දුර 🌹(Short Story) ✨️අවසන් කොටස ✨✨️✨️✨️✨️✨️✨️✨️
කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ එයාව හැම වෙලාවෙම අපේ ළඟම තියාගන්න හදන එකම නෙවෙයි... එයා සතුටින් ඉන්නවා දැකලා, තමන්ගේ හිතේ තියෙන දුක හංගගෙන වුණත් සතුටු වෙන්න පුළුවන් වීමත් ආදරයක්... ඒ නිසාම සමහර ආදර කතා වලට අවසානයක් තිබුණත්, ඒ ආදරය නම් සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ නැහැ....❤️🩹✨️ (Tiktok එකේ angel diary profile එකෙන් දුර 🌹 Short Story එක තවත් ලස්සනට බලාගන්න පුලුවන්... කියවලා බලන්න කියලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා..❤️❤️)
දුර 🌹(Short Story) ✨️✨️12 ✨️✨️
✨️ අවසන් කොටස ✨️
තව දවස් තුනක් විතරයි ඉතුරු..
ඊටපස්සේ චේතකි ශෙහාන්ගෙ ගෙදරින් යනවා.
ඊට පස්සේ දෙන්නා වෙන් වෙනවා.
චේතකිට ඒ දවස් තුනත් දැන් බරක්.
කලින් තිබුණු සතුටු මතකයක් වෙලා තිබුණු මේ ගෙදරම...
දැන් ඇයට හුස්ම ගන්න අමාරු තැනක් වගේ දැනුණා. ❤️🩹
ශෙහාන් උදේ ගෙදරින් යනවා.
රෑ වෙලා එනවා.
එන වෙලාවට ඇය room එකේ.
ඇය එළියට එන්නේ නැහැ.
ඔහු ඇයගේ දොර ළඟින් යනවා.
නතර වෙන්නේ නැහැ.
ඇය ඔහුගේ අඩි සද්දෙ අහගෙන ඉන්නවා.
ඒත් ඔහු ආයෙත් දොරට තට්ටු කරන්නේ නැහැ.
ඒක දවසින් දවස ඇගේ හිතට තවත් බර වුණා.✨️
---
අන්තිමට ඇයට තේරුණා.
තමන්ට තවත් මෙහෙම ඉන්න බැහැ.
Exam එකට තව දවස් තුනක් තිබුණත්, හිත එක තැනක නැහැ.
ඇය ශෙහාන්ගෙ අම්මා ළඟට ගියා.
“Aunty... මං exam එකට ගෙදර ඉදන් යන්න කියලා තීරණය කලා.
අපේ අම්මටත් මම කිව්වා. එහෙම වුනොත් එයාලා දවස් දෙකකින් එන්නම් කිව්වා. Exam එකට දවස් 3 යිනෙ ”
ශෙහාන්ගේ අම්මා පුදුම වුණා.
“ඇයි හදිස්සියේ? මොකක් හරි ප්රශ්නයක්ද පුතේ?”
“නෑ... exam stress එකට aunty. මට මගේ room එකේ පුරුදු තැනම ඉන්නකොට focus කරන්න ලේසි වෙයි කියලා හිතුනා.”
චේතකි වෙනසක් නොපෙන්වා කිව්වා.
ඇත්ත හේතුව ඇය කිව්වේ නැහැ.
ඇයට ඒක කියන්න කෙනෙක් හිටියෙත් නැහැ.
ශෙහාන්ගෙ අම්මා ටික වෙලාවක් බලලා,
“හරි එහෙනම් ඔයාට ඕනෙමනම් යන්න දුව. ඒත් ඔයාට ඕනෙම වෙලාවක ආයෙම එන්න.”
කිව්වා.
තාත්තත් එකඟ වුණා.
ඔවුන්ටනම් ඒක exam එකට focus වෙන්න ගත්තු තීරණයක් විතරයි.
ඒත් චේතකි දැනගෙන හිටියා...
ඒත් ඇය මේ ගෙදරින් කලින්ම යන්නේ exam එක නිසා විතරක් නම් නෙවෙයි..
ඒ ඇගේ හිතට දරාගන්න පුලුවන් ප්රමාණයටත් වඩා දැනුණ වේදනාවක් නිසා..
තමන්ට තව එක දවසක්වත් ශෙහාන්ගේ මේ වෙනස්කම දරාගන්න බැරි නිසා.✨️
---
ඊළඟ දවසේ උදේ ගෙදර අමුතු කලබලයක්.
බෑග්.
පොත්.
ඇඳුම්.
අම්මා එකින් එක දේවල් අස් කරනවා.
චේතකි හැමදේම කරන්නේ හිනාවෙලා.
