12 වන කොටස
පරිච්ඡේදය 13 | jessi 27 වාර කියවා ඇත 0 අදහස්
හ්ම්ම්ම්ම්.........ආ............ඉ........ සහාස් උදෙන්ම එලාම් සද්දේට ඇහැරෙන්න විය.
ඇද උඩ වාඩි වු ඔහු අම්මෝ ලොකේ අමරුම දේ මොකක්ද කියලා ඇහුවොත් මං කියන්නේ උදෙන්ම ඇහැරෙන එක කියලා
එසේ කියන ගමන් ඇදෙන් බැස ඔහු ඉක්මනින් ලෑස්ති වෙන්න ගියා..
සේනූ සහා අනූ ද උදෙන්ම ඔෆිස් එකට ඇවිත් මීටින් එකට අවශ්ය සියලු ලිපි ලේකන සකස්මින් හිටියා ඒ අතර
සහාස්....ගුඩ්මෝනින් කියාගෙන ඇතුලට ආවා ගුඩ්මෝර්නින් සහාස් කියා සෙනු සහාස් ලගට ගොස් ගොඩක් ආදරෙන් ඔයාව පිලිගන්නවා සහාස් කියා ඇයගේ කණ්ඩායම වෙතට හැරි
මේ ඉන්නේ සහාස් අපිට අලුතෙන් ආවා කෙනෙක් අපේ ටීම් එකට එයාව අපි හැමෝම ආදරෙන් පිලිගන්නවා වගේම හැමෝම මෙයා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න මට දෙන සහයෝගමය මෙයාටත් දෙන්න කියලා මං කාරුණිකව ඉල්ලනවා කියද්දීම සියල්ලෝම අත්පොලසන් දී ඔහුව පිලිගත්තා
හරි එහෙනම් අපි වැඩ කරමු කියා සෙනු සහාස්ගේ සීට් එක පෙන්වන්න විය සහාස්ද ඒ පුටුවේ වාඩි වී සෙනූ දෙස බැලිය සෙනූ ඔහුට ඉදිරියේ ඇයගේ සීටි එකේ වාඩි වී ඔහු දෙස බලා ගුඩ් ලක් කියා ඇය ඇයගේ වැඩට යොමු විය. ඒ ඒකම සෙනු අනූ සහාස් මීටින් එක රෙඩි කලයන්ට් ඇවිල්ලා ඉන්නේ කියා පණිවිඩය ලැබු වහාම තුන්දෙනාම මීටින් රූම් එක වෙත පිය මැන්නා සහාස් සෙනු දෙස බලා මට මොනවත් දන්නේ නෑනේ සෙනු කියා රහසින් කීවා සෙනූ බය වෙන්න එපා අපි ඉන්නවනේ අපි රෙඩි වුනා නේද අනූ කියා සෙනු අනු වෙත් හැරි කීවා
ඔවු ඔවු අපි ඉන්නවානේ ඔයා අදනේ ආවේ ඒ නිසා අවුලක් ගන්න එපා ඔයාව අපි කවර් කරන්නම් කියා මීටීන් රූම් එකේ දොර ඇරියා එහිදි තවත් පුද්ගලයන් සමග තවත් අය පැමිණ තිබුනා ඒ එක්කම
සෙනූත් අනූත් සහාස් ඒ වෙලාවේ පුදුම වී බලා සිටියා
ඒ වගේම ඒ ඇවිත් සිටි D&D එකෙ ඩිරෙක්ටර් පුදුම වී සෙනූ දෙස බලා සිටියා
සෙ..සෙනූ ඔයා...... අනූ සහාස් ඔයාලාත් මේකේද වැඩ කරන්නේ හරිම පුදුමයි ඇවිත් හිටිය අමුත්තාද පුදුම වී සෙනූ දෙස බලා කියන්න විය.
තේජාන් සෙනූ හිතින් තමන්ටම මුමුණ ගන්න විය.
ආ.....ඔයාලා මීට කලින් අදුරනවද සෙනුරි සෙනුරිගේ බොස් අසන්න විය.
සෙනූ කිසිම වෙනසක් නොපෙන්වා හ්ම්ම් ඔව් සර් අපි කොලෙජ් එකේ එක පංතියේ හිටියේ
මෙයා මගේ.....මගේ....කියා ටිකක් සෙනු අදිමින් මගේ යාලුවෙක් සර්
කියා කියමින් ඇය මේසේ වාඩිවෙන්න විය.
අනූ ඔහු දෙස බලා.ඔරවමින් අහක බලන්න වියම්. සහාස්ද පුදුම වී ඔහු දෙස තියුනු බැලමකි බලන්න විය.
ශා.......එහෙනම් ඔයාලාට මේ ප්රොජෙක්ට් එක හොදට කරන්න පුලුවන් ඔයාලා හොද යාලුවොනේ
අනූ එවිට අපි එච්චරම හොද යාලුවෝ නෙවෙයි සර් තේජාන් දෙස රවා බලමින් කීවා.
