10 වන කොටස

පරිච්ඡේදය 11 | jessi 22 වාර කියවා ඇත 0 අදහස්

ඉතින් එහෙම දින සති මාස ගෙවිලා අවුරුදු දෙකක් ගියා


සෙනූත් අනූත් එයාලා එයාලාගේ ජොබ් එකේන් හොදට සාර්ථකව හා දකශ විදිහට කරගෙන යනවා 


සෙනූ ඒ අතරින් හැමෝම ඉදිරියේ කැපි පෙනෙන දක්ශ කෙනෙක් වගෙම මැනෙජ්මන්ට් එක හා සියලුම දෙනා ගේ විශ්වාසය හා ආදරය නො අඩුවම ලැබුනා


ඒවගෙම ඇයත් කොලෙජ් එකේ සිදුවු සියලු දේ අමතක කරලා වැඩ වලට අවධානය දීලා වැඩ ටික කරගෙන යන්න වුනා ඇය වැඩ කලේ ගෙදරින් ඈත්ව බොඩින් වෙලා ඉතින් නිවාඩුවක් ලැබුනොත් ගෙදර ගිහින් එන්න අමතක කරන්නේ නෑ 


සෙනූ ලන්ච් එක ගන්න යන්කෝ මට හොදටම බඩගිනි අනූ ඇය ලගට ඇවිත් කීවා


පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩයි මං මේක සබ්මිට් කලා ඉවරයි


අයියෝ.... සෙනූ දැන් කොච්චර වෙලාවක් ඉදන් ඕක කරනවද අනූ මැසිවිලි නගන්න විය


සෙනුද ඔන්න දැන් හරි මේක සක්සස් වුනොත් මගේ මගේ ටීම එකම ගොඩ මං ටීම් එකේ ලීඩර් වුනාම සතුටු වුනාට ඒක මට ලොකු බරක් මං එයාලා හැමෝමගැනම හිතනා ඕන සෙනූ අනූට කීවේ පුටුවෙන් නැගිට


හ්ම්ම්ම්....අද ටීම වලට අලුතෙන් අයව ගන්න ඉන්ටර්වීවු කරන කතාවක් තිබ්බා ඒවගෙම තමයි අපේ බොසාගේ මල්ලිත් මේ කොම්පැනි එකේ වැඩ බාර ගන්න යනවා කියලා කතාවක් කිවුවා අනූ සෙනුට ටිකක් රහසින් වගේ කිවුවා


හ්ම්ම්ම්.... එහෙමද අපේ ටීම එකටනම් අලුතෙන් කෙනෙක් ඕන නම් තමයි බලමුකෝ ඉස්සෙල්ලා කමුකෝ මටත් බඩගිනි කියා සෙනූ කැන්ටිමට ගොස් අනූත් සෙනූත් කෑම කන්න විය


එසෙව් කා නිමවී නැවත වැඩ කරන්න ඇයගේ මේසයේ කම්පියුටර් එක ලග වාඩි වෙද්දී 


සෙනූ අන්න බොස් එන්නලු ඔයාට දුන්න ඩොකියුමට් එක ඉවරයි නම් ගෙන්නලු කියා ඇය සමග වැඩ කරන ලමයෙක් සෙනුට පනිවිඩය කියා යන්න ගියා


ආ....ඔව් මං ඉවරි මං අරන් යන්නම් කියා සෙනුද ඔහුට ස්තුති කොට බොස්ගේ කාමරය වෙතට යන්න ගියා


ඇය ඉතා මෘදුව දොරට තට්ටු කරන්න විය 


එන්න ඇතුලට

ඇතුලතින් හඩක් ඇසිනි එවිට සෙනූ දොර ඇරගෙන යන්න විය


එවිට සර් ආ සෙනූරි ඔයා සයින් කර ගන්නද ආවේ කියා ඇසීය

ඔවු සර් කියා ඇය ෆියිල් එක සර්ගේ මේසය වෙතට දිගුකලා


එවිටම ඇයට හුරුපුරුදු කටහඩකින් සෙනූ කියා නම හඩ ගසනවා ඇසෙන්න විය. ඇය ඒ දෙසට හැරි බලන්න විය. එවිට ඇයද ඇස් ලොකු කර පුදුම වී සහාස් ඔයා...කියා පුදුම වී ඔහු දෙස බලන්න විය 


සහාස්ද පුදුම වී ඇය දෙස බලා සිටියේ සෙනූ ඔයා තවත් ලස්සන වෙලා ඒ හිනාව තාමත් එදා වගෙම මාව පිස්සු වට්ටනවා කියා ඇය දෙස බලාගෙන සිතන්න විය.


මේ සියලුදේ දෙස බොස් බලාගෙන සිටියා.


සෙනුරි ඔයා මෙයාව අදුරනවද ?


