දුර 🌹(Short Story) ✨️10 කොටස✨️✨️
කෙටිකතා ආදර (Romance)

දුර 🌹(Short Story) ✨️10 කොටස✨️✨️

Angel_Diary 49 1 0

ඔයා මගේ ජීවිතයට ආවේ කිසිම විශේෂ හේතුවක් නැතුව වගේ.. ඒත් දවසින් දවස ඔයා මගේ දවස්වලට එකතු වෙද්දී, මටත් නොදැනීම මගේ සතුටේ හේතුවක් බවට ඔබ පත්වුණා... අවසානයේ දී මට තේරුණේ, ඔයා මගේ ජීවිතයට පැමිණි කෙනෙක් විතරක්ම නෙවෙයි, මගේ ජීවිතයේම කොටසක් බවට පත් වෙලා ඉවරයි කියලා...❤️‍🩹✨️

දුර🌹


(Short Story)


✨️10 කොටස✨️




සමහර වෙනස්කම් එන්නේ හෙමින්..


ඒත් සමහර ඒවා...


එක රැයකින්..😳


ශෙහාන් වෙනස් වුණෙත් එහෙම.


ඒක චේතකිට තේරෙන්න පටන් ගත්තේ පළවෙනි දවසේමයි..



කලින් ඔහු ඇය ළඟට එනවා..


දැන් ඇය ළඟට ආවොත් පවා, හේතුවක් හොයලා ඉවතට යනවා.❤️‍🩹


කලින් ඇය ඔහුගේ room එකට ආවම ඔහු වැඩේ නවත්තලා හරි කතා කරනවා.


දැන්,


“මට වැඩක් තියෙනවා.”


“පස්සේ බලමු.”


“ඔයා ඔයාගේ room එකට යන්න.”


ඒ වචන තුන හතර විතරයි.


ඇයට තේරුණේ නැහැ.


ඒත් ඇයට රිදුණා.✨️



---


දවසක් ඇය ඔහු ළඟින් යද්දි,


“ශෙහාන්...”


කියලා කතා කළා.


ඔහු හැරිලා බැලුවා.


ඇය මොනවද කියන්න හදන්නේ කියලා අහන්නත් කලින්,


“මට ටිකක් වැඩ තියෙනවා.”


කියලා ඔහු යන්න ගියා.


ඇය එතැනම නතර වුණා.


කලින් ඔහුගේ නිහඬකම පවා ඇයට හුරුයි.


ඒත් මේක...


මේක වෙනස්.


ඇය ඔහුත් එක්ක තරහ වෙන්න බැලුවා.


“ඇයි මෙහෙම කරන්නේ?”


කියලා හිතෙන් අහගත්තා.


ඒත් තරහට වඩා ඉස්සර වෙලා ආවේ දුක.✨️



---


ඒ දවස්වල *Maine Royaan* ඇගේ room එකේ නිතරම ඇහුණා.


Phone එක table එක උඩ.


ඇය ඇඳේ.


පොත ඉස්සරහ.


ඒත් ඇස් අකුරුවල නෙවෙයි.


ගීතයේ ඒ වචන ඇහෙන හැම වෙලාවකම ඇගේ හිත ආපහු එකම තැනකට යනවා.


කෙනෙක්ව හොයනවා.


හම්බ වෙන්නේ නැහැ.


රැයවල් දිග වෙනවා.


තමන්ගේම හිත තමන්ම අල්ලගෙන ඉන්නවා.


ඒක ගීතයක් වගේ නෙවෙයි.


ඇගේ මේ දවස් ටික වගේ.


ඇය phone එක දිහා බලලා ගීතය නතර කරන්න හැදුවා.


ආයෙත් play කළා.


ඇයට ඒක අහන්න ඕනෙත් නැහැ.


ඒත් නවත්තන්නත් බැහැ.


මොකද ඒ ගීතය ඇහෙන හැම වෙලාවකම...


ඇයට ශෙහාන්ව මතක් වෙනවා.



ගින්දරට පිච්චෙනවා කියලා පලගැටියා දන්නවා තමා..


ඒත් ඒ පලගැටියා ගින්දරට පනින එක නවත්තන්නෙත් නෑ..


