දුර 🌹(Shrort Story) ✨️06 කොටස✨️✨️
කෙටිකතා ආදර (Romance)

දුර 🌹(Shrort Story) ✨️06 කොටස✨️✨️

Angel_Diary 127 1 0

නමක් නැති දෙයක් කියන්නෙ හැගීමක් නැති දෙයක් නෙවේ...✨️ සමහර වෙලාවට... නමක් නැති දේවල් තමා.. හිතේ...වැඩියෙන්ම ඉඩක් අරගෙන ඉන්නේ..❤️‍🩹

දුර 🌹 (Short Story)


 ✨️06 කොටස..



ඒ දවසෙන් පස්සේ ඒ ගීතය ඔවුන් දෙන්නා අතරේ තවත් නිහඬ මතකයක් වුණා.


චේතකිට ඒක ඇහුණම ශෙහාන් මතක් වුණා.


ශෙහාන්ට ඒක ඇහුණම...


ඇයත් එක්ක ගෙවුණු රැයවල්.


ඔහු හිතාමතාම අමතක කරන්න හදන දේවල්


මතක් වෙලා හිත රිද්දුවා ✨️


---


එදා රෑත් ශෙහාන් තමන්ගේ room එකේ හිටියේ.


චේතකි දොර ළඟට ආවා.


“ශෙහාන්.”


“ම්?”


“මං bathroom එකට යනවා.”


“හරි.”


ඇය යන්න හැරුණා.


ටික දුරක් ගිහින් ආයෙත් හැරුණා.


“ඔයා එළියට යනවද?”


“තව ටිකකින්.”


“හරි.”


ඇය ගියා.


ශෙහාන් chair එකේම වාඩි වෙලා හිටියා.


දොර වැහුණා.


ඒ තත්පරේම ඔහුගේ හිතේ තිබුණු සන්සුන්කම නැති වුණා.


ඔහු ඇයට ළඟ ඉන්නකොට දැනෙන ඒ අමුතු හැඟීම...


තවමත් ඔහුට පාලනය කරගන්න අමාරුයි.


ඒ නිසා ඔහු නැගිටලා balcony එකට ගියා ✨️


---


රාත්‍රිය නිහඬයි.


පහළින් වත්ත.


හුලන් සද්ද


කලාතුරකින් වාහනයක් යන සද්දයක්.


ශෙහාන් railing එකට හේත්තු වෙලා තේ කෝප්පයක් අතේ තියාගෙන හිටියා.


චේතකි තාම bathroom එකේ.


ඔහුට හදිසියේම ඇයත් එක්ක ගෙවුණු පරණ රැයවල් මතක් වුණා.


ඔවුන් දෙන්නා balcony එකේ වාඩි වෙලා පැය ගණනක් කතා කරපු එක රැයක් තදින් මතකයේ තිබුනා...


එදා චේතකිට නින්ද ගියේ නැහැ.


ඔහුටත් නැහැ.


මුලින් කතාව පටන් ගත්තේ exam එකෙන්.


ඊට පස්සේ school එක.


ඊට පස්සේ පොඩි කාලේ කරපු දේවල්.


ඊටත් පස්සේ...


ජීවිතේ.


ඇය තේ එකක් අතේ තියාගෙන, ඔහුගේ කතා අහගෙන හිටියා.


ඔහු විහිළුවක් කළාම ඇය හිනාවුණා.


ඇය හිනාවුණාම ඔහු තවත් විහිළු කළා.


එදා පාන්දර දෙකටත් දෙන්නා තාම කතා කරමින්.


“දැන් නිදාගන්න.”


කියලා ශෙහාන් කිව්වා.


“ඔයා?”


“මාත් නිදාගන්නවා”


“බොරු.”


“ඔයා කොහොමද කියන්නෙ?”


“ඔයා තාම මාත් එක්ක කතා කරනවනේ.”


ඔහු හිනා වුණා.


ඒ රෑ ඔවුන් දෙන්නා නිදාගත්තේ පාන්දරට.


ඒ මතකය මතක් වෙද්දි ශෙහාන්ගේ මූණේ නොදැනුවත්වම හිනාවක් ආවා ✨️


---


“ඔයා මෙතනද?”


චේතකිගේ කටහඬ.


