දුර 🌹✨️04 කොටස ✨✨️✨️
කෙටිකතා ආදර (Romance)

දුර 🌹✨️04 කොටස ✨✨️✨️

Angel_Diary 105 1 0

අහිමි වන බව දැන දැනත් මුණගැහෙන එක අහම්බයක් නොවේ...❤️‍🩹

දුර 🌹(Short Story)


✨️ 04 කොටස..



ඒ දවස්වල හැමදේම හරිම සාමාන්‍යයි වගේ තිබුණා.


ඒ කිව්වෙ පිටින් බැලුවම.


චේතකි තාමත් පාඩම් කළා.


ශෙහාන් තාමත් වැඩ කළා.


රෑ වෙද්දි දෙන්නා කතා කළා.


සමහර රැයවන්ල පාඩම්.


සමහර රැයවන්වල කෑම.


සමහර රැයවන්වල කිසිම වැඩක් නැතුව නිකන් කතා.


ඒත් ශෙහාන්ට එක දවසක තමන්ගේ හිත ගැන බය හිතුණා.


ඒක සිද්ධ වුණේ විශේෂ දෙයක් නිසා නෙවෙයි.


චේතකි ඔහුගේ room එකේ mirror එක ඉස්සරහ හිටගෙන කොණ්ඩෙ හදමින් හිටියා.


ශෙහාන් desk එකේ.


ඇය phone එකෙන් song එකක් play කරලා තිබුණා.


ඇය හෙමින් ඒකත් එක්ක ගායනා කරනවා.


ඔහු වැඩ කරන ගමන් ඇය දිහා බැලුවා.


එක තත්පරයක්.


තවත් තත්පරයක්.


ඊට පස්සේ ඔහුගේ ඇස් ආයෙත් screen එකට ගියා.


ඒත් වැඩේට හිත යන්නේ නැහැ.


ඇය එතැන ඉන්න එක ඔහුට ඕනෙ.


ඇය යන එකට ඔහු අකමැතියි.


ඇය වෙන කෙනෙක් එක්ක වැඩියෙන් කතා කරනවා දැක්කම ඔහුට අමුතුයි.


ඇය දවසක් දුකෙන් හිටියොත් ඔහුගේ හිතට ඒක බලපානවා.


ඇය හිනාවුණොත් ඔහුට හිත සැහැල්ලු වෙනවා.


ඒක හුරුපුරුදුකමක් විතරක් නෙවෙයි.


ඒක ඔහුට එදා පළවෙනි වතාවට පැහැදිලිව තේරුණා.


ඔහු chair එකෙන් නැගිට්ටා.


“මං යනවා.”


චේතකි mirror එකෙන් ඔහු දිහා බැලුවා.


“කොහෙද?”


“මගේ room එකට.”


“මේක ඔයාගේ room එකනේ.”


ඔහු තත්පරයක් නිහඬව හිටියා.


“මට වැඩක් තියෙනවා.”


ඇය කිසිම දෙයක් නොකියා හිස වැනුවා.


ඔහු දොර වහගෙන ගියා.


ඒ දොර වැහුණු සද්දෙට වඩා ඔහුගේ හිතේ වැහුණු දෙයක් තිබුණා.


---


එදා රෑ ඔහුට නින්ද ගියේ නැහැ.


Phone එක අතේ.


චේතකිගෙන් message එකක්.


“Good night.”


ඔහු ඒක දිහා බලාගෙන හිටියා.


Reply කරන්න හිතුණා.


“Good night.”


එහෙම type කළා.


ආයෙත් delete කළා.


Phone එක පැත්තකින් දැම්මා.


තව විනාඩි කිහිපයකට පස්සේ ආයෙත් අරගෙන,


“Good night.”


කියලා send කළා.


ඒ message එක send කරලා ඔහු screen එක දිහා බලන් හිටියා.


ඇය reply කළා.


“Good night.”


එච්චරයි.


ඔහු phone එක off කළා.


ඒත් හිතට තිබුණු ප්‍රශ්නය නම් off වුණේ නැහැ ✨️


---


පහුවදා ඉඳන් ඔහු ටිකක් වෙනස් වුණා.


චේතකිට මුලින් ඒක හරියට තේරුණේ නැහැ.


