8 වන කොටස

පරිච්ඡේදය 9 | jessi 5 වාර කියවා ඇත 0 අදහස්

සෙනූ ටවල් එක අරන් බාත්‍ රූම් එකට ගොස් නාගන්න ගියා ඇය බාත් රූම් එකට ගොස් කණ්නාඩියෙන් ඇයගේ වෙහෙසකර මූණ දෙස බලා ටිකක් වෙලා කල්පනා කරමින් සිටියා


ඇයි සේනූ ඔයාටම මෙහෙම වුනේ ඇයි ඔයාට ඔයාගේ ආදරේ දැනුනේ නැති කෙනෙක්ටම ආදරේ කලේ 


තේජාන් තේජාන් කිය කියා හැමවෙලාවෙම පස්සේන්ම ගියා මගේ ආදරේ පොඩ්ඩක්වත් එයාට දැනුනේ නැද්ද 


අද මං අහපු දේවල් මගේ හුස්ම හිර වුනා වගේ

ඇයි මාත් එක්ක එච්චරටම තරහා


මං කොලෙජ් එකට යන්න හිතුවෙ නෑ මට ඕන වුනේ මිඩියා සයිඩ් එකෙන් ගොඩක් දුර යන්න එත් මං තේජාන් නිසා මං මගේ දේවල් අත ඇරියා හැම දේම 


කියා ඇය සිංක් එකට අත දෙකෙන් ගසන්න විය 


ඒවගේම ඇය නැවත අඩන්න විය ටික් වෙලාවක් බිම බලාගෙන අඩා


ඇය නැවත් කණ්නාඩිය දෙස බලා ඇයටම සෙනු දැන් කිසිම වෙලාවක එයා වෙනුවෙන් අඩන්න එපා අද මං හැමදේම ඉවර කරනවා තේජාන් ගැන මගේ හිතේ තිබ්බ ආදරේ අද ඉදන් මං ඒ ආදරෙව් මරනවා මං ආයේ මගේ ගමන් එයා නිසා නවත්තනේ නෑ 


අද මං තාත්තා එක්ක මේ ඔක්කොම කතා කරනවා අං දන්නවා එයාට මාව කාටත් වඩා තේරුම් ගන්න පුලුවන් 


අද ඉදන් මගේ හිතේ තේජාන් ගැන තිබ්බ ආදරේ මැරිලා ඉවරයි ආයේ කවදවත් මට එයාව දකින්න ලැබෙන්නේ නැත්තම් හොදයි 


මං මේ ඔක්කොම අමතක කරනවා 


කියා ඇය නාන්න ගියා


ඔය අතරේ සෙනුගේ ගෙදර දොර බෙල් එක වදින්න විය එවිට තාත්තා ගොස් දොර ඇරලා බැලුවේ කවුද කියා


ආ......මේ අනූනේ එන්න ඇතුලට සෙනුගේ පියා අනූට එන්න කියා සෙනුගේ කාමරය දොර ලගට ගොස් දොර තට්ටු කර දූවේ අනූ ඇවිල්ලා කියා කීවා


සෙනූද කාමරයේ ඉදන් හරි මට විනාඩි පහක් දෙන්න තාත්තේ කියා කෑ ගසා කීවා


අද අනු දූ ආව එකත් හොදයි මට ඔයාලා දෙන්න එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන 

සෙනූ ගේ පියා පුටුවෙ වාඩි වෙන ගමන් කීවා 


ඇයි අංකල් මොකක් හරි ප්‍රශ්නයක්ද


අනූ සැකයෙන් වගේ ඇසුවේ අද සෙනුගේ ප්‍රශ්නය නිසාවත් අංකල් කලබල වෙලාද කියා සැකයෙන් 


නෑ ...... නෑ දූ ප්‍රශ්නයක් නෑ.....සෙනුගේ පියා හිනා වෙමින් කීවා


ඒ ඒකම සෙනුද කාමරයෙන් ආවා ආ.......අනූ ඔයා ආවාද කියා සෙනුද අනූ අසලින්ම වාඩි වුනා


ඉන්නකෝ දූ මං බොන්න දෙයක් හදන් එන්නම් දුවට කියා සෙනූගේ පියා නැගිට කුස්සියට යන්න විය