ඔහු හැරිලා බැලුවා.


ඇය balcony එකේ දොර ළඟ.


“ඔව්.”


“මං හොයන්න ආවේ.”


“ඇයි?”


“නිකන්.”


ඇය එළියට ආවා.


ඔහුට තව ටිකක් පැත්තකට වෙන්න හිතුණා.


ඇයට ඉඩ දෙන්න.


ඇය railing එක ළඟට ඇවිත් හිටියා.


දෙන්නා අතර තිබුණේ අතක දිගටත් අඩු දුරක්.


කවුරුත් කතා කළේ නැහැ.


පහළින් සුළඟක් හමාගෙන ආවා.


ඇගේ කොණ්ඩය හුලගට මුහුනට වැටුනා.


ඇය ඒක අතින් අයින් කළා.


ශෙහාන් ඇය දිහා බලලා ආයෙත් ඉවත බලාගත්තා.


ඔහුට ඇය මෙච්චර ළඟින් ඉන්න එක...


කලින් වගේ සාමාන්‍ය දෙයක් නෙවෙයි.


ඒක ඔහුට දැනුණා.


ඒ වගේම ඇයටත් ✨️


---


“තේ තියෙනවද?”


ඇය ඇහුවා.


“ඉවරයි.”


“ඔයාට හදන්න පුළුවන්නේ.”


“දැන්?”


“හ්ම්.”


ඔහු ඇය දිහා බලලා හිනා වුණා.


“ඔයාට වැඩක් නෑනේ දැන්.”


“නෑ.”


“එහෙනම් ඔයාම හදාගන්න.”


ඇය ඔහු දිහා බලලා හිනා වුණා.


“හරි. මං හදාගන්නම්.”


ඇය යන්න හැරුණා.


“ඉන්න.”


ඔහු කියපු එක ඇයට ඇහුණා.


ඇය ආයෙ හැරුණා.


“මං හදන්නම්.” ඔහු කිව්වා.


“දැන් බෑ කිව්වා නේද.”


“දැන් හිතුණා.”


ඇය කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිමින් හිනා වුණා.


ඒ හිනාව දැක්කම ඔහුට තේරුණා...


ඔහු ඇයට “බෑ” කියන්න බැරි තැනකට ඇවිත් ✨️


---


ඔවුන් දෙන්නා kitchen එකට ගියා.


ගෙදර හැමෝම නිදි.


ශෙහාන් තේ හදනවා.


චේතකි counter එකට හේත්තු වෙලා බලන් ඉන්නවා.


“ඔයාට තේ හදන්නවත් හරියට බැහැ නේ.”


“මට පුළුවන්.”


“එහෙනම් ඇයි මෙච්චර වෙලා?”


“ඔයා කතා කරන නිසා.”


ඇය හිනා වුණා.


“මං මුකුත් කිව්වේ නෑ.”


“ඒක තමයි.”


“මොකක්ද?”


“ඔයා නිහඬව හිටියත් මට වැඩේ කරගන්න බැහැ.”


ඔහු ඒක කිව්වේ නිකන් විහිළුවක් වගේ.


ඒත් කියලා ඉවර වෙලා ඔහුම තත්පරයක් නිහඬ වුණා.


ඒ වගේම චේතකිත්.


දෙන්නගෙම හදවත වේගයෙන් ගැහුනා.


දෙන්නාම එකිනෙකා දිහා බැලුවා.


ඒ වචන දෙක තුන...


සාමාන්‍යයි වගේ තමා..


ඒත් ඒක ඇත්තටම සාමාන්‍ය දෙයක් වුණේ නැහැ ✨️


---


තේ දෙක අරගෙන ඔවුන් ආයෙත් balcony එකට ආවා.


එදා වගේම.


රෑ.


නිහඬකම.


දෙන්නා.


කෝප්ප දෙක.


මේ වතාවේ කතාව පටන් ගත්තේ ශෙහාන්.


“ඔයාට මතකද අර දවස?”


“මොන දවසද?”


“අපි දෙන්නා මිරිස් දාලා අඹ කාලා අපෙ අම්මගෙන් හොදට බැනුම් අහපු එක.”


ඇයට හිනාවක් ආවා.


