9 වන කොටස

පරිච්ඡේදය 10 | jessi 5 වාර කියවා ඇත 0 අදහස්

සෙනුත් අනූත් ඒ සතුට සමරන්න එලියට ගියා ඇයට ටික වෙලාවක්ට ඇයට හැම දුකක්ම අමතක වෙලා තිබුනේ ඉතින් ඇය අනූ එක්ක බොහෝ දේ කතා කරමින් ඇය සතුටින් හිනා වෙමින් කතා කරන්න විය.


අනූද එදා සිදුවු කිසිම දෙයක් ගැන ඇයගෙන් නොඅසා ඇයද අය එක්ක හිනා වෙමින් කතා කරමින් යන්න විය ඇය කොපි ශොප් එකට ගොස ඇය කොපී බී ඇය ඒ අසල බාකට් බෝල් ග්‍රවුන්ඩ් එක දෙසට ගියේ බීමත් අරන් ටිකක් වෙලා කතා කර ඉන්නයි ඇය ඒ දෙසට යද්දී සහස් ඒත තනියම ප්ප්‍රැක්ටිස් වෙනවා දැක්ක අනුත් සෙනුත් එතනට ගියා 


අනූත් සහාස් කියා සහාස්ට කතා කරන්න විය 


සහාස් හැරි බැලුවේ පුදුම වී

එවිට සෙනූ සහාස් දෙස බලා අත වනන්න විය 


සහාස් ඔවුන් දෙසට් ගියේ සෙනූගේ හිනාව දෙස බලමින් 


මොකො දෙන්න මේ පැත්තේ සහාස් සෙනූගෙන් ඇසීය


නිකන් අනේ ඇවිදින්න ආවා මොනවා හරි කාලා නිකන් ඇව්දලා ගෙදර යන්න හිතුවා අනූ කීය


ඔයා හෙට බාස්කට් බෝල් වලට තනියම ප්‍රැක්ටිස් වෙනවාද අපි ඇවිල්ලා කරදර කලාද ඔයාට

සෙනූ ඇසීය


හ්ම්ම්ම්ම් නෑ අනේ මට මොන කරදරයක් ද සෙනූ මට ගෙදර ඉන්න කම්මැලි ඒ නිසා ප්‍රැක්ටිස් ආවා සහාස් සෙනු දිහා බලාගෙන කිවුවා


එන්න අපි කෑම වගයක් ගෙනාවා

අපි කමු අනූ එසේ කියා සෙනුත් අනුත් සහාස් තිදෙනාම කතා කරමින් කෑම කන්න විය 


ඔයා බාස්කට් බෝල් වලට මාරම ආසයි නේද සහාස් සෙනූ ඇසීය


හ්ම්ම්ම්ම්ම්.....ඔවු මං මාරම ආසයි හැබැයි අපේ ගෙදර අයගෙන් නම් ඒකට සපොර්ට් එකක් නෑ මොකද එයාලාට ඕන මාව වෙනම ෆීල්ඩ් එකක යවන්න

සහාස් ටිකක් දුකෙන් කීවා

අපේ තාත්තට ඕන මාව අපේ අයියා වගේ තාත්තාගේ බිස්නස් වැඩ ටික කරන්න ඒත් මං ආස බාස්කට් බෝල වලට 

ඒ නිසා මට බාස්කට් බෝල වලට සප්පොර්ට් එකක් නෑ අයියා නම් අවුලක් නෑ

හැබැයි මං ඒවා බාර ගන්න නම් මං 

ඒ නිසා මං කොහොමත් ඔස්ට්‍රේලියාවට ගිහින් මං වැඩිදුර ඉගෙන ගන්න ඕන ඒ නිසා මං කොහොමත් නෙක්ස්ට් මන්ත් ඔට්‍රේලියා යනවා සහාස් දුකෙන් කීවා


එතකොට ඔයා කොලෙජ් එකෙන් අයින් වෙනවද සහාස් අනූ ඇසීය 


හ්ම්ම්ම්ම්.....ඔව් සහාස් හිනා වෙලා සෙනු දිහා බලාගෙන කීවා


සහාස් ඔයාට තාත්තා ආදරෙයි ඒකයි ඔයා හොද තැනක ඉන්නවා දකින්න ආස ඇති කවදා හරි පුතාලා දෙන්නා එයාගේ බිස්නස් ටික එයාට වඩා හොදට කරන්න එයා කැමති ඇති ඔයා තාත්තගේ බිස්නස් එකට හෙල්ප් කරනවා එක්කම ඔයා ඔයාගේ ආස බාස්කට් බෝල ප්ලේ කරන්න තාත්තා ඒකට මොකුත් කියන්නේ නැතිවෙයි

