දුර 🌹 ✨️✨️✨️02 කොටස ✨️✨️✨️
කෙටිකතා ආදර (Romance)

දුර 🌹 ✨️✨️✨️02 කොටස ✨️✨️✨️

Angel_Diary 122 1 0

එක්වෙන්නට පෙරුම් පුරා පැමිණි මුත් එක්වෙන්නට උරුමකම් නොකී දෙදෙනෙකුගේ දුක්බර කතාවක් ✨️ දුර 🌹

දුර 🌹 (Short Story)

 ✨️✨️✨️ 02 කොටස✨️✨️✨️✨️✨️✨️



ඒ මාස දෙක පටන් ගත්තේ exam එකක් නිසා.❤️‍🩹


අවසානයේ ඒ මාස දෙක ඔවුන් දෙන්නාගේ ජීවිතයේ වෙනමම කාලයක් වෙයි කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ.


චේතකි ශෙහාන්ගෙ ගෙදර නවතින්න ආවා exam එකට පාඩම් කරන්න.. ආවට පස්සේ ගෙදර ඇයට අමුතුම තැනක් වුණේ නැහැ.


පොඩි කාලේ ඉඳන්ම හුරු ගෙයක්.


හුරු මිනිස්සු.


හුරු වත්ත.


හුරු පඩිපෙළ.


හුරු කටහඬවල්.


වෙනසකට තිබුණේ මේ වතාවේ ඇය එහෙ නවතින එක විතරයි.


ශෙහාන්ගේ ගෙදර තිබුණේ ප්‍රධාන පාරට ආසන්නව.


ගෙදර ඉස්සරහින් බැලුවම සාමාන්‍ය ගෙයක් වගේ පෙනුණත්, පස්සට ගියොත් ඒ දුර ගොඩක් දිගට විහිදිලා තිබුණා.


ගෙදරට පිටිපස්සෙන් වෙනම business areas.


ඒවාටත් එහාට පවුලේ වැඩ කටයුතු වෙන තැන්.


ශෙහාන්ගේ තාත්තා ඒ හැමදේම බලනවා.


ශෙහාන් ඒ වැඩවලට උදව් කරනවා.


කවුරුත් ඔහුගෙන් උදව් ඉල්ලන්න ඕන නැහැ.


වැඩක් තියෙනවා නම් ඔහුට ඒක පේනවා. ✨️


ඒ වගේම ඔහු ඒක වගකීමෙන් කරනවා.


ඒක ඔහුගේ හැටි.


ඒ නිසා උදේ ඔහු ගෙදරින් පිටවුණාම, ආයෙත් ගෙදර එන වෙලාව කියන්න අමාරුයි.


සමහර දවස්වල හවස.


සමහර දවස්වල රෑ.


සමහර දවස්වල කෑම වෙලාවත් පහු වෙලා.


චේතකි මුලදී ඒක ගණන් ගත්තේ නැහැ.


ඒත් දවස් කිහිපයක් ගියාම ඇයට එක දෙයක් පුරුදු වුණා.


හවස හයට පස්සේ, පාඩමක් මැදින් වුණත් ඇගේ අවධානය gate එක පැත්තට යනවා.


කාර් එකක් නතර වුණොත් හිස උස්සනවා.


ඒ ශෙහාන්ගේ වාහනයද කියලා බලනවා.


නැත්නම් ආයෙත් පොත දිහා බලනවා.


ඇය ඒක කරන්නේ තමන් බලාගෙන ඉන්නවා කියලා හිතාගෙන නෙවෙයි.


ඒක ඇයට පුරුද්දක් වෙලා තිබුණා.✨️


---


චේතකිගේ room එක තිබුණේ ශෙහාන්ගේ room එකට කෙලිනම ඉස්සරහින් නෙවෙයි.


අතරින් තවත් room එකක් තිබුණා.