නමුත් තේජාන් ඒ කිසිවක් ගනන් නොගෙන සෙනු දෙස බලාගෙන ඉන්න විය සෙනූ ඔහුව ගනන් නොගෙන ඇය මීටීන් එකට ලෑස්ති වෙන්න විය. සහාද ඇය ලග වාඩි වී ඇයට උදවු කරමින් සිට්යා ඒ දෙස තේජාන් බලා සිටියා...
හරි එහෙනම් අපි මීටීන් එක පටන් ගමු කියා කියන්න විය.
ඒ මීටීන් එක පැය එකහාමාරක් පැවැතුනි.
දෙගොල්ලෝ අතර හොද සකාච්ජාවක් පැවතුනි ඒ සාකච්ඡාව අතර තේජාන්ගේ නෙත නිතර නිතර සෙනු දෙස යොමු වුනත් සෙනූ ඔහුව ගනන් නොගෙන ඇය අයෙගේ වැඩෙට අවදානය දී සිටියා..හරියට නානදුන කෙනෙක් මෙන් ඉන්න විය.
එය සහාස්ද නිරික්ෂණය කරමින් සිටියා.
සහාස්ගේ හිතේ තේජාන් දුටු විට හිතේ කලබලයක් ඇති වෙන්න විය. සෙනූ නැවත ඔහුට අහිමි වෙයිද නැත්තම් සෙනූ තේජාන් කෙරෙහි ඒ කාලේ තිබ්බ ආදරේ ආයම අවුරුදු ගානකින් දැක්ක නිසා දලු ලයි දෝ කියා ඔහු කලබලයෙන් සිත්මින් ඉන්න විය.
මීටින් එක ඉවර වී ඔවුන් තිදෙනා එලියට එන්න විය නමුත් තේජාන් හා එයාලගේ අය සහා සෙනූගේ ලොක්කා පමණක් මීටින් රූම් එකෙන් සිටියා සෙනූ ඉදන් සිටි පුටුවෙන් නැගිට ඇය මීටින් රූම් එකෙන් එලියට එන්න විය
තේජාන් ඇය දෙස බලා සිටියේ ඇය ඔහු දෙස හැරි බලනකන් ඒත් සෙනූ මීටින් රූම් එකෙන් එලියට ආවා
ඒ අතර සහාස්ද තේජාන් දෙස රවා බලා ඔවුන් සමගම එලියට ආවා
ඒ......මොකක්ද බං ඒ වුනේ මට එක පාරම ශොක් වුනා තේජාන්ව දැක්ක ගමන් අනූයි සෙනූයි ඔවුන්ගේ වැඩකරන මේසයේ පුටුවේ වාඩ් වෙන ගමන් කියන්න විය
හ්ම්ම්ම්ම්.....කියා සෙනූ ඇයගේ කම්පියුටර් එක දිහා බලන්න විය.
එවිට අනූ සහා සහාස් මූණට මූණ බලාගන්න විය.
සෙනූ කම්පියුටර් එක දෙස බලා සිටියදී මොකක්ද අද වුනේ තේජාන් මොකද මෙහෙ කරන්නේ ආයේ ඇයි මට ඒ මූණ බලන්න වුනේ මට ආයේ එයාව දකින්න ඕන නැති නිසයි අං හැමදේම අත ඇරලා ආවේ එවිටම ඇයට කොලේජ් එකෙදී තේජාන් කී මට ඔයාගේ මූණවත් බලන්න කැමති නෑ කියා කියු වචන ආයේ අයේ මතක් වෙන්න විය. එවිට ඇයට පපුවට වේදනාවක් හා අයගේ යටපත් වෙලා තිබුන තුවාලය ආයේ මතු වුනා වගේ හැගීමක් එන්න විය.
නෑ ........මාගේ ප්රතික්ෂේප හා මාව ලැජ්ජා කරපු කෙනෙක් නිසා ආයේ මං අඩන්නේ නෑ එයා ආවේ එයාගේ වැඩේ කරන්න මාත් ඒ වැඩේ භාර ගත්තා මේක කම්පැනි එකේ වැඩක් ඒ නිසා කං මේක ඉවර කරනවා මගේ වගකීම මං ඉෂ්ට කරන්න ඕන ඒ නිසා සෙනූ ඔයා ඒයා නිසා පරන දේවල් නිසා ඔයා වැටෙන්න එපා රජකාරි සම්බන්ධතාවක් විතරක් තියා ගමු කියා තමන්ටම කියා ගන්න විය.
සෙනූ එසේ සිතා ඒ දේවල් අමතක කර ඇය සුපුරුදු පරිදි ඇය හිනා වෙලා වැඩ කරන්න විය.
ටික වෙලාවකින් අනූ සෙනූ ලගට පැමිණ සෙනූ අපි ලන්ච් එකට එලියට යමුද අනූ අසන්න විය. මොකද අනූ සිතුවේ සෙනූ අවුලෙන් සිටිනවා කියා සිතමින්
හ්ම්ම්ම්ම්ම්.....ඒක හොද අදහසක් සෙනූ හිනා වෙලා උත්තර දෙන්න විය.