සෙනූ සහාස්ගේ දුක් මුසු මූණ දෙස බලමින් කීවා


හ්ම්ම්ම්ම්.....මට දුකමං ඔස්ට්‍රේලියා යන එක ගැන සහාස් කීවා


එතකොටම අනූ ඇයි ඔයා කැමති කෙනෙක් ඉන්නවද ඒකද දාලා යන්න දුක


සෙනූද සහාස් දෙස බලා හිනා වෙන්න විය


හ්ම්ම්ම්.....ඔවු මං ගොඩක් කැමති කෙනෙක් ඉන්නවා අනූ එයාව දාලා යන්නයි දුක සහාස්ද ඔලුව වනමින් කීවා


ආ......... ඒ කවුද සහාස් සෙනූ ඔහුගෙන් ඇසුවා 


සහාස් සෙනූගේ ඇස් දෙස බලා 

ඒ ඔයා සෙනූ කියා කියන්න සිතුනද ඔහු ඒ කිසිවක් නොකියා 


එක්කෙනක් ඉන්නවා කියා හිනාවෙමින් සෙනුගේ දෑස් මග හැර වෙන පැත්තකට හැරෙන්න විය.


ඉතින් ඔයා එයාගෙන් ඇහුවේ නැද්ද


සෙනූ නැවතත සහාස් දෙස බලා ප්‍රශ්න නගන්න විය


නෑ....... ඇහුවේ නෑ එයා වෙන කෙනෙක්ට කැමති ඒත් ඒයා කැමති කෙනා නිසා එයා දුකෙන් ඉන්නේ සහාස්ද උත්තර දුන්නා


ඒකත් එහෙමද එහෙනම් සහාස් අනිවාර්යයෙන්ම එයාව ඔයාට ලැබෙයි සහාස් 

මොකද එයාට ආදරේ කරන කෙනා එයාට ආදර්ව්ව් නැත්තම් එයා ඒක කවද හරි තෙරුම් ගනී

අනිවාර්යයෙන් ඔයාට එයාව ලැබෙයි නේද අනූ


සෙනුද ඇස් කරකවා අනූ දෙස බලාකියන්න විය


හ්ම්ම්ම්.....එහෙම වයිද ඔයා ඔස්ට්‍රේලයා යන්න කලින් එයාගෙන් අහන්න කෝ සහාස් 

අනූ කීවා


බෑ තාම එයා අනිත් කෙනාට ආදරෙද දන්නේ නෑනේ එයාගෙන් මං අහලා එයා අකමැති වුනොත් මට එයාව දකින්න වත් කතා කරන්න තියෙන ටිකත් නැතිවෙයි

අනූ එයා ලැබෙනවා නම් මට ලැබෙයි 

සහාස්ද කීවේ සුසුමක් හෙලමින්


සෙනු දිගු සුසුමක් යවා


හ්ම්ම්....මාත් ආසයි බාස්කට් බෝල් වලට සෙනු සිනා සෙමින් කීවේ සහාස්ට එයාගේ දුක අමතක කරන්න


ආ.....ඉතින් ප්ලේ කරමුකෝ 

සහාස්ද සිනා වෙමින් කීවා


මට ප්ලේ කරන්න දන්නේ නෑ සෙනූ කීවේ සහාස් දෙස බලා හිනා වෙමින්


මං උගන්වන්නම් ඔයාට සහාස් එතනින් නැගිට සෙනූට අත දික් කරමින් නැගිටින්න උදවු කරන්නයි


සෙනූ ඇත්තටමද කියා සහාස්ගේ අත අල්ලා ගනිමින් නැගිටින්න විය 


අනූ අම්මෝ මටනම් බා ඕවා මට කම්මැලි මං ඔයාලට මොනවාහරි බොන්න ගේන්නම් මට නම් ඔයා විකාර බෑ කියා අනූද නැගිට යන්න විය.