කවුරුත් ඇගේ ඇස් දිහා හොඳට බැලුවේ නැහැ.
ඇස් දිහා බලපු ගමන්ම
ඇයව එක බැල්මෙන් තේරුම් අරන්
"ඔයා ප්රශ්නෙක නේද ඉන්නෙ චේති?"
කියලා අහන්න පුලුවන් එකම කෙනා එදා ලගකවත් හිටියෙත් නැහැ.
ශෙහාන් උදේම පිටවෙලා.
ඒක ඇයට තවත් රිදුණා.
එයාටවත් දැනෙන්නේ නැද්ද මං යනවා කියලා?
ඇය ඒ ප්රශ්නය ඇගේ හිතෙන්ම අහගත්තා.
ඒකට උත්තරයක් හම්බ වුණේ නැහැ.✨️
---
දවල් වෙද්දි ඇයගේ අම්මයි තාත්තයි ඇයව එක්කගෙන යන්න ලෑස්ති වුණා.
ගෙදර ඔක්කොම හිටියා. ශෙහාන් විතරක් පේන්න හිටියේ නැහැ.
“ශෙහාන් කොහෙද?”
ශෙහාන්ගෙ අම්මා පහල වැඩක් කර කර හිටපු කෙනෙක්ගෙන් ඇහුවා.
“වැඩකට ගියා.”
ඒ කෙනා කිව්වා.
චේතකිගේ හිත එකපාරටම හිස් වුණා.
ඇය තත්පරයක් දොර දිහා බැලුවා.
එයා එයි.
මං යන්න කලින්වත් එයි.
ඇය ඒ බලාපොරොත්තුව අන්තිම මොහොත දක්වා තියාගෙන හිටියා.✨️
---
ඇය bag එක අරගෙන තමන්ගේ room එකෙන් එළියට ආවා.
පඩිපෙළ බැස්සා.
කලින් දවස්වල ශෙහාන් එක්ක කතා කරමින් බැස්ස ඒ පඩිපෙළම.
කලින් ඔහු විහිළු කරපු තැනම.
කලින් ඔහු පිටිපස්සෙන් වේගෙන්ම ඇවිත්,
“හෙමින් යන්න.”
කියපු තැනම..
Lights off කරන්න පහලට ඇවිත් දෙන්නම ගොලුවෙලා බලන් හිටපු තැනම.
අද...
කිසිම හඬක් නැහැ.
කිසිම දෙයක් වෙලා නෑ වගේ ඔහේ නිසොල්මනේ තිබුණා.
ඇය පහළට ආවා.
දොර ළඟ නතර වුණා.
තවත් තත්පර කිහිපයක් බලන් හිටියා.
ශෙහාන් ආවේ නැහැ.
ඇය හිනාවුණා.
ඒ හිනාව ඇයටම බොරු වගේ දැනුණා.
එයාට මං යන එකවත් ගාණක් නැද්ද?
ඇය හිතුවා.
ඒ ප්රශ්නය ඇගේ හිතේ කොහේහරි ගැඹුරට ගිහින් නැවතුණා.✨️
---
ඇය car එකට නැග්ගා.
දොර වැහුණා.
අම්මා ඉස්සරහින්.
තාත්තා driving seat එකේ.
චේතකි window එකෙන් ගෙදර දිහා බැලුවා.
තමන් පොඩි කාලෙ ඉදන්ම ආදරෙන් වැලදගත්ත හැම මතකයක්ම මතකයක් වෙලා ඉතුරු වෙලා..
ඇය මේ යන එකත් දවසක මතකයක් විතරක්ම වෙලා යයි...
ඇය තාමත් එකම බලාපොරොත්තුවක් තියන් හිටියා. .
එයා දැන්වත් එයි.
ඒත් gate එක ළඟ කවුරුත් නැහැ.
ශෙහාන්ගේ shadow එකක්වත් නැහැ.
පිටතින් නිහඬයි..ඒත් ඇතුලතින් හිත කෑගහලා ඇඩුවා...
car එක හෙමින් ඉස්සරහට ගියා.
ඇය ආයෙත් පිටිපස්ස හැරිලා බැලුවා.
ගෙදර ටික ටික ඈත් වෙලා නොපෙනිලා ගියා.
ඒත් ඇගේ හිතේ තිබුණු එකම දෙයක් ඈත් වුණේ නැහැ.
“මං ඔයාට මෙච්චර ආදරේ කරලාත් ඔයාට මාව එච්චරක්වත් වැදගත් වුණේ නැද්ද, ශෙහාන්?”✨️
---
ඒ මොහොතේ...
ශෙහාන් ගෙදර හිටියේ නැහැ.
