7 වන කොටස
පරිච්ඡේදය 8 | jessi 9 වාර කියවා ඇත 0 අදහස්
සෙනූ කෑ ගසා තේජාන් සහා සහාස් සිටින තැනට පැමිණ
තේජාන් දෙස බලා කෙලින්ම ඇය ඇයගේ පංති කාමරයට ගොස් ඇයගේ මේසය යට ලාච්චුවේ තිබු ඇයගේ පොත් හා ඇයට අයිතිව තිබු බඩු වගයක් බෑග් එකට දමා ගන්න විය එවිට සහාස් ඇය අසලට දුවගෙන පැමිණ සෙනු මේ අහන්න මං ඉන්නවානේ මං මා ප්‍රශ්නේ විසදන්නම් ඔයා දුක් වෙන්න එපා සෙනු අහන්නකෝ මං මොනව හරි කරලා කවුද මේක කලේ කියලා බලන්නම්
සහාස් කලබලෙන් කලබලෙන් සෙනුට කියන්න විය
සහාස් ඔයා කරදර වෙන්න එපා මං හොදින් ඔයා දුක් වෙන්න එපා හෙට මැච් එකනේ කොලෙජ් එකේ නෙවෙයිනේ තියෙන්නේ මං ඒකට එනවා ඔයා ප්ලේ කරනවා බලන්න හරිද
ඉස්සරහට වැඩ ටික කරන් යන්න
මං ගිහින් එන්නම් කියා ඇය සහාස්ට සමුදී ඇය යන්න ගියා ඇය කොරිඩොවේ දිගටම ඇවිදන් යද්දී මහ වැස්සක් කඩා වැටෙමින් තිබුනා ඒවගේම ලමයි පිරිසකුත් කොරිඩෝවේ ඉදන් සෙනු දෙස බලා හොරෙන් කතා කරන්න විය
සෙනු ඒ කිසිවක් ගනන් නොගෙන
ඇය යන්න ගියා
කොලෙජ් එකේ සිටි සෑම දෙනාටම ප්‍රශ්නය වූයේ සෙනු ඇයි ආවෙලාවේ කොලෙජ් ආවේ කියලා
නමුත් කිසිවෙකුට කිසිවක් නොකියා අය යන්න ගියා
ඇය ටික දුරක් යන විට ඇය තේජාන්ව දුටුවත් ඇය නොදැක්කා වගේ යන්න විය.
ඇය යන දෙස තේජාන් බලන් හිටියා
කොරිඩෝවෙන් එලියට ගිය ඇය වැස්සෙම තෙමි තෙමී යන්න විය ඒ සියල්ල තුන්වෙනි තට්‍ටුවෙ ඉදන් සහාස්ද බලන් සිටියේ ගොඩක් දුකෙන්
එමෙන්ම තේජාන්ද ඇය දෙස කොරිඩොවෙ සිට බලන් සිටියා
සෙනු වැස්සෙම කොලෙජ් එකේ ගෙට්ටුව පහු කරන් ගියා එතකන් ඇය තදකරන් හිටිය කදුලු වැස්සත් එක්කම තීනූගේ කම්මුල දිගේ ඇවිත් බිමට වැටෙන්න විය
සෙනූ වේගයෙන් කොලෙජ් එකෙන් ආවත් ඇයට ටික දුරක් යද්දි කකුල් දෙක පන නැතිව යනවා වගේ හැගීමක් එන්න විය ඇය බිම වාඩි වෙලා අඩන්න විය
සෙනුට ඇය ඉන්නේ කොහෙද කියලවත් මතක නෑ ඇය හොදටම වැස්සේ තෙමෙනවා වගේම ඇය හොදම තෙතබරියන් වෙලා ඉන්නේ ඇය දෙස පාරේ යන මිනිස්සු ඇය දෙස බල බලා යන්න විය.
ඇය ටික වෙලාවක් එසේ අඩද්දී එක පාරම කෙනෙක් කුඩයක් ඇගේ හිසට උඩින් තියෙනවා දුටුවා ඇය හිස ඔසවා බලද්දී සහාස් ඇයට කුඩයක් අල්ලන් ඉන්නවා දුටුවා
පසුව සහාස් ඔහුගේ ජර්කින් එක ඇයට අන්දවා ඇයව හෙමින් නැගිට්ටවන්න විය.