අයියෝ අනූ අනේ එන්නකො අපි ටිකක් සෙල්ලම් කරමු කියා සෙනු අනූව ඇදන් යන්න සැරසුනා


එවිට අනූ අපහසුවෙන් කොන්ද අල්ලන් අනේ මේ දැන් වාඩි වෙලා ඉදලා නැගිට්ටමත් කොන්ද කැක්කුමයි මං ඕක සෙල්ලම් කලොත් ඔයාලාට මාව වඩාගෙන තමයි යන්න වෙන්නේ දැන්ම මාව වයසට ගිහින් වගේ ඒ නිසා මං කන්න දෙයකුයි බොන්න මොනවා හරි අරන් එන්නම්


කියා අනූ හෙමින් එතනින් ලිස්සා ගියා 


සෙනූ හා සහාස් බාස්කට් බෝල් සෙල්ලම් කරමින් දෙදෙනා සිනා සෙමින් සෙල්ලම් කරන්න විය 

සහාස් බෝලය අතට ගෙන එය එක් අතකින් ඔසවා සෙනූට ගන්න 


අනේ සහාස් කෝ දෙන්නකෝ අනේ අම්මෝ කෝ අනේ දෙන්නකෝ සෙනූ උඩ පැන සහාස්ගේ අතේ බෝලේ ගන්න උතසහා කරමින් සිටියා


ඒ අතර සෙනූගේ පය පැටලිලා බැලන්ස් නැතුව සෙනූ වැටෙන්න ගියා සහාස් අතේ තිබුන බෝලය අත ඇර වැටෙන්න ගිය සෙනූව ඇයගේ ඉන වටෙට අත දමා අල්ලා ගන්න විය එවිට සෙනූගේ හා සහාස්ගේ ඇස් දෙක එකට එක ගැටෙන්න විය සහාස්ගේ හදවත් වේගයෙන් පිටිතට ඇහෙන විදිහට ගැහෙන්න වුනා

සෙනූගේද හදවත් ගැහෙන්න වගෙ ඒ හැගීම් ඇයට ආගන්තුක වෙන්න විය


ඒ ඒකම අනූදගේ පැමිණීමේ සද්දය එක්ක දෙදෙනා ඈත් වෙන්න විය ඇය දැක්කොත් වරදවා හිතයි කියා සිතන්න විය


සහාස් ඔලුව කසමින් ඔයාට තුවාල නෑනේ ලෙස ඇසුවා


සෙනූ ඔලුව වනමින් නෑ මං හොදින් කීවා අනූද ඔවුන් දෙදෙනා අසලට පැමිණියා


ආ.....මෙන්න අපි කලා බීලා ගෙදර යමු මට ඔයාලගේ තාත්තා කතා කලා ඔයාගේ ෆෝන් එක ගන්නේ නෑලූ 


අනිද්දාට අපිට ඉන්ටර්විවු අනූ සතුටින් උඩ පනිමින් කීවා


දෙන්නාම උඩ පැන සිනාසුනා 


සහාස් පුදුම වෙලා ඔවුන් දෙස බලා මොකක්ද ඔයාල දෙන්නම කොලෙජ් එන්නේ නැද්ද එතකොට ඔයාල ජොබ් එකක් කරන්නද යන්නේ 


හ්ම්ම්ම්.....ඔව් සහාස් මං කැමතිම ෆීල්ඩ් එකේ ජොබ් එකක් ලැබුනා මගේ ආසම මීඩියා සයිඩ් එකේන් යන්න සෙනූ සතුටින් කීවා


ඒත් ඔයා කොලෙජ් එකේ කලේ වෙන සයිඩ් සබ්ජෙක්ට් නේද

සහාස් පුදුම වී සෙනූගෙන් ඇසුවා


හ්ම්ම්ම්....ඔව් සහාස් මං තේජාන් නිසයි එවා ඔක්කෝම කලේ සහාස් එයා නිසා මං මගේ ගොඩක් දේවල් කැප කලා සෙනූ එසේ කියද්දී

සෙනූගේ සතුට වෙනුවට ඇස් වල කදුලු පිරෙන්න විය.


සහාස් ඔයා කොහෙද ජොබ් එකට යන්නේ 

සහාස් සෙනූගෙන් අසන්න විය


එවිට සෙනූ හ්ම්ම්ම්ම්.....අපේ තාත්තගේ යාලුවෙක් කීවා එයාලා අලුතෙන් චැනල් එකක් පටන් අරන් ඒ නිසා ඒකට ලමයි ගන්නවා කිව්වා හැබැයි මටත් බෝඩ් වෙලා තමයි ඉන්න වෙන්නේ 


අනූද ඇයි මාත් යනවා සෙනූ එක්ක අනුද සහාස්ට කීවා


සෙනූ සහාස් දෙස බලා සහාස් ඔයා ඔට්‍රේලියා ගිහින් එද්දී අපි ආයේ මීට් වෙමු කියා කීවා 


සෙනූ ඔයා මාත් එක්ක කන්ටෙක්ට්ස් තියාගෙන ඉන්න 

පුලුවන්ද මොකද මං ඉක්මනින් ඔස්ට්‍රේලියා යයි ඒකයි කිව්වේ මං එනකන් ඉන්න ඔයාට පුලුවන්ද


සෙනූ පුදුම වී ඔලුව වැනුවා 


සහාස් නොකියා කීවේ ඔහු වෙනුවෙන් හදවතේ ඉඩක් තියන් ඉන්න කියා


එය නොතෙරුනු සෙනු පුදුම වී ඔලුව වනන්න විය.


