6 වන කොටස
පරිච්ඡේදය 7 | jessi 8 වාර කියවා ඇත 0 අදහස්
පසුවදා උදෑසන සේනූ නැගිට්ටේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙටයි
හෙලෝ සේනූ ෆොන් එක ආන්ස්වර් කලේ නිදිමතින්
එහා පැත්තෙන් අනු හෙලෝ සෙනූ අද කොලෙජ් එන්නේ නැද්ද කියලා ඇහුවා
අනූ මං අද එන්නේ නෑ.... මට ටිකක් තව හිත හදාගන්න ඕන අනූ ඔයා යන්න ගිහින් අද නෝට්ස් ටික ලියලා මටත් දෙන්න
හ්ම්ම්ම්ම්......හරි ඔයා එහෙනම් අද ඉන්න මං අද හවසට එන්නම් නෝට්ස් අරන්
සේනූ හිත හදාගන්න බලන්න ඔයා කොලෙජ් එකේ අය මොනවා හිතයිද කියලා බයේ නම් එන්නේ නැතුව ඉන්න එපා මොකද ඔයාගේ ඉගෙනීම ඔයාට ඕනනේ අනික තේජාන්ට ඔයාව එක පාරක් එපා නම් උබට සිය වතාවක් එපා කියපන්
නැහැ අනූ මට දුකයි මං මෙච්චරට ආදරේ කරලා මුලු කොලෙජ් එකක් ඉස්සරහ මාව ලැජ්ජා කලා බං
මට අකමැති කිවුවත් මං ඉවසනවා ඒත් මාව මුලු කොලෙජ් එකක් ඉස්සරහා මගේ මූණවත් දකින්න කැමති නෑ කියලා මාව ලැජ්ජා කලා මට ඒකයි දුක එයා ගැන තිබ්බ ආදරේ එහෙම්ම නැතිව ගියා
මට තාම හිත හදාගන්න අමාරුයි අනූ. සේනූ හඩමින් අනූට කිවුවා.
හරි හරි අඩන්නේ නැතුව ඉන්නකෝ මං දැන් කොලෙජ් යනවා මං නෝට්ස් ටිකත් අරගෙන හවස මං ගෙදර එන්නම්. බායි
හරි බායි අනූ.....
අනූ ෆෝන් එක සක්කුවට දාගෙන කොලෙජ් එකට යන්න ගියා
තේජාන්ද යාලුවෝ එක්ක කොලෙජ් එකට ඇතුල් වුනා ඔහුට ඉබෙම අඔ ගහා දිහා බැලුනේ වෙනදාට සේනූ ඔහු දෙස බලා සිටින්නෙ මේ අඔ ගහා යට ඉදන් . හා ගුඩ්මෝර්නින් කියන්න ද ඇය හැමදාම ඉන්නවා ඒත් අද නෑ ඔහු වටපිට බැලුවේ ඇය වෙන තැනක සිට ඔහු දෙස බලා ඉන්නවද කියා දකින්නයි නමුත් ඇය කොහෙවත් හිටියේ නෑ ඔහු නැවත යාලුවන්ට අවදානය දෙමින් කෙම්න් කෙමෙන් පංතියට ගියේ ඇය පංතියෙවත් සිටිනවාද කියා හිතමින්
තේජාන් පංතියට ගිහින් බෑග් එක තියලා සේනු ඉන්න ඩෙස්ක් එක දිහා හැරිලා බැලුවා නමුත් ඇය සිටියේ නෑ ඔහු වටපිට බලා පංතියේ තියෙන ඔරලෝසුව
දිහා බලාලා නැවත් මේසය දෙස බලා අනුගේ මේසය දෙසද හැරිලා බැලුවා ඇයද තවම පැමිණ නැහැ සමහර විට පරක්කු වෙලා එනවා ඇති කියා සිතමින් ඉද්දි
තේජාන් එන්න අපි කැන්ටින් එකට යමු මොනවා හරි කන්න තව විනාඩි 10 ක් තියෙනවා පටන් ගන්න ඉක්මනට එන්න
පංතියේ දොර ලග තේජාන්ගේ යාලුවා වන අරොශ් කතා කලා
තේජාන් හරි යමු කියා ඔහු බෑග් එක මේසෙ උඩින් තියලා ඔහු සමග යන්න දොර අසලට ආවා
එතකොටම ඔහු කොරිඩෝවෙන් ඇවිදන් එන අනූව දැක්කා
නමුත් ඇය එන්නේ තනිවමයි
ඒ එක්කම සහාස් අනූගේ පසුපසින් දුවන් එනවා ඔහු දුටුවා ඇවිත් අනූව නවත්වා
අනූ කෝ සෙනු තාම සෙනු අවුලෙන්ද ඉන්නේ
හ්ම්ම්ම්ම්.....සෙනූ එන්නේ නෑ කිවුවා
ඇයි ඒ........ හ්ම්ම්ම්ම්.....තාම ඉන්නේ අවුලෙන් ඊයේ හොදටම ඇඩුවා සහාස් ගෙදර ගියාට පස්සේ මං මැසෙජ් එකක්වත් දැම්මේ නෑ ඇත්වෙනක්න් ඇඩුවාවේ කියලා දුක ඉවර වෙන්නත් එක්කම කියලා හිතුවා
දැන් කොහොමද එයාට ? අද කොලෙජ් එන්නේ නැද්ද?
සහාස් ඒ ටික අසද්දී තේජාන් ඔවුන් අසලින් යන්න විය තේජාන්ට ඔවුන්ගේ කතාව ඇසෙන්න විය
නමුත් අනූ සහා සහාස් තේජාන්ව දුටුවේ නෑ ඔවුන් දිගටම කතා කරමින් සිටියා
නෑ......අද නෙවෙයි ආයේ එන්නේම නැතිවෙයි වගේ එයාට ගොඩක් දුක හිතිලා ඉන්නේ එයාට කොලෙජ් එකේ අයට මූණ දෙන්න බෑ කිවුවා අර බුරුවා මුලු කොලෙජ් එකටම ඇහෙන්න නේ ඒ කෙල්ලව චාටර් කලේ තේජාන්ගේ තියෙන්නේ පුදුම ලොකු කමක් හැබැයි එයා දන්නේ නෑ එයාට කොච්චර සෙනු ආදරේ කලාද කියලා දවසක පසුතැවෙයි
හ්ම්ම්ම්ම්ම්.......... මං ඊයේ එයාට මැසෙජ් එකක් දැම්මා හෙට මැච් එක බලන්න එන්න කියලා හා
එයිද දන්නේ නෑ.......සහාස් කල්පනා කරමින් කිවුවා
හ්ම්ම්ම්ම්ම් මං හිතන්නේ නෑ සහාස් ආයේ එයි කියලා එයාගේ හිත හදාගන්න කල ඕන......අද මං කොහොමත් හවසට යනවා එයාගේ ගෙදර අනූ කිවුවා
සහාස් හා අනූ කතා කරන සෑම දෙයක්ම තේජාන්ට ඇසුනා
ඔහු කිසිවක් නොකියා ඒවා ආසාගෙන ඉද නොඇසුනා සේ ඉන්න විය.
පංතිය පටන් ගන්න විය පංතී භාර මිස් පැමිණ ලමයින්ගේ නම් ලකුණු කරන්න විය
එක එකෙන්නගේ නම් කතා කර
පසුව සෙනූගේ නම් කතා කරන්න විය පංතියම නිශ්ශබ්ද විය
කෝ.... ලමයි සෙනු
එවිට පංතිය පුරා කසුකුසුවක් යන්න විය එවිට
ආ..... අද සෙනූ ඇවිල්ලා නෑ ෂුවර් එකටම ලැජ්ජා හිතෙන්න ඇති ඒකයි එන්නේ නැතුව ඇත්තේ කියා කසු කුසුවක් යන්න විය. ඒ සියල්ල තේජාන්ටද අනූටද ඇසෙන්න විය.
අනූ නැගිට අද එයා එන්නේ නෑ මිස් එයාට සනීප මදි කියා වාඩි වෙන්න විය.
ඇය වාඩි වෙද්දී තේජාන් ඇය දෙස හැරි බැලුවා ඇය තේජාන් දෙස රවලා බලා වාඩි වුනා
හරි හරි අපි දැන් පාඩමට ආවදානේ දෙන්න කියා පාඩම් වැඩ පටන් ගන්න විය පසුව එසේ වෙලාව ගෙවී ගොස් ඉන්ටර්වල් වෙලාව පැමිණියා
අනූ කැන්ටිමට යන්න ලෑස්ති වෙලා ෆෝන් එක අතට ගෙන බැලුවා
එතකොටම ස්කූල් ගෘප් එකේ විඩියෝ එකක් හා දිග චැට් එකක් යනවා ඇය කලබල වී ඉක්මනින් ඇය විඩීයෝ එක දකිනවා ඒකේ තේජාන් ඇයට එදා අපහාස විදිහට බනින එක කවුරු හෝ කෙනෙක් විඩියෝ කර එය ගෘප් එකේ දමා ඇත එහි ගෘප් එකේ අය තීනූට අපහාස කර ඇත
අනූට බොහො සේ කෙන්ති ගොස් ඇය බෑග් එකත් අරං ගියේ කැන්ටින් එකට එහිදී කට්ටියම ගෘප් එකේ යන එවා බලලා කතා වෙනවා
ඇය කෙලින්ම තේජාන්ගේ මේසය ලගට ගිහින් අනූ කේන්තියෙන්
තේජාන් ඔයාද මේ වැඩේ කලේ සෙනූ ඔයාට ඇත්තටම ආදරේ කලා ඒක මං දන්නවා ඔයාට අනිත් කෙල්ලෝ වගේ නෙවෙයි සෙනුගේ හිතේ ඔයා ගැන තිබ්බේ
අනු එක හුස්මට කිවන්න විය.