ඇය ඔහුගේ room එකට ගියා.


“පාඩම් කරන්න එනවද?”


“අද බෑ.”


“ඇයි?”


“වැඩ තියෙනවා.”


“හ්ම්.”


ඇය එළියට ගියා.


පහුවදාත් එහෙමයි.


තවත් දවසක ඔහු ගෙදර ආවේ ඇය නිදාගත්තට පස්සේ.


තවත් දවසක කෑම කාලා ඉක්මනින් room එකට ගියා.


රෑට ඇය message එකක් දානවා.


“අද පාඩම් කරමුද?”


“ඔයා තනියම කරගන්න.”


ඇයට ඒ reply එක දිහා ටික වෙලාවක් බලන් ඉන්න වුණා.


“හරි.”


ඇය ඒක විතරක් send කළා.


ශෙහාන් phone එක පැත්තකින් දැම්මා.


ඔහුට හිතෙන්නේ ඔහු හරි දෙයක් කරනවා කියලා.


දුරක් තියාගත්තොත්...


මේක නවතින්න පුළුවන්.


චේතකිට පාඩම් කරන්න පුළුවන්.


ඇයට තමන්ගේ future එක ගැන focus කරන්න පුළුවන්.


ඔහු නිසා ඇගේ ජීවිතේ කිසිම දෙයක් අවුල් වෙනවට ඔහු කැමති වුණේ නැහැ.


ඒක තමයි ඔහු තමන්ටම කියාගත්තේ.


ඒත් ඒ තීරණයේ අමාරුම කොටස ඔහුට පස්සේ තේරුණා.


දුර යන්නෙ ඔහු විතරක් නෙවෙයි.


ඔහු ඇයවත් තමන්ගෙන් දුරකට යවනවා ✨️


---


චේතකිට මේ වෙනස හොඳටම දැනුණා.


ඇය ඒ ගැන කාගෙන්වත් අහන්න ගියේ නැහැ.


ශෙහාන්ගේ හැටි ඇය දන්නවා.


ඔහුට මොකක් හරි ඕනෙ නැත්නම්, කවුරු කිව්වත් වෙනස් වෙන්නේ නැහැ.


ඒත් ඔහු ඇයත් එක්ක කලින් කතා කළ විදිහ මතක් වෙද්දි...


දැන් ඔහු කතා නොකරන එක හිතට රිදුණා.


ඔහු ඔහුගෙ room එකේ ඉන්නවා.


ඇය තමන්ගේ room එකේ.


ඒ අතරේ තිබුණු room එකත් එහෙමම.


ඒත් කලින් තිබුණු දුරට වඩා ඒ දුර දැන් ගොඩක් දිගයි වගේ.


ගතින් විතරක් නෙවෙයි. හදවතින්ම..


දවසක් හවස ඇය ඔහු එනකම් බලාගෙන හිටියා.


හයට.


හතට.


අටට.


කාර් එකේ සද්දයක් ඇහුණා.


ඇගේ හිතට හදිසියේම සැනසීමක් ආවා.


ඒත් ශෙහාන් ගෙදර ඇතුළට ආවම, ඇයව දැකලත් නිකන් හිස වනලා ප්‍රශ්න දෙකක් ඇහුවා විතරයි..


“කොහොමද?”


“හොඳයි.”


“පාඩම් කළාද?”


“ඔව්.”


“හරි.”


ඔහු උඩට ගියා.


චේතකි තාමත් එතැන.


ඔහු කලින් ඇය ළඟ නවතිනවා.


නැවතිලා ටිකක් වෙලා හරි ඉන්නවා.


ඒත් දැන් ඔහු යනවා.


ඇය දිහා කෙලින් බලන්නෙවත් නැහැ.


ඇය ඒ වෙනස දිහා බලන් හිටියා.


ඇගේ හිතට ඒක හේතුවක් නැතිවම රිදුණා ✨️


---


ශෙහාන්ටත් ඒ දවස් ලේසි වුණේ නැහැ.


ඔහුට ඇයව නොබලා ඉන්න අමාරුයි.


ඒත් බලන්නෙත් නැහැ.


ඇය කෑම කනකම් ඉන්න පුරුද්ද කලින් ඔහුට තිබුණා.


