දෙක
පරිච්ඡේදය 2 | kum 6 වාර කියවා ඇත 0 අදහස්
නිමන්ත වැඩ ඇරී ආවේ දැන් ය. ගෙදර කිසිවකුත් පේන තෙක් මානයේ නැත.
වසා දමා තිබූ කාමරයට අලුතින් කර්ටන් එකක් දමා තිබෙනු දැක ඒ දෙස බැලුවේ නිකමටය.
සකුණි මේ ජීවිතයේ සිටි කාලයේ ඒ කාමරය නිමන්තලාගේ විය. එහෙත් ඇය දරු පැටියාත් තමාත් තනිකර දමා ඈතට යද්දී නිමන්ත පුතු පැටියාත් සමඟ නැවත තමාගේ පුරුදු කාමරයට ගියේ ඒ ජීවිතයේ වූ සියලුම බැඳීම් වලින් මිදෙන්නට මෙනි.
නිකමට මෙන් කර්ටන් එක ඈත්කර බැලුවේ අලුත් වෙනසට හේතුව සොයන්නටය.
"අම්මා.."
නිමන්ත කුස්සියට ගියේ අම්මා සොයාගෙනය. අම්මා තනිවම් වැඩය.
"අර දුව ආවා පොඩී.. පව් හරි අහිංසක කෙල්ල.."
මුහුණ බලා අහිංසක කම මැනිය හැකි නොවේ. රට හෝදාගෙන බී පත්තිනි අම්මලා සේ සිටින්නට සමහරුන්ට හැකිය.
"මොන දුවද අම්මා.."
නිමන්ත ඇසුවේ උපහාසයට මෙනි. ඔහුට නම් හැම දුවක්ම් එකය.
"අර බෝඩිම් වෙන්න ආව ළමයා මං කිව්වෙ. සීලවතී හාමිනේ කිව්වේ පුතුගේ මුහුණ දෙස හොදින් බලාය. කිසිම දෙයක් මතකයේ නැත.
"ආ.. ආවද.."
වෙනදා වැඩ ඇරී එද්දීම දෙන තේ එක අද නැත. එක අතකට අම්මා මේ හැටිම වෙහෙසට පත් කිරීම පවකි. පුතුගේ හැම කටයුත්තක්ම සීලවතී හාමිනේ සිත සතුටින් කල මුත් නිමන්තගේ හිතට එය බරකි.
"අම්මත් අඬලා තමයි මට භාර දීලා ගියේ.."
නිමන්ත සුසුමක් හෙළුවේ වහලය දෙස බලාගෙනය. මේ ලෝකයේ අම්මලාට වැඩිපුරම වටින්නේ තම දරුවන් ය.
ඒ දරුවන් දුක් විඳිනා ලොවක ඇයටද සැනසුමක් නැත. එනමුදු හිරූෂ පුතුට මෙය පොදු නොවේ.
"මෙන්න තේ එක අද චුට්ටක් පරක්කු වුනා.."
==============================
හිරුණි උදෑසනින්ම නැඟිට කුස්සියට ගොස් වතුර කේතලය ලිප තැබුවාය. ඒ වෙද්දී ගෙදර කිසිවෙකුත් අවධි වී සිටියේ නැත. වෙලාව හය පමණ වන්නට ඇත. ගෙනයාමට කෑම පාර්සලයක්ද ඇවසිය. ඒ බවක් ඇන්ටිට ඊයේ කියන්නට අමතක විය. දැන් කල හැකි දෙයක් නැත. කඩෙන් කෑම එකක් ගෙන්වාගෙන කෑනට හැකිය. නමුත් මෙහි මද්දු අය්යා හැරුණු විට අනෙක් 'ගොළු පුද්ගලයා' ද වැඩට යති.
ඔවුනුත් දවල් ආහාරය ගන්නේ කඩෙන්මද අනුන්ගේ දේවල සෙවීමෙන් පලක් නැත. දැන් තමාට සිදු වී ඇති දෙයට මුහුණ දිය යුතුය.
"අනේ දුව ඔයා අවධි වුනාද.. පුදුම වැඩේ කියන්නෙ අද මට හොඳටම නින්ද ගියානේ. වෙනදා පහ හමාර වෙද්දි කුස්සියේ. අගෙයි දැන් උයන්නෙ කීයටද."
සීලවතී හාමිනේ කුස්සියට ආවේ කලබලයෙනි. හිරුණිට පව් කියා සිතුණි. මේ අම්මාට කරදරයක් විය නොහැකිය.
"මං ගෙදරදිත් උදෙන්ම නැඟිටිනවා ඇන්ටි. ඉන්න මං තේ ටික හදන්නම්"
ගෙදර අයගේ රුචි ආරුචි කම නොදනින නමුත් හිරුණි තේ සෑදුවාය.
