13 වන කොටස

පරිච්ඡේදය 14 | jessi 13 වාර කියවා ඇත 0 අදහස්

සහාස් අයියාගේ ඔෆිස් එකට යන්න පිටත් වුනා 

ඔහු දොර ලගට යද්දිම තේජාන් ඔෆිස් එකෙන් එලියට ආවා 


සහාස් හා තේජාන් මූණට මූණ බලාගෙන හිටියා 


ඔයාත් සෙනූ එක්කද වැඩ කරන්නේ තේජාන් ඇසීය.


ඔවු මං වැඩ කරනවා ඇයි ඔයාට අවුලක්ද සහාස්ද රුහිතට මෙන් කීය.


නෑ....මට අවුලක් නෑ ඔයලා ගොඩක් ලගින් ඉන්නවා ඒකයි ඇහුවේ තේජාන්ද කීය


හ්ම්ම්ම් ඔව් වටිනාකම දන්න නිසයි ඒයා එක්ක ලගින් ඉන්නේ 


හ්ම්ම්ම්....මාත් දැන් හැම වෙලාවෙම ඔෆිස් එකට එනවා 

එතකොට මට එයා එක්ක කතා කරලා ඉන්න වෙනවා අනික එයා මටනේ ඉස්සර කැමැත්තෙන් හිටියේ

තේජාන් තර්ජනාත්මක හඩින් කීය.


ඉතින් මට මොකෝ ඔයා ආවත් එකයි මට නාවත් එකයි. එයා කැමැත්තේන් හිටියා කියන එකනම් ඇත්ත ඒක මාත් දන්නවා ඒ වගේම ඒ කෙල්ල ඔයාට කැමති කියලා කියද්දී මුලු කොලෙජ් එකක් ඉස්සරහා ලැජ්ජා කලා ඒ විතරක් නම් කමක් නෑ ඒක විඩියෝ කරලා මුලු කොලෙජ් එකෙම පතුරලා ඒ කෙල්ලව ලැජ්ජා කලා කියලත් අමතක කරන්න එපා. වටිනා කමක් නොදන්න මිනිහෙකට ආදරේ කලා කියල සෙනූ පසුතැවෙනවා කියලා මම දන්නවා.

සහාස් කියාගෙන යන්න විය.


ඒ ඇසු තේජාන්ගේ මූණ වෙනස් වෙන්න විය ඔහු සහාස්ට තවත් කිසි දෙයක් වචන ඉතුරු නොවී ඔහු නිරුත්තර විය 

සහාස් තියුනු බැලමක් තේජාන් වෙත් පා ඔහු ගස්සගෙන ඔෆිස් එක ඇතුලට යනන් විය. 


තේජාන් කිසිවක් නොකියා ඔහු එතනින් යන්න විය.


ඔහු ඔෆිස් එකේ පඩිපෙල ලග හිටගෙන කල්පනා කරමින් සිටියදී ඔහු සෙනූත් අනූත් ඔෆිස් එකේ එලියේ දොර වෙත යනවා දැක්ක ඔහු සෙනූ දෙස බලා සිටියා ඇය දීප්තිමත්ව අනූ එක්ක හිනා වෙමින් කතා කර කර යනවා ඔහු දුටුවා ඔහු ඇගේ හිනාව දෙස බලමින්  ඇය දෙස බලාගෙන සිටියා 

මට ඔයාව ආයේ හම්බවුනා සෙනූ 

කියා හෙමින් කීය.


ඒ අතර සහාස් අයියාගේ ඔෆිස් එක ඇතුලට ගියේ තරමක් තරහින් වගේ

ඔහු ඇතුලට යද්දිම මොකො මූණ මල පැනලා වගේ අයියා ඔහුගෙන් ඇසුවා.


මොකුත් නෑ අයියා ඔයා කෝල් කලේ ඇයි.මං ලන්ච් එකට යන්න හැදුවේ.සහාස් අයියාගේ ඔෆිස් එකේ සෙටි පුටුවෙන් වාඩිවෙන් ගමන් ඇසීය.


මේ උඔ මිස්ටර් තේජාන්ව අදුරනවද අයියා ඇසීය


ඔව් ඇයි පොර මොනවා හරි කිවුවද සහාස් අයියා දෙස බලමින් ඇසීය.