ඇය පුදුමවී
ඇය කදුලු පිසදා ඇය නැගිට
සහාස් මං වැස්සේ ඇඩුවාම කාටවත් හොයා ගන්න බෑ සහාස් මං දුකෙන් අඩනවා කියලා වැස්ස හැමදේම හංගනවා
වැස්ස හැමදේම හැංගුවාට සෙනු ඔයාගේ හැමදේම මගෙන් හංගන්න බෑ මට ඔයාව හොදටම කියවන්න පුලුවන්
සහාස් එසේ කීවේ සෙනුගේ ඇස් දෙස එක එල්ලෙම් බලමින්
එම බැල්ම සෙනුට අපහසු වුවත් ඇය නිහඩවම ඔහු දෙස බලා සිටියා
සෙනු මං ඔයාට කොලෙජ් එන්නෙ නැතුව ඉන්න එපා කියන්නේ නෑ ........ හැබැයි ඔයා මින් ඉදිරියට ගන්න හැම තීරණ්යක්ම හොදට හිතලා ගන්න සංවේදී වෙලා තීරණ ගන්න එපා ඔයාගේ දුක අමතක කරන්න අමාරු වුනත් ඔයා ඒක කරන්න ප්‍රතික්ෂේප කරන ආදරයක් ඉල්ලගෙන පස්ස්ව්න් යන්න එපා මොකද එහෙම ගියාම ඔයාගේ ආදරේ වටිනාකම නැතුව යනවා
ඔයාගේ ආදරේ වටීනාකමක් දන්න මනුස්සයෙක්ට දෙන්න ඔයා කදුලු හලන්න ඕනත් ඔයාගේ ආදරේ බාල්දු කරපු කෙනෙක් වෙනුවෙන් නෙවෙයි ඔයාගේ ආදරේ වටිනාකමක් දන්න කෙනෙක් වෙනුවෙන් අඩන්න එතකොට ඔයාගේ කදුලු වලට වටිනා කමක් තියෙනවා
ඔයා මෙතනින් ඉස්සරහට මොනවා කලත් මං ඔයා එක්ක ඉන්නවා
කිසිම වෙලාවක හැගීම් වලට යටත් වෙලා කිසිම තීරණයක් ගන්න එපා සෙනු
සෙනු ඒ සියල්ල අසාගෙන් නිහඩව කිසිවක් නොකියා ආසා ඇය සහාස්ගේ පපුවට තුරුල් වෙමින් අඩන්න විය..
සහාස්ද ඇයගේ ඔලුව අතගාන්න විය
ඇය ඒ පපුවට ඔලුව තියාගෙන අඩද්දී සහාස් ඇයගේ ඔලුව අතගාද්දී ඇය එය මහත් සහනයක් විය. මෙච්චර වැස්සෙත් එම පපුව උණුසුමක් සෙනුට දැනෙන්න විය
ඒ අතර සෙනුගේ පසු පසින් ආ තේජාන්ද සෙනු බිම වාඩිවී අඩනවා දුටුවා ඔහු තම කුඩය රැගෙන ඇය අසලට යන්න හදනවා සමගම ඔහු සහාස් ඇයට කුඩය අල්ලනවා දුටුවා ඔහු එතනම් නතරවී
මේ හැම සිදුවීමක්ම බලා සිටියා සෙනු සහාස්ගේ පපුවට තුරුල් වී අඩනවා දුටු තේජාන් ට හිතේ දුකක් ඇති වෙන්න විය එය දුකක්ද නැත්තම් ඉරිසියාවක්ද කියා ඔහුට බේරුම් කරගන්න බැරි විය.
පසුව සහාස්ගේ පපුවට ඔලුව තයින් ටික වෙලාවක් ඇඩු සෙනු ඔලුව උස්සා සහාස් දෙස බැලීය සහාස් ඇයගේ කදුලු පිස අපි යමු කොෆි ශොප් එකට ගිහින් කොෆි එකක් බොමු කියා ඇයව එක්ක යන්න විය
මේ සියල්ල දෙස බලා සිටි තේජාන් ඔවුන් පසුපස ගොස් සෙනුට කතා කරන්න සැරසුනත් ඔහු නැවතී ආපසු හැරි යන්න විය.
කොෆි ශොප් එකෙ උනු උනුවෙන් කොෆි එකක් අරන් සෙනු ලගට ඇවිත්
මේක උනුවෙන් බොන්න අපි ඉක්මනට ගෙදර යමු නැත්තම් ඔයා ලෙඩ වෙයි කියා සහාස් ආයට උනු කොපි කොප්පය අතට දී කිවුවා
හ්ම්ම්....... තැන්ක්‍යු සහාස් සෙනු කීවා
සහාස් ඇය දෙස බලා හිනා වුනා ඔහු එම දුක්බර හිනාව දෙස බලා කොපි එක බොන්න විය
ඒ අතර කෙමෙන් කෙමෙන් වැස්සද අඩුවිය
සහාස් හා සෙනු කොෆි ශොප් එකෙන් එලියට ආවා
අපි යමු මං ඔයාව ගෙදරට ඇරලවලා එන්නම් සහාස් ස්නුව ගෙදරට ඇරලවන්න සැරසෙන ගමන්
නෑ සහාස් මට යන්න පුලුවන් මං යන්නම් සෙනු කීවා
මේ පන්ඩිතයා වෙන්නේ නැතුව යමු යන්න