අනූ හැරි සෙනුගේ පියා එතනින් යනකම් ඉද සෙනූ දිහා හැරි බලා සෙනු ඔයා හොදින්ද 


හ්ම්ම්ම්ම්....හොදින්ද නැද්ද කියන්න මං දන්නේ නෑ අනූ 


ඔයා ආයේ කොලෙජ් එකට ගියා නේද 

හ්ම්ම්ම් ඔවු සෙනු උත්තර දුන්නා

තේජාන් කතා කලාද අනූ සෙනූගෙන් ඇසීය


සෙනු සිදුවු සියලු දේ අනූට කීවා


අනූ තරහෙන් මොකක් තේජාන් එහෙම කිවුවද අපරාදේ අනේ කනට ගහන්න තිබ්බානේ සෙනු අනූ සද්දේන් හා තරහාවෙන කීවා


සෙනු අනූගේ කට අතෙන් වසා


ෂ්....ෂ්.....කෑ ගහන්න එපා මොඩියේ තාත්තාට ඇහෙයි......

සෙනු හෙමින් කියන්න විය


තේජාන් එයාට මගේ හිතේ තිබ්බ ආදරෙව් මරලා ඉවරයි අනූ සෙනූ ටිකක් දුකෙන් කීවා


හ්ම්ම්ම්.....දැන් මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ කොලෙජ් එන්නේ නැද්ද ආයේ

අනූ සෙනුගෙන් ඇසීය


නෑ.....මං ආයේ එන්නේ නෑ අනූ 

ආයේ මට එන්න බෑ අනූ සෙනූ කීවා


දැන් ඔයා මොනවද කරන්න ඉන්නේ ඉස්සරහට 


මං මගේ හීනෙට යනවා අනූ ඔයා දන්නවනේ මං කොලෙජ් එකට ගියේ ඇයි මං මගේ හිතේවත් නැති තිබ්බ සබ්ජෙට් එකක් කලෙ ඇයි කියලා දන්නවනේ මං ඉස්කෝලේ යන කාලේ ඉදන්ම තේජාන්ට කැමත්තෙන් හිටියේ මං ගොඩක් ආදරෙන් හිටියේ ඔයා ඒ ගැන කියන්න ඕන නෑනේ අනූ ඒ ආදරේ අද මරලා දැම්මා අනූ සෙනු කීවේ හිතේ දුකෙන්


සෙනූ ඔයා එක්ක අං ඉන්නවා ඔයා සතුටින් ඉන්න ඕන ඔයා තේජාන් නිසා කැප කරපු හැමදේම ඔයා ඒවා කරන්න ඔයා ආසයි ඔයා ආදරේ කරන දේවල් කරන්න සෙනූ ඔයාට අනිවාර්යයෙන් ලස්සන ඔයාගේ ආදරේ ගැන වටිනාකමක් දන්න කෙනෙක් ලැබෙයි සෙනූ ඔයාට වරදින්නේ නෑ හැමදේම කාලයට බාර දෙන්න සෙනූ ඔයාට ගොඩක් ආදර්ව්ව් කරන කෙනෙක් ලැබෙයි ඔයාව ප්‍රතික්ෂේප කලේ මොකක් නිසාද ඒ දේටම ආදරේ කරන කෙනෙක් ලැබෙයි 

