මවක් නොවූ මවක්
පද්‍ය ආදර (Romance)

මවක් නොවූ මවක්

asii 8 1 0

ලේ උරුමයක් නොලද මවක්

මවක් නොවූ මවක් සේ

යදිමි සෙනෙහේ පුත නුඹෙන්..

වියපත් ගතින් වුවද

 සෙනෙහේ නෑඹුල් තවම...

​පිං මදි වුණා මෙමට 

කුස හොවා වදන්නට

අතට ගත් දින පටන් 

ඔබ දන්නේ නෑ පුතේ..

අම්මාම තමයි මං 

සසරේ හැම භවයකදීම

කුසින් නොවැදුවත් මං 

ඔබේ එකම අම්මාය..

​හීනයෙන් කාලයක් කිරි සුවඳ දැනෙද්දී

අවලාද ඇසූයේ හද කීතු කරමින්ය..

ගැසූ ගල් මුගුරු ගෙන තැනූ ඒ මන්දිරේ

පුතු තවම රජු තමයි නොවෙනස් වූ ස්නේහයේ..

​කණ වැකුණොතින් දිනෙක 

උරුම ලේ අම්මාව

බිඳ යන්න එපා මගේ 

වෙඬරු සේ සිත් කමල..

අයදින්නේ ළඟ ඉන්න වෙන කාගෙවත් නොවෙයි..

මගේ පුතු මගේමයි.. 

නුඹේ අම්මා මං තමයි...!


​💔💔💔💔

2026 asii — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
asiiගේ තවත් නිර්මාණ

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!