"දුව .. චූටි පුතාට මේ ජෝගුවට දාලා තියන්න."
මේ පැටියා පිළිබදව හිරුණිට ඇති ප්‍රශ්න අපමණය. අම්මෙක් නැත. අප්පච්චී කවුරුන්දැයි නොදනී.එහෙත් කියන තෙක් සිටිය යුතුය. මේවා ඇසිය හැකි ප්‍රශ්න නොවේ.
හිරුණි පලමුව සීලවතී හාමිනේට තේ එක දී අනෙක් අයගේ ඒදා ට්‍රේ එක මත තැබුවාය.
"දුවත් තේ එක බීලා ඉන්න. මේ කොල්ලො ළගට ගිහිං දෙන්න ඕනි. පැටියගෙ එක මෙහෙන් තියන්න දැන්ම නැඟිටින්නෙ නෑ.."
ඇත්තේ පුදුම නීතිය.
සීලවතී හාමිනේ හාල් හෝදමින් සිටියාය.තව ටික වේලාවක් යද්දී මේ තේ නිමෙන්නට බැරි නැත. එවිට මේ අම්මාට තවත් කරදරයක් විඳීමට සිදුවේ. හිරුණි තේ දෙක රැගෙන නිදි අය සොයා යාමට සිතා ගත්තාය.
මද්දු අය්යා හොඳය. එහෙත් ගොළු පුද්ගලයාට බයය. ඊයේ රෑ කෑම මේසයේදී පවා තමා සමඟ එක වචනයක් හෝ කතා කලේ නැත. නමුත් සැබෑවටම ඔහු ගොළු නැත.
මේ උදේ පාන්දර බැනුම් ඇසුවා මුත් කම් නැත. මේ අම්මාට තවත් කරදර දීම පව් ය.
"දුවට පුළුවන්ද තේ දෙක ගෙනියන්න. අනේ ඔයාටත් පරක්කු වෙනවද මන්දා.."
හිරුණි තේ එක රැගෙන පලමුව මද්දු අය්යා වෙත ගියාය.
'ෂා... උදේ පාන්දර කම්මැළි නැතිව බලන්න පුළුවන් මුහුණක්' මද්දු කීවා නොව සිතුවේය. ඒවා විහිළුය මේ කෙල්ල විහිළු දන්නේ දැයි නොදනී.
"මද්දු අය්යේ මෙන්න තේ එක ගෙනාවා"
'මද්දු අය්යා' තවම කටට හුරු වචනයක් නොවේ.
"හරි හරි නංගී තියලා යන්න. තෑන්ක්ස් ආ.."
හිරුණි ඉතිරි තේ එක රැගෙන නිමන්ත වෙත ගියේ සිතේ දෙගිඩියාවෙනි.
හිරුණි යන විට නිමන්ත පුතු තුරුළු කරගෙන බර කල්පනාවකය.ඒ දසුන නම් හිරුණිගේ සිත සසල කරවන්නට සමත් විය.තමා සමඟ කතා නොකලත් මොහු නපුරෙක් නම් නොවේ. හිරුෂ පුතුගේ රත්තරං අප්පච්චී එසේ නම් මේ අම්මාගේ පොඩි පුතාය.
හැම දෙනාටම ප්‍රශ්න ඇත. ඒ අතරින් මුළු ජීවිතයම සසළ කරවන ප්‍රශ්නද ඇත.
හිරුණි තේ එක රැගෙන අසළටම එන තෙක් නිමන්ත ඒ බවක් නොදුටුවේය. ඒ තරමටම කල්පනාව සැරය.
"පොඩි අය්යේ .. තේ එක.."
නිමන්තගේ සිහින ලොව බිඳුනේ හිරුණිගේ හඩිනි.එහෙත් ඒ දෙස බලන්නට නිමන්තට නොසිතුනේය.
මුළු කෙල්ලන් සංහතියම දැන් ඔහුට අප්‍රිය ය. ගැහැණුන්ගෙන් විශ්වාසයත් ආදරයත් ඇත්තේ අම්මා ළග පමණි. සකුණි මේ සිත රිදවා ඈතක ගිය දා පටන් නිමන්තගේ දහම වන්නේ එයයි. ඉඳින් එයම හිරුණිටත් පොදු නොවන්නේද?
තමා දෙස තබා තේ එක දෙසවත් නොබලා සිටින පොඩි අය්යා නිසා හිරුණි පත් වූයේ දැඩි අපහසුතාවයකටය. මේ ආත්මේ නොව ගිය ආත්මේ හෝ තමා ඔහුට බරපතල වරදක් කර ඇතුවා වන්නට ඇත. මේ තරමටම තමා සමඟ තරහක් ඇත්තේ ඒ නිසාය.
