සුදු පිච්ච
පද්‍ය ආදර (Romance)

සුදු පිච්ච

kalani 189 1 0

සෙල්ලක්කාර හිතකට ලැබුණු සැබෑ ආදරයක්, ඒ හිතේම සෙල්ලක්කාරකම නිසා අහිමි වූ පසු දැනෙන වේදනාවත්, පසුතැවීමත් කිසිදා නිම කළ නොහැක.❤️


දිනක් මට අහම්බෙන් හමුවෙච්ච සුදු පිච්ච ,

ඇති තරම් රොන් බොන්න විහිදෙව්වා මල් සුවඳ.


සෙමින් රොන් තොල ගගා පොඩි කරා පෙති රොත්ත, මන්ද වනයේ නැද්ද හැඩරෝස මල් පුෂ්ප.


දිනෙන් දින ගත වෙද්දි සුදු පිච්චරොන් සමග,

කැලෑ මල් වෙත ගියා බිඟුගේ දඟකාර තුඩ .


රොන්පෝවා මත් කරපු විෂ කැලෑ මල් රොත්ත,

සිහිකරා බඹරු හට සිනිදුමල් පෙතිි පිච්ච.


නැවත යන විට බඹරු සුදු පිච්ච මල් වෙතට,

ළං වෙන්න දුන්නේ නැහැ සිප ගන්න පෙති සුවඳ.


කිසිදිනක නොපෙන්නූ රළු වෙච්ච පෙති එක්ක,

සුදු පිච්ච නිහඬවම රොන් හැදුවා බිඟුවෙකුට.


කවියො මල් සම කර ද මල් වගේ අඟනුන්ට මේ කවියේ මල ඔහුය ,

බඹරු මා විය සබඳ.


— මියැසි ✍🏻❤️

2026 kalani — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!