මවක් නොවූ මවක් සේ
යදිමි සෙනෙහේ පුත නුඹෙන්..
වියපත් ගතින් වුවද
සෙනෙහේ නෑඹුල් තවම...
පිං මදි වුණා මෙමට
කුස හොවා වදන්නට
අතට ගත් දින පටන්
ඔබ දන්නේ නෑ පුතේ..
අම්මාම තමයි මං
සසරේ හැම භවයකදීම
කුසින් නොවැදුවත් මං
ඔබේ එකම අම්මාය..
හීනයෙන් කාලයක් කිරි සුවඳ දැනෙද්දී
අවලාද ඇසූයේ හද කීතු කරමින්ය..
ගැසූ ගල් මුගුරු ගෙන තැනූ ඒ මන්දිරේ
පුතු තවම රජු තමයි නොවෙනස් වූ ස්නේහයේ..
කණ වැකුණොතින් දිනෙක
උරුම ලේ අම්මාව
බිඳ යන්න එපා මගේ
වෙඬරු සේ සිත් කමල..
අයදින්නේ ළඟ ඉන්න වෙන කාගෙවත් නොවෙයි..
මගේ පුතු මගේමයි..
නුඹේ අම්මා මං තමයි...!
💔💔💔💔
2026 asii —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk