දුර 🌹(Short Story) ✨️09 කොටස ✨️✨️
කෙටිකතා ආදර (Romance)

දුර 🌹(Short Story) ✨️09 කොටස ✨️✨️

Angel_Diary 39 1 0

ආදරය කියන්නේ අපි හිතාගෙන ඉන්න විදිහට හැමදාම ළඟින් ඉඳගෙන, හැම දවසක්ම එකට ගෙවන එකම නෙවෙයි... සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ කෙටි කාලයකට වුණත්, ඔවුන් අපේ හිත ඇතුළේ ඇති කරන හැඟීම ජීවිත කාලයකටත් වඩා දිගයි....❤️‍🩹✨️

දුර 🌹


✨️✨️09 කොටස ✨️✨️



පහළින් ශෙහාන්ගේ අම්මා කතා කරන හඬ ඇහුණා.


“පුතේ අපි ගමනක් යනවා.. එන්න ටිකක් වෙලා යයි.”


“හරි.”


ශෙහාන් උඩ ඉඳන්ම උත්තර දුන්නා.


දොර වැහෙන සද්දෙ ඇහුණට පස්සේ ගෙදර ආයෙත් නිහඬ වුණා.


චේතකි පොතත් අරගෙන ශෙහාන්ගේ room එකට ආවා.


“අද මෙතන පාඩම් කරන්නද?”


“හ්ම්.”


ඔහු table එක ළඟ.


ඇය ඇඳේ අයිනේ.


කලින් වගේම.


ඒත් අද දෙන්නා අතර තිබුණේ වෙනදාට වඩා අමුතු නිහඬකමක්.


---


පැයක් විතර ගියා.


පොත් පෙරළෙන සද්දෙ.


Pen එකේ සද්දෙ.


කලාතුරකින් එකිනෙකාගෙන් ප්‍රශ්නයක්.


ඊට පස්සේ ආයෙත් නිහඬයි.


චේතකිට එකපාරටම හිතුණා,


ශෙහාන් ඇත්තටම තමන්ගෙන් ඈත් වෙන්න හදන්නේ ඇයි කියලා.


ඇය පොත වහලා ඔහු දිහා බැලුවා.


“ශෙහාන්.”


“ම්?”


“ඔයා තාමත් මගෙන් ඈත් වෙන්න හදනවද?”


ඔහු pen එක table එක උඩින් තැබුවා.


“චේතකි...”


“මං මුකුත් කරන්නෙ නෑ. මං අහන්නේ.”


ඔහු ඇය දිහා බැලුවා.


ඒ ඇස් දෙකේ තිබුණේ චෝදනාවක් නෙවෙයි.


අවබෝධ කරගන්න බැරි වේදනාවක්.


ඔහුට ඒ බැල්ම දරාගන්න අමාරු වුණා.


“මට බයයි.”


ඇය පුදුමයෙන් බැලුවා.


“මොකටද?”


ඔහු ටික වෙලාවක් නිහඬව හිටියා.


“මේක ගැන.”


“මොකක් ගැනද?”


ඔහු උත්තරයක් දුන්නේ නැහැ.


ඒත් ඇය තවත් අහන්න ගියේ නැහැ.


සමහර වෙලාවට වචනවලට කලින් මිනිස්සුන්ගේ නිහඬකම.. කියන්න හදන දේ තේරුම් කරලා දෙනවා.. ✨️


---


චේතකි හෙමින් ඔහු ළඟට ආවා.


“මං ඔයාට කරදරයක්ද?”


“නෑ.”


“එහෙනම්?”


“ඒක තමයි ප්‍රශ්නේ.” ශෙහාන් කිව්වා.


ඇය තේරුම් ගන්න බැරිව ඔහු දිහා බැලුවා.


ඔහු ඇස් ඉවතට ගත්තා.


“ඔයා මට කරදරයක් නෙවෙයි, චේතකි.”


ඔහුගේ හඬ පහත්.


“ඔයා... මට ඕනවට වඩා වැදගත් වෙලා.”


කාමරේ ආයෙත් නිහඬ වුණා.


ඇය කිසිම දෙයක් කිව්වේ නැහැ.


ඔහුත් නැහැ.


