දුර 🌹 (Short Story)✨️11 කොටස✨️
කෙටිකතා ආදර (Romance)

දුර 🌹 (Short Story)✨️11 කොටස✨️

Angel_Diary 29 1 0

සමහර මතක අපිට අමතක කරන්න ඕනෙ වුණත් අමතක කරන්න බැහැ තමයි... ඒවා හිතේ කොහේ හරි නිහඬවම තැන්පත් වෙලා තියෙනවා... කාලය ගත වෙනකොට වේදනාව අඩු වෙනවා ඇති... ඒත්... කෙනෙක් අපේ ජීවිතයේ එක්තරා කාලයක් ලස්සන කරලා තිබුණා කියන මතකය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ...❤️‍🩹✨️

දුර 🌹 (Short Story) ✨️11 කොටස✨️



ශෙහාන් ගෙදර එන වෙලාව චේතකිට දැන් වෙලාවක් වගේ මතකයි.


කලින් ඒක එහෙම නෙවෙයි.


ඔහු එනකම් බලන් ඉන්නවා කියලා ඇයටමවත් දැනුණේ නැහැ.


ඒත් මේ දවස් ටිකේ...


පහළින් gate එක ඇරෙන සද්දයක් ඇහුණම ඇගේ හිත එකපාරටම ගැස්සෙනවා.


ශෙහාන් ආවා.


ඒක දැනුණාම ඇය පොත වහනවා.


කොණ්ඩෙ හදාගන්නවා.


Room එකෙන් එළියට එනවා.


කලින් වගේම.


ඔහු ඇයව දැක්කම කතා කරයි කියලා.


“පාඩම් කළාද?”


“කාලද?”


“මොකද අද ඔච්චර නිහඬ?”


ඇය බලාපොරොත්තු වුණේ ලොකු දෙයක් නෙවෙයි.


කලින් තිබුණු ඒ පොඩි හුරුපුරුදුකම විතරයි.✨️



---


එදාත් ඇය room එකෙන් එළියට ආවා.


පඩිපෙළ ළඟට ඇවිත් නතර වුණා.


ශෙහාන් උඩට ආවා.


ඔහු ඇයව දැක්කා.


ඇගේ හිතේ තිබුණු පොඩි බලාපොරොත්තුව එකපාරටම ඉහළ ගියා.


ඒත්...


ඔහු ඇය දිහා බලලා ආයෙත් ඉවත බලාගත්තා.


කතාවක් නැතුවම room එකට ගියා.


එච්චරයි.


ඇය කිසිම දෙයක් කියන්නත් කලින් ඔහු පඩිපෙළ නැගලා ගියා.


ඇය එතැනම හිටියා.


තත්පර කිහිපයක්.


ඊට පස්සේ හෙමින් තමන්ගේ room එකට ආවා.


දොර වහගත්තා.


ඇඳ උඩ වාඩි වුණා.


ඇයට තේරුණේ නැහැ...


එකම මනුස්සයෙක්ගේ වෙනස් වීමක් මෙච්චර හිතට බරක් වගේ දැනෙන්නේ ඇයි කියලා.✨️




---


එදා රෑත් ඇය පොත පෙරලගෙන හිටියා.


Pen එකත් අතේ.


ඒත් අකුරු පේන්නේ නැහැ.


ඇය phone එක අරගෙන music එකක් දැම්මා.


ඒ familiar හඬ room එක පුරා ගියා.


"Raat ki gehri neendon main"

  "රාත්‍රියේ ගැඹුරු නින්දේදී.."✨️


"Maine son na payi

   "මට නිදාගන්න බැරි වුනා.."✨️


"Dard mein yun khudkohi

Kyun tadpa yun tadpayi"

   "ඇයි මෙහෙම දුක් විදගන්නෙ කියලා මේ වේදනාව තුල මම මගෙන්ම ඇහුවා.."✨️


"Main kabhi na socha.. tujhe"

"මම ඔයා ගැන නොහිතා ඉන්න උත්සාහ කලා"✨️


"Bus roya yun hi khudse"

"ඒත් තනියම අඩමින් හිටියා"✨️


"Yun dil ko

Yun.. dil ko sambhalta raha"

"මේ විදිහට මමම මගේ හිත

සනසගෙන හිටියා"✨️


"Maine royaan thujhe dhund dhunde

Roya tha main tu na mila..."

