🌙 ආදරණීයම නුඹට කියමි...
කියන්නට බොහෝ දේ ඇතත්,
මම ඒ කිසිවක් නුඹට නොකියමි...
ඒ කිසිවක් අසන්නට තරම්
සිතක් නුඹට නැති බව දනිමි...
මාගේ දුක...
මාගේ තනිකම...
නුඹට අදාළ නොවන බවද දනිමි...
නුඹේ ලෝකය
බොහෝ සුන්දර බවද දනිමි...
ඒ ලෝකයේ
මා නුඹේ කවුරුන් හෝ නොවන බවද දනිමි...
ඉතින්...
කොතැනකවත් නුඹ වැරදි නැත.
අනුන්ගේ සිතක් ගැන
ඕනෑවට වඩා සිතූ,
ලෙංගතුකම් පෑ
මා බොහෝ වැරදි බව දනිමි...
නමුදු...
මගේ සිහිනයක
නුඹ රජ වූවාට...
නුඹට එය වදයක් නොවේ නම්,
මට ඒ හොඳටම ඇතියි...
කලාතුරකින් දකින
නුඹේ ඒ සිනාවට
මා තරම් කැමති කෙනෙකු
මේ ලොව නොසිටිනවා විය හැක...
ඉතින් නුඹට කියමි...
මා මේ නුඹ ගැන කියනා
කිසිවක් ප්රේමය යැයි නොසිතන්න...
එය...
මා සිතේ නුඹ නමින් ඉපදුණු,
ආදරණීයම...
ලෙංගතුම...
සිතුවිල්ලක් පමණි. 🥺❤️🩹
— නුඹට කිසිදා නොකියූ,
මගේ ඒකපාර්ශවික ප්රේමය... 🌙
2026 kum —
සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
story.lk