දුර 🌹✨️05 කොටස✨️
හදවතේ කතාව කියවන්න කියලා හදවතින්ම ආරාධනා කරනවා..❤️ දුර 🌹 ත් එක්ක එකතු වෙලා ..දුරක් යන්න එන්න..🥰
දුර 🌹 (Short Story)
✨️05 කොටස
ඒ දවස්වල ශෙහාන් හිතාමතාම දුරක් තියාගෙන හිටියා.
චේතකිත් ඒ දුර පිළිගන්න පටන් අරගෙන තිබුණා.
කලින් වගේ රෑට ඔහුගේ room එකට යන්නේ නැහැ.
කෑම කන්නත් ඔහු එනකම් බලන් ඉන්නේ නැහැ.
ඔහු ගැන අහන්න හිතෙන හැම වෙලාවකම ඒ ප්රශ්නය තමන්ගෙන්ම නවත්තගන්නවා.
ඒත් හිත...
හිතට පුරුදු දේවල් එක දවසකින් අමතක කරන්න බැහැ.
---
එදා රෑ චේතකි පාඩම් කරමින් හිටියා.
පොත ඉස්සරහ.
Pen එක අතේ.
ඒත් එකම paragraph එක තුන්වෙනි වතාවටත් කියවලා තිබුණා.
ශෙහාන්ගේ අඩි සද්දේ ඇහුණේ පඩිපෙළ පැත්තෙන්.
ඇය හිස උස්සලා බැලුවා.
ඔහු තමන්ගේ room එකට ගියා.
ටික වෙලාවකට පස්සේ ආයෙත් නිහඬයි.
චේතකි ආයෙත් පොත දිහා බැලුවා.
ඒත් එදා රෑ ඇයට පාඩමට හිත ගියේ නැහැ ✨️
---
ටික වෙලාවකට පස්සේ ශෙහාන් තමන්ගේ room එකේ phone එකෙන් song එකක් play කළා.
හෙමින්.
ඉතාම හෙමින්.
මුලින්ම චේතකි ඒක ගණන් ගත්තේ නැහැ.
'Maine royaan... thujhe dhund dhunde..
Roya tha main tu n mila..' ( ඔයාව හොය හොය මම ඇඩුවා. ඒ ගැඹුරු රාත්රීන්වල මට නින්ද ගියේ නෑ..)
ඊළඟ තත්පරේ ඇගේ pen එක නතර වුණා.
ඇයට ඒ melody එක හඳුනාගන්න තත්පරයක්වත් ගියේ නැහැ.
Maine Royaan.
ඇය පොතෙන් ඇස් උස්සලා දොර දිහා බැලුවා.
ශෙහාන් තමන්ගේ room එකේ.
ඇය තමන්ගේ room එකේ.
ඒ අතරේ තවත් එක room එකක්.
ඒත් ඒ ගීතය ඒ දුර පහු කරගෙන ඇය ළඟටම ආවා.
ඇගේ හදවත ඇතුලටම ගියා..✨️
---
ශෙහාන් ඇස් දෙක වහගෙන ඇඳේ අයිනේ වාඩි වෙලා හිටියා.
ගීතයේ හඬ ඔහුගේ room එක පුරාම පැතිරුණා.
ඔහුට එකපාරටම මතක් වුණේ චේතකි නෙවෙයි.
ඒකට කලින් තිබුණු ඔවුන් දෙන්නා.
පොඩි කාලේ.
එකම ගෙදරක ඉන්නවා වගේ ගෙවුණු දවස්.
එකට ඉඳගෙන පාඩම් කරපු හවස්.
වත්තෙන් අඹ කඩලා මිරිස් දාලා කාපු දවස්.
ඇය කෑම හෙමින් කනවා.
ඔහු ඉක්මනට කාලා ඉවර වෙනවා.
ඒත් ඇය ඉවර වෙනකම් ඔහුත් එතැන ඉන්නවා.