සෙනූ ඔයා හෙට මැච් එක බලන්න එන්න එපා ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්න මොකද ඔයා හෙට ඒකට ලෑස්තිවෙලා ගියානම් හොදයි සහාස් එසේ කීවේ සෙනූව අන්තිම පාරට දකින නිසා ඇය හෙටත් පැමිණියොත් එය ඔහුට තවත් දුකක් දැනෙන නිසයි


කමක් නැද්ද සහාස් සෙනු ඇසීය 


කමක් නෑ සෙනූ කියා ඔහු ඇයගේ මූණ දෙස බලා ඉන්න විය.


එවිට සෙනූ අපි දැන් යන්න ඕන දැන් පරක්කුයි සහාස් ගුඩ්ලක් අද අපි මීට් වෙන අන්තිම දවස වෙයි ඔයාගේ හැමදෙයක්ම හොදින් කර ගන්න කියා සෙනූ සහාස්ට අතට අත දෙන්න අත දික් කරන්න විය.

සහාස්ද අතට අතදී ඔයාටත් ගුඩ්ලක් ඔයාගේ හැමදේම හොදට කර ගන්න සෙනූ එසේ කියා 


ඔහුට ඇයගේ අතින් ඇද ලගට ගෙන බදාගෙන අනේ යන්න එපා සෙනූ මාත් එක්කම මගේ ලගින්ම ඉන්න මට ඔයාව ඕන ඔයාව අඩුම තරමේ දකින්නවත් ඕන අනේ කියා ඔහු සිතින් සිතන්න විය.


ඔහු අමාරුවෙන් දුක හංගා සිනාසෙමින් සෙනුගේ ඔලුව අත ගා පරිස්සමෙන් මං ගිහින් එනකන් කාටවත් ඔයාගේ හදවතේ ඉඩක් දෙන්න එපා සෙනූ මං එනකන් ඉන්න මට විතරක් ඔයාගේ හිත දෙන්න ඔයා කොහේ හිටියත් මං ඔයාව හොයාගෙන එනවා ඔයාව මගේ කර ගන්නවා එතකන් පරිස්සමෙන් ඉන්න කියා ඔහු සිතින් පමනක් සිතා 


ඇයගේ ඔලුව අතාගා පරිස්සමෙන් ඉන්න සෙනූ කියා විතරක් කියන්න විය.


ඔහු බෝලේ හා බෑග් එක අරන් මං යනවා ඔයාලත් දැන් යන්න කියා ඔහු යන්න හැරුනා


ඔහු එසේ යන්න හැරුනාම ඔහුගේ දෙනෙතින් කදුලු වැටෙන්න විය... ඔහු තද කරන් හිටි දුක කදුලු වලින් එලියට පනින්න විය. ඔහු ආයේ සෙනූ දෙස ආපසු නොබලාම යන්න විය. ඔහු එසේ කලේ ආය හැරුනොත් ඔහුට තව තවත් දුක හිතෙන නිසයි.


සෙනූද සහාස් ඔලුව අතගාද්දී ඒ දෙස පුදුම වී බලා සිටියා


අනූද කට ඇරන් බල සිටියා

පසුව සෙනූ අපිත් යමු සෙනූ කියා ඔවුන් දෙදෙනාම යන්න ගියා 


අනූ සෙනූ දෙස බලා මටනම් හිතේනවා සහස් ඔයාට කැමති කියලා කියන්න විය.


එවිට සෙනූ අනූ දෙස බලා ඔයාට විකාරද බං එයගෙ හිතේ ගර්ල් කෙනෙක් ඉන්නවා සෙනූ අනුට කීවා අනික එයාට හිතේ කෙල්ලෙක් ඉද්දී කොහොමද මට ලව් කරන්නේ 


ඒත්.... සෙනූ .....


අනූ යමක් කියන්න කට අරිනවා එක්කම.අනේ මේ විකාර කියන්නේ නැතුව දෙන්නම ගෙවල් වලට යමු හෙට වැඩ ගොඩක් තියෙන්වා කරන්න 


කියා දෙදෙනාම ගෙදර යන්න පය ඉක්මන් කරන්න විය.


මෙනවා වෙයිද දිගටම සෙනුරි එක්ක ඉන්න 


ආදරෙයි 


ජෙසි ❤️🌻


2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!