කියා සෙනුව එක්කන් යන්න විය එසේ යන අතරතුර ඔහු හා ඇය අතර නිහඩියාවක් තිබ්බා
එම නිහඩියාව නැති කරමින් සහාස් සෙනු මං ඔයාට බල කරන්නේ නෑ ඔයාට පුලුවන් නම් විතරක් ඔයා මැච් එක බලන්න එන්න කොලෙජ් එකේ එකක් නෙවෙයි මේක ඒ නිසා කොලෙජ් එකේ අයනම් නෑ මං දන්නවා මේ වෙලාවේ ඔයාට හිත හදගන්න කාලය ඕන කියලා පුලුවන් නම් විතරක් එන්න
සෙනු ලාවට හිනා වෙමින් මං එන්නම් සහාස් මං ඔයාට ඒකට එනවා කියලා කිවුවනේ ඒ නිසා මං එන්නම්
රියලි ඔයා එනවද සහාස් ස්තුටෙන් සෙනු දෙස බලා ඇසුවා
සෙනුද හිනා වමින් ඔලුව වැනුවා
එසෙ කතාවෙන් කතාවෙන් සෙනුගෙව් ගෙදර ලගටම ආවා
හරි සෙනු ඔයා ඇතුලට යන්න නැත්තම් ඔයා ලෙඩ වෙයි
මාත් යන්නම්
සහාස්... සෙනු සහාස්ට කතා කලේ ඉතා මෘදු ස්වරයෙන්
කියන්න සෙනු සහාස්ද සෙනුට කීවා
ඔයාගේ ජර්කින් එක ආ....... මං ආයේ කොලෙජ් එන්නේ නෑ මට මේක ආයේ දෙන්න වෙන්නේ නැති වෙයි
මට එපා ඔයා ඒක තියාගන්න සෙනු ඔයා කොලෙජ් ආයේ එන්නේ නැද්ද ඒකද ඔයාගේ තීරණේ සහාස් සෙනු දෙස බලා අසන්න විය
ඔවු ..... සහාස් මං ඉස්සරහට ජොබ් එකක් කරන් ඉන්නේ මං කොහොමත් ආසයි මිඩියා සයිඩ් එකේ වැඩ වලට මං එහෙම එකක් සෙට් වුනාම මං යනවා සෙනු කීවේ බිම බලාගෙන
හ්ම්ම්ම්ම්ම්......... හරි සෙනු ඔයා කැමති දෙයක් කරන්න මතක තියාගන්න ඔයා එක්ක මං ඉන්නවා සෙනු
දවසක තෙරෙයි ඔයා ආදරේ කලේ වැරදි කෙනාට කියලා
එතකොට ඔයාට හරිකෙනා ලැබෙයි
සහාස් එසේ කීවේ ලස්සන සිනාවක් සමග
එ සීනාව දෙස බලා
සෙනු ඔලුව වනලා එම කතාව පිලිගත්තා
සහාස් තැනක්‍යු අද ඔයා මං නිසා මහන්සි වුනන සෙනු කිවුවා
ඒක ප්‍රශ්නයක් නෑ සෙනු ....ඔයා එක්ක ඕනම් මොහොතක මං ඉන්නවා ඒනිසා දුක් වෙන්න එපා හරිද
සෙනු ඔයා ඇතුලට යන්න ගිහින් උනුවෙන් මොනවහරි බොන්න බෙහෙත් තියෙනවනම් මොන්වා හරි බොන්න ඔයා ලෙඩ වෙයි සහාස් අත වනන ගමන් ඇයට කීවා
සෙනුද සහාස්ට අත වනා ඔයත් දැන් යන්න සහාස් මං ගෙදරට යන්නම් කියා ඇය අතවනා ගෙදර ගෙට්ටුවෙන් ඇතුල් විය
ඇය ගෙදර දොර ඇරන් ගේ තුලට යද්දි තාත්තාද ගෙදර ඇවිත් හිටියා
සාලයේ වාඩි වෙලා
තාත්තේ.........කියා ඇය තාත්තව බදාගන්න ගියා
මොකද මේ දූ ඔයා හොදටම තෙමිලා මේ හොදටම තෙමුනාද
හ්ම්ම්ම්ම්......මට කුඩයක් ගෙනියන්න අමතක වුනා තාත්තේ
සෙනු කිවුවේ හුරත්ල වෙමින්
හරී ඉක්මනට ඇදුම් මාරුකරන් කොන්ඩෙ එහෙම වේලන් එන්න
මට වැදගත් දෙයක් කතා කරන්න ඕන ඔයා එක්ක
කෝ අම්මා........ එලියට ගියා දැන් එයා එයි.....සෙනු පුටුවෙන් නැගිට වටපිට බලන ගමන් ඇසිය
තාත්තා එක්කත් මට වැදගත්දෙයක් කතා කරන්න ඕන මට ඒක අම්මා එක්ක කතා කරන්න බෑ එයා කලබල වෙනවා සෙනු තාත්තා දෙස බලා කීවා
හරි අපි කතා කරමු ඉස්සෙල්ලා චෙන්ජ් කරන් එන්නකො........හොදටම තෙතයි අම්මා එන්න කලින් නැත්තම් මෙතන කෑ ගහයි.
ඉතින් යාලුවනේ සෙනුරි එක්ක රැදිලා ඉන්න කියලා මං ඉල්ලනවා..ආදරෙයි හැමෝටම
ජෙසි ❤️🌻