4 වන කොටස්
පරිච්ඡේදය 5 | jessi 24 වාර කියවා ඇත 0 අදහස්
අනූව බදාගෙන ඇති තරමි ඇඩු සෙනූ ඔලුව උස්සා මට දැන් කොලෙජ් එන්න බෑ මං කොහොමද ආයේ මූණ දෙන්නෙ අනූ මාව හොදටම ලැජ්ජා කලා මගේ මූණවත් දකින්න ආස නෑ කිවුවා මට දැන් තෙරෙන්නේ නෑ මං දැන් මොනවා කරන්නද කියලා අනූ කියා නැවත ඇය අඩන්න විය.
සෙනු ඔයා කොලෙජ් එන්නේ නැතුව නම් ඉන්න එපා ඔයා කොහෙවත් යන කෙනෙක් නිසා ස්ටඩිස් නැති කර ගන්න එපා විශේෂයෙන් තේජාන් නිසා ඔයාව එයා ප්‍රතික්ෂේප කරපු එකට නම් එයාට අයේ ලොවෙත් නැති වෙන්න පසුතැවෙන්න වෙයි බං ඔය සිද්දිය ටික කලේකින් ඔක්කොමට අමතක වෙයි ඔයා කොලෙජ් ඇවිල්ලා හොදට ඉගෙන ගන්න බලපන් දවසක තේජාන්ම උබෙන් පින්සෙණ්ඩු වෙවි එයි උබේ ඔය ආදරේ ඉල්ලගෙන අනූ කීවේ සෙනුව සනසන්න
එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ හිත කෑලි වලට කැඩිලා ගියා වගේ බං පපුව හිර කරලා වේදනාවයි බං මං මෙච්චර ආදරෙ කරලා එයාට තේරුනේ නැද්ද කියා සෙනූ නැවත හයියෙන් අඩන්න විය.
අනූට මොනවා කියලා සනසන්නද කියා හිත ගන්න බැරුව ඇය පිටට තට්ටුකර සනසන්න විය.
පසුව සෙනූ බංකුවෙන් නැගිට මට ගෙදර යන්න ඕන අනූ අපි ගෙදර යමු කියා ඇස්වල තිබු කදුලු පිස දමමින් ඇය නිවස බලා යන්න විය.
ඇය නිවසට යන විට ඇයගේ මව පුදුම වී ඇය දෙස බලා මොකද දුව අද කලින් අද කොලෙජ් නැද්ද
සෙනූ කිසිදේකට උත්තර නොදී කාමරය වෙත් ගොඅස් කාමරයේ දොර වසා ඇදට පැන ඉකිගසා අඩන්න විය
සෙනූගේ මව කමරය දොර ලගට ගොස් දොර තට්ටුකරා දූවේ කෑම කන්නේ නැද්ද කියා ඇසුවේ සෙනූට මොකක් හරි ප්‍රශ්නයක් කියා අම්මාට දැනුන නිසා
අම්මේ මං පස්සේ කෑම කන්නම් මට පොඩ්ඩක් තනියම ඉන්න දෙන්න මං හොදින් ඉන්නවා ඒත් මට පොඩ්ඩක් ඉන්න දෙන්න
හරි ඔයාට බඩගිනි වුනාම කියන්න මං ඔයාට බෙදන්නම් අම්මා දොර ලග ඉදන් එසෙව් කියා තවත් ඇයට කරදර නොකර කුස්සියට යන්න ගියා
හරි අම්මේ ......කියා ඇය ඇදේ කොට්ටේ තද කරන් අඩන්න විය ඇය අඩලා අඩලා වෙහෙස වී ඇය අන්තිමට හිතුවේ මං ඇයි මට ආදරේ නැති කෙනෙක්ට ආදරේ කරන්න හිතුනේ එහෙම වුනේ මට තෙජාන් ගැන ආදරයක් හිතුනේ නැත්තම් මට මේ එක ලැජ්ජාවක්වත් නෑ
මට දැන් කොලෙජ් එකට කොහොමත් යන්න බෑ
හ්ම්ම්ම්ම්.........මං දැන් ගෙදර අයට මොනවද කියන්නේ ඒත් මං හෙට නම් යන්නේ නෑ කොහොමත්ම
දැන් මේ ඔක්කෝම අමතක කරලා දාමු මොකද මට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මං ඇයි කොලෙජ් යන්නේ නැතුව ඉන්නේ අනික කවුරුත් කියන ඒවා මං අහන්න ඕන නෑ මට අනූ ඉන්නවා ඔව් මං රිජෙක්ට් වුනා ඕක ටි කාලයක් යද්දී අමතක වෙයි හැමෝටම මං ආයේ සෙකන්ඩ් වෙන්න් යන්නේ නෑ මගේ ආදරේ සෙකන්ඩ් කරන්නේත් නෑ එයාට මගේ මූනවත් බලන්න ඕන නැත්තම් මට එයාගේ මූණ දහස් වාරයක් බලන්න ඕන නෑ
හ්ම්ම්ම්......එයා මට මෙච්චර ලොකු කම පෙන්නුවේ මං එයාගේ පස්සේන් ගිය ප්‍රතික්ෂේප වෙනවා නම් එත්නින් අයින් වෙන එකයි හොද
ඇයට.එක පාරම සහාස් එද ඇය අඩද්දි කියු කතාව මතක් වුනා
ඔයාගේ ආදරේ වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙකුට ආදරය කරන්න කියලා
සහාස් වුනත් කොලෙජ් එකේ මොන තරම් ජනප්‍රියයිද එයාත් ලස්සනයි හැන්ඩ්සම් ගෑනූ ලමයි කී දෙනෙක් තේජාන්ට වගේම පිස්සු වැටිලා ඉන්නවාද ඒත් හරිම නිහතමානි කිසිම ලොකු කමක් නෑ
හ්ම්ම්ම්ම් ........මං කොහොමත් හෙට යන්නේ නෑ කොලෙජ් මං දැන් අදින විදිහ වුනත් වෙනස් කරන්න ඕන දැන් මගේ ආදර්වෙ ගැන වටිනාකමක් දන්නේ නැති කෙනෙක්ට ආදරේ කරන්න ඕන නෑ දැන් ඔයා නිදහසේ ඉන්නා සෙනු ඔයා ප්‍රතික්ෂේප වුනානම් ඒක ඔක්කොම හොදකට ආයේ මං තේජාන්ට ආදරේ ඉල්ලලා පස්සේන් යන්නේ නෑ කවද හරි තේජාන්ට මගේ ආදරේ වටිනාකම් දැනුනත් එයා පසුතැවෙයි මේ ගැන
මට මේ කරපු දේට කවදාහරි පසුතැවෙයි
මට දැන් කවුරුත් වැඩක් නෑ මං දැන් ඉදන් මං වෙන්න ඕන
එසේ කල්පනා කරමින් සිටි සෙනූට නිනද ගියේ ඇයත් නොදැනයි.
ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻
*කලින් හතර වන කොටසේ බගයක් පබ්ලිශ් වුනා ඒකයි නැවත් හතර වන කොට සම්පූර්ණ කරලා දැම්මේ