සෙනූගෙන් අසන්න විය ඔවු සර් මේ මං ගිය කොලෙජ් එකේ මගේ හොද යාලුවෙක් මං මෙයාව දැක්කේ මීට අවුරුදු දෙකකට කලින් 

සෙනූ සර්ට උත්තර දෙන්න විය


ඉතින් කොහොමද සහාස් මං හිතුවේ ඔයා ඔස්ට්‍රේලියා ගියා කියලා ඔයා කිවුවනේ යනවා කියාල මට පුදුම හිතුනා ඔයා ගොඩක් වෙනස් වෙලානේ සෙනූ සහාස් දෙස බලා කීවා


ආ...... ඔව් මං අද ආවෙව් ලංකාවට මගේ මාස්ටර්ස් එක ඉඅවර කරලා කෙලින්ම මං මෙහෙ ඉන්ටර්විවු ආවා මං එහේ ඉද්දිම ඇප්ලයි කලා සහාස් ඔලුව කසමින් ඔහුගේ අයියා දෙසත් බලමින් ඔහු උත්තර දෙන්න විය


එවිට ඔහුගේ අයියා සෙනුට නොපෙනී ඇස් වලින් ඉගි කරන්න විය.

මොකක්ද කිවුවේ මේ මොනවද වෙන්නේ කියනවා වගේ ඇස් වලින් සහාස්ගෙන් අසන්න විය


ආ.... එහෙමද ඒත් ඉන්ටර්වීව් එක පහල මෙයින් හෝල් එකෙනෙ ඔයා මෙතන සෙනූ කුතුහලයෙන් 

ඇසීය


ආ.....ඔව් ඔව් අං මේ පාර වැරදිලා හෝල් එක හොයා හොයා ඉද්දී සර් දැකලා මාව මෙහෙට එක්කන් ආවා එයා එක්කම යන්න පුලුවන් නිසා


එවිට සහාස් ගේ අයියා එනම් සෙනූගේ බොසද ඔවු ඔවු කියා සිනාසෙමින් ඔලුව වනා කියන්න විය


හරි එහෙනම් මං යන්නම් ඔයා හොදට ඉන්ටර්විවු එකට ෆේස් කරන්න ගුඩ්ලක් සහාස් කියා අතට අත දී ඇය සර් සයින් කරපු ෆයිල් එකත් අරන් යන්න ගියා.


ඇය දොර වසාගෙන යනකන් සිටි සහාස් ගේ අයියා පුටුවෙන් නැගිට සෙනු යන දෙස බලන් හිටපු සහාස් වෙතට පැමිණ මොකද වං ඒ වුනේ උබ මොකද සෙනුරිට බොරු ඔයා ඉන්ටර්විවු ආව කෙනෙක් කියලා අනික අතේ පැල වෙන බොරු කිවුවේ කවුද ඒ කියා සහාස්ගෙන් අසන්න විය


අනේ මගේ හොද අයියා වගේ.මට පොඩි උදවුවක් ඕන අනේ අයියේ මාව එයාගේ ටීම එකට දන්නකෝ ප්ලීස් ප්ලීස් සහාස්ද අයදින්න විය


පිස්සුද.මල්ලී අනික තාත්තා අවා දවසකට මට බැනුම් අහන්න වෙයි අනික උබ මේක බාර ගන්නකන් විතරයි මං මේක රන් කරන්නේ මං අනික් කොම්පැනි බලන්න ඕන 


මට නම් බෑ අනික කවුද ඒ කෙල්ල ඇයි උබ ඔච්චර වද වෙන්නේ සහාස්ගේ අයියා අසන්න විය


අනේ .....මං පස්සේ කියන්නම්කෝ කියා සහාස් ලැජ්ජාවෙන් බිම බලන්න විය 

හරි හරි මං දන්නවා ඒ කවුද කියලා දැන් උබට ඕබ එයා එක්ක වැඩ කරන්න උබ මේ කොම්පැනියෙ අයිතිකාරයා කියන්න බයයි එයා අකමැති වෙයි කියලා ඒ නිසානේ උබට මෙකේ සෙව්වකයෙක් විදිහට රගපාන්න ඕන කිවුවේ 

අයියා සහාස්ට නොන්ඩි හිනාවක් දාමින් කියන්න විය


අනේ අයියේ මට උදවු කරනවා නේද මං ඔයාගේ මල්ලීනේ අනේ ඔයා කැමති නැද්ද මල්ලී ගොඩ යනවා දකින්න සහාස් අයියාගේ අතේ පොඩි ලමයෙක් වගේ එල්ලීලා අයදින්න විය.


හ්ම්ම්ම්ම්ම්........හරි මං දාන්නම් හැබැයි මං තාත්තට කියන්නම් ඔයාට සේවකයෙක් විදිහට ඉදලාම වැඩ කරන්න ඕන කිවුවා ඒ නිසා කොම්පැනි එකට ආවාම ඔයාව අදුරන්නේ නෑ වගේ ඉන්න කියලා


ආ......ඔය තියෙන්නේ ටිකිරි මොලේ අයියාගේ මගේ අයියා තමයි බුද්දිමතා කියා සතුටෙන් කෑගසන්න විය. 