ඔයා එක්ක මං මොනවා කලත් හැමදාම ඉන්නවා සෙනූ

අනූ එසේ කීවේ සෙනූට තියෙන ආදරෙටයි ඇය යාලුවෙක් විදිහට සෙනූට ගොඩක් ආදරේ කලා


අනූ එසෙ කියා අවසන් වෙනවා එක්කම සෙනූගේ තාත්තාද අනූටහා සෙනුට කොපි ගෙනත් දී සෙනුගේ තාත්තද පුටුවේ වාඩි විය


මොනවද අප්පේ දෙන්නා කුටු කුටු ගන්නේ 365 දවසම හම්බවෙනවා ඒ වුනාට කතාකරන්න දේවල් ඉවර නැහැ සෙනුගේ පියා විහිලුවට වගේ කීවා


සෙනුද අනූද හිනාවෙමින් එකනේ තාත්තේ අපි හොද යාලුවො වෙලා ඉන්නේ කියා දෙන්නම සිනාසුනා


හරි හරි... අද දෙන්නාම ඉන්න එක හොදයි මට දෙයක් කියන්න තියෙනවා ඊට කලින් කියන්න දැන් තව කොච්චර කාලයක් කොලෙජ් යන්න ඕනද කියලා සෙනුගේ පියා දෙදෙනගෙන් ඇසුවා


සෙනූ ගොත ගසමින්....තාත්තේ...මේ.....කයි මං ආයේ කොලෙජ් යන්නේ නෑ කියලා අද තීරණයක් ගත්තා තාත්තේ

සෙනූ ටිකක් බියෙන් තාත්තට කීවා


හ්ම්ම්........ඇයි සෙනු යන්න බැරි

තාත්තා සෙනුගෙන් ඇසුවා


ම්ම්ම්ම්.....තත්තේ මං ඒකට හෙතුව පස්සේ කියන්නම් තාත්තේ මං කවදවත් වැරැද්දක් කලේ නෑ තාත්තේ මං තාත්තට වුන හැමදේම කියන්නම් ...... ඒත් මට ආයේ කොලෙජ් යන්න බෑ තාත්තේ 

සෙනු බියෙන් බියෙ කීවා


කොලෙජ් යන්නේ නැතුව මොනවද කරන්න හිතන් ඉන්නේ සෙනු පුතේ

තාත්තා නැවත සෙනූගෙන් ප්‍රශ්නයක් අසන්න විය


තාත්තේ මං ජොබ් එකක් කරන්න හිතුවා මං ආස මිඩීයා සයිඩ් එකෙන් යන්න ඒ ෆීල්ඩ් එකට මං ආසයි තාත්තේ සේනූ කීවා


හ්ම්ම්ම්.........හරි....හරි..... මං දැන් මගේ කතාව පටන් ගන්නම් තාත්තා කීවා


සෙනූද අනූද කුතුහලයෙන් එකිනෙකාගේ මූන දෙස බලා සෙනූගේ තාත්තා දෙස හැරි බැලුවෙ පුදුමෙන් හා හරිම උනන්දුවකින්


මගේ යාලුවෙක් මීඩීයා චැනල් එකක් කරනවා එයාලට වෙකන්සි වගයක් තියෙනවා කියලා මට ඒ ෆීල්ඩ් එකට ආස අයව හොයලා දෙන්න කිවුවා මං ඔයාලා දෙන්න ගැන කිවුවාම එයාලා කැමති වුනා මගේ ෆෝන් එකේ සෙනූ කරපු ඇනිමේ කාටුන් එකක විඩියො එකක් පෙන්නුවා එයා ඒක දැකලා හරිම සතුටු වුනා

සෙනුගේ තාත්තා කීවේ සතුටින් 


ඉතින් තාත්තේ එයාලා කැමති වුනාද මගේ ඒ වැඩෙට සෙනූද සතුටින් තාත්තාගෙන් ඇහුවා


ඔව්...ඔව් එයාලා ඔයාට ජොබ් එක දෙන්න කැමති හැබැයි ඉන්‍ටර්විව් එකට එන්න කියන්න කිවුවා