ඔහු වෙනත් ගමනක.
ඇයට නොකියාම.
මොකද ඔහු දැනගෙන හිටියා...
ඇය අද යනවා.
ඔහුට ඇයව බලලා සමුගන්න බැහැ.
එක වචනයක් හරි කිව්වොත්...
ඔහු තමන් හදාගත්ත දුර තමන් අමාරුවෙන් හදාගත් හිත ආයෙත් කැඩෙයි කියලා ඔහු බය වුණා.
ඔහු ඇගේ ඇස් වලින් මිදෙන්න උත්සාහ කරා.
ඇගේ බැල්මත් ඔහුට දින ගණනක් නිදි නැතිව පීඩා විදින්නට හේතුවක් වුනා..
ඒ නිසා ඔහු පලා ගියා.
ඇයගෙන් නෙවෙයි.
තමන්ගෙන්ම.❤️🩹
---
චේතකි exam ලිව්වා.
හොඳටමත් නෙවෙයි.
නරකටමත් නෙවෙයි.
ඇය දන්න තරමට ලිව්වා.
Result එක ආවමත් ඒක සාමාන්ය result එකක්.
කලින් ඇය බලාපොරොත්තු වුණු තරම් හොඳ නැහැ.
ඒක කාගෙවත් වරදක් නොව තමන්ගෙම වරදක් බව ඇය තේරුම් ගත්තා..
ඒත් කවුරුත් ඒකට දොස් කිව්වේ නැහැ.
Exam stress එක කියලා හැමෝම හිතුවා.
ඇයත් එහෙමම හිතන්න උත්සාහ කළා.✨️
---
දින මාස ගනන් ගතවෙලා ගියා.
ඊට පස්සේ අවුරුද්දක්.
ශෙහාන් ගැන ඇයට අහන්න ලැබුණා.
ඔහුත් තමන්ගේ වැඩවල.
ඇයත් තමන්ගේ ජීවිතේ.
ආයෙත් ගෙවල් දෙක අතර එහෙම නිතර යෑම් නැහැ.
කලින් වගේ එකට ඉඳලා කතා කරන අවස්ථා ලොකුවට තිබුනෙ නැහැ.
එකිනෙකාගේ rooms වලට යන්නෙ නැහැ.
රෑට එකට පාඩම් නැහැ.
balcony එකේ තේ නැහැ.
"Maine Royaan" එක එකට අහන රැයවල් නැහැ.
ඒත්...
ඒ මතකයන් ටික විතරක් දෙන්නටම අමතක වුණේ නැහැ.✨️
---
අවුරුදු දෙකකට පස්සේ දවසක...
family party එකක්.
හැමෝම එක තැන.
චේතකි එතැනට ආවා.
ශෙහානුත් හිටියා.
දෙන්නාගේ ඇස් හම්බ වුණේ crowd එක අතරින්.
එක තත්පරයක්.
ඊට පස්සේ දෙන්නාම අහක බලාගත්තා.
කවුරුත් කිසිම දෙයක් දැක්කේත් නැහැ.
ඔවුන් දෙන්නා අතර විශේෂ දෙයක් තිබුණා කියලා කවුරුත් දැනගෙන හිටියේත් නැහැ.
චේතකිට තාමත් ඔහු ගැන තරහක් තිබුණා.
ඒ තරහ ඇතුළේම...
පරණ ආදරයත් තිබුණා..🌹
ශෙහාන්ටත් එහෙමයි.
ඒත් මේ වතාවේ ඔහු දුරින් හිටියේ බයෙන්.
ඇය දිහා නොබලා හිටියේ අකමැත්තකට නෙවෙයි.
ඇය දිහා එක පාරක් හොඳට බැලුවොත්, අවුරුදු දෙකක් පුරා අමාරුවෙන් හංගපු හැම දෙයක්ම ආයෙත් එළියට එයි කියලා ඔහු දැනගෙන හිටියා.✨️
---
ඒ රාත්රියේ චේතකි ගෙදර ආවම phone එකේ පැරණි playlist එකක් open කළා.
ඒකේ තාමත් තිබුණා.
Maine Royaan.
ඇය song එක play කළා.
පරණ හඬ ආයෙත් කාමරේ පුරා ගියා.
ඇය හිනාවුණා.
දුකින්ද සතුටින්ද කියලා ඇයටම තේරුණේ නැහැ.
ඒ ගීතය දැන් ශෙහාන් ගැන විතරක් නෙවෙයි.
ඔවුන් දෙන්නාටම තිබුණු ඒ කාලය ගැන.
අහිමි වෙලා ගිය අතිතය ගැන..
බලෙන්ම වලදාපු ආදරය ගැන..