“මිරිස් වැඩිවෙලා..සැර වැඩිවෙලා ඇඩුවා..ඒක නම් වුනේ ඔයා නිසා.”


“මං නිසා?”


“ඔයා තමයි මිරිස් වැඩියෙන් දැම්මේ.”


“ඔයා තමයි ‘තව ටිකක් දාමු’ කිව්වේ.”


“මං එහෙම කිව්වද?”


“ඔව්.”


“බොරු.”


“මට මතකයි.”


ඇය ඔහු දිහා බලලා හිනා වුණා.


“ඔයාට හැමදේම මතකයි නේ.”


ශෙහාන් ඇය දිහා බලන් හිටියා.


“හැමදේම නෙවෙයි.”


“එහෙනම්?”


ඔහු උත්තර දුන්නේ නැහැ.


ඔහුට කියන්න ඕන වුණේ—


ඔයා ගැන තියෙන දේවල් නම් අමතක වෙන්නේ නෑ .


ඒත් ඒක කියන්න බැරි වුණා.


ඒ වෙනුවට,


“නිකන්.”


කියලා තේ එක බිව්වා.


චේතකිත් කිසිම දෙයක් අහන්න ගියේ නැහැ.


ඇයටත් ඒ කියපු දේ වලට වඩා ඔහු නොකියපු දේ තේරුණා වගේ ✨️


---


එදා රෑ balcony එකේ ඔවුන් පැය ගණනක් හිටියා.


කලින් වගේම.


වෙනසකට...


දැන් ඔවුන් දෙන්නාගේ නිහඬකමටත් තේරුමක් තිබුණා.


කලින් ඔහු ඇය ළඟ ඉන්න එක හුරුපුරුදුකමක්.


දැන් ඔහු ඇය ළඟ ඉන්නකොට තමන්ගේ හිත පාලනය කරගන්න ඕන.


කලින් ඇය ඔහු දිහා බලන එක සාමාන්‍ය දෙයක්.


දැන් ඔහු ඇයගේ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නත් බයයි.


ඒ නිසාම ඔහු බොහෝ වෙලාවට ඇස් ඉවතට ගත්තා.


චේතකි ඒක දැක්කා.


ඇයට ඒක තේරුණේ නැහැ.


ඒත් ඇගේ හිතට ඒක රිදුණා ✨️


---


පාන්දර වෙන්න ළං වුණා.


චේතකි නැගිට්ටා.


“දැන් නිදාගන්න ඕන.”


“හ්ම්.”


ඇය දොර ළඟට ගියා.


ආයෙත් හැරිලා බැලුවා.


ශෙහාන් තාමත් balcony එකේ.


“Good night.”


“Good night.”


ඇය ගියා.


ඔහු තාමත් එතැන.


ඇයගේ අඩි සද්දේ corridor එක දිගේ අඩු වෙලා ගියා.


දොර වැහෙන සද්දෙත් ඇහුණා.


ශෙහාන් තනි වුණා.


ඔහුට ඒ වෙලාවේ හොඳටම තේරුණා—


ඔහු ඇයගෙන් දුර යන්න හදනවා.


ඒත් ඇය ළඟට ආව හැම වෙලාවකම...


ඔහුගේ හිත ඒ දුර අඩු කරගන්න හදනවා.


ඒ දෙක අතරේ ඔහුම හිර වෙලා.


චේතකි තමන්ගේ room එකේ ඇඳට වැටුණා.


ඇයටත් නින්ද ගියේ නැහැ.


ඇගේ හිතේ තිබුණේ එකම ප්‍රශ්නයක්.


“ඇයි ශෙහාන් මගෙන් මෙච්චර ඈත් වෙන්න හදන්නේ?”


ඇයට තාමත් ඒකට උත්තරයක් නැහැ.


ඒත් ඇය දැනගෙන හිටියා...


ඔහු කලින් වගේ නොවුණත්,


ඔහුගේ silence එක ඇය ගැන ඔහුට කිසිම දෙයක් නැති නිසා නෙවෙයි.


ඇය ගැන ඇය හිතනවටත් වඩා දෙයක් ඇති නිසා..


ඒක ඇයට හොදටම තේරෙන්න තව ටික කාලයක් ගියා ✨️✨️


                      Continue.....

2026 Angel_Diary — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!