ආදරණීයම නුඹට...
පද්‍ය ආදර (Romance)

ආදරණීයම නුඹට...

kum 90 0 0

කියන්නට බැරි කතා ගොළු වෙලා ඉවසමූ..

හීනයක සැඟවිලා ඔබ එන්න....

කවියක් වෙලා ළඟ ඉඳන් මුමුන්න...

හිනාවට නැතත් නුඹෙ...

කදුළ ළඟ ඉන්නම්..

අයිතියක් එපා මට...

දුර ඉඳන් හිනැහෙන්න...


අතින් අත අල්ලලා...

ඇවිද යන්නට බෑ...

පපුවට හිස තියා උණුසුම 

විඳිනු බෑ...

එකට එක් වී දිනෙක..

සිනාසෙන්නට බෑ..

නුඹ ඈත මම මෙතැන

අපිට ළං වෙන්න බෑ...


කවුරුවත් නැති තැනෙක

නිමේශක හමු වෙමූ...

කියන්නට බැරි කතා 

ගොළු වෙලා ඉවසමූ..

හඩන්නට මග බලන

ඇස් දෙකට ඉඩ දෙමූ....

ජීව්තේ එක් වරක්

ආදරෙන් හිනැහෙමූ..

2026 kum — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!