පිච්චි පිච්චි හරි යන්නෙ තමන් ආස දේ හොයාගෙන..


චේතකිත් මේ දවස්වල ඒ වගේ..✨️



---


Exam එකට තිබුණේ තව දවස් පහයි.


පොතක් ඇරගෙන පැයක් වාඩි වෙලා හිටියත්, ඇයට මතක හිටියේ එක page එකක්වත් නෙවෙයි.


කලින් ශෙහාන් කියලා දුන්න දේවල් මතක් වෙනවා.


“මේක මෙහෙම මතක තියාගන්න.”


“ඔයාට මේක පුළුවන්.”


“තේරෙන්නේ නැත්නම් අහන්න.”


දැන් ඒ හඬ නැහැ.


ඇය තනියම.


ඒක තමයි ඇයට වැඩියෙන්ම දැනුණේ.


*මම තනියම.*✨️


පොඩි කාලේ ඉදලම ගෙදර අයගෙ හුරතලේට හැදුනු කෙල්ලට මේ දේ දරාගන්න අමාරු වුනා..


සමහර වෙලාවට දුක හිතෙන්නෙ මිනිස්සු වෙනස් වෙන හින්දාම නෙවෙයි..


වෙනස් වෙන්න කලින් ඒ මිනිස්සුම අපිව බලාගත්තු විදිහ මතක් වෙද්දි..❤️‍🩹




---


ශෙහාන් ඒක දැනගෙන හිටියා.


ඇය exam එකට ලෑස්ති වෙන්න ඕන කියලා.


ඇය මේ දවස් ටිකේ තමන් ගැන හිතන්න ඕන කියලා.


ඒ නිසාම ඔහු තව දුර ගියා.


ගෙදර ආවොත් කෑම කාලා ඉක්මනින් යනවා.


සමහර දවස්වල ගෙදරින් කාලත් නැහැ.


වැඩ ඉවර වුණාට පස්සේත් ටික වෙලාවක් පිට ඉන්නවා.


චේතකි ගැන අහන්න හිතුණත් අහන්නේ නැහැ.


ඇගේ room එකේ light එක දැල්වෙනවා දැක්කත් උඩට යන්නේ නැහැ.


ඔහු හිතුවේ...


මේ දුර ඇයට focus වෙන්න උදව් වෙයි කියලා.


ඔහු හිතුවේ...


තමන් ළඟ නැති වුණාම ඇයට ඔහු ගැන හිතන්න වෙලාවක් නැති වෙයි කියලා.


ඒක ඔහුගේ අදහස.


ඒත් ඔහු නොදැන හිටපු දෙයක් තිබුණා.


ඇයට ඔහු distraction එකක් නෙවෙයි.


ඇය වැටෙන්න නොදී අල්ලගෙන හිටපු කෙනා ඔහු වෙලා තිබුණා.✨️



---


එදා රෑ චේතකි දොර lock කරගත්තා.


ඇය ඇඳේ වාඩි වෙලා හිටියා.


පොත ඇරලා.


ඒත් page එකේ එක අකුරක්වත් පේන්නේ නැහැ.


ඇස්වලින් කඳුළු එනවා.


ඇය ඒක පිසදාලා ආයෙත් පොත දිහා බැලුවා.


“පාඩම් කරන්න ඕන.”


තමන්ටම කිව්වා.


“තව දවස් පහයි.”


ඒත් හිත අහන්නේ වෙන දෙයක්.


“ශෙහාන්ට මාව දැන් ඇත්තටම ඕන නැද්ද?”


ඒ ප්‍රශ්නයට විතරක් උත්තරයක් නැහැ.✨️



---


පහළින් ශෙහාන් ගෙදර ආවේ ටිකක් රෑ වෙලා.


ඔහු උඩට එද්දි චේතකිගේ room එකේ දොර වහලා.


Lock කරලා.


ඔහු තත්පරයක් ඒ දොර දිහා බැලුවා.


“පාඩම් කරනවා ඇති.”


ඔහු හිතුවා.


ඔහුට ඇතුළට ගිහින්,


“කොහොමද?”


කියලා අහන්න හිතුණා.


ඒත් ඔහු නතර වුණා.


නෑ.


මම එයාට disturb කරන්න හොද නැහැ.


