දුර 🌹 (Short Story)
✨️✨️✨️✨️✨️✨️✨️08 කොටස ✨✨️✨️✨️✨️✨️
එදා රෑ ගෙදර ටිකක් නිහඬයි.
අම්මයි තාත්තයි කොහේහරි ගමනක් ගිහින්.
මල්ලිලා දෙන්නා උඩ TV එක බලනවා.
චේතකි තමන්ගේ room එකේ පොතක් අතේ තියාගෙන හිටියත්, හිත තිබුණේ පොතේ නෙවෙයි.
ශෙහාන් ගැන.
ඒ දවස්වල ඔහු වෙනස් වෙලා තිබුණා.
ඒත් ඒ වෙනස ඇතුළෙත්...
කලින් තිබුණු ශෙහාන්ව ඇයට තාමත් හම්බ වෙනවා.
විශේෂයෙන් ඔහු ඇය දිහා බලන ඒ තත්පරවල.
---
“චේතකි.”
දොරට හෙමින් තට්ටු කරන සද්දයක්.
ඇය දොර ඇරියා.
ශෙහාන්.
“අම්මලා ගමනක් ගිහින්. පහළ lights ටික off කරලා එන්න කිව්වා.”
“හ්ම්.”
ඇය ඔහු පස්සෙන් පහළට බැස්සා.
ගෙදර හැමතැනම නිහඬයි.
පහළ light එකක් විතරක් දැල්වෙනවා.
ශෙහාන් switch එක ළඟට ගියා.
“ඔයා බය නැද්ද?” ඔහු ඇහුවා
“මොකටද?”
“අඳුරට.”
“නෑ.”චේතකි කිව්වා.
“බොරු කියනවා.” ඔහු කට කොනින් සිනාසෙමින් කිව්වා.
ඇය ඔහුගේ මුහුන දිහා අහිංසක හා පැටියෙක් වගේ බැලුවා.
“ඔයා ඉන්නවනේ.” ඇය කිව්වා.
ඒ වචන දෙකෙන් ඔහුගේ අත switch එක උඩම නතර වුණා.
ඇයත් ඒක කියලා ඉවර වුණාම තමන් කියපු දේ තේරුණා වගේ නිහඬ වුණා.
ශෙහාන් ඇය දිහා බැලුවා.
ඇය ඔහු දිහා බලන් හිටියා.
කවුරුත් කිසිම දෙයක් කිව්වේ නැහැ.✨️
---
ඔහු light එක off කළා.
එකපාරටම පහළ කොටස අඳුරු වුණා.
ඉහළ TV එකෙන් එන ආලෝකය විතරක් පඩිපෙළ පැත්තට වැටිලා තිබුණා..
චේතකි නොදැනුවත්වම ශෙහාන් ළඟට අඩියක් ආවා.
ඔහුට ඒක දැනුණා.
“බයද?”
“නෑ.” චේතකි කිව්වා.
“එහෙනම්?”
“නිකන්.”
ඔහු හිනා වුණා.
“ඔයා හැමදාම නිකන් කියනවා.”
“ඔයාත්.”
ඒක ඇහුණම ඔහුගේ හිනාව නැවතුණා.
“මං?”
“ඔව්.”
“මං මොකක්ද නිකන් කරන්නේ?”
ඇය පිළිතුරු දුන්නේ නැහැ.
ඔහුට ඇය කියන්න හදන දේ තේරුණා වගේ.
ඔහු ටිකක් පැත්තකට හැරුණා.
“යමු උඩට.”
ඇය යන්න හැරුණා.
ඒත් පඩිපෙළේ පළවෙනි පඩිය ළඟ ඇය නතර වුණා.
“ශෙහාන්.”
“ම්ම්?”
“ඔයා මගෙන් ඈත් වෙන්නේ ඇයි?”
ඔහු කිසිම උත්තරයක් දුන්නේ නැහැ.
ඇය ඔහු දිහා බලන් හිටියා.
“මං මොකක්හරි කරලාද?” ඇය අහිංසක විදිහට ඇහුවා.
“නෑ.”
“එහෙනම්?”
ඔහු හුස්මක් ගත්තා.
“ඔයා මුකුත් කරලා නෑ.”
“එහෙනම් ඇයි?”
ඔහුට කියන්න පුළුවන් උත්තර ගොඩක් තිබුණා.
ඒත් එකක්වත් කියන්න බැහැ.
අන්තිමට,
“සමහර දේවල් දුරින් තියෙන එක හොඳයි චේති..”
කියලා කිව්වා.
ඇගේ මූණේ තිබුණු පොඩි හිනාව නැති වුණා.
“ඔයාට හොඳයිද?”
ඔහු ඇය දිහා බැලුවා.
“මට?”
“ඔව්.”
ඔහු තත්පරයක් නිහඬ වුණා.
“නෑ.”
ඒ එක වචනය ඇගේ හිතට ගොඩක් දුරකට ගෙන ගියා. ✨️
---
ඇය ඔහු ළඟින් යන්න හදද්දි ඔහුගේ අත ඇගේ අතට යන්තම් ස්පර්ශ වුණා.
දෙන්නාම නතර වුණා.
කිසිම කෙනෙක් අත ඉක්මනින් ඉවතට ගත්තේ නැහැ.
ඒත් කිසිම කෙනෙක් ඒ ස්පර්ශය තද කරගත්තෙත් නැහැ.
තත්පර කිහිපයක්.
ඒ තරම්ම.
ඒත් ඒ තත්පර කිහිපය ඇතුළේ දෙන්නාටම කියන්න බැරි ගොඩක් දේවල් තිබුණා.
ශෙහාන් මුලින්ම අත ඉවතට ගත්තා.
“යමු.”
චේතකි හිස වැනුවා.
ඇය පඩිපෙළ නගිනවා.
ඔහු ඇය පිටිපස්සෙන්.
දෙන්නා අතර නැවතත් ඒ දුර.
ඒත් මේ වතාවේ...
ඒ දුර දෙන්නාම දැනගෙන හිටියා.
ඒක හිස් දුරක් නෙවෙයි.
කියන්න බැරි දෙයක් නිසා බලෙන්ම තියාගත් දුරක්.
---
උඩට එද්දිත් මල්ලිලා දෙන්නා TV එක බල බලම හිටියා.
“අයියේ, lights off කළාද?”
“ඔව්.”
ශෙහාන් සාමාන්ය විදිහට උත්තර දුන්නා.
චේතකිත් කිසිම දෙයක් නොවුණා වගේ තමන්ගේ room එකට ගියා.
දොර වහන්න කලින් ඇය ආයෙත් ඔහු දිහා බැලුවා.
ශෙහාන් තාමත් එතැන.
ඔවුන් දෙන්නාගේ ඇස් එක තත්පරයකට හම්බ වුණා.
ඊට පස්සේ දොර වැහුණා.
ශෙහාන් තනියම corridor එකේ.
ඔහුට ඒ මොහොතේ එක දෙයක් හොඳටම තේරුණා.
ඔහු මේ විදිහට දෙදෙනා අතර දුරක් හදන්නේ ඇය ගැන කිසිම දෙයක් නැති නිසා නෙවෙයි.
*ඇය ගැන තියෙන දේ වැඩි නිසා.*❤️🩹
ඒකට තමයි ඔහු බය වුණේ.
ඒකම තමයි ඔහු හැමදාම පාලනය කරන්න උත්සාහ කළේ.
ඒත් අද...
පළවෙනි වතාවට,
චේතකිත් ඒකෙන් කොටසක් දැක්කා. ✨️✨️
Continue ...🌹