හ්ම්ම්ම්....ඔව් පොර සෙනූ ගැන ඇහුවා අයියා සහාස් දෙස බලමින් කීවා


ඌ මොනවද සෙනූ ගැන ඇහුවේ සහාස් තරමක් තරහින් අයියාගෙන් ඇසීය


මොකද බං උඔ හරියට මං සෙනූ ගැන ඇහුවා වගේ තරහෙන් මගේ ඇගට පනින්නේ අයියා සහාස්ගෙන ඇසීය.


නෑ...නෑ....සොරි අයියා මගේ හිත පොඩ්ඩක් කලබලයි මේ වලාවේ ඒකයි සහාස් අයියාට කීය


හ්ම්ම්ම්ම්ම්......මං උබලාගේ කතාව හරියටම දන්නේ නෑ ඒත් මල්ලී හැමදේම ඉවසීමෙන් බලන් ඉන්න මං දන්නවා ඔයා සෙනූට කැමති කියලා ඒ වගේම තේජාන් මට හිතෙන විදිහට මිනිහත් කැමති වගේ මට සෙනූ ගැන හරියටම කියන්න බෑ මොකද ඔයාලාගේ කතාව දන්නෙව් නැතුව ඒත් මල්ලි ආදරේ වටිනා කම දන්න කෙනෙක් හා ඒ වටිනාකම එයාත් ආදරෙදී දෙන කෙනෙක් නම් ඔයාට සෙනූවලැබෙයි. ඔයාට සෙනුව ගොඩක් ගැලපෙනවා ඒ කියලා ඔයා ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා වගේම ඒ හිමිවිම වගේම අහිමිවීමටත් ඉවසන්න මං දන්නවා ඔයාගේ හිත ගැන ඔයා පවුලේ අය නිසා ඔයාගේ කැමති හැමදේම කැප කලා මල්ලි මාත් එහෙමයි මගේ ආදරේ පවා මං කැප කලා ඒත් ඔයා එහෙම වෙන්න ඕන නෑ ඔයා ඔයාගේ ආදරේ ජය ගන්න මල්ලි ඔයා නිතරම එයාට හොද කෙනෙක් වෙන්න එපා එයාටම තේරෙන්න අරින්න ඔයාගේ ආදරේ වටිනාකම් එතකොටයි තේරෙන්නෙ එතකොට ඔයාට ඒ ආදරේ ලැබෙයි.

සහාස්ගේ අයියා සහාස් ලග වාඩිවෙමින් කීය.


අයියේ මං මේ පාර සෙනූව නැති කරගන්නෙ නෑ අයියා එයාව මට නොලැබුනාත් මං හැමදාම එයාට ආදරේ කරයි අයියා මං ඒතරමට එයාට ආදරෙයි අද මට තේජාන්ව දැක්කම මට හිතුනේ ආයේ මට සෙනූව නැතිවෙයි කියලා බයක් අයියේ සහාස් අයියට කීය.


හ්ම්ම්ම්ම්.....එන හැමදේටම කලබල නැතුව ඉවසගෙන බලාගෙන ඉන්න හැබැයි පරක්කු වෙන්නත් එපා ඔය අතර අවස්තාවක් ආවොත් සෙනුගෙන් අහන්න

අයියා කීය.


හ්ම්ම්ම්ම්.....මං බලන්නම් අයියා සහාස් කීවා


ගෙදරින් එන දේවල් ගැන ඔයා සැලෙන්න එපා මං ඒවා බලාගන්නම් අයියා සහාස්ගේ කරට අත් දාගෙන කියන්න විය 


හ්ම්ම්ම්ම්....තැන්ක්‍යු අයියා තැනක්‍යු වෙරි මච්

කියා සහාස් කීවා


ඔය අතරේ සහාස්ගේ ෆෝන් එක රින්ග් වෙන්න විය.


සෙනූ කතා කරනවා කියා ඔහු ඒ කෝල් එක ආන්ස්වර් කරන්න විය.


සහාස් කොහෙද ඉන්නේ එන්නේ නැද්ද අනේ කන්න මට හොදටම බඩගිනි කෑමත් ඕඩර් කලා ඔයා එනකන් ඉන්නේ සෙනූ කීය.


ඒක තමයි අනේ මාට් කිවුවේ කොහෙද සෙනූ කියනවා ඔයා එනකන් ඉන්න කියලා අනූද එහා පැත්තේ ඉදන් කෑ ගහන්න් විය.