තව දුර ඕන.


ඇය තමන්ගෙන් ඈත් වෙන්න පුරුදු වෙන්න ඕන.


ඔහු ආයෙත් හැරුණා.✨️



---


ඒ වෙලාවේ චේතකි දොරේ අනිත් පැත්තේ හිටියා.


ඔහුගේ අඩි සද්දෙ ඇයට ඇහුණා.


ඇය එකපාරටම දොර දිහා බැලුවා.


හිත කිව්වා 


එයි.


ඔහු එයි.


දොරට තට්ටු කරයි.


කලින් වගේ,


“පාඩම් කළාද?”


කියලා අහයි.


ඇය තත්පර ගණනක් බලාගෙන හිටියා.


අඩි සද්දෙ ඈත් වුණා.


කිසිම තට්ටුවක් නැහැ.


කිසිම හඬක් නැහැ.


ඇය හෙමින් ඇස් වහගත්තා.


ඒ මොහොතේ ඇයට තේරුණා...


ශෙහාන් තමන්ගෙන් දුර යනවා.


ඒක තාවකාලික දෙයක් නෙවෙයි වගේ.


ඒක ඇගේ හිතට දැනුණේ අතකින් අල්ලලා ඉවත් කළා වගේ.✨️




---


ඇය phone එක අරගෙන ආයෙත් Maine Royaan play කළා.


කාමරේ පුරා ඒ හඬ පැතිරුණා.


ඇය ඇස් වහගත්තා.


පරණ රැයවල් මතක් වුනා.. 🌙 


Balcony එක.


තේ කෝප්ප දෙක.


ඔහුගේ විහිළු.


තමන්ගේ හිනාව.


එකට පාඩම් කරපු පැය ගණන්.


ඔහු “නිදාගන්න” කියලා කියපු හඬ.


ඒ හැමදේම.


දැන් ඒ හැමදේම තිබුණේ මතකවල විතරයි.


ඇය හෙමින් කොට්ටය තුරුළු කරගත්තා.


ඇයට ශෙහාන් එක්ක තරහයි.


ඒත් ඒ තරහට වඩා...


ඔහු ආයෙත් කලින් වගේ වෙයිද කියන බලාපොරොත්තුවක් තිබුණා.


ඒක තමයි ඇයව තවත් රිද්දුවේ.✨️



---


ශෙහාන් තමන්ගේ room එකේ balcony එකට වෙලා හිටියා.


චේතකිගේ room එකේ light එක තාමත් දැල්වෙනවා.


ඔහු ඒ දිහා බැලුවා.


“පාඩම් කරනවා ඇති.”


ආයෙත් තමන්ටම කිව්වා.


ඔහුට නොදැනුවත්වම phone එක අතට ගියා.


Message එකක් type කළා.


“නිදාගන්න කලින් ටිකක් වැඩියෙන් පාඩම් කරලා ඉවර කරන්න. Exam එක ළඟයිනේ”


ඔහු ඒක දිහා බලන් හිටියා.


Send කරන්න හිතුණා.


ඒත්...


Delete කළා.


Phone එක පැත්තකින් දැම්මා.


ඔහු හිතුවේ තමන් ඇයට උදව් කරනවා කියලා.


ඒත් ඒ මොහොතේ...


ඔහු නොදැනුවත්වම ඇයව තනිකරලා තිබුණා.


දෙන්නාගේ room දෙක අතර තිබුණේ corridor එකක් විතරයි.


ඒත් ඒ රෑ...


චේතකිට ශෙහාන් මුළු ලෝකෙන්ම ඈත වගේ දැනුණා.


ඇය හෙමින් කඳුළු පිසදාලා පොත ආයෙත් අතට ගත්තා.


අකුරු තාමත් බොඳයි.


හිත තාමත් බරයි.


ඒත් ඇය පාඩම් කරන්න උත්සාහ කළා.


මොකද ශෙහාන් නැති වුණත්...


තමන් වැටෙන්න බෑ කියලා ඇය තමන්ටම කියාගත්තා.


ඒත් ඒ රෑ,


පොතේ එක page එකක්වත් ඇගේ හිතට ඇතුළු වුණේ නැහැ.




                   Continue...

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!