නොවිසඳුණු සිහිනය - 1
පරිච්ඡේදය 1 | sachith 47 වාර කියවා ඇත 0 අදහස්
මම අනන්ත විශ්වජිත්. මම පාසල් ගියේ කොළඔ පිහිටි ප්රසිද්ධ පාසලකටයි. පාසල් කාලයේ සිටම මගේ සිතුම් පැතුම් මගේ සම වයසේ සිටි අනික් මගේ යහළුවන්ට වඩා වෙනස් මුහුණුවරක් ගත්ත. යහළුවන්ගේ අභිලාෂය වුනේ මුදල්, උසස් රැකියාවක්, වාහනයක් ආදී නොයෙක් ආකාරයේ හැමෝම බලාපොරොත්තු වන ඒකාකාරී ජිවිතයයි. නමුත් මගේ සිත ඉට හාත්පසින්ම විරුද්ධ ආකාරයකට වැඩ කිරිමට පටන් අරන් තිබුණා. ඒ හැඟීම කෙබඳුද යත් මා වැරදි කාල වකවානුවක ඉපදී ඇති බව නිතර නිතර මගේ සිත මට මුමුණන්ට විය. මා පිරිස සමග කාලය ගත කිරීම වෙනුවට තෝරාගත්තේ හුදකලාවයි. හුදකලාව තරම් මට වටිනා අන් යමක් නොවිය.පාසල් පෙළපොත් සමග කාලය ගෙවීමට වඩා කාලයක් මා ගත කරන ලද්දේ මා ඉපදුනේ මන්ද? මගේ මේ සිත මුමුණන්නේ මොකක්ද? දකින ලෝකයට එහාට ගිය තවත් ලෝක නැතිද? මෙවන් දහසක් ප්රශ්න වලට පිළිතුරු සොයමින්ය. කාලය ගෙවි ගිය අතර මමද පාසල් ගමනින් පසුව රැකියාවක් කිරීමට රැකියා කිහිපයකට ඉල්ලුම් කල අතර උසස් පෙළ යහළුවකුගේ පිහිටෙන් යාන්තමින් ගොඩදාගත් නිසා විධායක ශ්රේණියේ රැකියාවක් හිමි විය. එය විධායක ශ්රේණියේ රැකියාවක් නොවන බව මට පසක් විමට වැඩි කල් නොගොස්ම මට වැටුහුනි. නමට පමණක් සිමා විය. එය ප්රධාන පෙලේ බෙදාහැරිමේ ආයතනකි. මම නිතර කල්පනා කරන්නට වුයේ මෙවන් ආකාරයට මිනිසුන් මරව මරවා වැඩ ගන්නේ සොච්චම් මුදලකටය. මෙලෙස අසාධාරණ ලෙස වැඩ ගැනීම මා හට නොදිරවන ක්රියාවක් විය. කෙසේ වෙතත් නිහඬව රැකියාව කිරීම හැර කිරීමට අන් යමක් නොවුන නිසාවෙන් කාලයට ඉඩ දී මම බලා සිටියෙමි. සත්යය බොහෝ කටුකය. කෙසේ වෙතත් කාලය ගලා ගිය අතර සති අන්තය නිවාඩුවට මා තනිව ඇවිදින්න යෑමට පුරුදු වි සිටියෙමි. සමහර අවස්ථාවලදි මාගේ අතිජාත පාසල් මිතුරන් දෙදෙනාද මාත් සමග යැමට එක් වුනි. මෙසේ අප තිදෙනා කොළඹට නුදුරින් පිහිටි ගල් පර්වතයක පිහිටා ඇති පන්සලකට කතිකා කරගත් අතර නිවාඩු දිනය එළඹිණි, කතිකා කරගත් පරිදි මමත් සංකල්පත් කනිෂ්ක යන මාගේ මිතුරන් දෙදෙනාත් සමග සවස් භාගයේ අපගේ අජානීය ස්කුටර් තුරඟන් පිට නැග පිටත් විය.