දැන් ඔහු කෑම අරගෙන ඉක්මනින් නැගිටිනවා.


ඇය ඔහුගේ room එකට එනකම් බලාගෙන හිටපු දවස් තිබුණා.


දැන් දොර වහගෙන ඉන්නවා.


ඇය ඔහුගෙන් perfume එකක් ඉල්ලුවොත්, කලින් වගේ නිකන්ම “ගන්න” කියන්න පුළුවන්.


ඒත් දැන් ඔහු ඇය room එකට එන එකත් avoid කරනවා.


ඔහු දන්නවා...


ඇය ළඟ ඉන්නකොට තමන්ගේ හිතට තීරණ ගන්න බැරි බව.


ඒ නිසා දුර තමයි හොඳම දේ කියලා ඔහු හිතුවා.


ඔහුට ඒ දුර තියාගන්න පුළුවන් වෙයි කියලාත් හිතුවා.


ඒත් රෑට ඇගේ room එකේ light එක දැක්කම,


“තාම පාඩම් කරනවද?”


කියලා දොර ළඟට යන්න හිතෙනවා.


ඒත් එතැනින්ම නතර වෙනවා.


ඔහු ආපහු හැරෙනවා.


ඒ හැම වතාවකම හිත ඇතුළෙන්ම මොකක් හරි කෑල්ලක් ගැලවිලා යනවා වගේ දැනෙනවා. ලොකු රිදුමත් එක්කම..✨️


---


චේතකිට ඔහුගේ ඈත් වීම තේරුණේ දවසින් දවස.


මුලින් කතා අඩු වුණා.


ඊට පස්සේ එකට කන වෙලාව අඩු වුණා.


ඊට පස්සේ රෑ පාඩම් කරන එක නැති වුණා.


අන්තිමට...


ඇය ඔහුගේ room එකට යන එකත් නැවතුණා.


Mirror එකක් බලන්න ඕන වුණත්.


Perfume එකක් ගන්න ඕන වුණත්.


ඇය තමන්ගේ room එකේම හිටියා.


ඒක ශෙහාන් දැක්කා.


ඔහුට ඒකෙන් සැනසීමක් ලැබෙන්න ඕන.


ඒත් ලැබුණේ නැහැ.


ඔහුට හිතුණේ...


ඇය ඔහුගෙන් ඈත් වෙන්න පටන් අරගෙන.


ඒක තමයි ඔහුට ඕන වුණේ.


ඒත් ඒක දැනෙද්දි හිතට ආවේ සතුටක් නෙවෙයි.


සියුම් රිදුමක්.


---


එක රෑක චේතකි තමන්ගේ room එකේ window එක ළඟ වාඩි වෙලා හිටියා.


පොත ඇරලා.


ඒත් කියවන්නේ නැහැ.


පහළින් කාර් එකක් ආවා.


ශෙහාන්.


ඇගේ හිතට පුරුදු විදිහටම සැනසීමක් ආවා.


ඊළඟ තත්පරේම ඇය තමන්ටම හිනා වුණා.


“ඇයි මං මෙහෙම වෙන්නේ?”


ඇයට උත්තරයක් තිබුණේ නැහැ.


ශෙහාන්ටත් එහෙමයි.


ඔහු තමන්ගේ room එකේ window එක ළඟ හිටගෙන, ඇයගේ room එකේ light එක දිහා බැලුවා.


දෙන්නා අතර තිබුණේ room එකක විතර දුරක්.


ඒත් ඒ රෑ...


ඒ දුර ඔවුන්ට වෙනදාට වඩා ගොඩක් වැඩි වුණා.


ශෙහාන් හිතුවේ,


දුරක් තිබුණොත් ඇයට හොඳයි.


චේතකි හිතුවේ,


දුරක් තිබුණොත් ඔහුට ඇයව අමතක වෙයි.


දෙන්නාම හිතුවේ තමන් කරන්නේ හරි දේ කියලා.


ඒත් ඔවුන් දෙන්නාම නොදැන හිටපු එකම දේ තමා..


කෙනෙක්ව තමන්ගෙන් ඈත් කරන්න හදන එක,


ඒ කෙනාව අමතක කරන එකට වඩා අමාරු බව ✨️✨️


                         Continue ....

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!