"මම ඔයාව හොයමින් ඇඩුවා. ඒත් ඔයාව මට ලැබුනෙ නෑ."❤️‍🩹




ඇය ඇස් වහගත්තා.


ඒ වචන ඇහෙනකොට කලින් රැයවල් එකින් එක මතක් වුණා.


ශෙහාන්ගේ room එක.


එකට පාඩම් කරපු හැටි.


ඔහු හිනාවෙලා තමන්ට විහිළු කරපු හැටි.


තමන්ගේ පොඩි පොඩි දේවල් පවා ඔහුට කියන්න පුරුදු වුණු හැටි.


ඒ හැමදේම.


ඒත් දැන්...


ඒ මනුස්සයා තමන් ඉස්සරහින් යනවා.


ඇයව දැක්කත් නවතින්නේ නැහැ.


ඇය ළඟට එන්නේ නැහැ.


ඇයත් එක්ක කතා කරන්නේ නැහැ.


ඇය තමන්ගේ දණහිස් දෙක තුරුළු කරගත්තා.


කඳුළු එකින් එක වැටුණා.


“ඇයි?”


ඇය හෙමින් තමන්ගෙන්ම ඇහුවා.


“මං මොකක් කළාටද?”


උත්තරයක් නැහැ.✨️




---


Exam එකට තව දවස් හතරයි.


ගෙදර හැමෝම හිතුවේ චේතකි කාමරේ ඇතුළේ හොඳට පාඩම් කරනවා කියලා.


ශෙහාන්ගෙ අම්මා කෑම ගෙනත් දොර ළඟ තියලා යනවා.


“පාඩම් කරලා ඉවර වෙලා කන්න.”


“හරි aunty.”


ඇය හැමදාම ඒකම කියනවා.


ඒත් කෑම එක පැය ගණනක් එහෙමම තියෙනවා.


පොතේ page එක මාරු වෙන්නේ නැහැ.


ඇගේ හිත ඇතුළේ එකම දේ.


ශෙහාන් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?




---


ශෙහාන්ට නම් මේ හැමදේම වෙනස් විදිහකට පේනවා.


ඔහු හිතුවේ ඇය පාඩම් කරනවා කියලා.


ඇය දොර lock කරගෙන ඉන්නවා.


පහළට එන්නේ නැහැ.


තමන්ට කතා කරන්නේ නැහැ.


ඒක දැක්කාම ඔහුට හිතුණේ,


හොදයි.


මේක තමයි වෙන්න ඕන.


ඇය තමන්ගෙන් ඈත් වෙලා.


Exam එකට focus වෙනවා.


ඔහුගේ දුර ඇයට උදව් කරනවා.


ඒ නිසා ඔහු තවත් කිසිම දෙයක් කළේ නැහැ.


ඇගේ දොර ළඟට ගිහින් තට්ටු කරන්න හිතුණත්...


නතර වුණා.


“දැන් ගියොත් ආයෙත් මට ඇයගෙන් ඈත් වෙන්න බැරි වෙයි.”


ඔහු තමන්ටම කිව්වා.


ඔහුට බය තිබුණේ ඒකට.


තමන්ගේ හිත ගැන.


ඇය ගැන.


දෙන්නා අතර දවසින් දවස වැඩි වෙන ඒ බැඳීම ගැන.


එක දවසක ඒක අනිත් අයටත් පෙනෙයි කියන බය ගැන.


ඒ නිසා ඔහු හිතුවේ...


තමන්ට රිදුණත් කමක් නැහැ.


තමන්ටම රිදවලා හරි මේක නවත්තන්න ඕන කියලා.✨️




---


දවස් දෙකක් ගියා.


චේතකි තවත් නිහඬ වුණා.


ශෙහාන් ගෙදර ආවම කලින් වගේ එළියට එන්නෙත් නැහැ.


එදා ඔහු ගෙදර ආවම ඇය door එක ළඟට ඇවිත් නතර වුණා.


ඇය එළියට යන්නද නැද්ද කියලා තීරණය කරගන්න බැරිව.


අන්තිමට...