කියන්න බැරි වුණ දේවල් ගැන.
වචන කරගන්න බැරි වුන හැගීම් ගොන්නක් ගැන..
විදින්න බැරි වුන ආශාවන් ගැන..
අයිති කරගන්න බැරි වුණ කෙනෙක් ගැන.
කියාගන්න බැරි වුන වේදනාවක් ගැන.
බලෙන්ම තියාගත්ත සීමාවන් ගැන..
හිමි කරගන්න බැරිවුන ආත්මයක් ගැන...
ඒත් අහිමි කරගන්නත් බැරි වුණ ආදරයක් ගැන. ❤️🩹
“Khawaishein woh hi meri…
Bas khawaish hi reh gayi…”
“මගේ තිබුණු ඒ ආශාවන්...
ඔයාව මගේ කරගන්න තිබුණු ඒ ආශාවත්...
අන්තිමේදී ආශාවක්ම විතරක් වෙලා ඉතුරු වුණා.”
---
ශෙහාන් ඒ වෙලාවේ තමන්ගේ room එකේ තනියම..
ඔහුගේ phone එකේත්...
ඒ song එකම.
ඔහු play කළේ නැහැ.
ඒත් playlist එකේ ඒ නම දැක්කාම ඔහුට ඇය මතක් වුණා.
ඔහු ඇස් වහගත්තා.
අවුරුදු දෙකකට කලින් තමන් කරපු දේ ආයෙත් මතක් වුණා.
ඇය යන දවස.
ඔහු බලාපොරොත්තුවෙන් ඇය gate එක දිහා බලන් ඉන්න හැටි.
ඔහු නොසිටි හැටි.
ඇය තමන් දිහා බලාගන්න බලාපොරොත්තු වූ අවසාන තත්පරය.
ලගට ඇවිත් කතා කරලා
"හෙට exam එක හොදට කරන්න චේති" කියලා ඔහු කියනතුරු ඇය බලන් ඉන්න ඇති.
අඩුම ගානේ වචනයක්වත් නැතත්..
ඇයට පොඩ්ඩක් හරි බලාගෙන හිත හදාගන්න ඇගේ ඇස් ඉස්සරහට හරි එන්න තිබුනා..
ඇස් ඉස්සරහටම නැතත් ඇයට පේන්න ටිකක් හරි ඉන්න තිබුණා..
ඔහුට එදා ඇය ළඟට යන්න තිබුණා..
එක වචනයක් කියන්න තිබුණා.
ඒත් ඔහු ගියේ නැහැ.
ඒක ඔහුගේ ජීවිතේ ලොකුම පසුතැවීමක් වෙලා තිබුණා.
ඔහුට දැන් තේරෙනවා...
ඔහු ඇයව දුරට තල්ලු කළේ ආදරේ නැති නිසා නෙවෙයි.
ඇය වෙනුවෙන් තමන්ගේම හැඟීම් පාලනය කරගන්න බැරි වෙයි කියලා බය වුණු නිසා.
ඒ බය ඇයව ආරක්ෂා කරයි කියලා ඔහු හිතුවා.
ඒත් ඒකෙන් ඇයට වුණේ...
තමන් ආදරේ කරන කෙනාගෙන්ම තමන්ව අතහැරලා දාලා තියෙනවා වගේ දැනෙන එක.💔
ඒක තමයි ඔහුට අදටත් සමාව ගන්න බැරි එකම දේ.✨️
---
අවුරුදු දෙකකට පස්සේත්...
ඔවුන් දෙන්නා එකිනෙකාට ආදරේ කළා.🥰
කවුරුත් නොදැන.
කවුරුත් අයිති කරගන්න උත්සාහ නොකර.
දුරින්.
ඒත් ඒ දුර ඇතුළේම...
එකිනෙකා වෙනුවෙන් තැනක් තියාගෙන.
සමහර ආදර කතා අවසන් වෙන්නේ එකට ඉඳලා නෙවෙයි.
සමහර ඒවා...
එකිනෙකාගේ ජීවිතේට අයිති වෙන්න බැරි බව දැනගෙනත්, හිතෙන් අයින් කරගන්න බැරිව ඉතිරි වෙනවා....
ඒත් මේ කතාව...
තවම සම්පූර්ණයෙන් ඉවර නැහැ.
මොකද කාලය සමහර දේවල් අරගෙන යනවා.
ඒත් සමහර මිනිස්සු.....
කාලයත් එක්ක අමතක වෙනවා වෙනුවට,
තවත් නිහඬව, තවත් ගැඹුරින්, හිත ඇතුළේම ඉතිරි වෙනවා.❤️🩹
නිමි.