ඒ නිසා ඔවුන්ගේ දොරවල් අතරින් පෙනෙන තරම් ළඟක් නොවුණත්, දෙන්නාගේ දෛනික පුරුදු එකිනෙකාට හොඳටම ඇහෙන තරම් දුරක්.


ඇය උදේ දොර අරිනවා.


ඇය bathroom එකට යනවා.


ඔහුගේ room එකේ දොරත් ටික වෙලාවකින් ඇරෙනවා.


ඔහු පහළට යන අඩි සද්දේ.


ඇය kitchen එකට යනවා.


ඇය තේ කෝප්පයක් අරගෙන එළියට යනවා.


ඒවා කිසිම කෙනෙක් සැලසුම් කරපු දේවල් නෙවෙයි.


ඒත් ටිකෙන් ටික දවස් ගෙවෙද්දි ඒවා එකිනෙකාගේ ජීවිතයේ කොටසක් වගේ වුණා.


---


ශෙහාන්ගේ කාමරය ඔහු වගේමයි.


පිළිවෙළයි.


අනවශ්‍ය දේවල් නැහැ.


පොත් තියෙන තැන පොත්.


Watch එක තියෙන තැන watch එක.


Perfume bottles එකක් දෙකක්.


Bed එක හැමදාම neatly made.


මල්ලිලාගේ room එකකට ගියාම බිම තිබෙන socks එකක් හොයාගන්න බැරි තරම් නම්, ශෙහාන්ගේ room එකේ floor එකේ කඩදාසියක්වත් නැහැ.


චේතකි ඒක දන්නවා.


පොඩි කාලේ ඉඳන්ම දන්නවා.


ඒත් මේ මාස දෙකේදී ඇයට ඒ room එකට වෙනම හුරුපුරුදුකමක් හැදුණා.


ඇගේ room එකේ mirror එකක් තිබුණේ නැහැ.


ඒ නිසා සමහර වෙලාවට ඇය ශෙහාන්ගේ room එකට යනවා.


පළවෙනි දවසේ දොර ළඟ ඉඳගෙන,


“මං mirror එක බලන්න එන්නද?”


කියලා අහපු වෙලාවේ ශෙහාන් phone එකෙන් ඇස් උස්සලා බැලුවා.


“ඔයාට ඕනෙ නම් බලන්න.”


ඇය ඇතුළට ගියා.


ඒක එච්චරයි.


ඒත් ඊළඟ දවස්වල ඇය ඒක අහන්නෙත් නැහැ.


දොර ඇරගෙන ඇතුළට යනවා.


Mirror එක ළඟට ගිහින් කොණ්ඩේ හදාගන්නවා.


ශෙහාන් desk එකේ ඉඳගෙන වැඩ කරනවා.


ඇය එතැන ඉන්න එක ඔහුට බාධාවක් වගේ පෙනෙන්නේ නැහැ.


සමහර වෙලාවට ඔහු ඇය දිහා බලනවා.


ඇය mirror එකෙන් ඒක දකිනවා.


ඒත් කවුරුත් කිසි දෙයක් කියන්නේ නැහැ.❤️‍🩹


---


එක දවසක ඇය mirror එක ඉස්සරහ හිටගෙන කොණ්ඩෙ හදමින් හිටියා.


ශෙහාන් laptop එකේ වැඩක්.


ඇය ඔහුගේ table එක උඩ තිබුණු bottle එකක් අරගෙන බැලුවා.


“මේක perfume එකක්ද?”


“හ්ම්.”


ඇය cap එක ඇරගෙන ටිකක් smell කළා.


“හොඳයි.”


ඔහු screen එකෙන් ඇය දිහා බැලුවා.


“ඔයාට ඕන නම් ගන්න.”


“නෑ. නිකන් බැලුවේ.”


ඇය bottle එක ආපහු තිබ්බා.


ඇය class යනකොට එහෙම ඒ perfume එක use කරන්න ගත්තා.


නමුත් ඇය දන්නෙම නැතුව ඒ රතු පාට perfume බෝතලය ඇගේ ජීවිතයට එකතු වුනා.


