරණියක් නොවන බවත් ඇය දනී.නමුත් අද ඇයට දැනෙන වේදනාව එදාට වඩා ගැඹුරුය. දරුණුය.

සියල්ලන්ම නික්ම ගොස් ඇඳිරි වැටීගෙන එද්දී, එරල්, හෙදිය හා ඈන් විලියම් තනි කොට ආපසු සෙමින් වෙදගෙදරට යන්නට හැරුණේ වෙන කල හැකි යමක් නැති බැවිනි. කතාබහක් නොමැතිව බිමටම බර වූ මුහුණෙන් යුතුව ගෙදරට පැමිණි තිදෙන සාලයේ අසුන් ගත්තද කිසිවකුට කිසිවකු සමඟ කතා කිරීමට සැහැල්ලුවක් වත් ,උවමනාවක් වත් නොතිබුණි. අඳුර ගිලගනු ලබන වෙදගෙදර විදුලි පහන් එළියෙන් එදා ආලෝකමත් නොවූ අතර හිස් බැල්මවල්ද පාලු අඳුර විසින් ගිලගන්නා විට පරිසරයම නිහඬව තිබුනත් විලියම්ගේ අඩුව කිසිදා නොපිරෙන බව වෙදගෙදර ඇත්තන්ට වැටහී තිබුණි.

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!