ඒත් ඒ වචන දෙක අතරින් දෙන්නාම බොහෝ දේ තේරුම් ගත්තා. ✨️


---


චේතකි ඔහු ළඟම හිටියා.


“එහෙනම් මං යන්නද?”


ශෙහාන් ඇය දිහා බැලුවා.


ඇය යන්න හැරුණා.


ඒ මොහොතේ ඔහුගේ හිත ඇයට යන්න දෙන්න කැමති වුණේ නැහැ.


ඔහු හෙමින් ඇගේ අතෙන් අල්ලා නතර කළා.


ඇය හැරිලා බැලුවා.


කිසිම වචනයක් නැහැ.


ඔහුගේ ඇස්වල තිබුණේ බය. 


ආදරය.


ඒ දෙකම එකට.


ඊළඟ මොහොතේ ඔහු ඇයව තමන් ළඟට අරගෙන, හෙමින් වැළඳගත්තා.


ඒක දිගු වැළඳගැනීමක් නෙවෙයි.


ඒත් ඔහුගේ අත ඇගේ උරහිස වටේ තිබුණු ඒ තත්පර කිහිපය තුළ ඔහුට මාස ගණනක් හංගගෙන හිටපු හැඟීමක් වගේ දෙයක් නිදහස් වුණා.


චේතකි නිහඬව හිටියා.


ඔහුගේ හදවතේ වේගය ඇයට දැනුණා.


ඇගේ හුස්මත් වෙනස් වෙලා.


ඔහු ඇස් වහගෙන හිටියා.


ඒ මොහොත ඔහුට ඕන වුණා.


හැබැයි ඒ මොහොතම ඔහුට බයත් වුණා.


“චේතකි...”


ඔහු හෙමින් කිව්වා.


“ම්?”


“මේක මෙතනින් එහාට යන්න දෙන්න එපා.”


ඇය ඔහුගෙන් ඈත් වෙලා ඔහු දිහා බැලුවා.


"මේක කවදාවත් වෙන්න බැරි දෙයක් කියලා අපි දෙන්නම දන්නවා. දැන දැනම හිත රිද්දගන්න හදන එක මෝඩකමක්"


ඔහුගේ ඇස්වල තිබුණේ පසුතැවීමක් නෙවෙයි.


තමන්ටම තේරුම් ගන්න බැරි තරම් ගැඹුරු හැඟීමක්.


“මට ඔයාගෙන් ඈත් වෙන්න ඕන නෑ.”


ඔහු හෙමින් කිව්වා.


“ඒත්... ඔයාට ප්‍රශ්නයක් වෙන දෙයක් කරන්නත් මට බෑ.”


චේතකිගේ ඇස් තෙත් වුණා.


ඇය කිසිම දෙයක් කිව්වේ නැහැ.


ඔහුත් නැහැ.


ඒ දෙන්නා අතරේ තිබුණේ ඒ වැළඳගැනීමෙන් ඉතුරු වූ උණුසුම විතරයි.✨️


---


ටික වෙලාවකට පස්සේ චේතකි ආයෙත් තමන්ගේ පොත අරගෙන වාඩි වුණා.


ශෙහාන් table එක ළඟට ගිහින් ආයෙත් වැඩ පටන් ගත්තා.


දෙන්නාම සාමාන්‍ය වෙන්න උත්සාහ කළා.


ඒත් අදින් පස්සේ ඒක තවත් අමාරුයි.


මොකද අද පළවෙනි වතාවට...


වචන නැතුවම,


දෙන්නාම එකිනෙකාගේ හිතේ තිබුණු දෙයක් ස්පර්ශ කරලා තිබුණා.


එකිනෙකාට කිසිම පොරොන්දුවක් නොදී..


කිසිම නමක් නොදී..


ඒත් අමතක කරන්නම බැරි තරම්...



ඒ රෑ ශෙහාන්ට එක දෙයක් පැහැදිලි වුණා.


ඔහු ඇයව ඈත් කරන්නේ ඇයට ආදරේ නැති නිසා නෙවෙයි.


ඇයට ගැඹුරින් ආදරේ කරන්න පටන් අරගෙන තියෙන නිසාමයි..❤️‍🩹



                   Continue.....

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!