ඇය ආයෙත් room එකට ගියා.


දොර වහගත්තා.


Lock කළා.


ඇඳට වැටුණා.


ඇය ශෙහාන් එක්ක තරහ නැහැ.


ඒකයි අමාරුම දේ.


තරහ වෙන්න පුළුවන් නම්...


ඔහුට බැනලා හරි හිත හදාගන්න පුළුවන්.


ඒත් ඇයට ඔහුත් එක්ක තරහ වෙන්න බැහැ.


තමන්ගෙ හිතටම දැනුන කෙනෙක් එක්ක කොහොමද එහෙම තර්හ වෙන්නේ.. ❤️‍🩹


ඇයට දැනෙන්නේ...


ඔහු තමන්ව අමතකම කරලා දානවා වගේ.


තමන්ට හුරු කරපු කෙනෙක් තමන්ගෙන්ම ඉවත් වෙනවා වගේ.✨️




---


එදා රෑ Maine Royaan ආයෙත් play වුණා.


“Maine royaan...”


ඇය ඇස් වහගත්තා.


පරණ දවස්වල ඇයට මේ ගීතය දුකක් වුණා.


දැන් ඒක ඇගේ දවසක් වගේ.


කෙනෙක් ළඟ හිටියා.


ඒ කෙනා එක්ක ජීවිතේ පොඩි පොඩි දේවල් බෙදාගත්තා.


ඊට පස්සේ...


එකපාරටම ඒ කෙනා ඈතට ගියා.


ඇය තාමත් ඒ තැන. ඒ හිටපු තැන. 


ඇය විතරක් එතැන.


ඒකයි ඇයට දරාගන්න බැරි.✨️



---


අන්තිමට ඇය පොත වහලා දැම්මා.


“මට බෑ.”


ඇය හෙමින් කිව්වා.


“මට දැන් බෑ...”


කඳුළු වැටුණා.


ඇයට exam එක ගැන බයයි.


ඒත් ඒ වගේම ලොකු බයක් දැන් හිතේ තිබුණා.


ශෙහාන් ඇත්තටම තමන්ගෙන් ඈත් වෙලාද?


ඒ ප්‍රශ්නය ඇයව ඇතුළෙන් කාලා දානවා වගේ.


ඇය phone එක අතට ගත්තා.


ශෙහාන්ගේ number එක දිහා බැලුවා.


Call කරන්න හිතුවා.


නැවතත් phone එක තැබුවා.


“එයාට මාව ඕන නැත්තම්?”


මම එයාගෙ පස්සෙන් ගිහින් මොකටද ? 


ඒ සිතුවිල්ලත් එක්ක ඇගේ ඇස් ආයෙත් තෙත් වුණා.




---


එදා රාත්‍රියේ ශෙහාන් balcony එකේ හිටියා.


ඔහුටත් නින්ද නැහැ.


චේතකිගේ room එක දිහා බැලුවා.


Light එක තාමත් දැල්වෙනවා.


ඔහු phone එක අතට ගත්තා.


Message එකක් type කළා.


“පාඩම් කළාද?”


ඔහු ටික වෙලාවක් ඒක දිහා බලන් හිටියා.


ඊට පස්සේ delete කළා.


ආයෙත් phone එක පැත්තකින් තිබ්බා.


ඔහු හිතුවේ...


තව ටික දවසක්.


Exam එක ඉවර වෙනකම්.


ඊට පස්සේ බලමු.


ඔහු නොදැන හිටපු එකම දේ...


ඔහුගේ “තව ටික දවසක්” කියන දුර,


චේතකිගේ හිතට දවසක් දවසක් ගානේ බරක් වෙනවා කියන එක.


ඇය ඔහුගෙන් ඉල්ලුවේ ආදරයක්වත්...


පොරොන්දුවක්වත්...


කිසිම දෙයක්වත් නෙවෙයි.


කලින් වගේ එක වචනයක්.


ඒත් ඒකවත් ලැබුණෙ නැහැ.


ඒ නිසාම,


ඇය හෙමින් හෙමින් තමන්ගේම හිත ඇතුළේම තනි වෙන්න පටන් ගත්තා.✨️


                  

            අවසන් කොටසින් හමුවෙමු...✨️

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!