පස්සේ...
මේ ගෙදර ගෙවුණු රැයවල්.
ඇගේ ප්රශ්න.
ඔහුගේ විහිළු.
ඇගේ හිනාව.
ඔහුට පුරුදු වෙලා තිබුණු ඒ කුඩා හඬ.
ඒ හැම දෙයක්ම එක එක මතකයක් වගේ පේලියට ආවා.
සතුටකුත් එක්ක.
පොඩි රිදුමකුත් එක්ක ✨️
---
චේතකිටත් ඒ ගීතය ඇහෙනකොට හිතටවෙනම දෙයක් දැනුනා.
ගීතයේ අදහස ඇයට අලුත් දෙයක් නෙවෙයි.
කෙනෙක්ව හොයලා හොයලා හම්බ නොවෙන එක.
ඒ කෙනා නැතිව රැයවල් දිග වෙන එක.
තමන්ගේ හිත තමන්ම අල්ලගෙන ඉන්න උත්සාහ කරන එක.
ඇයට ඒ වචන ඇහුණේ...
තමන්ගේම ජීවිතේ කොහේ හරි තිබුණු දෙයක් වගේ.
ඇය ඇස් දෙක වහගත්තා.
ඇගේ හිතේ එකපාරටම ආවේ ශෙහාන්.
ඔහුගෙන් දුරට ගියාට පස්සේ තමන්ට දැනෙන හිස්කම.
ඔහු කතා නොකරන දවසක හිතට දැනෙන අමුතු බර.
ඔහු ගෙදර නැති වෙලාවක නොදැනුවත්වම ඔහු එනකම් බලා ඉන්න එක.
ඒ හැමදේම.
ඒ ගීතය ඇයත් එක්ක කියනවා වගේ ✨️
---
ශෙහාන් ගීතය නතර කළේ නැහැ.
එක පාරක් ඉවර වුණා.
ආයෙත් play කළා.
ඔහුටම තේරුණේ නැහැ ඇයි තමන් ඒක ආයෙත් අහන්නේ කියලා.
නැත්නම්...
තේරුණා.
ඔහුට මේ ගීතය අහන්න ඕන වුණේ ඒක ලස්සන නිසා විතරක් නෙවෙයි.
මේ ගීතය ඇහෙනකොට...
ඔහුට ඇය මතක් වෙනවා.
ඒක ඔහුට ඕන වුණේ නැහැ.
ඒත් ඒ මතකය නවත්තන්නත් බැහැ ✨️
---
ඊළඟ දවසේත් ඔහු ඒ ගීතය play කළා.
චේතකිට ඒක ඇහුණා.
ඊළඟ දවසේත්.
ඇයට ඒ හඬ හඳුනාගන්න පුරුදු වුණා.
ටික දවසකට පස්සේ...
ඒ ගීතය ඔවුන් දෙන්නාටම වෙනමම දෙයක් වුණා.
ගීතය ඇහුණම දෙන්නාටම එකම දේවල් මතක් වෙනවා.
එකම හවස්.
එකම කාමර.
එකම හිනාව.
එකම දුර.
එකම කෙනා ✨️
---
එදා රෑ ශෙහාන් තමන්ගේ room එකේ phone එකෙන් ඒ ගීතය අහගෙන ඉද්දි, චේතකි තමන්ගේ room එකෙන් එළියට ආවා.
ඇය ඔහුගේ room එකේ දොර ළඟට ගිහින් නතර වුණා.
දොර වහලා තිබුණේ නැහැ.
ඔහු chair එකේ වාඩි වෙලා phone එක දිහා බලන් හිටියා.
ඇය දොර ළඟින්,
“ශෙහාන්...”
කියලා කතා කළා.
ඔහු හිස උස්සලා බැලුවා.
“ම්ම්?”
“මං bathroom එකට යනවා.”
“හරි.”