හරි හරි මං එන්නම් කියා ඔහු කට් කරන්න විය.


අයියා ඇස් පුංච් කරමින් අම්මෝ කොල්ලා නැතුව කෙල්ලට දැන් උගුරෙන් පහල කෑම යන්නේත් නැද්ද කොහෙද මං හිතන්නේ කෙල්ල කැමත්ද දන්නෙව් නෑ කොල්ල සෑහෙන දියුණුයි වගේ මං හිතුවට ඒසේ කියමින් සහාස්ගේ බඩ හෙමින් පාරක් ගහන්න විය.


අයියා පිස්සු කියනවා මං මේ අවුලෙන් ඉද්දී සහාස් එසේ කියමින් පුටුවෙන් නැගිටින්න විය.


ආ.....ආ.....දැන් ඉතින් අර මනුස්සයා නිසා ඉරිසියාවෙන් තමයි ඉන්න වෙන්නේ මොකද ඔයත ඉරිසියා කරන්න දන්නේම නෑනේ

අයියා සහාස්ව නොන්ඩි කරන්න විය.


අනේ මේ මං යනවා ඔයා කෑම කන්නේ නැද්ද 


මං යනවා මිස්ටර් තේජාන් එක්ක ඔයා ගියාම මාත් යනවා එයා එක්ක.අයියා කිවුවා


හ්ම්ම්ම් හරි මං යනවා 

කියා ඔහු යනා විය. 

ඔහු දුවගෙන යනන් විය. ඔෆිස් එක ලගම තියෙන කෑම කඩේ නිසා ඔහු ඉක්මනින් යන්න විය.


ඔහු ඒ කඩේද යද්දීත් සෙනූත් අනූත් කතා කරමින් සිටියා.

සෙනු සහාස්ව දැක අතවනා සහාස් අපි මෙහේ කියා සහාස්ට කතා කරන්න විය ඔහු ඇවිත් සෙනූගේ ලගින් වාඩි වෙන්න විය.


කොහෙද අනේ ගියේ මං හිතුවේ මෙතන කලන්තේ දායි කියලා ඒ තරම් බඩගින්නේ හිටියේ අනූ කීවා


හරි හරි දැන් සහාස් ආවනේ අපි කමු කියා ඔවුන් එකිනෙක කතා කරමින් හා හිනාවෙමින් කෑම කන්න විය. 


ඔය අතර තේජාන් වහනයේන් හොටෙල් එකට යද්දී ඔහු දකිනවා

සෙනූත් සහාස් දෙන්න හිනාවෙමින් කෑම ගන්නවා ඔහු දකිනවා ඔහු තිරංගය අතෙන් මිරිකන්න විය.ඔහුට ඉරියාවක් හා තරහාවක් ඇති වෙන්න විය. 


හ්ම්ම්ම්....මං මහා මෝඩ වුනා එදා එයාව මං ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඉන්න තිබ්බේ මගේ මෝඩ කම නිසයි මට එයාව එදා නැති වුනේ ඒ එක්කම එදා ඔහු වැස්සේ දුව ආ සෙනූ ව ඔහු වැස්සෙ හොයන්න සමාව ගන්න හොයන් එද්දී සෙනූ සහාස්ගේ පපුව මත ඔලුව තියන් අඩනවා දකින්න විය. ඔහු එදායින් පස්සේ සෙනූව දුටුවේ නෑ ඔහුට ඒක මතක් විය එවිට ඔහුගේ ඇස් වලට කදුලු පිරෙන්න විය. එදා එයා මොන තරම් රිදිලාද හිටියේ ඒකත් මං නිසා මට එයාව සනසන්නවත් අඩුම ගානේ සමාවගන්නවත් බැරි වුනා මං මේ පාර එයාගේන් සමාව ගන්නවා එයාගේ ආදරේ මං නැවත ඉල්ලනවා ආයේ මට එයා කැමති වෙයි කියලා හිතනවා මට ඒ ආදරේ දැනෙදී එයා මගේ ලග හිටියේ නෑ මට ආයේ ඒ චාන්ස් එක හම්බවුනා මං ආයේ මේක නැති කරගන්නේ නෑ කියා සිතමින් ඔහු වාහනය පැදවිය.


තේජාන්ට ආයේ චාන්ස් එකක් ලැබෙයිද සහාස්ට මොනවා වෙයිද 


ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම 


ජෙසි ❤️🌻



2026 jessi — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!