කෑ ගහන්න් එපා බං එලියට ඇහෙයි හැබැයි මට අද ඉන්‍ටර්විවු එකෙන් කෙනෙක්වත් ගන්න වෙයි 


හරි හරි කමක් ඈ ඔයා ගන්න මාව මොනවා නැතත සහාස් සිනා වෙමින් කීවා


ඔයා ඉන්ටර්විවු එක පැත්තෙ එනවද මං යනවා ඒ පැත්තට කියා අයියා දොර ලගට ගොස දොර අරින්න කලින් ඇසීය සහාස්ද ඔහුගේ බෑග් එක ගෙන 


නෑ මං ගෙදර යනවා අයියා මට ටයර්ඩ් එයාපෝර්ට් එකේ ඉවන් දිගටම ආවේ ඒ නිසා මං යනවා


හ්ම්ම්ම් හරි හැබැයින් හෙට ඉදන් වැඩ පටන් ගන්න වෙයි හොදේ අයියා හිනා වෙමික් කියන්න විය


ආ.....අං එන්නම් එන්නම්.... අනේ තැන්ක්‍යු අයියා...කියා උඩ පනින්න විය.. 


පිස්සා අයියා සහාස් දෙස බලා කියා දොර ඇරන් යන්න විය .


සහාස් ද සතුටෙන් තනියෙන් නටන්න විය. පසුව සහාස්ද බෑග් එක ගෙන ගෙදර යන්න විය.


ගෙදර ඔහුට මහාන්සි නිසා ඔහු ටිකක් නිදාගන්න විය.

ඔහු වොශ් එකක් දාමා ඇදට ආවේ නිදාගන්න නමුත් ඔහුට නින්ද ආඒ නෑ ඔහු නීතරම මතක් කලේ සෙනූ ගැන සෙනුට බොයි කෙනෙක් ඉන්නවද දන්නේ නෑ මං ඒක කොහොමද දැන ගන්නේ අයියගෙන් ඇහුවොත් මිනිහා මට හිනා වෙන්න වෙයි 


හ්ම්ම්......මං ලග නම්බර් එක තිබ්බා නේද එසේ සිතමින් ඔහු ෆෝන් එක අතට ගන්නා ලදී.

අපරාදේ මට ඒ කාලේ ටච් එකෙව් ඉන්න තිබ්බා ඒත් මට තිබ්බ සිටුවේශන් එකත් එක්ක කතා කරන්න බැරිව හිටියා


බලමු මැසෙජ් එකක් දාලා නම්බර් එක චෙන්ජ් කරලාද දන්නේ නෑ කියා සිතමින් ඔහු සැකෙන් සෙනුගේ නම්බර් එක ගෙන වට්ස් ඇප් එක ප්‍රොෆයිල් එක චෙක් කරන්න විය.


ආ එයාගේ ඒ නම්බර් එක වගේ තමයි මේ ඉන්නේ මගේ සුරංගනාවි

කියා ඔහු සෙනුට මැසෙජ් එකක් දාන්න විය සෙනු මම සහාස් කියා ඔහු එය යවා නොඉවසිල්ලේ බලා සිටියෙ එයට ප්‍රතිචාරයක් බලමින් 

ඔහුට මැසෙජ් එක දැම්ම සැනින් සෙනුද පිලිතුරු යවන්න විය.


සහාස් කොහොමද ඔයාගේ නම්බර් එක මං ලග තියෙනවා ඔයාගේ ඉන්ටර්විවු එක හොදට වුනා නේද මං මැසෙජ් එකක් දාන්න හිටියේ මං මේ වෙලාවේ පොඩ්ඩක් බිසී අපි හවසට මීට් වෙමු මං වැඩ ඉවර වෙලා මැසෙජ් එකක් දාන්නම් ඔයා බිසී නැත්තම් අපි මීට් වෙමු අනූත් එනවා


කියා එහි පිලිතුරු යවා තිබ්බා සහාස් ඇදෙන් බිමට පැම නටන්න විය ඔහුට ඉතා සටුටු වෙන්න විය.


ඔහු ටික වෙලාවක් නටලා සතුට සමරලා හරි අපි මීට් වෙමු මං ඔයාව පික් කරන්න එන්නම් කියා ඔහු ඇදට පැන සතුටෙන් දගලන්න විය... ඔහු කොට්ටේ බදාගෙන සතුටෙන් කකුල් ගසා සතුටෙන් දගලන්න විය.



ඉතින් අපි කතාවේ ඉස්සරහාට බලමු මොනවා වෙයිද කියලා 

ඒ නිසා සෙනුරි එක්ක රැදිලා ඉන්න 

ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻






2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!