අභිරහස් කටහඬ

පරිච්ඡේදය 2 | sachith 43 වාර කියවා ඇත 0 අදහස්

අඳුර වැටී ගෙන එන මොහොතේ පන්සලට අපි ලඟා වුන අතර, පන්සල පැත්තකින් ඇති රථ ගාලෙහි ගාල් කොට පන්සල ඉදිරිපස වු කඩ පේළියෙන් තෙල් මල් පහන්ද රැගෙන පන්සලට ඇතුළු විය. අපි මෙම පන්සලට පැමිණි ප්‍රථම වතාව විය. ඉදිරියට ගමන් කරන විට දි කන්ද උඩට යාමට පඩිපෙළක් තිබු අතර ක්‍රමයෙන් අප කයියක් දමමින් පන්සලේ ලස්සන බලමින් යන අතර දී මට මහා අමුත්තක් දැනෙන්නට විය. මම එය එතරම් ගානකට නොගත්ත අතර එවන් සිදු වීම් මගේ ජිවිතයට අමුතු ආකාරයේ දේවල් නොවිය. මම වටපිට බලන මොහොතේදී ඝණ අන්ධකාරය මැද්දෙන් මා දෙස කව්රුන් හෝ බලා සිටින බව දැනෙන්ට විය. මා විපරම් කර බැලුවද යමක් දැකීමට නොවුන නිසාවෙන් නැවත ගජ මිතුරන්ගේ කතාවට එකතු වෙමින් පඩිපෙළ තරණය කළ අතර ක්‍රමානුකුලව අප කඳු මුදුනට ළඟා විය. ඉන් පසුව අප තෙල් මල් පුජා කර වැඳ ගාථා කියා අවට යායට පේනා සුන්දර අසිරිය දැකගැනීමට ඒ මේ අත ඇවිද ගිය අතර පිටුපසින් ඇත්තේ ඝණ කැළැවකි. මද වේලාවක් ඇවිදමින් සිටින අතරතුරදි මාගේ නම මුමුණන සද්දයක් කැලෑ බද ප්‍රදේශයෙන් ඇසෙන්ට විය. 

විශ්වජිත්......

විශ්වජිත්......

හා හා හා හා හා හා හා හා හා.........

මම වික්ෂිප්ත වු අතර මා ඒ මේ අත බැලුවේ මගේ ගජ මිතුරන් දෙදෙනාම සිටිනවාද යන්නයි. කාව විශ්වාස කළත් මුන් දෙන්න කරලා තියන වැඩ එක්ක මුන්ව විශ්වාස කරන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩකි. ගැටළු මතු වීමටත් මාගේ තියුණු විමර්ශනාත්මක මනස ක්‍රියාත්මක විය මිත්‍රයන් ලඟ පාත සිටියි වෙනත් කව්රුන් හෝ අඳුරන කෙනෙක්ද ? ශබ්දය ඇසෙන දිසාවට මා හැරී බැලු අතර එතන පිහිටා තිබු ගොරක ගස මදක් වේගයෙන් සෙලවෙන්න විය. මා මදක් ලං වි බැලු අතර මට ගස අයිනේ ඉඳන් කව්රුන් හෝ අත වනන බවක් පෙනෙන්නට විය. මා සිතුවේ කව්රුන් හෝ අනතුරක් සිදු වි ඇත්දැයි කියා අඩියට දෙකට මා හීයක වේගයෙන් එතනට ළඟා වුන අතර අත වැනු පුද්ගලයෙකු නැත. මදක් ඇතින් නැවත පෙර සේම නම ඇසෙන්නට විය. මදක් මා තිගැස්සී ගිය අතර කර කියා ගන්න යමක් නොවිය. අතරමං වු මංමුලාවු ස්වභාහවයක් මට දැනෙන්ට විය. ගෙවුනේ තත්පර කිහිපයකි සියළු සිතුවිලි අභිබවමින් ඇති වු කුතුහලය නිසා මා ශබ්දය ඇසෙන දිශාවට සුක්ෂමය පිය මැන්නේ අතැතිවු ජංගම දුරකථනය ආධාරයෙනි. දුවන්නට නොහැක මන්ද යත් මා ආ ගිය තැනක් නොවන නිසාවෙනි. බියක් ඇතිවුවද එතරම්ම ගණනක් නොවිය. මා යන්නේ කොහේටද කාවද සොයන්නේ මගේ නම මුමුණන්නේ කව්රුද යන ප්‍රශ්නාර්තය ඇති වු අතර, වෙන දෙයකට මුහුණ දීමට බලා මා දිගින් දිගටම කට හඬ ඇසෙන දිශාවට ගමන් කල අතර මා සිටිනා තැනට මදක් දුරින් පහනක් පත්තු වෙන බවක් පෙනෙන්ට විය. 


එක්වරම මාගේ උරහිස මත අතක් පාත් විය. මා හට කර කියා ගන්නට යමක් නොවිය. 

කව්ද උඹ යනුවෙන් පිටුපස නොබලාම විමසිය. මට සිතුනේ පණ්ඩිත කම් කරන්නට ගොස් දැන් අවසානය තමයි කියා. මද වේලාවකින් උත්තරයක් ඇසුණි. 

ඇයි උඹට අපිව මතක නැද්ද?


මම නිහඬ වුන අතර මට එක් වරම වැළක්විය නොහැකි ලෙස හිනාවක් ගියේ මාගේ මනස ඇතුළුන් 

ඇයි? කට හඬින් අඳුරගන්න උඹ ජෝතිපාලද යන්න පාසල් කාලයේ සිදුවු සිදුවීමක් මතකයට නැගීමත් සමගමය, ක්ෂනිකව ක්‍රියාත්මක වුන මා ඉදිරිපසට පැන පිටුපසට හැරී බැලු අතර මා හට හොඳවයින් දෙකක් සිහිපත් විය.

මම කිව්වේ ගජ මිත්‍රයෝ යනු කිසිවිටකත් විශ්වාස කල නොහැකි බව. මා ඇතුලට යන විට මා සොයා මෙවුන් දෙදෙනාද පසුපස සොයා ඇවිත් තිබු අතර දැන් මට එය තවත් හයියක් විය. 

මා හට සිදු වු දෙය පවසා මා දුටු එ පහන් එළිය පෙන්වු අතර තුන් දෙනාම එතනට යැමට දෙවරක් නොසිතු අතර සෙමින් සෙමින් ඝණ අන්ධකාරය මැදින් ආලෝකය කරා පියමන් කල අතර අර කට හඬ අතුරුදන්ය. 


විශ්මිතය! ගල් ගුහාවකි, 

එක් වරම කනිෂ්ක හඬ අවදි කරමින් කියා සිටියේ මෙම පන්සල ආශ්‍රිතව වළගම්බා රජ සමට අයත් උමං මාර්ග පවතින බවයි.

උමගක්,කට හඬක්, මග පෙන්වීමක් කුමක ආරම්භයක්ද මෙය මම සුළු මොහොතකට අතරමං විය.

2026 sachith — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!