අම්මලා
පද්‍ය ආදර (Romance)

අම්මලා

asii 4 0 0

අප අතර ජීවත්වන විවිධාකාර මව්වරුන්

අම්මලා

​කිරි සිනා උරුම නැති සුවහසක් අම්මලා..

පිළිසිඳුණු දින පටන් ගැබ රකින අම්මලා..

රහසින්ම කළලයක් දිය කරන අම්මලා..

උපන් දා දරු පැටවුන් විසි කරන අම්මලා..

​ආදරෙන් දරුවෙකුව හදන තව අම්මලා..

ඉපදුණා නිසාවෙන් හදන්නට වුණු අම්මලා..

අතට ගත් දරු පැටියා විකුණූ තව අම්මලා..

කාගේ හෝ දරුවෙකුව අරන් හැදූ අම්මලා..

​උපතින්ම ලෙඩ දරුවො හදන බෝ අම්මලා..

දැසි දස්සෝ පිරිවරා දරු හදන අම්මලා..

දරු දමා රැකියාව වෙත දුවන අම්මලා..

හිඟමනේ දරු යොදා මුදල් සෙවූ අම්මලා..

​වයසටම ගියත් දරුවන් රකින අම්මලා..

යුතුකමක් ඉටු නොකර පැහැර හැරි අම්මලා..

දරුවන්ගේ දරුවනුත් හදන තව අම්මලා..

මහලු මඩමකට වී සුසුම්ලන අම්මලා..

​කොයි ලෙසක මුත් මේ සියල්ලෝම අම්මලා..

නමට පමණක්ම වූ ඇතැම් යස අම්මලා..

බුදුබවත් පතන්නට ඇහැකි බොහෝ අම්මලා..

ඔබ මමත් අතර වේ මේ සියලු අම්මලා..

Asii....🌷🌷🌷🌷

2026 asii — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
asiiගේ තවත් නිර්මාණ

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!