මං ඉතින් දුවගේන් අහන්න ඕන හිතුනේ ඔයා එකපාරම කොලෙජ් යන්න ඕන කිවුව නිසා හා ඔයා වෙනම් සබ්ජෙක්ට්ස් කරන්න ගිය නිසයි ඔයා කොලෙජ් අවුට් වෙලා නැති නිසා අකමැති වෙයි කියලා හිතලයි මං කිවුවේ දුවගෙන් අහලා කියන්නම් කිවුවේ

සෙනුගේ තාත්තා කීවා


සෙනූ උඩ පනිමින් නියමයි නියමයි අනේ තාත්තේ මං කැමති අනේ තාත්තේ ඒකට හා කියන්න මං ඒ ජොබ් එකට යන්නම් 

සෙනු අනූ උඩ පනිමින් කෑ ගසන්න විය.


අංකල් මට එතන ජොබ් එකක් නැද්ද මට සෙනු කොලෙජ් යන්නේ නැත්තම් මං යන්නෙත් නෑ මාත් එයා එක්කම ජොබ් එක කරන්නම් 

අනූද කීවේ සෙනු නැතිව ඇයට කොලෙජ් යන්න බැරි නිසයි


හ්ම්ම්ම්ම්....මං කිවුවා ඔයා ගැනත් එයා කිවුවා දෙන්නාම එවන්න කියලා

හැබැයි අනූ දූ ඔයාලගේ අම්මයි තාත්තයි කැමති වෙයිද

සෙනුගෙ පියා අනුගෙන් ඇසුවා


එයාල අවුලක් නෑ අංකල් 

අංකල් දන්නවනේ එයාලා ගැන එයාලා වැඩිය මං ගැන හොයන්නේ නෑ කියලා ඒ දෙන්නාගේ වැඩෙම වැඩ වැඩ වැඩ ඉතින් එයාල මං මොනවද කරන්නේ කියලා දන්නේ නෑ 


හ්ම්ම්ම්.....එහෙනම් මං දෙන්නාවම ඔකේ කරන්නම් හැබැයි දූ ඔයාලට ටිකක් දුර යන්න වෙයි පුතේ මෙහෙ නෙවෙයි තියෙන්නේ 

එහේ නැවතිලා තමයි වැඩට යන්න වෙන්නේ


ඒකට කමක් නෑ තාත්තේ මං ඒකට කැමති සෙනූ තාත්තා ලගින් වාඩි වෙන ගමන් කීවා


හ්ම්ම්ම්.... අම්මා මොනවා කියයිද දන්නේ නෑ හැබැයි තාත්තා කල්පනා කරමින් කීවා


අනේ තාත්තේ කොහොම හරි අම්මව කැමති කර වන්නකෝ අනේ මං ආසම ෆීල්ඩ් එක තාත්තේ අනේ තාත්තේ මට ආයේ කොහොමත් කොලෙජ් යන්න බෑ තාත්තේ මං මේ ජොබ් එක කරන් ඉන්නම් තාත්තේ මට දුර යන්න තියෙනවානම් මාත් කැමති

සෙනූ තාත්තා එක්ක හුරතල් වෙමි කීවා


හරි හරි මං අම්මාව ශේප් කරන්නම් කෝ මං යනවා කඩේ පැත්තේ කියා තාත්තා නැගිට යන්න ගියා 


සෙනූද අනුද සතුටි උඩ පැන පැන සිටියා


මේ සෙනූ අපිත් එලියට යමු ගිහින් මොනව හරි පොඩි දෙයක් කලා ආයේ ගෙදර එමු 


ඔව් ඔව් අපි මේ සතුට සෙලිබ්‍රෙට් කරමු 

කියා දෙන්නා සතුටින් නටන්න විය.

මං ට්ක් ගලා චෙන්ජ් කරලා එන්නම් 




මොනවා වෙයිද ඉදිරියේ 


ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻





2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!