කොයි දේ වුවත් මද්දු අය්යාත් ඇන්ටීත් වෙනස් කම් කරන්නේ නැත.ඉඳින් තව ට්කක් ඉවසනවා හැරෙන්නට කල හැකි දෙයක් නැත.
හිරුණි නැවතත් නිමන්තට කියන්නට ගියේ නැත. අසල වූ ස්ටූල් එක මත තේ එක තබා වහාම කාමරයෙන් පිටවූවාය. සිදු වූ දෙය උදේ පාන්දරම සිතට තද වැඩිය. දෙනෙතට කදුළු ආවේ ඒ නිසාය.
හිරුණි සූදානම් වී පැමිණෙන විට සීලවතී හාමිනේ බත් උයා පාර්සල් සාදා අවසන් ය. ඉස්සර බත් පාර්සල් දෙකක් බැදි ඇයට දැන් තව එකක් බැදීමට සිදු වේ. නමුත් ඒ ගැන අහිතක් නැත. දැන් ඇයට හිරුණිත් ඇයගේම දරුවෙකි.
හැමදාමත් අම්මාගේ කකුල අල්ලා වැඳ එළියට බැස්ස මුත අද එය නැත. එනමුත් වෙනසක් සිතිය යුතු නැත. මේ සිටින්නේත් අම්මා කෙනෙකි. ඉඳින් ඇයට වැඳීම පවු නැත. හිරුණි කෑම පාර්සලය බෑගයට දමාගෙන කුස්සියට ගියේ සීලවතී හාමිනේ සොයා ගෙනය.ඇයට දණ ගසා වඳිද්දී සීලවතී හාමිනේගේ දෙනෙතේ කදුළු පිරුණි.
"බුදු සරණයි දුවට.."
කොල්ලෝ දෙන්නා තමාට පණට සමව ආදරය කරන බව ඇත්තය . එහෙත් උදේට මේ සිරිත් මතක නැත.හිරුණි සීලවතී හාමිනේට වඳිනු දැක ඒ අසළ වුන් හිරූෂද බිම දිගා වී සීලවතී හාමිනේට වැන්දේය.
"අනේ මගේ රත්තරං නැඟිටින්න"
හොඳ පුරුදු පුරුදු වීමට නම් දරුවන්ට එය ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුය.
"මං යන්නම් ඇන්ටී..."
" හා හොඳයි දුවේ.. ආ.. ඉන්න බලන්න පොඩි පුතත් තවම ගියේ නෑ මං හිතන්නෙ. කාර් එකෙන් හංදියට යන්න පුළුවන්.."
" නෑ ඕන නෑ ඇන්ටී.. මට යන්න පුළුවන් පොඩි දුරයිනේ."
කතා නොකරන කෙනෙකුට තවත් කරදරයක් වීම භයානකය. ඇන්ටී ඒවා දන්නේ නැත.
එවිටම වාගේ නිමන්ත මෝටර් රථය පණ ගන්වන හඬ ඇසුණේය.
හිරුෂ හැමදාම මෙන් නිමන්තගේ මුහුණ සිඹින්නේය. නිමන්ත හිරූෂ පපුවට තද කරගෙනය.
මේ දසුන දෙනෙතට කදුළු නංවන්නට සමත් ය.
"අප්පච්චියා මගේ..."
හිරූෂ නිමන්තගේ බෙල්ල දැඩිව අල්ලාගෙන හිඳී. දමා යා නොහැක. ඔහුගේ ජීවිතයේ සන්තකයම ඇත්තේ මෙතනය.
"චූටි පුතූ එන්න ආච්චි අම්මා ළගට. අප්පච්චිට පරක්කු වෙනවනේ.."
සීලවතී හාමිනේ පැමිණ අමාරුවෙන් මුත් නිමන්ත ළගින් හිරූෂ ගත්තේය.
හිරුණි මේ අතරතුර මිදුළට බැස්සේ නිමන්තට මත්තෙන් පාරට යාමටය.
"ආ පුතා මේ දරුවත් එක්කන් යන්න. හංදියට පයින් යන්න බැහැනේ.."
ඇන්ටීටත් ඕනි නැති දෙයක් නැත. හිරුණිගේ හදවත ගැහෙන රාවය ඇයටම ඇසෙන්නට මෙනි. බෑ කිව්වොත් කම් නැත. මොනවත් නොකියා යන්නට ගිය හොත් දැනෙනා අසරණ කම දරා ගත නොහැකිය.
" යං නංගි නඟින්න."
