සිරිපාල උන්නැහේ ගමේ වැදගත්
අයෙකි
හාමිනේ සමඟ තව පුතුන් දෙදෙනෙක්
වෙසෙති
ලොකුපුතා උගතාය වයස විසිඅටක්
විය
පොඩිපුතා විසිහයකි උගත් කමෙනුත්
අඩුය
________________________________________
ලොකුපුතා වැදගතා අපේ නම්බුව
තිබ්බ
වැඩියමක් දිය යුතුය ඒක යුතුකම
වැන්න
බැරි කාලෙකට ඉන්නේ ලොකු පුතුගේ
හෙවන යට
එකම පම්පෝරියයි පොඩි පුතුට
රිද්දන්න
_________________________________________
සිරිපාලගේ හැන්ද ලොකුපුතුට
බෙදනවිට
පොඩි පුතා නිහඩවම වෙහෙසුනා
දිනන්නට
සිරිපාල වැජඹුනා ලොකුපුතුගේ
තනතුරට
අහෝ! පොඩිපුතු ඉතින් දුක් වින්දා
මොනවාට
_________________________________________
කරකාරේ ලොකුපුතා ගේ සිදුව ටික
කලෙකි
පැළැන්තිය ඉහළ විය ගෙනා ඒ
ලේලියගේ
මාන්නෙන් සිරිපාල උන්නාට
ඉදිමෙමින්
ලෝක යුද්ධය හෙමින් ඇරඹුනා
ගේ තුලින්
____________________________________________
ස්වකීය අඹුව හට දොස් කියන්නට
බැරිය
සැප වින්ද ඇයට දුක් විඳින්නට
දිය නොහැක
සියලු දේ විකුණලා රට යන්න
තීරණය
ලොකුපුතා සිරිපාල හට හෙමින්
පැවසීය
__________________________________________
සිදුවෙන්න වුණු දේ සිදුවුණා දෙන්
කියා
පොඩිපුතුගේ දොර හැරුනේ සිරිපාල
පිළිගන්න
අමනාපයක් කොතැනවත් නැතිය
මේ පුතුට
පැලත් සුරපුරක් විය පොඩිපුතුගේ
හෙවන ය