තේජාන් පුදුම වී මොකක් ගැනද ඔයා කියන්නේ මං මොකක්ද කලේ
කියා අනුගෙන් ඇසීය
ඇයි දන්නේ නැද්ද මෙන්න බලන්න කියලා අනු අනුගේ ෆෝන් එකෙන් විඩියෝ එක පෙන්නුවා
එවිට තේජාන් පුදුම වී බලන් හිටියා
මං මේක දැම්මේ නෑ
ආ...... ඇත්තද අනේ මේ තේජාන් ඒ අහිංසක කෙල්ල ඔයාගෙන් කැමැත්ත ඇහුවා කියලා ඔච්චර දගලන්න ඕන නෑ ඔච්චර දගලන්නේ ඔයාගේ උඩගු කම නිසා ඔයාගේ ලස්සන විතරයි හදවතක් නෑ
දැන් ඒ කෙල්ල කොහොමද මූණ දෙන්නේ කොලෙජ් එකට ආවාම තමුසේ ඒ ගැන හිතුවද අනේ තමුසෙගේ ලොකු කම තියා ගන්නවා ඔයාට කවදා හරි මේවට ගෙවන්න වෙයි දුක් වෙන්න වෙයි කවදා හරි සෙනු කොයි තරම් ඔයාට ආදරේ කලාද කියලා තේරුම් ගනී
එතකොටම අනූට සෙනුගෙන් කෝල් එකක් එනවා එය තේජාන්ද දැක්කා
අනූ කෝල එක ආන්ස්වර් කරලා සෙනු මං දැන් එන ගමන් ඇවිල්ලා ඒ ගැන කතා කරමු කියා ෆෝන් එක කට් කරලා තේජාන් දෙස රවා බලා යන්න ගියා
අනූ ඉක්මනින් කැන්ටිමෙන් එලියට ගියා තේජාන් පුදුම වෙලා සියල්ල අසාගෙන සිටියා
ඔහු කිසිවක් නොකියා කැන්ටිමෙන් එලියට යන්න ගියා ඔහු යන විට
ලමයි කට්ටියක් ඒ විඩියේ එක බලාගෙන හොද වැඩේ දැන් තේජාන් කවුද කියලා දැන ගන්නේ නැතුව කැමත්ත ඇහුවා තේජාන්ගෙන් හොද එවායි දෙකක් අහාගත්තා කියා ඔවුන් හිනා වෙනන විය
එය ආසා සිටි තේජාන් කැන්ටිමෙන් එලියට ආවේ කෑමවත් නොකා
ඔහු කොරිඩෝවේ ඇවිදන් යද්දී සහාස් පැමිණ තේජාන් කියා කෑ ගසා ඔහු වෙතට දුව ඇවිත් අත මිටි මොලවා පාරක් ගහන්න විය තේජාන් එම පහරට බිම ඇදන් වැටෙන්න විය තේජාන් තොල අතගා බලද්දී අතේ ලේ තිබ්බා කොරොඩොව තුල සියලුම ලමයි වටෙටම බලාගෙන හිටියා
ඒ අහිංසක කෙල්ලට කරපු වැඩෙට තමුසෙගේ එච්චර ලොකු කමද ඒ කෙල්ල වැරද්දක් කලාද උබෙන් කැමත්තයි ඇහුවේ උබට තිබ්බේ කැමති නැත්තම් කැමති නෑ කියන්න ඒ කෙල්ලව මෙහෙම ලැජ්ජා කරන එකද උබ එකේ කියන කතා ඇයි උබ අමුතු ලොකෙන් ආවාද
තේජාන්ද නැගිට සහාස්ට පාරක් ගැසුවා
එවිට සහාස්ගේ හා තේජාන්ගේ යලුවෝ ඇවිත් ඔවුනව බේරුවා
මං කිව්වුඒ ඇත්ත මං ඇත්තටම.එකිට කැමති නෑ නෑ නෑමයි අනික මං එකෙ මොකක්ද කරන වැරද්ද මං කිවුවේ ඇත්ත මට එකිගේ මූණවත් බලන්න ඕන නෑ
මං එයාට කැමතිම නෑ............ ආයේ කවදවත් මට එයාව දකින්න ඕන නෑ....... කියා තේජාන් හයියෙන් කෑ ගසන්න විය එවිට ලමයි අතරින්
දැන් ඇති හොදටම මේක නවත්ත ගන්න කියා මහ හයියෙන් කෑගසාගෙන සෙනු ඔවුන් දෙසට එනවා දුටු තේජාන්ද සහාස්ද පුදුමවී බලාගෙන සිටියා
ඉතින් යාලුවනේ මගේ කතාව සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