ඒකට තවත් හේතුවක් තිබුනා.


ශෙහාන් නිතරම use කරේ ඒ perfume එක. 


ඇයට ඒක හොදින්ම කාවැදුණා..


ඒ සුවඳ ඔහුටත් හුරු බව ඇයට දැනුණේ නැහැ.


ඒත් කාලයක් ගියාම, ඒ සුවඳ කොහේ හරි ආවොත් ශෙහාන්ගේ room එක මතක් වෙන්න පටන් ගත්තා.


ඒක කොච්චර දුර කාලයක් වුනත් ඒ රතු පාට perfume bottle එක ඇයව අතීතයේ අතරමන් කරා..


---


ඇගේ chocolate butter lotion එක ඉවර වුණ දවසකත් ඇය ඔහුගේ room එකේ shelf එක ළඟට ගියා.


“මේක ගන්නද?”


ශෙහාන් බැලුවා.


“ගන්න.”


“ඔයා use කරනවද?”


“නෑ.”


ඇය bottle එක අරගෙන ගියා.


ඒකෙන් පස්සේ ඔහුට ඇය ඒක use කරනවා කියලා දැනගන්න විදිහක් තිබුණේ නැහැ.


ඒත් සමහර වෙලාවට ඇය ඔහු ළඟින් ගියොත් ඒම සුවඳක් එනවා.


ඔහුට ඒක හඳුනාගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.


ඔහු කිසිම දෙයක් කියන්නේ නැහැ.


ඇයත් දන්නේ නැහැ ඔහු දන්නවා කියලා.


සමහර මතක හිතේ තැන්පත් වෙන්නේ ඒ විදිහට.


වචනයකින් නෙවෙයි.


සුවඳකින්.✨️


හඬකින්.✨️


එකම තැනක වැටෙන අඩි සද්දයකින්. ✨️


---


දවස් ගෙවෙද්දි චේතකිට ශෙහාන්ගේ දවසේ rhythm එක පවා හුරු වුණා.


උදේ ඉක්මනට යනවා.


දවල් කලාතුරකින් call එකක්.


හවස ආවොත් මල්ලිලා එක්ක විනාඩි කිහිපයක්. නැත්තම් වලියක්. 


හවසට exercises ටිකක්.


ඊටපස්සේ නානවා.


ඊට පස්සේ තාත්තා එක්ක කතා කරලා ආයෙත් වැඩ.


ඒ අතරේ ඇය පාඩම් කරනවා.


සමහර වෙලාවට ඔහු ඇගේ room එක ළඟින් යනවා.


දොර ඇරලා තියෙනවා නම් ඇතුළට එබෙනවා.


“පාඩම් කරනවද?”


“හ්ම්.”


“හ්ම් කියන්නේ?”


“කරනවා.”


“හරි.”


ඔහු යනවා.


ඒ තරම් පොඩ්ඩක් හරි අහගෙන තමා යන්නෙ.


ඒත් ඔහු ගියායින් පස්සේ ඇය පොත දිහා බලන් ඉඳලා තත්පරයක් හිනා වෙනවා.


ඒ ඇයි කියලා ඇයටම තේරෙන්නේ නැහැ ✨️


---


ඔහුත් ඇය ගැන දේවල් හොඳටම දැනගෙන හිටියා.


ඇය උදේට වැඩියෙන් කතා නොකරන බව.


ඇය කෑම කන්නේ හෙමින් බව.


ඇය බඩගින්න තිබුණත් “නෑ” කියන බව.


ඇය පාඩම් කරන්න ගත්තම ලෝකෙම අමතක කරන බව.


ඇය දුකෙන් හිටියත් කාටවත් කියන්නේ නැති බව.


ඒ නිසා දවසක් කෑම මේසෙට ඇය ආවේ නැති වෙලාවේ ඔහු කෑම ගන්නෙත් නැතුව හිටියා.