හිරුණිගේ මෙතෙක් බිමට නැඹුරුව තිබූ නෙත් උඩට හැරුණේ පුදුමයෙනි. මෙය නම් විය නොහැකිය.
නිමන්තතට පවු කියා සිතුණේය.වරදක් වූ බව සැබෑ මුත් මේ අසරණ කෙල්ලගෙන් එළව එළවාම පළි ගන්නට තමාට ඇය අතින් වරදක් සිදු වී නැත.
හිරුණි චකිතයෙන් වාහනයේ පසු පස අසුනේ වාඩි වූවාය.
නිමන්ත වාහනය පැදගෙන ගිය අතර හිරුණී නිහඩවම සිටියාය.
වරෙක නිමන්ත පසු පස කණ්නඩියෙන් හිරුණි දෙස බැලුවේය. ඒ තත්පරයේ දෑසට දෑස හමු විය. කියාගන්නට නොහැකි හැඟීමකින් සියොලග වෙලී යනු ඇයට දැනුනි. නපුරුකම තිබුණත් දඟකාර කමක් දැවටී තිබූ ඒ ඇස්... කුමක් හෝ කතාවක් කියන්නාක් මෙන් ඇයට දැනුනේය. වහාම වීදුරුවෙන් ඉවත බලා ගත්තේ ඒ මොහොත අමතක කරන්නටය.
නිමන්ත තම දෑසේ පැටළුණු ඒ අහිංසක ඇස් ගැන දෙවරක් සිතුවේය. නමුත් නැවත නොබැලුවේය.
නිමන්ත ඉස්සර මෙහෙම නැත. ඔහුට ඔහු ගැනම පුදුමය.අවංක සිතින් තමා පුද කල ප්‍රථම ප්‍රේමය පුංචි පැටියා පමණක් තමාට ශේෂ කර මිළිනව යද්දී ඔහුට සියල්ලම එපා විය.
ඉස්සර යහළුවන් සමඟ එක් වී කෙල්ලන්ට කෙතරම් විහිළු කරන්නට ඇතිද.
එකවරම උපාසකයකු වූවා නොවේ.
රිදෙන තැනටම රිදවන්නට සකුණි සමත් වෙද්දී සිතට දැනුනු කළකිරීම මේ යැයි පහදා කිව නොහැකි විය.
එනමුදු හිරුණි දුටුවනම නිමන්තට දැනුනේ කෙදිනක හෝ දැනුන හුරු පුරුදු බවකි. එහෙත් සිතට අයාලයේ යාමට දිය නොහැකිය.
දැන් තමා අප්පච්චියෙකි. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියාටත් බයය.
වෙනසක් කිරීම හොඳ නැත. පුතු දුටු වේලේ සිට ඇඟේ එල්ලුන ගමන් ය. අම්මාටත් දැන් අප දෙදෙනා අමතකය. මුහුණ බැලූ විට ලැජ්ජාවෙන් ඇකිලෙන කොල්ලෙකුට තව වරක් බලන්නට හිතෙන අහිංසක මුහුණක් ඇති බවත් ඇත්තය.
කෙල්ලන් අප්‍රිය බව සැබෑවක් නමුදු එක වහළක් යට සතුරන් සේ සිටිය නොහැකිය.
"අය්යා ඔය ඉස්සර හෝල්ට් එක ළගින් මං බස්සලා යන්න,"
නිමන්තගේ දැහැන බිඳුනේ හිරුණිගේ හඬිනි.
"මං යන්නම් අය්යා.."
ඒ දෑස් නැවතත් භමු විය. කිසිවක් නොකියා තමා දෙස බල සිටිනා පොඩි අය්යා අභියස හිරුණි අසරණ වූවාය.
නිමන්ත ඒ මුහුණ දෙස බලා සිටියා වැඩි දැයි ඔහුට නිමේෂයන් සිතුණේය.
'පරිස්සමින් යන්න' කියන්නාක් වැනි බැල්මක් ඇය වෙත හෙලා ඔහු රිය නැවත පාරට දැම්මේය.
හිරුණි ඒ බැල්ම ගැන දෙවරක් සිතුවාය.
අම්මාගේ චූටි දෝනි මේ තරම් කාලයක් කොල්ලන් ඉදිරියේ අසරණ වී නැත. නමුත් මේ දඟකාර නපුරු අප්පච්චියා ඉදිරියේ දැන් දෙතුන් වතාවක්ම අසරණ වන්නට සිදු විය.
* * * * * * * *
ඒ දඟකාර නපුරු අප්පච්චියා ....
හිරුණි නම් වූ දුප්පත් අහිංසක කෙල්ලගේ එකම හීනය විය නොහැකිද..🌸🌸