හරි එහෙනම් යමු මං සහාස්ගෙනුත් අහලා එන්නම් කියා අනූ එතනින් යන්න විය. එවිට සහාස්ද අනුද සෙනූ ලග පැමිණ අපි යමු කියා පිටත් වෙන්න සුදානම් විය.
ඔවුන් තිදෙනා කෑමට යන්න සුදානම් වෙද්දී සහාස්ගෙ ෆෝන් එක රිංග් වෙන්න විය.
අනූ ඔයාලා යන්න මං කෝල් එක ආන්ස්වර් කරලා එන්නම් කියා ඔහු නැවතුනා
අනූත් සෙනූත් යන්න පිටත් විය.
ඔවුන් ලිෆ්ට් එකට නගින්න් බලන් ඉන්න ගමන් සෙනූ ඔයා හොදින්ද? කියා ඇසීය.
ඇයි මං හොදින් නෙවෙයි වගේද පේන්නේ සෙනූ අනුගෙන් ඇසීය
නෑ බං ඔයා තේජාන්ව දැක්ක නිසා ඔයා අවුලෙන් වගේ කියලා හිතුනා ඒකයි ඇහුවේ අනූ සෙනූගේ අත අල්ලන් කීවා.
නෑ අං අවුලෙන් නෑ මගේ මූණවත් බලන්න ඕන නෑ කියපු කෙනා එක්ක මට වැඩ කරන්න වුන ඒකයි කල්පනා කරන්නේ අනූ සෙනූ කීය
ඇයි ඔයාට එයාව දැක්කම ආය කැමත්තක් ආවාද අනූ සෙනූගෙන් ඇසීය
පිස්සුද අනූ එයාට මගේ හිතේ තිබ්බ ආදරේ එයා මරලා දැන්මා ඒකට ආයේ පණ දෙන්න බෑ අනූ මට එහෙම එයාව දැක්කා කියලා මට එදා තීබ්බ ආදරේ දැනුනේ නෑ.
එදා මං මහ වැස්සේ කෑ ගහලා අඩද්දී සහාස් මං ලග ඉන්නවා දැක්කම මට මහ සැනසීමක් දැනුනා මාව මුලු ලොකයක් ලැජ්ජා කරද්දී එයා මගේ ලග හිටියා මාව සැනසුවා එදා මට ටිකක් හරි හිත හදගන්න මට පුලුවන් වුනා එයා කිවුවේ ඔයාගේ දැන් ඇඩුවට කමක් නෑ දුක නිසා හැබැයි ඔයාගේ ආදරේ වටින්නේ නැති කෙනෙක් නිසා වැටෙන්න එපා ඒක අපරාධයක් කියලා කිවුවා එදා මට සැනසීමක් තිබ්බා...ඒ වෙලාවේ තමයි මට හිතුනේ මගෙව් ආදරේ වටින්නේ නැති කෙනෙක් වෙනුවෙන් මං මගේ දෙවල මං නැති කර ගන්න ඕන නෑ කියලා අනූ ඒ අතින් සාහාස් ග්රේට් පර්සන් කෙනෙක් සෙනූ කීවා
හ්ම්ම්ම්ම්ම් ඒක ඇත්ත සෙනූ දෙදෙනාම ලිෆ්ට් එකට ගොඩ වෙන ගමන් අනූ කීවා
දන් ඔයා ගත්ත තීරණේ මොකක්ද මේ ප්රොජෙක්ට් එක ඔයා කරනවද සෙනූ අනූ ඇසීය
වයි නොට් මං කරනවා මගේ ප්රර්සනල් ඒවා වැඩ එක්ක තියා ගන්න ඕන නෑ තේජාන් අද ආවේ අපේ ක්ලයන්ට් කෙනෙක් විදිහට අපෙ කම්පැනි එකට ඒ නිසා මං රජකාරි මට්ටමෙන් ඒයාගේ වැඩේ කරනවා. සෙනූ අනු දෙස බලා කීවා
හ්ම්ම්ම්ම්ම්...මොනවා කලත් අං ඔයා එක්ක ඉන්නවා සෙනූ. අනූ සෙනුගේ අත අල්ලගෙන කීවා
එක.මං දන්නේ නැතුවා අනූ
හරි අපි යන් කියා ඔවුන් ලිෆ්ට් එකෙන් බැස කන්න යන්න විය.
ඒ අතර සහාස්ට කෝල් එකක් ආවේ එයාගේ අයියාගෙන් එයා අයියාගේ
ඔහු ඒක ආන්ස්වර් කරා අයියේ කියන්න
සහාස් ඔයා මගේ ඔෆිස් එකට එන්න කියා කීවා
ඔහු ෆෝන් එක කට් කර අයියාගේ ඔෆිස් එකට යන්න විය.
මොනවා වෙයිද ඉදිරියේ
සෙනූට ආයේ තේජාන් ගැන ආදරේ දලුලයිද සහාස්ට මොනවා වෙයිද
ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