ඇය යන්න හැරුණා.
ටිකක් ගිහින් ආයෙත් හැරුණා.
“ඔයාට එළියට යන්න ඕනෙද?”
ශෙහාන් phone එකෙන් ඇස් ඉවතට ගත්තා.
“ඔව්. තාත්තත් එක්ක වැඩක් තියෙනවා.”
“මං එනකම් ටිකක් එලියෙන් ඉන්නවද?”
ඔහු ඇය දිහා තත්පරයක් බලන් හිටියා.
“මං එන්නම්.”
ඇය හිස වැනුවා.
“හරි.” ✨️
---
චේතකි bathroom එකට ගියා.
ටික වෙලාවකට පස්සේ ශෙහාන්ට ඇගේ කටහඬ ඇහුණා.
“ශෙහාන්...”
ඔහු දොර ළඟට ගියා.
“ඇයි?”
“මට උඩ තියෙන soap එක ගන්න බැහැ.”
ඔහුට හිනා යන්න ආවා.
“ඉන්න.”
ඔහු ඇතුළට ගියේ නැහැ.
දොර ළඟින් අත දිගු කරලා,
“මං අරන් දෙන්නද?”
“එපා. මං ගන්නම්.”
“උස මදි නේ ඔයාට.” ඔහු මද සිනාවක් පෑවා..
“මං බලන්නම්කෝ.”
“හරි.”
ඔහු ටිකක් නතර වෙලා හිටියා.
ඊට පස්සේ ඇය අත දිගු කර කර ඉද්දී ඔහු ඉහළ තිබුණු soap එක අරගෙන ඇගේ අතට දුන්නා.
ඇගේ ඇඟිලි ඔහුගේ අතට යන්තම් ස්පර්ශ වුණා.
ඒක තත්පරයකටත් අඩු දෙයක්.
ඒත් දෙන්නාම නිහඬ වුණා.
චේතකි මුලින්ම අත ඉවතට ගත්තා.
“Thanks.”
“හ්ම්.”
ඔහු ආපහු හැරුණා.
දෙන්නාම කිසිම දෙයක් සිද්ධ නොවුණා වගේ හැසිරුණා.
ඒත් ඔහු room එකට ආවට පස්සේ...
phone එකේ song එක තාමත් play වෙනවා.
ඔහුට ඒ melody එක ඇහුණා.
ඇයටත් bathroom එකේ ඉඳන් ඒක ඇහුණා.
ඒ මොහොතේ දෙන්නාම එකම දෙයක් නොදැනුවත්වම කළා.
ඇස් වහගත්තා ✨️
---
ඒ රෑ ඔවුන් දෙන්නා අතර කිසිම ආදර වචනයක් තිබුණේ නැහැ.
කිසිම පොරොන්දුවක් නැහැ.
කිසිම පළිගැනීමක් නැහැ.
ඒත් ඒ ගීතය...
ඔවුන් දෙන්නාගේ මතක එකතු කරගෙන, හෙමින් හෙමින් ඔවුන් දෙන්නාටම අයිති දෙයක් වෙමින් තිබුණා.
ඒක ඇහෙන හැම වෙලාවකම,
ශෙහාන්ට චේතකිව මතක් වුණා.
චේතකිට ශෙහාන්ව මතක් වුණා.
ඒ දෙන්නා අතර තිබුණු දුරත් එක්කම..
ඒ දුර නිසාම ඇතිවුණු හිස්කමත් එක්කම..
ඔවුන්ට තවමත් ඒ හැඟීමට නමක් තිබුණේ නැහැ.
ඒත්...
නමක් නැති හැඟීමක් කියන්නේ හැඟීමක් නැති දෙයක් නෙවෙයි.
සමහර වෙලාවට,
නමක් නැති දේවල් තමයි හිතේ වැඩියෙන්ම ඉඩ අරගෙන ඉන්නේ ✨️✨️
Continue.....