“චේතකිටත් කන්න එන්න කියන්න.”


ශෙහාන්ගේ අම්මා කිව්වා.


“එයා කන්න ඇති.”


ඔහු එහෙම කියලා නිහඬව හිටියා.


විනාඩි දහයකට පස්සේ ඇයත් කෑම මේසෙට ආවා.


ඔහු කිසිම දෙයක් කිව්වේ නැහැ.


ඇය ඔහු ඉස්සරහින් වාඩි වුණා.


එතකොට ඔහු කෑම ගන්න පටන් ගත්තා.


චේතකිත් ඒක දැක්කා.


ඇ‍යත් කිසිම දෙයක් කිව්වේ නැහැ.


ඒත් ඇගේ ඇස්වල තිබුණු පොඩි හිනාව ඔහු දැක්කා.


“මොකද?”


“මුකුත් නෑ.”


“එහෙනම් කන්න.”


ඇය හිස පහත් කරලා කන්න පටන් ගත්තා.


ඔහුත් කෑවා.


ඇය හෙමින්.


ඔහු ඉක්මනින්.


ඇය තාමත් කනවා.


ඔහු ඉවර වෙලා වතුර බීලා ඉඳගෙන හිටියා.


ඇය කාලා ඉවර වෙනකම්.


---


මේ දේවල් කිසිම එකක් ඔවුන්ට ඒ වෙලාවේ ආදරයක් වගේ දැනුණේ නැහැ.


ඒක ඔවුන් දෙන්නාටම පරණ හුරුපුරුදුකමක්.


ඒත් පරණ හුරුපුරුදුකමක් කියලා කියන්න බැරි තරම් ඔවුන් එකිනෙකාගේ ජීවිතවල ඇතුළට ගිහින් තිබුණා.


ශෙහාන්ට ඇය ගෙදර ඉන්න එක පුරුදු වුණා.


චේතකිට ඔහු ගෙදර එනකම් නොදැනුවත්වම බලා ඉන්න එක පුරුදු වුණා.


ඔහු එන සද්දෙ ඇහුණම ඇගේ අවධානය පාඩමෙන් ඉවත් වෙනවා.


ඔහු room එකට ගියාට පස්සේ ඇය ආයෙත් පොත දිහා බලනවා.


ඒත් හිතේ කොහේ හරි...


දවස සම්පූර්ණ වුණා වගේ දැනෙනවා.


ඒක ආදරේ කියලා කවුරුත් කිව්වෙත් නැහැ.


ඔවුන් දෙන්නා හිතුවෙත් නැහැ.


ඒකට හේතුවක් තිබුණෙත් නැහැ.


මොකද සමහර බැඳීම්වලට නමක් ලැබෙන්න කලින්ම, ඒවා හිත ඇතුළේ ගොඩක් දුර ගිහින් ඉවරයි.


චේතකිට ඒක තේරුණේ නැහැ.


ශෙහාන්ටත් නැහැ.


ඒ මාස දෙක ඔවුන් දෙන්නටම හිතුණේ exam එකක් වෙනුවෙන් එකම ගෙදර නවතින සාමාන්‍ය කාලයක් විතරයි කියලා.


ඒත් ඔවුන් නොදැන හිටපු එකම දේ...


ඒ ගෙදර ගත කරන හැම දවසක්ම,


ඒ දෙන්නා අතර තිබුණු “හුරුපුරුදුකම” තවත් ටිකක් වෙනස් කරමින් තිබුණා කියන එක..


හරියට හඳ එළියෙන් පාරක් පේන්න පටන් ගන්නවා වගේ.


පාර තිබුණේ කලින් ඉඳන්ම.


ඒත් ඒක කොහෙට යනවද කියලා පේන්න ගන්නෙ..


හද එලිය පාරට වැටුණට පස්සෙ තමයි..


ඒත් තාමත් ඔවුන් දෙන්නාට මේ පාර පෙණුනේ නැහැ. ✨️✨️


                             Continue ..

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!